Thursday, March 31, 2011

පැතුම් මල්.............

ගිලිහුනත් පැතුම් මල් ඔක්කොම
නැවතුනත් වසන්තය පාමුල 
හඬා වැලපී 
සීතලෙන් ගැහි ගැහි 
තියෙනවා තවත් 
අපේ ජිවිත........
මිලින මල් වෙනුවට 
අලුත් මල් පිබිදෙනු ඇත..........
රැය පහන්වන තරමට 
අලුත් දවසක් එනු ඇත...........

අනේ මෙහෙමත් කෙල්ලෝ.....


ඉස්කෝලේ කාලේ වුන දේවල් කාටවත්ම අමතක වෙන්නේ නම් නෑ...එක එහෙම නේද....මට නම් එහෙමයි....අද මට එක පාරටම පොඩි සිද්දියක් මතක් උනා..... එක ගැණු ළමයෙක් ගැන...මේ වගේ ගැණු ළමයි නිසා තමයි ගැණු ළමයින්ගේ ඩිමාන්ඩ් එක බහින්නේ...මන් එයාට කුමාරි කියල කියන්නම්.ඔන්න එහෙනම් කුමාරිගේ කතාව....

ගැණු ළමයිනේ පාසලක් වුන අපේ ස්කෝලෙට මෙයා අවේ ශිෂ්යත්ව විභාගේ පස් කොරන්.මන් ඇතුලත් වුන දාමයි මෙයත් ඇතුල් උනේ.අම්මයි තාත්තයි දෙන්නම් ප්රින්සිපල් ලා.මෙයා වැටුනේ වෙන පන්තියකට.6 වසරේ අන්තිමේදී අපේ පන්ති කැඩුවා.කොහොමෙන් කොහොම හරි මෙයත් වැටුන අපේ පන්තියට. පන්ති වලින් ආව කට්ටිය වෙන වෙනම ගෘප් ගැහිලා.මෙයත් එහෙම ගෘප් එකක එක්කෙනක්.ඔය ගෘප් වල රහස් පිට යන්නේ නැනේ. උනාට මෙයාගේ කටින් එයාගේ රහස් විතරක් නෙමේ අනිත් අයගේ ඒවත් පිට වෙනවා. නිසා මෙයාට කවුරුවත් රහස් කියන්නේ නෑ.10 වසර වෙද්දී කට්ටිය හැමෝම ෆිට්. උනාට අර කල්ලි එහෙමමයි.

කුමාරිට පුදුම කොල්ලෝ පිසුවක් තිබුණා.එසේ මෙසේ පිස්සුවක් නම් නෙමේ.කළු පාට පිරිමි ළමයින්ට පුදුම ආසයි.(වැරදියට ගන්න එපා).යාලු වෙන්නේ කළු කොල්ලෙක් එක්කමයි කියා කියා හිටිය.අන්තිමේදී කළු පාට පිරිමි ළමයෙක් එක්ක යාලුත් උණා.
.
කාලේ ඉස්කෝලේ පටන්ගත්තේ 8 ටනේ.මෙයා ඉස්කෝලේ එන්නේ 8.30 .අර බෝයි එක්ක රවුම් ගහල. මදිවට ගියපු තැන් කියපු දේවල් එකක් නැර කියනවා පන්තියේ හැමෝම එක්ක.මෙයාගේ සෙට් එකේ අය මෙයාව හදන්න හැදුවට හරි ගියේ නෑ.කොහොම හරි කාලේ ගිය කියමුකෝ.මේ දෙන්න ගැන නොදන්නා කෙනෙක් හිටියේ නෑ මුළු ඉස්කෝලෙම.දෙමාපියන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ළමයෙක්.මෙයාට කවුරුවත් මුකුත් කියන්නෙත් නෑ.ඇයි ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ප්රින්සිපල්ලානේ. 

මේ පිරිමි ළමය එක්ක යාළුවෙලා ඉන්දෙද්දී මෙයාට මීට් වෙනවා සුදු පිරිමි ළමයෙක්.අනේ ඉතින් සුදු කොල්ලන්ට කැමති නෑ කියපු කෙනා අර කොල්ලගේ පස්සෙන් යන්න ගත්ත.අර කළු පිරිමි ළමයත් ඉන්නවා.එක විකාරයි.කෙල්ලොත් මෙයාව අල්ලාගෙන හොඳට බයිට් කරනවා.අපිට ඉතින් ෂෝ එක බලන නිසා මාර ජොලි. කොහොම හරි මේ කොල්ලෝ දෙන්න මේ කෙල්ල නිසා ගහගත්තා ස්ටෑන්ඩ් එක මැද්දෙම.හැමදාම වලියක්.මරාගත්තේ නැති එක විතරයි. 11 වසර මද්දිදේ කුමාරි මේ කොල්ලෝ දෙන්නම අතහැරලා යාලු උණා වෙන බෝයි කෙනෙක් එක්ක. අර දෙන්නට හුලන්.


මන් පිරිමි ළමයට කසුන් කියන්නම්කො. කසුන් මාර නීති කාරයා. කුමාරිගේ පස්සෙන්මයි. එත් වැඩක් නෑ. මෙයා එත් වෙන කොල්ලෝ පස්සේ යනවා. කොහොම හරි අපේ පන්තියේ කෙල්ලෝ වගයක් කසුන් ගැන කියපුව කුමාරි එක දෙක කරලා කසුන්ට ගිහින් කියල. කසුන් ආවනේ කෙල්ලොත් එක්ක වලියට. අපේ අය අතහරිද....කස්ටිය සෙට් වුන නොසැලී නොබියව ඉදිරියට යන්න.කසුන් ඉන්ටර්වල් එකට එනවා කියල මෙන්න කුමාරි කියපි. හරි වරකෝ කියල අපේ අය බලන් හිටිය. කිවත් වගේ මෙන්න ආව. අනේ උනාට වලියට නෙමේ. කුමාරි මීට් වෙන්න. අපේ කෙල්ලෝ ටික තාප්පේ ලගට වෙලා රැකගෙන හිටිය ගේමට. කුමාරි මීට් වෙලා යනකොට මේ කෙල්ලෝ ටික තිබ්බේ නැත ලොකු හුවක්. කසුන්ගේ සායම ඉවරයි. ඇයි ඉතින් වලියට එනවා කියපු කෙනා පිට පාරේම යනකොට...:D

අනේ ඉතින් කසුන් එක්ක යාලු උණා කියල මෙයා වෙනස් වුනාද? නෑ....දෙන්න හැමදාම රණ්ඩු. වුනාට මේ සම්බන්දෙ නම් කඩන්න කසුන් ඉඩ තිබ්බේ නෑ. හැමදාම වලියක්.එලේවල් කරනකම්ම ඔහොමයි...මෙයාව ඉස්කෝලෙන් අස් කලා.තාත්තගේ ඉස්කෝලෙට දැන්ම.එකෙත් කොල්ලෝ එක්ක යාළුවෙලා.ආයේ එහන් අස් කරලා මෙහාට දැන්ම.අර බල්ලාගේ වලිගෙ උනපුරුකේ දැනමත් ඇද අරින්න බෑ වගේ මොන දේ කලත් මේ කෙල්ලව හදන්න නම් බැරි උණා.එලේවල් ඉවර වෙනකම් කුමාරි කලේ කොල්ලෝ එක්ක යාලු වෙන එකයි අත හරින එකයි...

පසුව ලැබුන ආරංචිවල හැටියට මෙයාට කසුන්ව බදින්න වෙලා. කොල්ල රට ගිහින් මෙයා නිසා.දැන් ඩිවෝස් වෙන්නලු යන්නේ.....


අනේ ඉතින් මෙහෙමත් කෙල්ලෝ ඉන්නවනේ...මේ වගේ කෙල්ලෝ නිසා තමා කොල්ලෝ ගොඩක් වෙලාවට කෙල්ලන්ව බයිට් එකට ගන්නේ. එකෙන් දුක් විදින්නේ අහිංසක කෙල්ලෝ....එකෙක් කරන වැරැද්දට හැමෝම වන්දි ගෙවන්න ඕනද


Tuesday, March 29, 2011

නිහඬ සිතුවිලි.......

හැමදාම පුංචිම පුංචි දෙයක් හරි ගැන ගොඩක් හිතෙන එක මට කවදාවත් නවත්ත ගන්න බැරි වෙලා...ඕනෑම දෙයක් ගැන ඕනවට වැඩ හිතන්න හොඳ නෑ කිවත් ඒ දේ ඉබේම සිද්දවෙනවා......ඉතින් එහෙම හිතුන, මාව ගොඩක් අසරණ කරන එකම එක සිතුවිල්ලක් තියෙනවා.....ඒ "අනේ මටත් මගේම කියල අය්යා කෙනෙක් හිටියනම්" කියන සිතුවිල්ල. සමහර විට මේක කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්...නමුත්.........මේක ලියන්න ගත්තට මගේ සිතුවිලි කොහොම පෙළ ගස්සන්නද මන්ද.....හිතෙන විදියට ලියාගෙන යනවා..........

ඔය සිතුවිල්ල මගේ හිතේ ඇති උනේ අද ඊයෙක නම් නෙමේ කියල මන් හොදාකාරවම දන්නවා.පුංචි කලේ ඉඳන් මට තේරෙන්න ගත්ත ද ඉදන් මන් හිතුවේ අනේ මටත් අය්යෙක් හිටියනම් කියල.මගේ පන්තියේ යාලුවෝ එයාලගේ අය්යල ගැන කියවන කොට...අය්යල එයාලව බලාගන්න විදිය කියවනකොට, අය්යලගේ නීති වැඩි නිසා එයාලට බනිනකොට........මට දැනුනේ මන් ගොඩක් තනිවෙලා කියල.....නෑදෑ සහෝදරයෝ හිටියත් අපේ පවුල් පසුබිමේ හැටියට මට එයාල එක්ක වැඩි අස්සරෙකට යන්න බැරි උනා.එත් අපේ නැන්දගේ දුලා එයාලගේ අය්යාලත් එක්ක විනෝද වෙනකොට මට පැත්තකට වෙලා බලාගෙන ඉන්න සිද්ද උනා...හැම වෙලාවේම මට දැනුන එක දෙයක් තමා අනේ මටත් අය්යා කෙනෙක් හිටියනම් කියන හැඟීම.


දැන් ඉතින් මන් කියන්නම් මන් මගේම සහෝදරයෝ කියල හිතපු අය ගැන .....
ඉස්කෝල යන කලේ මගේ හොඳම යාළුවා .......ගේ බෝයි ෆ්රෙන්ඩ් මන් අය්යා කිව.යාළුවම තමා කිවේ "ඔයා තනිවෙලා නෑ.........ඔයාට හොද සහෝදරයෙක් වෙයි කියල.හ්ම්.....කස්ටිය හොඳ සමගියෙන් දුක සතුට බෙදාගෙන හිටිය.

කාලයක් යද්දී තිබුන අපේ විද්යා ප්රදර්ශනේට උදවු දෙන්න කියල මගේ යාලුවෙක් අවා.හොඳම යාලුවෙක්.කෙල්ල කොල්ලත් එක්ක යාලු උනා.යාලු උනා කීවට යාලු උනේ නෑ. වගේ හිටිය. අය්යා පොද්ද ඇත්නම් අසනීප වෙන එක්කෙනෙක්.ඉතින් එයා ගැන මට නිතරම බලන්න උනා.මගේ අය්යන්ම් මන් අනිවා බලන්න එපැයි. අර බෝයි ගේ කේස් එකට අර දෙන්න පටලව ගෙන.පස්සේ ගනු ළමයාගේ බෙරිල්ලට එයා මවයි අය්යාවයි සම්බන්ද කරා...අය්යා එකෙන් බේරෙන්නට මන් එයාගේ පස්සෙන් එනවා කිව.....කොහොමෙන් කොහොම හරි මන් දන්නෙත් නෑ කට්ටියම තරහ වෙලා......එයා තමා මන් සහෝදරයෙක් විදියට මුලින්ම අය්යා කිවේ.....

හ්ම්.....ඊළගට උසස් පෙළ ඉවර කොරල ඇක්වයිනාස් ගියා....කලින් පාඩමක් ඉගන ගත්ත නිසා මන් මගේ පාඩුවේ පැත්තකට වෙලා මගේ වැඩ කරගෙන ඉන්නකොට එක්කෙනෙක් අපි හැමෝමව හිනැස්සුව....එයා අන්තිමේදී මගේ හොඳම යාළුවා උනා...අදටත් මගෙත් එක්ක ඉන්න හොඳම යාලුවෙක් එයා.... එක්කෙනක් හිටිය..එයා නිතරම මව කේන්ති ගැස්සුවා....හ්ම්....අන්තිමේදී එයා බලෙන්ම මගේ අය්යා උනා....එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් මා එක්ක හරි හොඳයි.....අපි කට්ටිය ට්රිප් ගියා....ට්රිප් කීවට එකයි ගියේ.එකත් සු එක බලන්න.අපේ ගෙදරින් එහෙම හරි යන්න දුන්න එක ලොකු දෙයක්....හ්ම්.... උනාට අපේ මල්ලි කාරයත් මගේ ඇගේ ගැහුවා තනියම යනවා කියල. 

මන් එයාට මගේම අය්යාට වගේ ගොඩක් ආදරේ කලා..එත් එයා මගේ ආදරේ තේරුම් ගත්තේ වැරදි විදියට....මව මග හරින්න ගත්තා....මට පෙන්න වෙන ගැණු ළමයි එක්ක විහිළු කරලා හිනාවෙලා උන්නා.ආයේ තනි උනා වගේ උනාට මගේ අර යාළුවා මගේ ලග හැමවෙලේම හිටිය.දුක දනුනත් ඉවසගෙන හිටියා.මට මට මන් ගැන ගොඩක් දුක හිතුනෙත් .....අනේ මගේම අය්යා කෙනෙක් මටත් හිටියනම් කියල තදින්ම මගේ හිතට දැනුනේ අපේ ආච්චිගේ මරණේ දවසේ.... සිද්දි මතක් කරන්න මන් හරිම  අකමැති... නිසා ගැන කියන්නේ නෑ.මන් තනි උනා වෙලාව එයා මාව මගහැරිය...ඉතින් තවත් මන් එයා ලග ඉඳල මොකටද.....මන් එයාගෙන් ඇත් උනා...ආයේ මගේ ලෝකේ තනි උනා.....

ඉතින් ජිවිත කාලෙම මන් හොයපු සහෝදරත්වය අන්තිමේදී මට ලැබුණා.....එත් වැරැද්ද උනේ මන් එයාගෙන් බලාපොරොත්තු උනේ සහෝදරත්වයද කියන එක තාමත් මට තේරුම් ගන්න බැරි එක. කොහොම උනත් මන් එයාගේ එකම නංගී....නීති දාල, බැනල (ගහන්න නම් තමා බැරි උනා), තරහ වෙලා මාව හරි පාරේ යවන්න මගේ අය්යා හැමවෙලේම උත්සහ කරනවා.පුංචි වැරද්දක් කරත් එයාට ඒක මන් කියන්න කලින් දැනෙනවා. අපේ ගෙදර අයටත් වඩා මාව තේරුම් ගත්ත එකම එක්කෙනා මට ආදරේ කරන මගේ අය්යා.අන්තිමේදී කොහොම වෙයිද කියන්න මන් දන්නේ නෑ....එත් ඒක දෙයක් දන්නවා. මට එයාව නැති උනොත් නැතිවෙන්නේ මගේ හිතුවක්කාර වැඩ නිසා. (මෙයා ගැන කියන්න මට වචන නෑ.ගැලපුනේ මෙච්චරයි.)

ඉතින් .......මට තා අය්යා කෙනෙක් ඉන්නවා....කලින් කිවේ මගේ ලොකු අය්යා ගැනනේ ....දැන් පොඩි අය්යා.....මෙයා මගේ හිටපු හොඳම යාලුවෙක් ගේ අය්යා කෙනෙක්. අපි මුලදින්ම් වැඩිය කතා කරලා නෑ....පස්සේ   යාළුවගේ අනතුරක් නිසා මට එයාට කතා කරන්න උනා. මේ අය්යත් මන් ගැන හොයල බලනවා.මට මගේ නංගී කියලත් කියනවා. හ්ම්.....මන් එයාගෙම නංගිද කියන ප්රශ්නේ තාම තියනවා.....නමුත් එයා ගොඩක් හොඳ යාලුවෙක්.....

ඉතින් මේ සහෝදරයෝ දෙන්න මැද මන් වෙලාවකට සතුටින් ,වෙලාවකට දුකින්..... කාලේ ගෙවනවා....

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....