Tuesday, August 30, 2011

ඔන්න මමත් 50 පහු කළා ........


හ්ම්.....කොහොමෙන් කොහොම හරි පනස් වෙනි පොස්ට් එකත් දාල පනස් එකත් දල මේ පනස් දෙවෙනි එක...මේ අවුරුද්දෙම මාර්තු මාසේ 25 වෙනිදා ආරම්භ කරපු මගේ මේ පුංචි බ්ලොගයට දැන් මාස 5 යි දවස් 5 කුත් ගෙවිල...ඇත්තටම 50 වෙනි පොස්ට් එක විදියට මේක දාන්න හිටියත් අපේ දානේ වැඩේ ඊට ලොකු උන නිසා ගැන දැන්ම..එක ඊට වඩා හොදයි කියලා හිතුණ නිසා....


මේ වනකොට පස්සෙන් එලවන අය 68 කුත්, සම්පුර්ණයෙන්ම ඇවිත් ගිය අය 18,642 ක් එක්ක මේ යන ගමන ගැන ගොඩක් සතුටුයි මට...මේ මාස 5 ඇතුලත මේ තරම් දුර ආපු එක ගැන.....ඔයාලට හිතෙයි මේ ගැන නම් තරම් වැදගත් නෑ කියලා...එත් මටනම් ගොඩාරියක් වටිනවා....පොස්ට් එකක් දාල එකට කමෙන්ට් එකක් වැටෙනකම් ඉන්නේ පුදුන නොයිවසිල්ලකින්....කි පාරක්නම් රිෆ්රෙශ් කරනවද....මන් හිතන විදියට ඔයාලත් වගේ කමෙන්ට්ස් වලට පෙරේතයි නේද...මොකද අපේ පොස්ට් එකේ හොඳ නරක කියලා දෙන්නේ කමෙන්ට් එකනේ.......

හිතට එන දුක සතුට හැමදේම කියන්න මෙතන තරම් හොඳ තැනක් තවත් නෑ....හොඳ යාලුවෝ ගොඩක් මට මෙතනින් හම්බුනා.....දුකේදී මගේ ලඟින් උන්න...සතුටෙදිත් ලඟින් උන්න.....අද වෙනකම් ලඟින් ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි...හෙටත් ඉදිරියටත් මගේ ලඟින් ඉඳීවි කියලා මන් විස්වාස කරනවා....

මේ හැමදේමත් එක්ක මන් ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ බ්ලොග් කලාව ගැන කියලා දීපු මාරයියට.....ගොඩක් ස්තුතියි අයියේ.....




ඔයාල හැමෝටම බුදුසරණයි....!!!!!!!!!!!!

Friday, August 26, 2011

පිළිකා රෝහලට ගිය මග..........

ඔන්න හැමෝම දන්නවා අපි මහරගම පිළිකා රෝහලට පුංචි දානයක් දුන්නයි කියල....ඒ ගැන කියල මන් දාපු පොස්ටුව ඔයාල කියවන්න ඇති කියල හිතනවා.කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙන් ගිහින් කියවන්නකෝ....

ඔබ සැමට පින් ...........

ඒ ගැන කියන නචියා අයියගේ පොස්ටුවන් මෙසේයි 

  1. අය වැය.....
  2. ස්තුතියි ඔබ සැමට........

ඔන්න දැන් මන් කියන්න යන්නේ එදා දවසේ සිද්ද වුණ වැඩේ පිලිබඳ තමා....එදා 2011/08/81 වන ඉරිදා....කලින් දවසේ බෙහෙත් ගන්න බැරි වුණ කියලා ඔයාල දන්නවනේ දැන්...ඉතින් සිහින මල්ලියි, නචියා අයියයි, ලයන් අයියයි, දිනිත් අයියයි දිනිත් අයියගේ වාහනෙන් උදෙන්ම ගියා බෙහෙත් ටික අරන් එන්න.අපි හැමෝටම කිවේ උදේ 11 වෙනකොට හොස්පිටල් එක ගාවට එන්න කියල....ඔන්න ඉතින් අපිත්(මමයි ළහිරුයි) 10.30 වෙනකොටම එතනට ගිහින් පරිත්‍යාග බාර දෙන තැනටත් ගිහින් ටිකක් වෙලා වාඩි වෙලා හිටියා....කෝ තාම කවුරුවත් නෑ...ඉතින් ගත්ත කෝල් එකක් සිහිනට....එයා ගත් කටට කිවේ තව විනාඩි 15 න් අපි ඔතන...කට්ටිය ඉස්සරහ ගේට් එක ගාවට එනවා කිවේ. අපිත් එතනට එන්නම්...තනොජ අක්කයි, වැප්නි අයියයි ඇවිත් ඇත්තේ...ගිහින් බලන්න කියල...මොන කරන්නද, අයෙමත් එළියට ආවා. ගියා මෙන් ගේට් එක ගාවට..කෝ කවුරුවත් නැනේ....බඩත් ගිනියි හොඳටම....උදේම අපු නිසා කාල අවෙත් නෑ. ගියා ඇවිදගෙනම ඉස්සරහට කෑම කඩයක් හොයාගෙන...හොඳ කඩයක් ඇත්තෙම නෑ....ඒ නිසා බිම එකක් විතරක් බිල ආවා...මෙන්න එනකොට හසී අක්කා ඉන්නවා ඉස්සරහ ගේට් එක ළඟ....

එතකොටම මෙන්න සර්පයොත් එක්ක ඉන්න මිනිහෙක් ඇවිත් එතනින් වාඩි වෙලා පිඹුරෝ, නයි....අරන් ඇග වටේ දාගෙන එක විකාරයි....ළහිරුත් ඕවට හරි කැමති..ඉස්සරහටම ගිහින් බලන් ඉන්නවා..."අම්මි ගන්නකො ෆොටෝ එකක්...අනේ ගන්නකො.." කියා කියා මට ඉතින් පුදුම වදයක් ද දුන්නේ...ඔන්න ඒ නිසාම මාත් ගත්ත ෆොටෝ ටිකක්..මේ එයින් දෙක තුනක්....

දැන් 11.30 ටත් ලඟයි..කෝ කවුරුවත් නෑ....යන යන බස් වලට එබී එබිත් බැලුව..හසී අක්කා වැප්නි අයියට කෝල් කළාම කිවේ තාම බස් එකේ කියලා...තනොජ අක්කත් තාම බස් එකෙයි කියලා කිවේ....ඉන්නවා ඉන්නවා..කකුලුත් රිදෙනවා...අපේ අය කවද්ද වෙලාවට වැඩ කලේ.....ඔන්න එතකොටම ශානිකා අක්කා කෝල් කරලා ඇහුව කොහෙද ඉන්නේ අපි ඉන්නේ පිටිපස්සේ ගේට් එක ගාව...එතනට එන්න කියලා...ඔන්න එතනට යද්දී තමා බෙහෙත් ගෙන්න ගිය කට්ටියත් ඇවිත් තිබුනේ...තනොජ අක්කගේ පවුලෙන් අක්කයි මහත්තයයි දුවල දෙන්නයි, ශානිකා අක්කගේ පවුලෙන් අක්කයි අම්මයි නංගියි, සිහින මල්ලි, නචියා අයියා, ලයන් අයියා, දිනිත් අයියයි ශිරෝෂි නඟයි  තමා ඒ වෙනකොට එතන හිටියේ...


ඔන්න තව ටිකක් වෙලා බලන් හිටියා අපේ වැප්නි තුමයි ජේ.ඩී සහෝදරයයි එනකම්...ඔන්න ඒ දෙන්නත් ආවා...දැන් 12 ටත් ආසන්නයි....දැන් ඉතින් එනවයි කියපු අය ආවනේ...අපේ  අය බෙහෙත් පෙට්ටිත් උස්සගෙන ඇතුලට යන්න හදනකොටම  තව කවුද කියපි ඕනයියා එනවා කියලා....දැන් එයාල එනකම් බලන් ඉන්නවා....
                                                             ඔවුන් එනතුරු මග බලමින් 
ඔන්න දැන් හැමෝම ආවා....උඩටම උඩටම පඩිත් නැග්ග...සිහින මල්ලි ඉස්සරහින්ම නඩේ ගුරා වගේ....ඔන්න ඒ ඩොනේෂන් බාර දෙන තැනට ආවා...තනොජ අක්කා, නචියා අයියා, සිහින මල්ලි, ළහිරු ඇතුලට ගිය බෙහෙත් පෙට්ටිත් අරන්. මාත් ඇතුලට ගියා....



බෙහෙත් වර්ග පරික්ෂ කරලා, ලියකියවිලි පරික්ෂ කරලා, බෙහෙත් ටික අපි ඒ නිලධාරීන් දෙදෙනාට බාර දුන්න...ඒ බෙහෙත් අතර , දැනට රෝහලේ නොමැති ඉහළ මිල ගණන් වලින් යුක්ත ඒවා වගේම, සැත්කමක් කිරීමට නියමිත,නමුත් ඒ සඳහා වූ රෝහලේ නොමැති වූ එන්නතක්ද  විය.
                                                            බෙහෙත් පිළිබඳව විමසමින් 
                     ලියවිලි පරික්ෂා කරමින් 







බෙහෙත් වර්ග රෝහලට බාර දුන් අවස්ථාව 
ඒ සේරම වැඩ කරලා ඉවර වෙනකොට අපිට දැනුන සතුට සැනසීම වචන වලට පෙරළන්න අමාරුයි...ඒ සතුට සැනසීම වෙනුවෙන් ඒ අවස්ථාවට සහභාගී නොවුනත් ඔබ දැක්වූ සහයෝගයට අනෙක වාරයක් ස්තුතියි වගේම පින් කියලා මන් නැවතත් කියනවා....

                                                                        අපේ කට්ටිය 
ඉතින් ඒ සතුටත් හිත වල තියාගෙන මොහොතක සතුටු සමිචයේ යේදී අපි හැමෝම විසිර ගියේ නැවතත් හමුවන බලාපොරොත්තුව හිතේ තියාගෙනමයි....


Thursday, August 25, 2011

ඔබ සැමට පින් ...........


ඉතින් මන් මේ අද කියන්න යන්නෙ සයිබරයෙ අපි එකතුවෙලා කරපු පුන්චි පින්කමක් ගැන...මේ වෙනකොට ඔයලා හැමොම ඒක දන්නවනේ...ඒකට හැමොම දයකත්වයත් දුන්නා.... හැමෝටම ගොඩක් පින්....

මන් දැන් කියන්නම් මේ වැඩේ පටන් ගත්තේ කොහොමද කියල...ඇත්තටම මේ අදහස මට මුලින්ම ඇති වුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ වගේම මේ නිසා මන් ලොකු අත්දැකීමකුත් ගත්ත.තනියම දානයක් දෙන්න තරම් මට තාම වත්කමක් නැති නිසා ,මාත් එක්ක එකට බස් පදින,බ්ලොග් ලියන අපේ යාලුවොන්වත් මේකට සම්බන්ධ කර ගන්න මන් හිතුවා.මේ වෙනකොට අපි අතරින් අකාලයේ වියෝ වුණ දිලුම් නොහොත් ඉලංදාරියා  අයියගේ තුන් මාසේ දානෙට මාස ඒක හමාරක් වගේ තිබුණා.මන් මුලින්ම දානයක් දෙමු කිවේ ළහිරුට."අදහස හොදයි...කට්ටිය කොහොම කියයිද දන්නේ නෑ මැණික..ප්රශ්නත් එන්න පුළුවන්..ඔයාට ආසා නම් පටන් ගන්න...මන් උදවු කරන්නම්" කියල මට එකට දිරිය දුන්නා....

ඊට පස්සේ මන් මේ අදහස මුලින්ම කිවේ නචිය අයියට......

me: api danayak demuko
 nachipu:  කිව්වෙ

me: api kattiya ekathuwela hoda thanakata danayak demu kiyala
 nachipu: ෆුල් සපෝර්ට් එක දෙනවා
හොද වැඩක්
  කට්ටියට කියලා සෙට් කරමු

අවස්ථාවේ ඔන්ලයින් හිටි වැඩිහිටි සහෝදර සහෝදරියන් ලෙස රන්දිකා අක්කා නොහොත් බස් මව, තන්ජා අක්කා, නචියා අයියා සහ මම එකතුවෙලා ගෘප් චැට් එකකින් මේ ගැන විස්තර කතා කරා. එහෙම කරලා අපි බස් එකක් දැන්ම මේ ගැන කියල.....


අදහස් යෝජනා ගොඩක් ආවා. ඇත්තටම මුලින්ම අපි කතා වුනේ ගොළු බිහිරි අනාථ නිවාසෙකට දානයක් දෙන්න. වගේ තැන් වගයකට ගිහින් විස්තර හොයල බලන්න චාපා නොහොත් ශානිකා අක්කා, තනොජා අක්කා,සිරි කොලුවා හා දඟයා අයියා  සම්බන්ධ වුණා....ඉතින් ඔය හතර දෙනාටත් ගොඩක් පින්  

නමුත් වැඩේ හරි ගියේ නෑ..තව තැන කිහිපයක් ගැනම යෝජනා ආවා. නමුත් තැන වලට ගිහින් එතනින් විස්තර අහන්න අහල පහල ඉන්න අපේ යාලුවන්ගෙන් ඉල්ලා සිටියත් සමහරු කිසිම ප්රතිචාරයක් දැක්කුවේ නෑ....නමුත් අපි උත්සාහය ඇත නොහැර තැන වලට ගියා. ගියේ නචියා අයියා සහ සිහින මල්ලි.නමුත් තැන වලින් හොද ප්රතිචාර නොලැබුන නිසා අතහැර දමනු ලැබුවා.....අන්තිමට රත්මලානේ ගොළු බිහිරි පාසැල ගැන කතා කරමින් ඉන්න කොට පසන්  අයියා ඇවිත් හොද විසදුමක් දුන්නා කරන්න ඕන මොකද්ද කියල. මහරගම පිළිකා රෝහලට තැඹිලි ගෙඩි ටිකක් අරන් දීල අසරණ පුංචි අය එක්ක ටිකක් ඉදල එන්න කියන ඒක.... යෝජනාව ස්ථිර වුණා....ඔබ ලබා දුන් යෝජනාව ඔස්සේ මෙතෙක් දුර පැමිණෙන්න ලැබීම ගැන පසන් අයියේ ඔයාට ගොඩක් පින්

නමුත් එතනින් පස්සේ මේ කාර්ය සඳහා ලැබුන සහයෝගය ගැනනම් මට ඇත්තටම හරි දුකක් හිතුණා... වගේම කලකිරීමකුත්....මොකද පිළිකා රෝහලට ගිහින් මේ ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්න කාටවත් බැරි වුණා. මුලින්ම ශානිකා අක්කා එයාගේ යාලු අක්කා කෙනෙක්ට කෝල් කරලා විස්තර ඇහුවා. එතැනදී කියවුනේ ඩිරෙක්ටර් හමුවෙලා මේ ගැන කතා කරන්න ඕන කියල.... ගමන යන්න ශානිකා අක්කා හා ඇයගේ මව ලෑස්ති වුනත් වැඩක් වුනේ නෑ..මොකද සති අන්තයේ ඔහු එතන නොමැති බව දැනගන්න ලැබුන නිසා... උත්සාහයට ගොඩක් ස්තුතියි අක්කේ.ඊට පස්සේ ශානිකා අක්කා හසී අක්කා එක්ක යන්න තීරණය කළා.... හැම අවස්ථාවේදීම කුමක් හෝ හේතුවක් නිසා ගමන යන්න බැරි වුණා.ඇත්තටම කියනවා නම් අපිට අවස්ථාවේදී අපේම කියල හිතන් හිටපු, ඕන උදවුවක් දෙන්නම් කියල කියපු අයගෙන් ලැබුන සහය නම් අන්තිමයි. ඒක එහෙම වුනේ ඇයි කියන්න මට නම් හිතා ගන්න බැ... බස් කලාවට බ්ලොග් කලාවට අලුතින් අපු අය විදියට මේ වගේ වැඩක් කරන්න අත ගහපු නිසාද කියන සැකෙත් මගේ හිතේ තියනවා...මොනවා කොහොම වුනත් අවස්ථාවේදී නම් ඇත්තටම හරිම කණගාටුවක් දනුවේ.මට විතරක් නෙමේ අපි හැමෝටම. 

(සංවිධායක මණ්ඩලය කියල ඔයාල නම් කරාට අපිට එහෙම මණ්ඩලයක් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ...ඕන වුනේ ඔයාලගේ උදවුව විතරයි...අපි ඔයාලගෙන් උදවු ඉල්ලපු කිසිම තැනක ...එවපු කිසිම මෙල්ලුවක සංවිධායක මණ්ඩලය කියල ලේබල් ගැහුවේ නෑ....අපිට ඇත්තටම කට්ටිය උදවු කරනම් වෙලාවේදී  ඔහුගේ /ඇයගේ නමුත් දානවා හැම තැනදීම.එතැනදී මගේ නම වැටුනේ මන් කරපු යෝජනාවක් නිසා.නචියා අයියගේ හා සිහින මල්ලිගේ නම වැටුනේ ආධාර එකතු කරන්න හදපු බැංකු ගිණුම ආරම්භ කලේ ඔවුන් දෙදෙනා නිසා...එතකොට තනොජ අක්කගේ නම දැන්මේ හැම දේකදිම අම්මා කෙනෙක් වගේ අවවාද දීල බැනල අපිට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් නිසා)  

කොහොම හරි දවස් ගෙවිල දානෙට තිබුනේ සති දෙකයි.... වෙනකොට මන් වැඩ කරන තැන නිවාඩු ලැබුන නිසා අන්තර්ජාලය හා සම්භන්ධ වෙන්න ලැබුනේ නෑ... වුනත් පුළුවන් හැම වෙලේම නචියා අයියගෙන් හා තනොජ අක්කාගෙන් විස්තර ඇහුවා.... හැම වෙලේම ලැබුණේ නෙගටිවූ උත්තර.
දැන් ඔයාල අහයි ඇයි මට යන්න බැරි වුනේ කියල.ඔව් මට යන්න බැරි වුණා...මොකද මන් ඉන්නේ අම්බලන්ගොඩ...කොළඹ එනවා කියන්නේ දවසක්ම ඒකට යනවා කියන ඒක. වගේම මට තනියෙන් යන්න විදියක් නැති කම. මන් දන්න දා ඉදන් අපේ ගෙදර මට දාල තිබුණ නීති ගොඩ...අනිත් හේතුව මන් යාපනේ යාම.මේ හැමදේම එක්ක මට වැඩේට යන්න බැරි වුණා. 
                        
මේ වෙනකොටත් දැනේ ගැන දාපු බස් එකක ඔයාල සංවිධායක මණ්ඩලය කියන අපිට ගොඩක් දේවල් කියල තිබුන... බස් මට බලන්න බැරි වුනත් කියපු හැමදේම මන් දැනගත්තා. 

මේ බස් එක කියවල තනොජ අක්ක හොදටම අඩලත් තිබුණා. 

මේ හැම හේතුවක් නිසාම ඇති වුන කලකිරීමත් දුකත් මන් කිවේ ළහිරු එක්ක.පළමු වතාවට මන් එයාගෙන් උදවුවක් ඉල්ලුවා. තනොජ අක්කත් එක්ක හොස්පිටල් යන්න කියල. එතැනදී එයා මට කිවේ " අම්මි, ඔය වැඩේ පටන් ගන්නකොටම මන් ඕක කිව නේද....හරි මන් යන්නම් තනොජ අක්කත් එක්ක වැඩේට" කියල.එයා ඊට පස්සේ එයාගේ අක්ක කෙනෙක්ට කතාකරල එකේ වැඩ කරපු විස්තර දැනගෙන පහු වෙනිදාම වැඩේට ගිහින් කතා කරන් ආවා.... ගමනට හසී අක්කත් සහභාගී වෙලා තිබුණා. 
එතැනදී මන් ඔයාල තුන්දෙනාට, තනොජා අක්කා, හසී අක්කා සහ ළහිරු(අප්පච්චි) ගොඩක් ස්තුතිවන්ත වෙනවා....

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. 
වෙනකොටත් අපි මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කරලා තිබුණා කටුනායක කොමර්ෂල් බැංකුවේ. දේ කලේ නචිය අයියා සහ සිහින මල්ලි විසින්. නචියා අයියේ, සිහින මල්ලි ඔයාල දෙන්නටත් ගොඩක් පින් වගේම ස්තුතියි 

පිළිබඳව අපි බසයක් දැමුවේ මෙසේයි. රෝහලට ගොස් සියල්ල දැන ගත් පසුවයි. නමුත් ඊට පෙර  තම තමා දන්නා කියන අයට -මේල් පණිවිඩ මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කළා.... වෙනකොටත් එකතුවෙලා තිබුනේ රුපියල් 1000 ක් පමණයි...නමුත් රෝහලට ගිහින් පැමිණ විස්තර දැන්වූවාට පසු අපිට සීග්රයෙන් මුදල් ලැබීමට පටන් ගත්තා කියල ඔයාලට කියන්න කැමතියි. 

මේ අවස්ථාවේදී තනොජ අක්කට ගොඩක් උදව් කළ අපේ තිස්ස අයියේ ඔයාටත්, බෙහෙත් හොයා ගන්න ගොඩක් උදව් කළ චතුරංගනි මධුෂිකා රණසිංහ අක්කටත් (රන්දිකා අක්කගේ නංගි , පිටෲබල්ගොඩක් පින් වගේම ස්තුතියි. 

හැමදේම අන්තිමට හොදින් වුන කියන්න පුළුවන්. අන්තිමේදී සෙනසුරාදා අපේ සොයුරු සොයුරියන් රෝහලට ගොස් අවශ් බෙහෙත් පිලිබඳ විස්තරත් රැගෙන එම බෙහෙත් වර්ග සොයන්න මහත් වෙහෙසක් අරන් තිබුණා.මේ ගමනට ප්රවාහන පහසුකම් සපයා දෙමින් දිනිත් අයියා ලොකු උදවුවක් කළා . මේ ගමනට සිහින, තනොජ අක්කා, හසී අක්කා, දිනිත් අයියා සහ ලයන් අයියා සහභාගී වෙලා තිබුණා...සමහර බෙහෙත් වර්ග නොමැතිව මොවුන්ට ඒවා සෙවීමට මහත් වූ කරදර වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඔයාල 5 දෙනාට ගොඩක් ස්තුතියි. 

නමුත් එදින බෙහෙත් වර්ග ගැනීමට නොහැකි  වූ නිසාම ඉරිදා උදයේම...එනම් දානය දෙන දවසේ උදයේම බෙහෙත් වර්ග ගන්න යන්න නියම කරගෙන ගමනට සහභාගී වූ අය විසිර ගොස් තිබුණා. ඉතින් ඉරිදා උදේම නැවතත් බෙහෙත් ගෙන එම සඳහා නචියා අයියා,සිහින මල්ලි,ලයන් අයියා සහ දිනිත් කුමාර අයියා ගිහින් තිබුණා.සෙනසුරාද සහ ඉරිදා දවස් දෙකේම මේ සඳහා අපිට ගොඩක් සහයක් දැක්වූ දිනිත් අයියට මන් නැවතත් ස්තුතිවන්ත වෙනවා.  

ඇත්තටම පටන්ගත්ත වැඩේ ගොඩක් සාර්ථකව කෙරුණා කියන්න පුළුවන්..හිත රිදුණා .... හිත් රිදීම් ඔස්සේ මේ වැඩේ කොහොම හරි කරනවා කියන ශක්තිය අපිට ආවා. අන්තිමේදී අපි හැමෝම එකතු වෙලා ගොඩක් හොදට සාර්ථකව පටන් ගත්ත වැඩේ නිම කළා.මේ වෙනුවෙන් ලංකාවේ පමණක් නොවේ,පිටරට සිටින අපේ බ්ලොග් ලියන,බස් පදින සහෝදර සහෝදරියෝ ගොඩක් උදවු කරලා තිබුණා.අපි කවදාවත් දැකපු /දැකල නැතිකතා කරපු /කතා කරලා නැති සයිබර් යාළුවොත් අපිට මේ සඳහා උදවු කරලා තිබුණා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාරියක් වෙන නිසාත් එක්කෙනෙකුගේ හෝ නමක් මා අතින් නොලිය වුනොත් හිත් රිදෙන නිසාත්,සාමුහිකව උදව් කරපු ඔයාල හැමෝන්ටම ගොඩක් ගොඩාරියක් පින්...


දානය ගැන අපේ යාළුවන් දැනුවත් කළ බස් ලින්ක් මෙසේයි 

සඳහා සාදන ලද මුහුනුපොතේ ලින්කුව මෙසේයි 

2011/08/21 වන දින මහරගම පිළිකා රෝහලේදී සිදු වූ සිදුවීම් එක්ක ඊළඟ පොස්ටුවෙන් හමුවෙමු.....

මුදලින් පමණක් නොව වචනෙකින් හරි අපිට උදවු කරපු ඔයාල හැමටම ගොඩාරියක් පින්.

.ලි 
(ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතු නිසා ඉහත ආකාරයට පොස්ටුව දැමුවෙමි.....හිත් රිදීමක් වුවහොත් සමාව අයදිමි.....ඔයාල හැමෝම මගේ යාලුවෝ....මන් කරපු යෝජනාවක් ඔස්සේ මෙතරම් දුර එන්න පුළුවන් උනේ යාළුකම නිසා...ඒකට ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ඉදිරියටත් මාත් සමග යාලුවෝ වගේ ඉදිවී කියන විශ්වාසයෙන් අදට නවතිනවා.)

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....