Friday, May 4, 2012

සිතුවිලි අතර........ (8 කොටස)


අහම්බෙන් මුණ ගැසෙන ඇයට ඔහුගේ ජීවිතට ඇතුල් විය හැකිද...?

පෙර කොටස් සඳහා.... සිතුවිලි අතර........ 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''
තම ඇඳට වී අතීතය පිළිඹඳ කල්පනාබරව සිටිනා කාවිංගගේ දැහැන බිඳුනේ දුරකතනය නාද වු නිසාවෙනි....

හෙලෝ...කවුද කතාකරන්නේ.....

නමුත් කවුරුවත් කතා කලේ නැති නිසා ඔහු නැවත වරක් එම ප්‍රශ්නයම ඇසුවේය....
හීන් හිනා හඬක් ඇසුනෙන් ගැණු ළමයෙක් කතාකරන බවත් දැන් ඔහුට කතා කරන්නට ගැහැණු ළමයෙක් නොමැති නිසාත් මේ කතා කරන්නේ දහවල තමා උදවු කළ ඇය බව ඔහුට වැටහුණි.....ඇයව ටිකක් හිනාගස්සන්නට ඔහුට සිතුණි.

තමා කොයි තරම් හිතින් වේදනා වින්දත් එය පිටට නොපෙන්වා හැමෝමත් සමගම විහිළුකර සැවොම සිනස්සන්නට ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.....

ඔය මහත්මියට දැන් කාටද කතා කරන්න ඕන....?”

මහත්මිය....මන් මහත්මියක් නෙමේ.....

ආ ආ...එතකොට මේ මෙනවියක්ද..?”

හම්...

හරි දැන් මේ මෙනවියට කාත් එක්කද කතා කරන්න ඕන?

කාවා නොහොත් කාවිංග කියන පුද්ගලයට කතා කරන්න පුළුවන්ද?

ඇයි ඌට කතා කරන්න බැරිවෙලා හිටියද ?

ඈ...තේරුණේ නැ....

දැන් ඔයා ඇහුවනේ ඔය කවුද පුද්ගලයෙක්ය කතා කරන්න පුළුවන්ද කියලා....මන් බැළුවේ ඌට කතා කරන්න බැරුව හිටියද කියලා....

අන්නේ......මේ කතා කරන්නේ කාවිංග අයියා නේද....

කාවිංග නම් තමා...ඒත් මන් කොහොමද ඔයාට අයියා උනේ...ඔයා මගේ නැයෙක්වත්ද?

අනේ හරි නරකයි...හැම වචනෙටම මොකක් හරි කියනවා...මන් තියනවා....
ඇය ඇත්තටම දුරකතනය විසංදි කරයි සිතු කාවිංග,

මේ නැ නැ මන් ආයේ මුකුත් කියන්නේ නැ....දැන් මට කියන්නකෝ මේ කවුද කතා කරන්නේ කියලා.....

මෙච්චර වෙලා එක එක විකාර දෙඩෙව්වා කවුද කියලා අහන්නෙවත් නැතිව නේද?

හරි හරි දැන් ඇහුවනේ.....කවුද කියන්නකෝ....

හම් හම්....ගෙස් කරන්නකෝ.....

හම් ......මාලා...., සුමනා...., කමලා...., චම්පා...... ඇය ඒ නම් අසා සිහින් සරින් සිනාසෙන හඬ ඔහුට ඇසුනි.....

මොකෝ හිනා වෙන්නේ.....මට කෙල්ලොන්ගේ නම් මතකත් නැ...

ආ..ඒ තරමට කෙල්ලෝ ෆෝන් කරනවද?

ඇයි නැ කියලා හිතුවද....? මන් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක කතා කරන්න කොච්චර කෙල්ලො පොරකනවද?....

අපෝ....කවුද කීවේ හැන්ඩ්සම් කියලා....හා....

ඇයි එහෙම නැද්ද....ඊරිසියාව.....

හික්ස්....මොකට ඊරිසියා කරන්නද.....

ආ දැන් මන් හැන්ඩ්සම් නිසා නෙමේද ඔයා කෝල් කලේ....මන් අඳුරන්නෙවත් නැනේ.....

අහ්....අනේ නැ අයියේ...ඔයා අද අපිට ගොඩක් උදව් කළානේ...ඒ නිසා තැන්ක් කරන්න කතා කලේ....හෙට එනවද කියලා දැනගන්නත් ඕන, පොඩි උදව් ටිකක් ගන්නත් තියනවා....හික්ස්....

යකෝ...එතකොට මට කතා කරලා තියෙන්නේ හෙටත් උදව් ගන්න මිසක් මන් ගැන හොයලා බලන්න නෙමේ....

හරි හරි....යහතින් ඉන්නවනේ....එහෙනම් මන් තියන්නම් අයියා....බුදුසරණයි....ගුඩ් නයිට්...

ආ ආ...කාවිංගට නැවතත් ඇයගෙන් නම අසා ගැනිමට මතක්වන විට ඇය දුරකතනය තබා අහවරය.....

ශික්...මේ පාරත් මිස් වුණානේ....හෙටනම් කොහොම හරි අහගන්න ඕන.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....