Showing posts with label සමාජීය...... Show all posts
Showing posts with label සමාජීය...... Show all posts

Monday, March 19, 2012

හෙට තමා දවස.................

ගොඩ දවසකින් මේ පැත්තේ නාපු නිසා කට්ටියම මාව අමතක වෙලත් ඇති නේද....ඒකට කමක් නැ....එක්සැම්, සංගණන වැඩකටයුතුත් එක්ක පට්ට බිසි වෙලා හිටියේ....කොහොමෙන් කොහොම හරි එක්සැම් නාගෙන තියන බව නම් තේරිලා ඉන්නේ....බැණුම් නොහැව්වත් මගේ අයිතිකාරයගෙනම් ටිකක් හිත රිදිලා තියෙනවා ඒ ගැන.....අනේ ඉතින් මන් ඊලඟ පාර එක්සැම් හොඳට කරන්නම්කෝ.....

හා හා ....කතාවට එමුකෝ....

කස්ටිය දන්නවද හෙට දවස කවද්ද කියලා....හරි හරි....මන් දන්නවා දන්නවයි කියලා....හෙට දවසේ තියන වැදගත්කම දන්නවද කට්ටිය.....

හෙට මාර්තු 20, ජන හා නිවාස සංගණන දිනය....අවුරුදු 10කට පාරක් පවත්වන මේ සංගණනය හරි කාල සිමාව ඇතුළත නම් පවත්වන්න තිබුණේ 2011 වර්ෂයේ....අවුරුදු 30කට විතර පසු මුළු ලංකාවම එකතුකන් තමා මේපාර සංගණනය පවත්වන්නේ....ඔං මාත් ගණන් ගන්නා නිළධාරිනියක් විදියට කටයුතු කරනවා....

අධියර 4කින් සමන්විත මෙවර සංගණනයේ මුල්ම අධියර සම්පූර්ණ කරන්න තියෙන්නේ ග්‍රාම නිළධාරිවරුන්ට...එයාලට පැවරුන රාජකාරිය තමා, තමන්ගේ වසම සිතියම්ගත කරලා ඒ වසම කොටස් කිහිපයකට බෙදලා ඒ ඒ කොටසට අදාලව නිවාස හා ගොඩනැගිලි, පුද්ගලයින් ගාන ගණන් කර ගැනීම. 

ඊලඟ අධියර, ඒ කියන්නේ 2වනි අධියර තමා තෝරාගත් ගණන්ගන්නා නිළධාරීන් විසින් ඒ තොරතුරු  නිවැරදිද කියලා චෙක් කරන එක...මොකද මේක පවත්වන්න හිටියේ ගිය අවුරුද්දෙනේ...මේ වෙනකොට කට්ටිය මැරිලා, අළුතින් ඉපදිලා, ගෙවල් කඩලා, අළුතින් ගෙවල් හදලා, පදිංචි වෙලා තිබුණ ගෙවල් හිස් වෙලා, හිස් ගෙවල් වල පදිංචි වෙලා, ඔය වගේ වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්නේ....හරි, ඔන්න ඒකත් කළා කියලා හිතමුකෝ.....ඊලඟට තමා බැරෑරුම්ම රාජකාරිය තියෙන්නේ....

ඒ කියන්නේ 3 වෙනි අධියර. මේකට කියන්නේ තොරතුරු රැස් කිරීමේ වටය කියලා....ඔයාලගේ ගෙදරටත් ආවද කහ පාට හරි රෝස පාට හරි පොතක් පුරවන්න පුද්ගලයෙක්.පාට දෙකේ වෙනස තමා, සංගණන දවසට අනිවාර්යෙන් අධීක‍‍්ෂණ නිලධාරීන් චෙක් කරන්න එන්නේ මේ රෝස පාට පොත්. මටත් ලැබුණේ ඒ පොත්...ඔයාලා දන්නවද මේ එක පොතක පුද්ගලයින් 6 කගේ විස්තර පුරවන්න පුළුවන්.ඒ වගේම අන්තිම පිටේ තියනවා ගෙය පිළිඹද විස්තර ලියාගන්න....මේ පොත් පුරවන්න වෙනමම පැන්සල් තියනවා...ඒ වගේම හරියටම තොරතුරු පුරවන්න හරිම මහන්සියක් ගන්න ඕන....ඒ මොකද අපේ මිනිස්සු කවදාවත් හරි තොරතුරු නොදීම...හම්මේ මන් කාපු කට්ටක්....

මන් කීවා එක පොතක 6දෙනෙක්ගේ විස්තර ලියන්න පුළුවන් කියලා...ඒ කියන්නේ එක්කෙනෙක්ට  පිටු දෙකක් වෙන් වෙලා තියනවා. 
  1. පුදගලයාගේ නම
  2. NIC No
  3. ගෘහ මූලික හෝ ඔහුට ඇති නැ කම
  4. උපන්දිනය
  5. ජාතිය
  6. ආගම
  7. විවාහක තත්වය
  8. පුරවැසිභාවය
  9. උපන් ස්ථානය
  10. අවසන් වරට පදින්චි ස්ථානය
  11. පදිංචිය වෙනස් වෙන්න හේතු
  12. ශාරීරික හා මානසික ආබාධ 
  13. පෙරපාසල්  යන /පාසල් යන/ උපාධි  හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියුතු විස්තර
  14. එහෙම ඉගන ගන්නවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග
  15. ඉහලම අධ්‍යාපන මට්ටම
  16. ඉහලම වෘතිය සුදුසුකම
  17. ඒ සුදුසුකම NVQ ද යන වග
  18. භාෂා හැකියාව
  19. පරිගණක හැකියාව
  20. රැකියාවක් කරනවද නැද්ද පිළිඹද විස්තර
  21. කරනවනම් රැකියාව
  22. රැකියාවේ ස්වභාවය
  23. රැකියා ස්ථානයේ ලිපිනය
  24. එහෙම යනවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග 
  25. රැකියාව රාජ්‍ය/ පෞද්ගලික/තමාගේමද යන වග
  26. රැකියාවක් නැත්නම් කරන කාර්යය
  27. විවාහක කතක්නම් දරු උපත් පිළිඹද විස්තර, මෙම ප්‍රධාන ප්‍රශ්න යටතේ ඇති අනු කොටස් වලද පිරවිය යුතුය.
සාමාන්‍යෙයන් හරියටම වැඩේ කරනවා නම් එක ගෙදරකට පැය බාගයක් හෝ පැයට ආසන්න කාලයක් වැයවෙනවා....

ඒ පිරෙව්වේ පුද්ගලයින් ගැනනේ....

ඊට පස්සේ අන්තිම පිටු දෙකේ මුලින්ම තියනවා රට ඉන්න අය ගැන ලියන්න. ඊට පස්සේ තමා ගෘහ කාණ්ඩයකට අදාල විස්තර ලියන්න තියෙන්නේ...
  1. පානීය ජලය
  2. ආහාර පිසීම
  3. විදුලිය
  4. ටොයිලට් ගැන
  5. මලාප්‍රවාහන පද්ධතියේ ස්වභාවය
  6. නිවසේ කුණු වලට කරන දේ
  7. ගෙදර තියන විදුලි උපකරණ
  8. අන්තර්ජාල පහසුකම
  9. නිවසින් පිට අන්තර්ජාලය භාවිතා කරනවද
  10. ඒ කොහෙන්ද
ඊලඟට නිවස ගැන.
  1. ගේ හදලා තියෙන්නේ මොනවගෙන්ද
  2. බිම මොනාද
  3. වහල
  4. කාමර පිළිඹද විස්තර
  5. නිවස පදිංචිය පමණක්ද/ නැත්නම් ව්‍යාපාර කටයුතුත් කරනවද
  6. නිවස හදලා මුලින්ම පදිංචි වෙලා තියන අවුරුද්ද
මෙන්න මේ විස්තර සවිස්තරාත්මකව පුරවන්න ඔන.....කොහෙම හරි මේවා පුරවලා ඉවරකරන කොට මගේ බෙල්ලේ අමාරුවකුත් ඇවිත්....

වැදගත්ම රාජකාරිය තමා 4 වන අධියර....ඒ කියන්නේ සංගණන අධියර. හෙට තමා දවස. මන් ඉහතින් කියපු තොරතුරු ඔබ නිවැරදිව තම නිවසට ආ ගණන් ගන්නා නිළධාරියාට පැවසුවාද....එහෙම නැත්නම් හෙට නිවසට ආ විට ඒ තොරතුරු ලබා දෙන්න.....මොකද මේක ජාතික කර්තව්‍යයක්නේ.....ඉදිරියට වෙන්න තියන සියළුම සංවර්ධන ව්‍යාපෘති පදනම් වෙන්නේ ඔබ ලබා දුන් මේ තොරතුරු මත බව හොඳින් මතක තබා ගෙන හෙට දවසේ නිවසට එන ඒ නිළධාරීන්ට උපරිම සහය ලබා දෙන්න......

පෝස්ට් එක දිග වැඩිද මන්දා.....


Wednesday, February 22, 2012

උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය......

දැවුණත් සිරුර විරූපි වෙන ලෙසට
කැඩුණත් දෙපා ඇවිදින්නට නොහැකි ලෙස
වාරුව ගතිමි දෑතට දිවි රැක ගන්න
සිඟමන් යදිමි අද මම ජීවත් වන්න.........


දැවුණ දෙතන රෙදි කඩකින් වසාගෙන
මිනිසුනි නුඹේ ලඟට ආවේ මම
උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය
ඉල්ලාගෙන හෙට ජීවත් වෙන්න පණ.........


මිනිසුන් නොමිනිසුන් වෙසෙනා මිහිතලයේ
දෑසින් දැකගතිමි දෙවියන් මේ පොළවේ
පාගාගෙන ගියත් අතැඟිලි මා දෑතේ
නැත තරහක් මිනිසුනි මාගේ සිතේ.......




අම්මත් එක්ක සඳුදා නිවාඩු නිසා පොළේ ගියා. යන මග දිගට හිඟන්නන් ගොඩයි. මොකද පොළ දවසට ෆොරිනස්ලා ගොඩක් එනවා ඒක බලන්න. අනේ මන්දා පොළේ මොනවා බලන්නද කියලා. එක ගැණු මනුස්සයෙක් ඉන්නවා හිඟාකන.එයාගේ කකුල් දෙකම නැ. අත් දෙකෙන් අද්ද අද්ද ඇවිදින්නේ. ඇඟ පිච්චිලා.  පපුව එකපැත්තක් ගන්න දෙයක් නැ...එයා ඒ පැත්ත පෙන්න පෙන්න තමා හිඟා කන්නේ....

පොළේ යන මිනිස්සු හෙමින් යන්නේ නැනේ. ටිකක් පටු පාරක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ මනුස්සයගේ අත් පැගෙනවා කකුල් වලට. දැක්ක හැටියේ හිතට ආපු පද ටික ගොනු කළා මැසේජ් එකක් විදියට. දැන් තමා ටිකක් හරි ගැලපෙන පින්තුරයක් ලැබුණේ මේක පලකරන්න. පින්තුරේ හොයා දීපු සර්ප්‍රියා අයියට ස්තුතියි......
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....