`මධුමාලිගේ `කාමරයෙන් එලියට ආ අර්චනා පඩිපෙළ බැස්සේ ආරාමයට යන්නට හිත හදාගෙනය. ආත්මානුකම්පාව හිතේ තද කරන් අර්චනා ආරාමය කරා පිය නැගුවාය.ආරාමයට පිය නැග්ග කල අර්චනගේ සිතට මහත් වූ සුවයක් දැනින. ඇය කෙලින්ම බුදු ගෙය සොයා ගියේ තමන්ට රැදෙන්නට සුදුසුම තැන එතන බව දැනුන හෙයිනි. කිසිවෙකුත් පෙනෙන්නට නැත. බිත්තියට පිටදී වාඩි වූ ඇය කරුණාබර බුදු හිමිගේ මුහුණ දෙස බැලුවේ දුක කියන්නට මෙනි. මිනිසුන් මෙතරන් අන් අයව රිදවා ලබන සතුට කුමක්දැයි ඇය තමා සිතින් ඇසුවාය...උදේ වූ සිදුවීම මතක් වූ ඇයට සිතේ මෙතෙක් හිර කරගෙන උන් දුක කඳුළු වලට පෙරලි ඉකි ගසා හැඬුනේ තමන් තනිවී ඇති බව දැනුන නිසාවෙනි.බිත්තියට පිටදී අඩන ඇය දෙස බලා සිටියේ කරුණාබර බුදු පියාණන් පමණමයි....
දහවල බුද්ධ පුජාව රැගෙන බුදුගෙට පැමිණි සුජාත නෙලුම්කුඹුර මැතිණියට බිම වාඩිවී නිදා සිටි අර්චනා පෙනුනි. ප්‍රථමයෙන්ම ඇය බුද්ධ පුජාව පුජා කර අර්චනා ලගින් වාඩි විය.
"දරුවෝ.....දුව... නැගිටින්න."
දෙතුන් වරක් කතා කරන විට අර්චනාට ගැස්සී ඇහැරුණිතම කොහි සිටියි එකවර තේරුම් ගැනීමට අපහසු වූ අර්චනා මොහොතක් සසල විය. කෙමෙන් තමාට උදැසන සිදුවූ සියල්ල ඇයගේ මතකයට නැගුණි.
"දුව, ඔයා කවුද? අයි මෙතන ඉන්නේ?" කරුණාබර වදන් ඒ ඇසෙන්නේ කොහින්දැයි අර්චනා හිස හරවා බැලුවාය. සුදු ඔසරියකින් සරසි තමා දෙස බල සිටින කාන්තාව දැක අර්චනා තිගැස්සුනාය. ඒ තිගැස්සෙන්ම ඔයා කවුදැයි යන පැනය ඉබේම ඇයගේ මුවින් ඇසුනි......
තමා දෙස බියෙන් බලාසිටින මේ ගැහැණු දරුවා දැක නෙලුම්කුඹුර මැතිනියට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති විය.
"දරුවෝ, බය වෙන්න එපා....මන් මේ පන්සලේ ප්‍රධාන දයිකව...මන් බුද්ධ පුජාව අරනං එනකොට ඔයා මෙතන නිදි...එකයි කතා කලේ?....ඔයා දරුවා කවුද?...කොහෙද ඉන්නේ?..ඇයි මෙතන ඉන්නේ...?"
තම මව මෙන් කරුණාබර මුහුණක් ඇති මෙම කාන්තාව ගැන අර්චනගේ සිතේ යම් පැහැදීමක් ඇති විය.නමුත් තමා ගැන සියල්ල ඇයට නොකියයුතු බව අර්චනාට සිතුනි......
"මන් අම්මේ රස්සාවක් හොයන් අවේ. නමුත් බලාපොරොත්තුවෙන් ගිය ජොබ් එක ලැබුනේ නෑ. ආපහු ඉන්න තැනට යන්න බැරි නිසා පන්සලට ආවේ...."
කිසිම් හැගීමක් නැති අයෙකු මෙන් අර්චනා පැවසුවාය. ඒ හැගිමෙන්ම "මොන වගේ ජොබ් එකටද පුතේ අවේ...?"අඩ්වෙර්ටිසින්ග් කොම්පැනියක රස්සාවකට ආවේ."
"ඇත්තද ? මමත් දන්නා තැනක් තියනවා....මම ඔයාට ජොබ් එක හොයල දෙන්නම්...."
"බොහොම ස්තුති අම්මේ" අර්චනා පැවසුවේ එතරම් විස්වාසයකින්න්ම් නෙමේ.
තමා හොදට හඳුනන ඔහු එසේ කලානම්, මොහොතකින් හදුනා ගත මෙම ගැහැණිය ගැන කොහොම විස්වාස කරන්නද?
" ඔයා දරුවාගේ ෆෝන් නම්බරය මට දෙන්නකෝ....මන් ජොබ් එකක් හම්බුනොත් දන්වන්නම්."
"මට හෑන්ඩ් ෆෝන් එක කන අම්මේ. මන් ඉන්න ගෙදර නොම්බරය දෙන්නම්"
"හා එකවත් දෙන්නකෝ. මේකේ ඔයාගේ නමත් එක්ක ලියන්න." ඇය දිගු කලා පොතේ අර්චනා මාලනී නැන්දගේ නිවසේ දුරකථන අංකය ලිය දුන්නාය.
"දුව මොන හරි කොස් එකක් කරලා තියනවද?"
" නෑ අම්මේ....එලේවල් ඉවරවුන හැටියේ ආවේ"
"ඇත්තද, දුව මොනාද කලේ එලේවල් වලට?"
"කොමර්ස් තමා කලේ...."
"එහෙනම් එකවුන්ට්ස් පැත්ත දන්නවනේ"
"ඔව්"
"හරි මන් ඔයාට කෝල් එකක් දෙන්නම්කො"
"හොදයි අම්මේ. බොහොම ස්තුති."
"ස්තුති කරන්න මන් ඔයාට උදවුවක් කලේ නැනේ දරුවෝ"
"ඒ උනාට වචනෙකින් හරි මට ජොබ් එකක් හොයල දෙන්නම් කියල කිවනේ.ඒ උදවුව උනත් ඇති..." අර්චනා කිවේ බොහෝ හැගුන්බරවය.....
"පුතා දැන්ම යනවද"
"නෑ අම්ම.....තා වෙලා තියනවනේ....."
"මන් යන්නම් එහෙනම්"
"හොදයි අම්මේ. බුදුසරණයි."
මැතිණිය යන්නට නැගිට්ට විටදී අර්චනා එහෙමම ඇයට වැන්දාය.
ලස්සනට ලියලා තියනවා..අද තමයි මේපෑත්තේ ආවේ...ජයවේවා
ReplyDelete"කවුද?...කොහෙද ඉන්නේ?..ඇයි මෙතන ඉන්නේ...?"
ReplyDeleteතම මව මෙන් කරුණාබර මුහුණක් ඇති මෙම කාන්තාව ගැන අර්චනගේ සිතේ යම් පැහැදීමක් ඇති විය. ඒ හැගිමෙන්ම "මොන වගේ ජොබ් එකටද පුතේ අවේ...?"
කෑල්ලක් හැලිලා වගේ නේද..? පොඩ්ඩක් බලන්න.
අනේ ඔවුනේ මාරයියේ......කැල්ලක් හැලිලා....ඔන්න මන් හරිගැස්සුව...පෙන්නලා දුන්නට ස්තුති.....
ReplyDeleteස්තුතියි අසංක
ReplyDeleteහොද දෙයක් වෙන්නත් පුලුවන්.... නරකක් වෙන්න බැරිත් නෑ... බලමුකෝ................
ReplyDeleteබලමුකෝ නේද ඉස්සරහට
ReplyDelete