Wednesday, February 8, 2012

පත් නොකලෙමි පරික්ෂාවට......

නුඹ දුරස් වී අද
තනිව මා යහනත
රිදෙයි මා හදවත
දරන්නට නොහැකි තරමට....

නුඹේ ආදරය මට
බොරුවක් නොවන බව දිවියට
දන්නා නිසා මා හදවත
පත් නොකලෙමි පරික්ෂාවට......

පැවසුව වදන් නොසිතාම
රිදවු පවට නුඹේ සිත
නැගෙන කඳුළු දෑසට
දවයි පවු කළ මගේ මේ සිත......


11 comments:

  1. දැණුනමුත්
    නුඹේ සිත
    හැඟුනෙනෑ
    කිසිවක්ම
    හිස් සුසුමක්
    හැර....

    ReplyDelete
  2. ඉස්සෙල්ලා පරික්සා කොරලා ඉන්ට තිබ්බේ

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න අදටත් මට කිසිම උවමනාවක් නැ.....

      Delete
  3. මොකක්ද අෆ්ෆා මේ වෙලා තියෙන්නේ...
    හිතට හිතුනු දෙයක් මිසක් වෙන මුකුත් එහෙම නෙමේ නේද නංගා

    ReplyDelete
    Replies
    1. හම්....හරියටම උත්තර දෙන්න මමත් දන්නේ නැ අයියා.....

      Delete
  4. ඔය පරීක්ෂාවනම් කරන්න එපා නංගියේ.. හිතේ තියෙන විශ්වාසය ඔහොමම තියාගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. හම්...ඔව් අයියා...හිතේ විස්වාසය වැඩි හැමදේටම වඩා....

      Delete
  5. ආදරේනම් දුකක්මැයි

    ReplyDelete
  6. අපෝ මේ පරන නොම්බරයක් නේ.. හෙ හේ.. ඒව දැන් හරි නේ.. දැන් විස්වාසයි නේද.. මොන දේ උනත් මම ඔයාව දාලා නොයන බව

    ReplyDelete
  7. හම්...ඔයාව විස්වාසයි මටත් වඩා....ඔයත් ඒක දන්නවා නේද.....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....