"මධු..."
"ආ සර්..."
"මන් ආයේ එන්නේ නෑ....ඔයා මගේ කැබින් එක වහල යතුර ගෙනියන්න...."
"හා සර්...මන් ගෙනියන්නම්...."
"තව දෙයක්...ඔයා මන් වෙනුවෙන් ඔය ගර්ල්ව අපේ ගෙදරට ඇරලවන්න....මන් කැබ් එකක් එවන්නම්....ඔයත් එකෙන්ම ගෙදර යන්න...හරිද..." කියා ඔහු දුරකථනය තැබුවේය....
මධුමාලි තමාගේ කැමත්තවත් නොඅසා ඔහු දුරකථනය තැබීම ගැන පුදුම නොවුනාය...ඒ ඔහුගේ හැටියි.
"අර්චනා...."
"හ්ම්.....ඇයි මධු....."
"සර් කතා කලේ....දැන් ආයේ එන්නේ නෑලු....කැබ් එකක් එවනවා කීවා...ඔයාව ගෙදරට ඇරලලා මටත් එකෙන්ම යන්න කීවා...."
හ්ම්....එකත් එහෙමද....එක හොදයි...මට ඔයා එක්කම යන්න පුළුවන්නේ..."
"හරි...එහෙනම් අපි යමු...දැන් කැබ් එක ඇවිත් ඇති..."
අනුහස්ගේ හා තමාගේ කැබින් ලොක් කර යතුරු අතර ගත් මධුමාලි අර්චනා හා ගෙදර යාමට පිටත් වුවාය.....
..........................................................................................................................
අර්චනාව හා මධුමාලිව කාර්යාලයට ඇරලු අනුහස් කෙලින්ම සොයාගෙන ගියේ තම එකම මිතුර වූ කල්පවය..... තමා හමුවෙන්නට ආවත් කතාවක් බහක් නැතුව...දෑත මත්තේ හිස රදවාගෙන බොහෝ කල්පනාබරව ඉන්න අනුහස් දැක කල්පගේ ඉවසීමේ සිමාව පැන්නේ.....
..........................................................................................................................
අර්චනාව හා මධුමාලිව කාර්යාලයට ඇරලු අනුහස් කෙලින්ම සොයාගෙන ගියේ තම එකම මිතුර වූ කල්පවය..... තමා හමුවෙන්නට ආවත් කතාවක් බහක් නැතුව...දෑත මත්තේ හිස රදවාගෙන බොහෝ කල්පනාබරව ඉන්න අනුහස් දැක කල්පගේ ඉවසීමේ සිමාව පැන්නේ.....
"මචන්......මොකද බන් වෙලා තියෙන්නේ...." ඇසුවේ බැරිම තැනයි.
"මුකුත් නෑ බන්...මගේ හිතට හරි නෑ..."
"මොකක් කිවා...උබේ හිතට හරි නෑ....ලෝක පුදුමයක් තමා....හරි දැන් කියපන් මොකද්ද අවුල..." විහිළුවෙන් පැවසුවත් අනුහස්ගේ අන් කවරදාවත් දැක නැති මේ ස්වභාවය කල්පව මවිතියට පත්කර තිබුණි....
ඉතින් අනුහස් අද සිදු වූ සියල්ල කල්ප හා පැවසුවේ හිත සැහැල්ලු කරගැනීමටය....
"යහෝ...උබනම් මහා...*****, පවු බන් ඒ අහිංසක කෙල්ල "
"හ්ම්ම්ම්..."
කොයිතරම් දුක හිතෙන්න ඇත්ද....?"
"හ්ම්ම්ම්...."
"උන් ගාව සල්ලි තියනවන්ම් උබ ගාවට එයිද රස්සාවක් හොයන්...උඹේ සල්ලි උෂ්නේ දැන්...."
"හ්ම්......"
"හ්ම්...හ්ම්...ගන්නේ බකමුණ වගේ .....කරන්න පුළුවන් ජරා වැඩේ කරලා...හදිස්සියේ ඒ කෙල්ලට කරදරයක් වුනානම්.....! මොකද්ද උඹ කරන්නේ.....ආ...කියපන් බලන්න. අම්මගෙයි තාත්තගෙයි ප්රශ්න වලට උත්තර දෙන්න පුලුවන්ද......ඒ කෙල්ලගේ දෙමාපියන්ට අම්මල මුණ දෙන්නේ කොහොමද කියල හිතුවද.....කියපන් බලන්න. උගුඩුවා වගේ බලන් ඉන්නේ නැතුව...."
කල්ප දැනුන කේන්තියට අනුහස්ට බැනගෙන බැනගෙන ගියේ ඒ මුහුණවත් නොබලාය.
"එහෙම වුනොත් මන් මැරෙනවා......"
අනුහස් තමාටම එය මුමුණ ගත්තත් .....කල්පාට එය හොද හැටි ඇසුනි.......
"මොකක්"