Saturday, December 31, 2011

ඔබටයි මේ සුභපැතුම..........!!!!

දන්නවද මැණික, අද ඔයාගේ උපන්දිනය....මන් ඇඟිලි ගැන ගැන හිටපු දවස..........ඉතින්,
මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!  

කියලා මන් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම, එළබෙන හැම උපන්දිනයකදීම ඔයාගේ ලඟින් ඉඳන් මේ වගේ, මිටත් වඩා ආදරෙන් සුභ පතන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා මම.....!!!


ඇත්තටම මන් හරිම වාසනාවන්තයි කියලා දැනෙනවා මට.ඔයාගේ ආදරෙත් එක්ක මන් ජීවිතේ ගොඩක් සතුටින් ඉන්නවා....දුක නොදැනුණ අවස්ථා නැතුවමත් නෙමෙයි....ඒත් සතුට වැඩී ඒ දුකට වඩා....අද දවසම ඔයා එක්ක ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට බැරි වුණා.ඒකට කමක් නැ.හදවතින් මන් හැම වෙලේම ඔයා ලඟම තමා.......


කියන්න දාහක් දේවල් තිබුණත් කියන්න අකුරු වලට පෙරලන්න හරිම අමාරුයි.....එකම එක දෙයක් කියන්නම්....ඒ ඔයා වගේ කොල්ලෙක්ගේ ආදරේ ලබන්න ගොඩක් පින් කරන්න ඕන.ඒ පින දැනට මට තියනවා....හැමදාටම තියේවි කියලත් හිතනවා.....මන් ගොඩාක් ආදරෙයි......!!  මටත් වඩා..........
ඔයාට සුභ අනාගතයක්.....!!!

Friday, November 25, 2011

කසාද බඳිමුද.......


හික්ස්.....නම දැක්ක හැටියේ අහන්න එපා මාව බඳින්න කැමතිද කියලා....මන් කැපවෙලා ඉවරයිනේ ඉතින්....

හම්මේ......බ්ලොග් එක පැත්තේ ආපු කාලයක් මතක නැ......බිසි බිසි.....හොඳටම බිසි.....එහෙම කියලා බේරෙන්න බැ නේද යාළුවනේ.....ඔන්න අද මන් කියන්න යන්නේ ටිකක් විතර වැදගත් කතාවක්....

අපේ අතිතයෙන් අහුලන මතතකයන් ලියන දිල් අක්කා කාලෙකට ඉස්සර අපේ රටේ වගෙම පිට රට වල මගුල් තුලා සිද්ධ වෙන විදිය ගැන පෝස්ට් දෙකක් දැන්මනේ....මතකද ඒවා....
ඉතින් ඔය කොයි රටටත් වගේම අපේ රටටත් අවේණික වුණ විවාහ ක්‍රම තියෙන බව ඉතින් දැන් ඔයාලා දන්නවනේ( හරි ඉතින් කලින් දැනන්  උන්නට මේ තරම් විස්තරයක් දන්නෙ නැ නේද?)

මන් අද කියන්න යන්නේ අපේ විවාහ උත්සවයකදි පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර ගැන බිඳක්....


අපේ රටේ මුල්බැස ගිය සිරිතක් වන කේන්දර බැලීම මෙහිදීත් අනිවාර්යෙන්ම සිද්ධ කරනවා.( හොරෙන් පැනලා යනවනම් ඕං මේවා වැඩක් නැ) මෙයින් කියවෙන්නේ පෙර භවයේ සිට පතාගෙන එන අන්දම ('පෙර උන්දම්') ගැන බැලිමක් ලු.....මේවා මන් නෙමේ ඕං කින්නේ.....පුරාණ ජනයා.....මේකෙදි විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායිකව, මානසිකව හා ජීව විද්‍යාත්මකව ඒ දෙන්නා ගැලපෙනවද කියලා බලන එකලු කරන්නේ. ඊට පස්සේ කරන්නේ නැකැත් පොරොන්දම් බලන එකලු. එතනදි ධනය, බලය, සමගිය හා සැපය ගැලපෙනවද කියලා බලනවලු. ඉතින් මේ පොරොන්දම් බැලිම දශ පොරොන්දමින් ආරම්භ වෙලා   විසි පොරොන්දම් බැලිම දක්වා දිවෙනවලු.

මේ මන් කියන්නේ දෙමාපිය ආශිර්වාද ඇතුව කරන මගුලකදි පිළිපදින ක්‍රම ගැන හොඳේ.....හික්ස්....එතකොට ඉතින් කුලය ආගම ජාතිය ඔය සේරමත් බලනවනේ....

දැන් ඔය කේන්දර බලන එකෙන් කරන්නේ ගැලපෙනවද කියලා බලන එකම නෙමේනේ.....ගැලපෙනවනම් මේ කසාදේ කරන්න අවශ්‍ය නැකැත් එහෙමත් බලනනවනේ....එතනදි මනාල පාර්ශවය විසින් ඒ ඒ නැකත් හදාගෙන මගුල් දිනයට කලින් නැකැත් දවසක නැකැතක මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් මනාලි පාර්ශවයට ගිහින් දෙනවලු...ආ අමතක වුණානේ ඒ ලියවිල්ලට කියන්නේ නැකැත් පත්‍රය කියලලු..ඒකට කියන්නේ නැකැත් දීම කියලලු.....ඒ කියන්නේ විවාහ ගිවිස ගැනීමලු.....දැන් කාලේ එහෙම නේමේනේ නේද.....වෙනම විවාහ ගිවිස ගැනීමක් කරනවනේ......

මේ නැකැත් දීමෙන් එහෙමත් නැත්නම් විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මගුලට සති දෙකකට විතර කලින් මේ දෙපාර්ශවේම අය තම තමන්ගේ නැයන්ට මගුලට ආරාධනා කරනවලු. ඒ ආරාධනාව කරන්නත් ඕන වැඩිහිටියෙක්ලු....ඕං පොඩිහිටියෙක් නෙමේ......මේ ආරාධනාවත් නිකම් කට වචනෙන් කරලා බැලු.....ඒකට  පිත්තල හෙප්පුවක් හරි රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වහලා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.


ඔන්න ඉතින් ඉස්සර මේ දැන් වගේ කුලියට ගන්න මගුල් පෝරු තිබිලා නැනොවැ.ඒකද මංගුලට දින කිහිපයකට කලින් සුභ නැකතකින් තමා හදන්න අරන් තියෙන්නේ.සුභ දිසාවකට මුණ එන විදියටලු නිර්මාණය කරන්නේ. 
කසාද බඳින එකත් සෙල්ලම් නැ නේද බලන් යද්දි.....
දැන් පෝරුවත් හදලා ඉවරයිනේ....මගුල් දවසේ චාරත්‍ර ටික වෙන දවසක කියන්නම්කෝ.....එහෙනම් ඔන්න මන් ගියා...බයි බායි කස්ටියටම......


Tuesday, November 1, 2011

ඔබට උපහාරයක්ම වේවා!!!!

හම්......ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳිලද මන්දා.....කෝ කෝ මේ කොස්ස......හික්ස්....අනේ තරහ වෙන්න එපා යාළුවනේ....අධි කාර්ය බහුලයි මේ දවස් වල....

ඔයාලා දන්නවනේ මන් උගන්නන්නේ NGO ස්කුල් එකක කියලා...ඉතින් මට මේ පාර ක්ලාසස් 4ක් කරන්න වෙලා....උදේ 8.30-11.30 වෙනකම් CAA(NVQ-Level3), 11.30-2.30 වෙනකම් CGD(NVQ-Level4-Practical),2.30-5.30 වෙනකම් ආයේ CAA(NVQ-Level3) කරනවා....ඉතින් කොහෙදෝ මට වෙලාවක් ලියන්න......ඒත් මන් හැම බ්ලොග් එකක්ම බලනවා....ඔං කමෙන්ට් නොකලට තරහ වෙන්න එපා.....ක්ලාස් කරන ගමන් කියවනවා...කමෙන්ට් කරන්න හිටියට බැරි වෙනවා.....

අද මන් අපේ ඉස්කෝලේ ගැන කියන්න කියලා හිතුවේ.....

ඉංග්‍රීසි අංශයේ කොටසක්
                                                           පෙර පාසල් අංශය
                                                         ආපන ශාලාව

1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමි‍ණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.

ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....


  • පෙරපාසල් අංශයට වර්ශයකට දරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගන්නවා....
  • ඉංග්‍රීසි අංශය කොටස් 2කින් සමන්විතයි.
  1. 1-12 වසර තෙක් - සාමාන්‍යයෙන් වසරකට 200කට ආසන්නයි
  2. පාසල් නොයන - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි)
  • පරිගණක අංශය - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි (CAA(NVQ-Level3), (CGD(NVQ-Level4) හා (SLCDL))
  • කාන්තා සහයෝගිතා අංශයේ මැහුම්, වූල්, බතික් හා පේන්ටින්ග් ලෙස පාඨමාලා 4ක් පවත්වයි.(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුකුලයි)
  • ක්‍රීඩා අංශය (සමස්ථ ලංකා තරඟ පවා ජයග්‍රහණය කර ඇත)
  • දෙමළ අංශය
  • සංගීත අංශය

දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......

http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf

ඇත්තටම අද මන් මේ තත්වෙන් ඉන්නේ මේ පාසලින් මන් ඉගනගත්ත දේවල් නිසා.......ඉතින් මේ ලිපිය,
OWF 
පාසල් මව්නි ඔබට උපහාරයක්ම වේවා!!!!

Friday, October 14, 2011

දිවි තිබෙන තුරුමත්...........

ඔබයි මාගේ එකම පැතුම
ලැබු දා සිටම නුඹේ පෙම.....
සතුටයි පැතුවේ හැමදාම
ඔබ හා බැඳුණ දිවිය පුරාම....
සය මසක් ගෙවුන අපේ ආදරයේ
ඇති වුණත් නොයේක් වු බාධක
විඳ දරාගෙන එක සිතින් එක සේ
සතුට ‍වෙත පියමන් කළා ‍මෙන්
අද මෙන්ම හෙටටත්
දිවි තිබෙන තුරුමත්
දුක සැප සතුය සම සේ දරා
ජය ගනිමු එක්ව මේ දිවිය


Monday, October 10, 2011

මට ගොඩාක් සතුටුයි.....!!!

හම්....මට ගොඩාක් සතුටුයි.....මේ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කරලා තිබුණත් දාන්න වුණේ නැ වැඩ වැඩි නිසා...


ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....


හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?


ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....


මෙන්න මෙහෙමයි වුණේ....


ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....


හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට ම‍ගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....


මෙන්න ‍ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)







                                            මායි අම්මයි........

Friday, October 7, 2011

අවසාන තීරණය..........

අම්මේ....බය වෙන්න එපා...පොඩි කතාවක් මේ...ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳීගෙන එන්නේ......සුද්ද කරන්නත් එක්ක මෙන්න පොඩි කතාවක්.......


මේක මට ආපු මේල් එකක තිබුණේ.ඇත්තටම මෙහෙම කොච්චර දේවල් වෙනවද? 


ඔන්න දවසක් වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උණා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. 

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.." 

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"


ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා. 

ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක



මේ වගේ දේවල් විතරක් නෙමේ....අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ක‍තාකළොත් ඒ කෙල්ල ගැන සමාජය කතා කරන්නේ කොයිතරම් වැරදියටද? මන් හිතන්නේ හැමෝමට මේ වගේ අත්දැකීම් ඇති නේද?


(තැන්කූ ශානුක මේල්ලුවට)

Thursday, September 22, 2011

ඔබ අපිට ආඩම්බරයක්.....................

හ්ම්......ගොඩ දවසක් නිසදෙස් ලිය ලිය හිටපු නිසා හිතුණා සිකුරාදා හදිස්සියෙන්ම ත්‍රිකුණාමලේ ගිය විස්තරේ දාන්න ඕන කියල......හොඳ අත්දැකීමක් වගේම මෙතෙක් කල් කාපු ලොකුම කට්ටත් කෑවා කිවොත් හරි මේ ගමනේදී....
                                      හ්ම්...අපේ මල්ලි ඔන්න ගියානේ නෙවි කැඩෙට් කෑම්ප් ත්‍රින්කෝ වල.....දැන් එකේ අන්තිම දවස උනේ 17 වෙනිදා......ළමයි 25 ක් ගියා ධර්මශෝකෙන්...ගාලු දිස්ත්‍රික්කයෙන් ගියේ ධර්මශෝකෙයි දෙවපතිරාජෙයි විතරයි.....ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කයකින්ම ස්කෝල 2 යි තෝරාගත්තේ.....කොහොම හරි ස්කෝල 40 ක් ඇවිත් තිබුන කෑම්ප් එකට....අන්තිම දවසට ළමයින්ගේ පාසින්ග් අවුට් එක බලන්න යන්න ඔන්න අම්මල ටික ලැස්ති වුණා.....වැඩේ වුනේ එක ස්කෝලෙකට පැසස දෙකයි දෙන්නේ..දැන් අම්මල හැමෝම ගියාට ඇතුලට යන්න වෙන එකක් නෑ කියල කතාවකුත් කියා.....ඔන්න ඒ නිසා අපේ අම්ම යන්නේ නෑ කියල කීවා....
                                                                                              කොහොම වුනත් දැන් ඔන්න අම්මල කස්ටියම බස් එකක් අරන් යන්න ලෑස්තිය....එත් අපේ අම්ම යන්නේ නෑ කීවා..මොකද අම්මා තනියම යන්නේ නෑ කොහෙවත්....එහෙනම් තාත්තටත් යන්න වෙනවා...ඒ දෙන්නම ගියොත් මටත් යන්න වෙනවා..එතකොට මගේ ක්ලාස් කට් වෙනවා...ඔන්න ඔය ප්‍රශ්න නිසා ගමන නොයන්න තීරණේ කළා......එත් මල්ලිලට කන්න ගෙනියන්න අම්මා වැලිතලප හැදුව අර යන අම්මල අතේ යවන්න.....ඔන්න අපි යන්නේ නෑ කියල අපේ නැන්දට කීවා විතරයි අපේ අම්මා හොඳටම බැණුම් අහල නැන්දගෙන්....අයි යන්නේ නැත්තේ...නොගියොත් දරුවට මොනවා හිතෙයිද......කලින් යන්නේ නෑ කීවා නම් අපි දෙන්න( නැන්දයි..මමයි) හරි යනවා නේද...මට වොරන්තුත් තියනවා....ඔන්න රටේ නැති ඒවා කියල බැණලා(කොහොමත් නැන්දයි මාමයි අනිත් හැමෝටම වඩා අපේ මල්ලිටයි, ලොකු අයියටයි ආදරෙයි..)ඉතින් පස්සේ අම්මා අහල..එහෙනම් සුදු අක්කේ(නැන්දට කතාකරන්නේ එහෙම) අපිත් එක්ක යන්න එනවද කියල....ඔන්න සිකුරාදා දවල් 12 ට තමා යන්න තීරණේ කලේ....මෙන්න මට කෝල් කරලා කියනවා 3 වෙනකොට එන්න..අපි ට්‍රින්කෝ යනවා කියල...ඔන්න ඉතින් මගේ අර නිදාගෙන ඉන්න යකා නැගිට්ට..ඇයි යකඩෝ මන් නාල නෑ දවස් ගානකින්...ඇදුමක් ලෑස්ති කරගෙනත් නෑ...4 වෙනකොට යන්නත් ඕනලු.......ඔන්න ඉතින් අපේ ප්‍රින්සිපල්ට බටර් පාරක් ගල ශේප් කරන 3.30 වෙනකොට ගෙදර ආවා. 

  අම්මගෙන් බැණුම් අහ අහ නාගෙන කරගෙන ඔන්න අලුත්ගම ගියා කොටුවට යන කෝච්චිය අල්ල ගන්න....ඔන්න බොලේ යනකොට අපේ ඉඳුරුවේ නැන්දලත් ට්‍රින්කෝ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා කොටුවට යන්න අලුත්ගම ට්‍රේන් එකට ඇවිත්...එයාල විතරක් නෙමේලු..පානදුරේ නැන්දලයි, කැලණියේ නැන්දලයි හැමෝම යනවලු.....
                                                     ඔන්න ඔතනයි පුරස්නේ...අපේ ආච්චිගේ මරණේ නිසා නෑදැයෝ අතර විරසක කමක් ඇති වුණා......අපේ තාත්තා එයාගේ පැත්තේ නෑයන්ගෙන්  අයින් උනා.....දැන් කතා කරන්නේ අපේ ගෙවල් ළඟ නැන්දයි, ඉඳුරුවේ නැන්දයි එක්ක විතරයි.......අපේ ගෙවල් ළඟ නැන්දත් එක්ක අනිත් හැමෝම හෝයි....කොහේ ගියත් මෙයාලට කතා කරනවා...නමුත් මේ පාර ට්‍රින්කෝ ගමනට කවුරුවත් මෙයාට කතාකරල නෑ.....ඒ නිසා ඒ හැමෝටම පේන්න තමයි අපිත් එක්ක යන්න ලෑස්ති වුණේ. හිකිස්.......
ඔන්න ඉතින් කොටුවට ගියයි කියමුකෝ...ඉඳුරුවේ නැන්දගේ මහත්තයා අපේ නැන්දට ටිකට් ගන්න දීල නෑ එයා ගව ටිකට් තියනවා කියලා...අපේ තාත්තට කේන්ති ගියා ඒකට...ගත් කටටම කීවා අපි ඔයාලත් එක්ක යන්න නෙමේ ආවේ..අපි අපේ ගමන යන්නම්...ඔයාල ඔයාල යන විදියට යන්න කියල...හිකිස්.....ඔන්න එයාලගේ සෙට් එක ඒ මාමත් එක්ක එයාගේ ඔෆිස් රුම් එකට ගියා..ඒක තියෙන්නෙත් ස්ටේෂමෙමයි...එයා දුම්රිය ආරක්ෂක අංශයේ ඉහල නිලධාරියෙක්නේ....අපි එතනින් මරදානට ආවා....මොකද අපිට ත්‍රින්කෝ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් අන්කල් එතනට එන්න කීවා එතැනින්ම වාඩි වෙලා යන්න.....
                   හරි නම් ට්‍රෙන් ඒක තියෙන්නේ 9 ට..එත් පිටත් වුනේ 9.30 ත් පහුවෙලා.....ඔන්න ඉතින් අපි කරදරයක් නැතුව ෂෝයි ඒකට වාඩි වෙලා ඉන්නකොට මෙන්න අර මාම එනවා අපි වාඩි වුනාද කියලා බලන්න...හික්ස්..( එයාට හරි මදිකමක් වුණා අපි එයාගේ උදවු ගත්තේ නැති ඒක) අපි සෙකන්ඩ් වෙනවද කාටවත්...ඔන්න ඉතින් ටික දුරක් යනකොට මගේ කොන්ද  රිදෙන්න ගත්තා..ඇයි දෙයියනේ එකදිගට වාඩි වෙලා ඉන්න පුළුවන් කාටද.....අරෙහෙට..මෙහාට ....ඇඹරි ඇඹරි උන්න....අම්මෝ...අපේ අම්මටයි නැන්දටයි නම් නිදා ගන්න බෑ පොඩ්ඩක්වත්...දෙයියන්ගේම පිහිටයි...මගේ වැඩේ උනේ කන ඒක...බයිට් , බිස්කට්, පොරි, වඩේ.......ආ...ඇයි මල් කඩන ඒක.....:P 
                                                                     කොහොමෙන් කොහොම හරි ගමනාන්තයට එනකොට පාන්දර 5.30 වෙලා....ඔන්න ඉතින් දැන් ප්‍රශ්නේ ඉන්නේ කොහෙද කියන ඒක...ගත්තා කෝල් එකක් අර බස් එකේ එනවා කියපු අම්මල ටිකට...එයාල ඇවිත් කොහෙද නැවතිලා දැන් නානවලු...අපිට 7 වෙනකොට කෑම්ප් ඒක ගාවට එන්න කීවා...ඉන්න තැනක් ඕන වෙන්නේ නැනේ එහෙනම් කියලා ඔන්න විවෙකාගරේට ගියා....(කාන්තා පිරිමි දෙකක් තිනවනේ) ඔකටම යන්න තව අම්මල තාත්තල පොඩි ළමයි ගොඩයි කොහොම හරි...ඔන්න ඉතින් කට්ටිය මුහුණ කට එහෙම හෝදලා ඇදගෙන ආවා දැන් යන්න කියලා...අපි  5 ක් නේ... ත්‍රිවිලර් කාරයෝ යන්න බැලූ ..ඔන්න ගාන වැඩියෙන් දෙන්නම් කියලා එතනට ගියයි කියමුකෝ.....
               හ්ම්...අපේ ආරක්ෂක අංශයේ ඉන්න අයගේ සත්කාරනම් කියලා වැඩක් නෑ....බහිනකොටම පාසින් අවුට් එකටද..එහෙනම් මේ පැත්තෙන් යන්න...එතනින් ඉස්සරහට ගියාම මේ පැත්තෙන් යන්න...කොහොම හරි අපි ගෙනිච්ච් බැග් වත් චෙක් කලේ නෑ.....ඉහලම සත්කාර දෙමාපියන්ට දුන්නා.....අපි එතනට යනකොට අපේ ස්කොලේ අනිත් කට්ටිය ඇවිත් න...එත් අපිට ඇතුලට යන්න කිව්වා......අම්මෝ සෙනග...වැඩිවෙන්න තැනකුත් න...හැම පුටුවක්ම පිරිලා...අන්තිමේදී කොහොම හරි යකඩ පුටු වගයක් ගෙනත් බැවා කට්ටියට වාඩි වෙන්න....අපිත් ඔන්න පුටු ටිකක් අරන් ගිහින් වැඩි වුන හෙවනක් යට.......හික්ස්...ගහක් යට...(කාක්කෙක් ජරා කලා මගේ පුටුවට මන් ටිකකට නැගිට්ට වෙලේ...ඊයා.......හොඳ වෙලාවට නැගිටලා උන්නේ...නැත්නම් ඉවරයි...) ඔන්න උත්සවේ පටන් ගත්තා......  ශිෂ්‍යභට නියෝජ්ජ්‍ය අධ්‍යක්ෂක තම විශේෂ ආරාධිත අමුත්තා වුනේ......මෙන්න උත්සවේ චායාරුප ටිකක්............                                                                  
                           





   නාවික හමුදාපති ධර්මාශෝක නාවික කැඩෙට් නිලධාරි කුමේෂ් හා සාකච්චාව






                                     මගෙ මල්ලි...........

අපේ වැඩකාරයො 5 වෙනි ස්ථානෙත් ගත්තා පාසල් 40 න්........

Friday, September 16, 2011

සොයමි නුඹේ අරුත මම...........

ආදරය නුඹ,
කුමන වූ අරුමයක්ද
සතුටක්ද නුඹ.........?
දුකක්ද නුඹ............?
තවම නොවැටහේ මට...........
සොයමි නුඹේ අරුත මම
නමුදු මා තවම,
ඇරඹුන තැනම නොවේද........?
ඉවසීම සොයමි මම මගෙන්ම
වටහාගන්න තුරු නුඹේ අරුත
නමුදු මම,
විදවමි සොයාගත නොහි නුඹව..........
ඉතින් ආදරය නුඹ,
සතුටක් නොව දුකක්ම බව
පසක්කර දුන්න නොවේද 
විඩාබර වූ මගේ හදවතට .........

Wednesday, September 14, 2011

නුඹ......

හිත්අහස කළඹවා නොනැවතී වහින අනෝරා වැස්ස නුඹ
නැගෙන අව්රැල්ල බිඳක් නොනැවතී ගමන් ගන්න සඳ
නාය නොයාවිදැයි කියන්නේ කෙලෙස මගේ මේ සිත
ගැලවෙන්න මගක් සොයමි මම,සිත නාය යන්නට පෙර 

Monday, September 12, 2011

කඳුල නුඹ..........

කඳුල නුඹ
මා නෙතින් ගිලිහෙන
හිඳිනවා නොවේද  නුඹ
එදා මෙන් අදද මගේ තනියට

කඳුල නුඹ
මා නෙතෙහි සිරවුණ
රැඳෙනවා නොවේද නුඹ
ඉකිළන හැම මොහොතේදීම සිත

කඳුල නුඹ
මා නෙතට උනනා
හේතුවක් ඇත්දෝ නුඹට
රැඳෙන්නට මා නෙතු පියන් යට

හේතුවක් ඇතත් නුඹ,
හේතුවක් නැතත් 
එදා මෙන් මා ලඟින් හිඳිනා 
නොවෙනස් වූ එකම මිතුදම
කඳුල ඒ නුඹ

Friday, September 9, 2011

පුංචි උනත් මට ලොකුයි ..............


අනේ මන්ද කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල...මේක හරි පුංචි සිද්දියක්...එත් මට ඒක ගොඩක් වටිනවා....


දවසක් රෑ මායි අම්මයි අපේ නැන්දලගේ ගෙදර ගියා..... ගියේ මේ කන්නේට කුඹුරු කරලා ගත්ත අලුත් හාල් වලින් හදපු දානේ ( කිරි බතුයි , කිරි කැකෑරුම්)  ගෙදරටයි, අපේ කේන්දර බලන ආච්චි ඉන්න ගෙදරටයි දීල එන්න.  යනකොට අපේ දෙවෙනි බාප්පා( අපි කියන්නේ චුටි බාප්පා) බැඳපු පුංචි ඇවිත් හිටියා...එයා අපිත් එක්ක වැඩිය හිත හොඳ නෑ...අපිත් එක්ක කිවේ දෙමාපියන් එක්ක විතරයි...අපිට නම් වෙනසක් එහෙම නෑ....

අම්මා ඉතින් නැන්දට ඔය කෑම පාර්සලේ දීල, එතැනින්ම එහා ගෙදරටත් ගිහින් එහෙට දීල නැන්දත් එක්ක ටිකක් කතා කරලා එලියට බැස්ස ගෙදර එන්න....එතකොට අපේ මාමයි පුංචියි බර කතාවක....නැන්දා අපි එක්ක ගේට්ටුව ළඟටම ආවා.....ඇවිත් අම්මා එක්ක කතාවක වැටුණා...එයාල කතාකලේ අපේ පුංචිගේ දු ගැන....නංගි ලබන පාර එලේවල් කරන්නේ....ගමේ ඉස්කෝලේ ඉඳන් ටවුන් එකේ ඉස්කෝලෙට දැන්ම සයන්ස් තෝරගත්ත නිසා.....දැන් වැඩේ වෙලා තියෙන්නේ එයට කොල්ලෙක් ඉන්නවලු.... කොල්ල  තරම් හොඳ කෙනෙක් නෙමේලු...කොයි තරම් කිවත් නංගි අහන්නෙත් නෑලු..... බෝයිගේ ගෙදරිනුත් ගෙන්නලා කිවා නවත්තන්න කියල.....කෝ අහන්නේ නැනේ...දැන් පුංචි යනවලු නංගි පස්සෙන් පන්ති වලට....පුංචි පාර එහා පැත්තේ ඉන්නකොට අර පිරිමි ළමයා මෙහා පැත්තෙලු...නවත්තන්නම බැලූ....... දෙන්නගේ හැසිරීමත් හොඳ නෑලු....නැන්දා ඉතින් කියවනවා දාගෙන.....අම්ම කීවා ඕක ඉතින් සැර කරලා හදන්න බෑ...එහෙම නැති උනොත් මුරණ්ඩු වෙනවා තවත්....හොඳින් තේරුම් කරලා දෙන්න ඕන...නැත්නම් කියන්න ඕන එක්සැම් හොඳට කරන්න.ඊට පස්සේ කරලා දෙන්නම් කියල..මොකද  වෙනකොට ඔය වගේ සම්භන්ධ නවතින්න ගොඩක් ඉඩ තියනවනේ....

ඔන්න එතකොටයි මට වැදගත් වන කතාව කිවේ...

අම්ම ඉඳන් එක පාරටම කීවා, "අපේ ගෙදරට මහන්න ආපු කීප දෙනෙක්ම කීවා මෙහෙමයි, මල්ලිගේ දු හැදෙනවා හොඳ නෑ..ස්ටෑන්ඩ් එකේ එහෙම ඉන්නවා බලන්න කැතයි....ටිකක් කියල හදාගන්න බලන්න...අනේ  අතින් බලනකොට ඔයාගේ දුව ගැනනම් කියන්න කිසිම වරදක් නෑ ....පිරිමි ළමයෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ......ඉස්සරහට හම්බුණත් හිනාවෙලා ආයේ බිම බලාගෙන තමගේ පාඩුවේ යනවා.....(අනේ මේ මන් ගැන වර්ණනා කර ගන්නවා නෙමේ...අපේ අම්මා කියන දේවල් මන් කියන්නේ...මටත් ඔය කතාව ඊට කලින් ඇහුණා අම්මට ගැණු කෙනෙක් කියනවා) ..ඉතින් සුදු අක්කේ කාටද ආඩම්බර....එයාට වගේම එයා හදපු මටනේ ආඩම්බර..." අම්මා අර ටික කියල නැන්දගෙන් ඇහුවා..... "එක නම් ඇත්ත...මෙයා ක්රෙඩිට් දාගෙන ඉවරයි....මටත් ඕක කියනවා...වෙන අය තියා ඔය අල්ලපු ගෙවල් දෙක තුනේම අයත් කියනවා...ට්රෙන් එකේ ගියපු අයත් කියනවා...මටත් ඉතින් සතුටුයිනේ...මන් හදපු දරුවෙක්නේ" කියල නැන්දා කීවා.....

 වචන ටික අහපු වෙලේ මට මන් ගැන දැනුන ආඩම්බරේ කියන්න වචන නෑ... ගමක ජිවත් වෙන කෙල්ලෙක් හැටියට ගමේ මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙනවා කියන්නේ...ආයේ ඒක තම ලබන්න පුළුවන් උපරිම චරිත සහතිකේ....

හ්ම්...මට ගොඩක් සතුටුයි.මේක ගෙදර ආපු හැටියේ කිවේ එක්කෙනෙක්ට...එයා ගත් කටට කිවේ ඒක තමා මන් උඹව තොර ගත්තේ මගේ වයිෆ් කරගන්න.....මටත් ඔයා ගැන හරි ආඩම්බරයි කියල.....
එහෙම හොඳක් අහන්න මට මග කියල දුන්න මගේ අම්මට මන් ගොඩක් ණයයි..... ණය ගෙවන්න මේ ජීවිතයත් මදි....එත් මන් දන්නවා අම්මා තරම්  ගැන සතුටු වෙන කෙනෙක් තවත් නම් නෑ කියල.... සතුට.. ආඩම්බරය මන් මගේ අම්මට හැමදාම දෙනවා.....

.ලි
මේ පොස්ට් ඒක නම් කාටවත් වැදගත් නැතිවෙන්න පුළුවන්...එත් හිතට දැනුන සතුට කියන්න තියන හොඳම තැන මෙතන නිසයි මන් මේක මෙහෙම ලිවේ.......
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....