Thursday, April 28, 2011

මියෙන්නෙමි.....................

හැඬුවෙමි
සාගරයක් පිරෙන තරමට....
හඬන්නෙමි
මතක් වෙන හැම මොහොතකදීම.............
දැවෙන්නෙමි
විදින්නට ඔය සොඳුරු වූ සෙනෙහස..............
මියෙන්නෙමි
දරන්නට නොහැකි වූ නිසාම........... 

නොබිදුන පැතුමන්........... 06 කොටස



දහවලද ඉක්මයමින් පවතී.අර්චනා තවමත්  දිවා  ආහාරය ගැනීමට සිතුවේ නැත.ඇයට කෑමද එපා වී ඇත. එහෙයින් ඇය දිවා ආහාරය පන්සල ඉදිරිපිට වූ සිගන්නාට දුන්නාය.මේ අතර අනුහස්ගේ ජංගම දුරකතනයට ලැබුන ඇමතුමක් නිසා ඔහු බොහෝ කලබලයට පත්විය.

"පුතා, අම්මා කතා කරන්නේ. සුදු දුව ඉන්නවද?"
"...... ඔව් අම්මා, ඇයි? "
"චුට්ටක් කතා කරන්න"
"..එයා කන්න ගියානේ මධුත් එක්ක."
"ඇත්තද? එහෙමන් ඔයා එනකොට දරුවවත් එක්කරන් එන්න ඕන හරිද. තනියම එහෙම එවන්න එපා. පාර තොට දන්නෙත් නැනේ හරියට.තනියම එහෙම එවනවා නෙමේ."
"හා අම්මා...මන් තියන්නද?"
"හා හා මතකනේ"
"ඔව් ඔව් අම්මා"
අනුහස්ට තමන් දැන් කුමක් කරන්නදෝ කියා සිතාගත නොහැක. එසේනම් ඇය ගෙදර ගොස් නැත. කොහෙද ගියේ....කොහේ කියල හොයන්නද.....?තමන් කල වැරැද්දේ බරපතලකම  ඔහුට තේරුනේ දැනුයි. එත් සමගම පැමිණි තවත් දුරකථන ඇමතුමක් නිසා ඔහුගේ කනස්සල්ල තවත් වැඩිවුනි....
"පුතා තාත්තා...හවසට එනකොට දුවවත් අරන් එන්න හොදද...තනියම එහෙම එවනවා නෙමේ. අනික ඔයා දරුවට වැඩිය වැඩ දෙන්න ලෑස්තිවෙන්න එපා..තේරුනානේ...ඒක කියන්න කතා කලේ."
තමන්ට වචනයක්වත් කියන්න ඉඩ නොතබා තාත්තා ඇමතුම විසන්ධි කල බව අනුහස්ට සිතුනි. 
"දැන් මොකද කරන්නේ" අනුහස් තමාගෙන්ම ඇහුවේ වෙන අහන්න කවුරුවත් ලගක නොසිටි නිසාවෙනි. "මධුමාලිටවත් කියල ගියාද දන්නේ නෑ" එසේ සිතු ඔහු යලි දුරකථන ඇමතුමක් ගෙන මධුමාලිට  තම කාමරයට කතා කළේය.
"සර් මට කතා කලේ...?"
"මධු..ඉදගන්න"
"ඇයි සර්...මොකක් හරි ප්රශ්නයක්ද?" ඇය ඇසුවේ ඔහුගේ මුහුණේ වූ කනස්සලු ස්වභාවය නිසාය.
"ඔව් මධු මට උදවුවක් කරන්න. ඔයාට අර අද උදේ අපු ගර්ල් කීවද එයා කොහෙද යන්නේ කියල"
"නෑ සර්....ඇයි එයා තාම ගෙදර ගිහින් නැද්ද?"
"එකනේ...අම්මයි තාත්තයි දෙන්නම කෝල් කරලා කිව එනකොට එයාව එක්කරන් එන්න කියල.අම්මගෙන් ෂේප් උනත් තත්තගේන්නම් බැරිවෙයි.අනික එයා මෙහෙ පාරවල් දන්නෙත් නෑ. කොහේ ගියාද දන්නේ නෑ....අයියෝ....."
එසේ කියමින් ඔහු ඔලුව දෑත මත්තේ රදවා ගත්තේ තමාගෙන් වුණ වැරැද්දේ බරපතලකම තව තවත් තේරුණ හෙයිනි. 
"....සර්, ගර්ල් මට කීවා දැන්ම ගෙදර යන්න බෑ...ටික වෙලාවක් ඉන්න මේ හරියේ පුස්තකාලයක් හරි පන්සලක් හරි තියනවද කියල....මන් ඉතින් එයාට අභිනවාරාමය ගැන කිව්වා..එයා එහාට ගියාද දන්නේ නෑ."
"ඇත්තටම ඔයාට එහෙම කීවද.....අනේ මධු, මාත් එක්ක චුට්ටක් බලන්න එන්න පුලුවන්ද.....ප්ලීස්....."
"ඕක මොකද්ද සර්...යන් මන් එන්නම්..."
මධු එසේ පැවසුවේ යටිහිතෙන් ඔහුට බනිමිණි....." කෙල්ලට රිද්දුවා...දැන් මෙයාටමයි විදවන්න වෙලා තියෙන්නේ...හොද වැඩේ හිත එක්ක සෙල්ලම් කරනවට...."

මධුමාලි හා අනුහස් අභිනවාරාමයට යන්නට අනුහස්ගේ කාරයට නැග්ගේ, අර්චනා එතන නොසිටියොත් කුමක් කරන්නද යන සිතුවිල්ලත් සමගය. අනුහස් සිටියේ දෙලොවක් අතරය.මධු ටික වෙලාවක් අනුහස් දෙස බල සිටියාය. "අර්චනා කියන්නේ නිකන්ම නිකම් කෙල්ලේ නෙමේ කියලයි මට හිතෙන්නේ...සර් නැත්නම් මේ  තරම් කලබල වෙන්නේ නෑ කිසිම දෙකට."ඇගේ යටි හිත මිමිණුවාය. සිතුවිත් සමග උන් මධුට ඔවුන් පන්සට ඉදිරිපිටට පැමිණි වග පෙනුනි. වහනය වාසල් දොරටුව අසල නතර කර ආයාචනාත්මක දෑසින් මධු දෙස බැලු අනුහස්, "මධු පොඩ්ඩක් ඇතුලට ගිහින් බලනවද එයා ඉන්නවද කියල..මට ඇතුලට එන්න බෑ."
තම ආයතන ප්රධානියා දෙස මොහොතක් විස්මයනුකුල දෑසින් බල උන් මධුමලිට ඔහුගේ මේ වෙනස තේරුම ගත නොහැකි විය. නමුදු ඔහු කි දෙය පිළිගත් ඇය තනිවම ආරාමය තුළට ගියාය...... 



පන්සල තුළට ගිය  මධුමාලිට අර්චනා මුණ ගැසෙවිද........ඉතිරිය ලබන සතියේ....

Wednesday, April 27, 2011

මා ලොවම ඔබ වී............

මා සිත නුබ ලග තියා
ජීවිතය ඉල්ලුවෙමි ඔබෙන්
මා පැතු දිවිය ලබුවයි සිතා
පෙම් බැදිමි මහා මෙරක්
මා සතු වස්තුවක් සේ සිතා 
රැක්කෙමි මා මුළු හදවතින්
නමුදු ඔබ මා සතු නොවන බැවු
ඇයි වැටහුනේ මට පමා වී 
මා ලොවම ඔබ වී ඇත
යලි හැරෙන්නට නොහැකි සේ......

Tuesday, April 26, 2011

ඉතින් ලියමි............

ආදරය,
ඉතින් ලියමි......කියන්නට නොහැකි වූ සිතුනු බොහෝ දේ කියන්නට තාමත් බල ඉන්න නිසා හිතට දැනෙන බර අඩු කරගන්නට පවසමි ඉතින් නුඹ හට....ඇයි මන් නුබට ආදරේ කලේ.......ඒ ඇයි කියන එක ඔයා හොදටම දන්නවා නේද......එත් ඔයාට මගේ ආදරේ පොඩ්ඩක්වත් වටින්නේ නෑ නේද.....ජිවිතේ තරමට.....ඊටත් වැඩිය.....කවදාවත් කාටවත් නොකරපු විදියට මන් නුබට ආදරේ කලා.....ඔව්.....එදා කලා...අදත් කරනවා.....හෙටත් කරයි...............එත්, කවදාවත් ඔයා මට අයිති නෑ නේද.....ඔයාට ආදරේ කරන්න ගත්තේ කවද ඉදන්ද කියන්න මන් දන්නේ නෑ.....එත් කියන්න ආපු, අපි හම්බ උන මුල්ම දවසෙම ඔයා මගේ හිත ගොළු කලා කියන්නට බැරිවෙන විදියට.....ඒ ඇයි රත්තරනේ......එදා හිර කරගත්ත මේ හිත අද වෙනකම් ඒ දුක උහුලනවා.......මන් ලගම ඉදල ඔයා වෙන කෙනෙක්ට ඔයාගේ ආදරේ දුන්නේ මගේ එක්සැම් එකට දවස් දෙකකට කලින්.....හිතුවද පොඩ්ඩක්වත් මන් ගැන.....නෑ....ඔයා මගේ ආදරේ දැනගත්තදා මගෙන් ඇහුව ඇයි ඔයාට ආදරේ කලේ කියල...මන් කොහොම උත්තර දෙන්නද......හිත ඉල්ලපු හැමදේම ඔයා ලග තිබුන බව කොහොම ඔයාට කියන්නද.....ආරක්ෂා කලා මාව ඇස් දෙක වගේ, හැම වෙලේම මන් ගැන හොයල බැලුව වැඩ තියෙද්දිත්.....මට ගොඩක් ආදරේ දුන්නා...ඉතින් ඇයි මන් ඔයාට ආදරේ නොකරන්නේ.ඇයි කියල ඔයාම මට කියන්න....මන් වැරදිද......ඔව් ඔයා කියනවා මන් වරදීලු.....ඇයි තවත් රිද්දනේ මගේ හිත......ඉතින් ඉකි ගසන මගේ හිත සනසන්න ඔයා අද මා ලග නෑ.....අද මගේ ඇහෙන වැටෙන කඳුළු ඔයාට පේන්නෙත් නෑ.....කමක් නෑ.....ඔයා සතුටින්නේ.....එත් රත්තරනේ මගේ හිත රිද්දන්න එපා................ඔයාගේ සතුට වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්.....ඔයාගෙයි ඔයාගේ ආදරෙයි ඇතිවන ප්‍රශ්නවලට මාව හේතු කරගන්න එපා....මන් එහෙම වෙන්න හිතන්නෙත් නෑ...එත් ඔයා මට එහෙම කියල මගේ හිත ගොඩක් රිද්දුව...දන්නවද මන් කොයිතරම් අඩුවද කියල ඔයා ඒ කිව වෙලේ ඉදන්.......ඉතින් අඬල අඬල  මන් ලෙඩ උන කියලවත් ඔයා දන්නවද......නෑ ඔයා දන්නේ නෑ......කාටවත් නැහෙන්න අඬල එක හරි අමාරුයි.....එත් බෙඩ් ෂිට්  එකෙන් වහගෙන ඉකිය හිරකරගෙන අඬල මට හුස්ම ගන්න බැරුව උන්නා කියල දන්නවද ඕයා......ඉතින් .මන්  යන්න ඕන ඔයාගෙන් ඈතට ....විදවන්න බෑ තවත් මේ විදියට...එත් මට කියන්න යන්නේ කොහොමද කියල...එච්චරයි ඔයාගෙන් මන් ඉල්ලන්නේ.

මිට 
මන් ඔයාගේ කවුද.......?

නොබිදුන පැතුමන්........... 05 කොටස


`මධුමාලිගේ `කාමරයෙන් එලියට අර්චනා පඩිපෙළ බැස්සේ ආරාමයට යන්නට හිත හදාගෙනය. ආත්මානුකම්පාව හිතේ තද කරන් අර්චනා ආරාමය කරා පිය නැගුවාය.ආරාමයට පිය නැග්ග කල අර්චනගේ සිතට මහත් වූ සුවයක් දැනින. ඇය කෙලින්ම බුදු ගෙය සොයා ගියේ තමන්ට රැදෙන්නට සුදුසුම තැන එතන බව දැනුන හෙයිනි. කිසිවෙකුත් පෙනෙන්නට නැත.  බිත්තියට පිටදී වාඩි  වූ ඇය කරුණාබර බුදු හිමිගේ මුහුණ දෙස බැලුවේ දුක කියන්නට මෙනි. මිනිසුන් මෙතරන් අන් අයව රිදවා ලබන සතුට කුමක්දැයි ඇය තමා සිතින් ඇසුවාය...උදේ වූ සිදුවීම මතක් වූ ඇයට සිතේ මෙතෙක් හිර කරගෙන උන් දුක කඳුළු වලට පෙරලි ඉකි ගසා හැඬුනේ තමන් තනිවී ඇති බව දැනුන නිසාවෙනි.බිත්තියට පිටදී අඩන ඇය දෙස බලා සිටියේ කරුණාබර බුදු පියාණන් පමණමයි....


දහවල බුද්ධ පුජාව රැගෙන බුදුගෙට පැමිණි සුජාත නෙලුම්කුඹුර මැතිණියට බිම වාඩිවී නිදා සිටි අර්චනා පෙනුනි. ප්‍රථමයෙන්ම ඇය බුද්ධ පුජාව පුජා කර අර්චනා ලගින් වාඩි විය. 
"දරුවෝ.....දුව... නැගිටින්න."  
දෙතුන් වරක් කතා කරන විට අර්චනාට ගැස්සී ඇහැරුණිතම කොහි සිටියි එකවර තේරුම් ගැනීමට අපහසු වූ අර්චනා මොහොතක් සසල විය. කෙමෙන් තමාට උදැසන සිදුවූ සියල්ල ඇයගේ මතකයට නැගුණි.
"දුව, ඔයා කවුද? අයි මෙතන ඉන්නේ?" කරුණාබර වදන් ඒ ඇසෙන්නේ කොහින්දැයි අර්චනා හිස හරවා බැලුවාය. සුදු ඔසරියකින් සරසි තමා දෙස බල සිටින කාන්තාව දැක අර්චනා තිගැස්සුනාය. ඒ තිගැස්සෙන්ම ඔයා කවුදැයි යන පැනය ඉබේම ඇයගේ මුවින් ඇසුනි......
තමා දෙස බියෙන් බලාසිටින මේ ගැහැණු දරුවා දැක නෙලුම්කුඹුර මැතිනියට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති විය. 
"දරුවෝ, බය වෙන්න එපා....මන් මේ පන්සලේ ප්‍රධාන දයිකව...මන් බුද්ධ පුජාව අරනං එනකොට ඔයා මෙතන නිදි...එකයි කතා කලේ?....ඔයා දරුවා කවුද?...කොහෙද ඉන්නේ?..ඇයි මෙතන ඉන්නේ...?"
තම මව මෙන් කරුණාබර මුහුණක් ඇති මෙම කාන්තාව ගැන අර්චනගේ සිතේ යම් පැහැදීමක් ඇති විය.නමුත් තමා ගැන සියල්ල ඇයට නොකියයුතු බව අර්චනාට සිතුනි......
"මන් අම්මේ රස්සාවක් හොයන් අවේ. නමුත් බලාපොරොත්තුවෙන් ගිය ජොබ් එක ලැබුනේ නෑ. ආපහු ඉන්න තැනට යන්න බැරි නිසා පන්සලට ආවේ...."
කිසිම් හැගීමක් නැති අයෙකු මෙන් අර්චනා පැවසුවාය.   ඒ හැගිමෙන්ම "මොන වගේ ජොබ් එකටද පුතේ අවේ...?
"අඩ්වෙර්ටිසින්ග් කොම්පැනියක රස්සාවකට ආවේ." 
"ඇත්තද ? මමත් දන්නා තැනක් තියනවා....මම ඔයාට ජොබ් එක හොයල දෙන්නම්...."
"බොහොම ස්තුති අම්මේ" අර්චනා පැවසුවේ එතරම් විස්වාසයකින්න්ම් නෙමේ. 
තමා හොදට හඳුනන ඔහු එසේ කලානම්, මොහොතකින් හදුනා ගත මෙම ගැහැණිය ගැන කොහොම විස්වාස කරන්නද?
" ඔයා දරුවාගේ ෆෝන් නම්බරය මට දෙන්නකෝ....මන් ජොබ් එකක් හම්බුනොත් දන්වන්නම්."
"මට හෑන්ඩ් ෆෝන් එක කන අම්මේ. මන් ඉන්න ගෙදර නොම්බරය දෙන්නම්"
"හා එකවත් දෙන්නකෝ. මේකේ ඔයාගේ නමත් එක්ක ලියන්න." ඇය දිගු කලා පොතේ අර්චනා මාලනී නැන්දගේ නිවසේ දුරකථන අංකය ලිය දුන්නාය. 
"දුව මොන හරි කොස් එකක් කරලා තියනවද?"
" නෑ අම්මේ....එලේවල් ඉවරවුන හැටියේ ආවේ"
"ඇත්තද, දුව මොනාද කලේ එලේවල් වලට?"
"කොමර්ස් තමා කලේ...."
"එහෙනම් එකවුන්ට්ස් පැත්ත දන්නවනේ"
"ඔව්"
"හරි මන් ඔයාට කෝල් එකක් දෙන්නම්කො"
"හොදයි අම්මේ. බොහොම ස්තුති."
"ස්තුති කරන්න මන් ඔයාට උදවුවක් කලේ නැනේ දරුවෝ"
"ඒ උනාට වචනෙකින් හරි මට ජොබ් එකක් හොයල දෙන්නම් කියල කිවනේ.ඒ උදවුව උනත් ඇති..." අර්චනා කිවේ බොහෝ හැගුන්බරවය.....
"පුතා දැන්ම යනවද"
"නෑ අම්ම.....තා වෙලා තියනවනේ....."
"මන් යන්නම් එහෙනම්"
"හොදයි අම්මේ. බුදුසරණයි."
මැතිණිය යන්නට නැගිට්ට විටදී අර්චනා එහෙමම ඇයට වැන්දාය. 

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....