කුමන වූ අරුමයක්ද
සතුටක්ද නුඹ.........?
දුකක්ද නුඹ............?
තවම නොවැටහේ මට...........
සොයමි නුඹේ අරුත මම
නමුදු මා තවම,
ඇරඹුන තැනම නොවේද........?
ඉවසීම සොයමි මම මගෙන්ම
වටහාගන්න තුරු නුඹේ අරුත
නමුදු මම,
විදවමි සොයාගත නොහි නුඹව..........
ඉතින් ආදරය නුඹ,
සතුටක් නොව දුකක්ම බව
පසක්කර දුන්න නොවේද











