කැඩුණත් දෙපා ඇවිදින්නට නොහැකි ලෙස
වාරුව ගතිමි දෑතට දිවි රැක ගන්න
සිඟමන් යදිමි අද මම ජීවත් වන්න.........
දැවුණ දෙතන රෙදි කඩකින් වසාගෙන
මිනිසුනි නුඹේ ලඟට ආවේ මම
උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය
ඉල්ලාගෙන හෙට ජීවත් වෙන්න පණ.........
මිනිසුන් නොමිනිසුන් වෙසෙනා මිහිතලයේ
දෑසින් දැකගතිමි දෙවියන් මේ පොළවේ
පාගාගෙන ගියත් අතැඟිලි මා දෑතේ
නැත තරහක් මිනිසුනි මාගේ සිතේ.......
අම්මත් එක්ක සඳුදා නිවාඩු නිසා පොළේ ගියා. යන මග දිගට හිඟන්නන් ගොඩයි. මොකද පොළ දවසට ෆොරිනස්ලා ගොඩක් එනවා ඒක බලන්න. අනේ මන්දා පොළේ මොනවා බලන්නද කියලා. එක ගැණු මනුස්සයෙක් ඉන්නවා හිඟාකන.එයාගේ කකුල් දෙකම නැ. අත් දෙකෙන් අද්ද අද්ද ඇවිදින්නේ. ඇඟ පිච්චිලා. පපුව එකපැත්තක් ගන්න දෙයක් නැ...එයා ඒ පැත්ත පෙන්න පෙන්න තමා හිඟා කන්නේ....
පොළේ යන මිනිස්සු හෙමින් යන්නේ නැනේ. ටිකක් පටු පාරක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ මනුස්සයගේ අත් පැගෙනවා කකුල් වලට. දැක්ක හැටියේ හිතට ආපු පද ටික ගොනු කළා මැසේජ් එකක් විදියට. දැන් තමා ටිකක් හරි ගැලපෙන පින්තුරයක් ලැබුණේ මේක පලකරන්න. පින්තුරේ හොයා දීපු සර්ප්‍රියා අයියට ස්තුතියි......
කවියට මුස්ය් උන හැගීම ලස්සනයි නංගී.. මේ ඉතින් අපි අතරෙම ජීවත් වෙන මිනිස්සු..
ReplyDeleteහම්....ඒකනම් ඇත්ත අයියා....මේ අපි අතරම ඉන්න මිනිස්සුනේ.....
Deleteකවි පද වැල් ටික ලස්සනයි........
ReplyDeleteපවු අසරණ මිනිස්සු මමත් දැකලා තියනවා ඔය වගේ....
ස්තුතියි අයියේ....
Deleteමහපාරේ ඕන තරම් ඉන්නවා මේ වගේ අය....
මොකද මන්දා ගොඩක් ඈයො මේ දවස් වල ලියන්නෙ කියවපු ගමන් ස්ටක් වෙන ලිපිනෙ.
ReplyDeleteසංවේදියි නගා ඇත්තටම පෝස්ට් එකනම්..
පද ටික හිතට වැදුනා කියන්නේ මගේ ලිවිම සාර්ථකයි නේද අයියේ...
Deleteමටත් හරිම දුක හිතුණා ඒ සිද්ධිය නිසා....
ඔය වගේ අය නම් මමත් ගොඩක් දැකල තියේ.. අක්කා ලස්සනට ලියලා තියේ.. නියමයි!
ReplyDeleteස්තුතියි මල්ලි.....
Deleteඅපිට ඉතින් කීයක් හරි දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැනේ
මේ වගේ අසරණ අය ලඟ හිත නතර වෙන්න මොහොතකට හරි ඔබ සන්වේදී සිතක් ඇති කෙනෙක් වෙන්න ඕන . මේ අසරණිය ගැන දුකකුත් ඔබ ගැන සතුටකුත් ඇති උනා . ලස්සනයි පදවැල් ටික .
ReplyDeleteගැලපෙන පින්තූරෙකුත් ලැබිල තියෙන්නේ .
ස්තුතියි අක්කා....ඔව් ඔව් මට ඕක හොයලා දුන්නේ සර්ප්‍රියා අයියා...
Deleteපව් අසරණ මිනිස්සු.. ඒත් අනේ මන්දා.. අපිට ඒ වෙනුවෙන් කරන්න මුකුත්ම නෑනේ.. හැමදාමත් ඔය විදියට ඉඳලා දුක් විඳලා මැරිලා යනවා ඒ මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ගෙවල් වල උදවිය ගැන මට නම් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.. බහුතරයක් දෙනාට ඒ කෙනාගෙම කියලා කවුරුවත්ම නැති වෙන්න විඩියක් නෑ. ඒ වුනත් ඒ කවුරුත් ඒ ගැන බලන්නෙ නෑ
ReplyDeleteඒකනේ අක්කා...වයස අවු.40ත් 50ත් අතර....කවුරුම හරි ඇතිනේ....ඇයි උදව්වක් කරන්න බැරි තමන්ගෙම අයට.....
Deleteසමාජයෙන් පෑගිලා විසිවුන මගෙ දිවිය...
ReplyDeleteඇඟිලි පෑගුනද ඔබෙ දෙපයට දුක නැතිය...
දැවී ගිය ගතට නැත නැගිටින්නට හයිය..
ඔබෙ අනුකම්පාව පමණයි මට ඇති දිරිය...
ලස්සනයි. කවුද පින්තූරේ හොයා දුන්නා කීවේ..:P
හම්.......අපේ අනුකම්පාවම තමයි ඉතින් ඉතිරිවෙලා තියෙන්නේ
Deleteඅනේ මන්දා අර සර්ප්‍රියා කියන අයියනොවැ මේක හොයලා දුන්නේ.....
කකුල් දෙකම නැති උණත්, අත් දෙක පෑගි පෑගි හරි දගලන්නෙ ජීවත් වෙන්න, ඒක ලොකු ආදර්ශයක්..
ReplyDeleteකවි පද ටික ලස්සනයි සීනී.....
ඒක ඇත්ත අයියා....එහෙම වුණා කියලා ජීවිතෙන් පලා නොයා මෙහෙම හරි ජීවිතේ ගැටගහගන්න ඒ මනුස්සයට ශක්තිය තියනවා...
Deleteස්තුතිය් අයියේ....
This comment has been removed by a blog administrator.
ReplyDeleteඔව් ඇත්ත ඔයා කියන දේත්.....සංවිධානාත්මකව හිඟාකෑම සිද්ධවෙනවනේ.....
ReplyDeleteකවුද දන්නේ සඳුදට හිඟා කාලා උපයගන්න යම් මුදලකින් ඉතිරි දවස් ටිකේ පොඩි හරි තමන්ගෙම දෙයක් කරනවද කියලා....මොකද හැමදාම පොළ නැනේ....
ඔයාගේ ඒ පුරුද්දට මන් ගොඩක් කැමතියි....අපිට අනන්තවත් ඒ වගේ අය හම්බෙලා තියනවා නේද......
එහෙමනම් තමා.. ඒත් තමාගෙම දෙයක් උපයන අය ඔහොම හිඟාකන්නේ නෑ.. ඔව් ඔව් අපි ගොඩක් හම්බවෙන්නේ මඟතොටේ නිසා ඉතින් අපට එයාලව හම්බවෙනවා.. මතකද අර ගල් ගිලින ඩයල් එක..
ReplyDeleteඒකනේ....
Deleteකවිය හරිම සංවේදී
ReplyDeleteරටේ හැටියට තමයි මම හිතන්නේ මිනිස්සු හැදෙන්නේ, ඇඟේ මහන්සියක් නැතුව ලේසියෙන් සල්ලි උපයන්න පුළුවන් රස්සා කීපයෙන් එකක් තමයි ඔය. ඔය වගේ සමහර මිනිස්සු නිසා ඇත්තටම සරණක් ඕන කරන අයටවත් ඒ දේ ලැබෙන්නෑ. ලස්සන කවි සිතුවිල්ලක්...
ReplyDelete