Friday, July 29, 2011

නොබිදුන පැතුමන්...........12

පෙර කොටස් සඳහා 

නොබිදුන පැතුමන්..........




මාලනී ඉවසීමක් නැතුව අර්චනා එනකම් බලා සිටියත් ඇයගේ ලඟම යෙහෙළියක් අසනීප වී හොස්පිටල් නැවත්තු බව කියමින් ආ දුරකත ඇමතුමක් නිසා ඇයට රෝහලට යාමට සිදු විය...ඒ හේතුවෙන් තව තවත් ඉවසීමට මාලනීට සිදුවිය. 


කෙසේ හෝ සියලු දෙනාම රෑ කෑමට මේසයට වාඩි වූ වෙලේ මාලනී මේ ගැන හැමෝටම ඇසෙන සේ අර්චනාගෙන් ඇසුවේ හිතේ වූ කුතුහලය නිවා ගැනුමටය.

"සුදු දුව...අද දවල් මට කෝල් එකක් ආවා මිසිස් නෙලුම්කුඹුර කියල කෙනෙක්ගෙන්...දුව එයාව අඳුනනවද..?"

එසේ අසනවාත් සමගම අර්චනාට එදා සිදු වූ සියල්ල නැවතත් මතක් විය. ඒ මතකයත් සමගම අර්චනා එක වරම අනුහස්ගේ මුහුණ බැලුවේ දැන් කුමක් කියම්දෝ සිතමිනි.බොරුවක්ද කිව නොහැක...ඇත්තද කිව නොහැක.
"ටිකක් දන්නවා නැන්දා...ඇයි මොනාද එයා කිවේ..?"
"දුව එයාගෙන් ජොබ් එකක් හොයල ඉල්ලුවද....මොකද්ද පන්සලකදී ඔයාව හම්බවෙලා අඬ අඬ ඉන්නකොටලු කිවේ....මොකද්ද ඒ කතාව...ඔයා කවද්ද පන්සල් ගියේ? ආ තව එයා කීවා ඔයා කිව්වයි කියල බලන් ගිය ජොබ් එක ලැබුනේ නෑ...ගෙදර යන්න බැරි නිසා එතන ඉන්නවා...ඔන්න ඔය වගේ ගොඩක් කීවා...මොකද්ද සුදු දුව උනේ?"
ඒ කතාවත් සමගම මෙතෙක් නිහඬව සිටි ආනන්ද මාමා මෙන්ම අනුහස්ද අර්චනාගේ මුහුණ දෙස බැලුවේ එක වරමය.අනුහස්ටද එදා වූ සිදුවින් මතක් වූ බව අර්චනාට සිතුනේ ඊ මුහුණේ වූ වෙනස්කම් නිසාය...
"ඒ මොකද්ද ඒ කතාව...සුදු දුව...කවුද ඒ...."
"අයියෝ මාමේ...මන් එදා වැඩට ගිය මුල්ම දවසේ දවල් මධුත් එක්ක එතන ළඟ පන්සලට ගිය.එතැනදී ඒ ලේඩි හම්බුනේ...හැබැයි ඒ වෙලාවේ නම් මධු මගේ ළඟ හිටියේ නෑ. ඉතින් මන් වාඩිවෙලා ඇස් පියන් වැදගෙන ඉන්නකොට ගෙදර මතක්වෙලා ඇඬුනා.එතකොටයි එයා ඇවිත් කතා කළේ..විස්තරත් ගොඩක් ඇහුවා.හොඳ කෙනෙක් කියල හිතුන නිසා මන් ඉතින් විස්තරත් කීවා.මෙහෙම ජොබ් එකකටයි අවේ..ඒ විස්තර...එයා කීවා එයත් ඊට වැඩ හොඳ එකක් ලැබුනොත් කියන්නම් කියල මගෙන් නොම්බරේත් ඉල්ලගත්තා...එකට වෙන්න ඇති..."
අර්චනා කිසි කෙනෙකුගේ මුහුණ දෙස නොබලා ඉක්මනින්ම කියා දැමුවේ අනුහස් එදා තමාට කල දේ ගැන බිඳක්වත් නොකියමිනි. 
"හ්ම්...එකත් එහෙමද....හරි කමක් නෑ...සුදු දුව ඒ ලෙඩිට කෝල් එකක් දෙන්නකෝ..."
"හා මාමේ..."
එතනින් එහාට කවුරුවත් ඒ ගැන කතා නොකර නිහඬවම කාම ගන්නට විනි.


...................................................................................


"හෙලෝ"
"හෙලෝ...කවුද කතාකරන්නේ..." ගොරෝසු පිරිමි හඬකින් අසු පැනයට අර්චනාට එකවරම බය සිතුනි...
"හේ හේ...ලෝ....මට මිසිස් නෙලුම්කුම්බුරට කතා කරන්න පුලුවන්ද.....අර්චනා කතා කරනයි කියන්න..."
"හ්ම්...හා පොඩ්ඩක් ඔහොම ඉන්න..." 

අර්චනාට රිසිවරය අල්ල සිටින විට එහා පැත්තෙන්  "අම්මා....මේ අර්චනා කියල කවුද කතාකරනවා.....ඉක්මනට එන්න....."  ඇසුනි...එසේනම් ඒ කතා කර ඇත්තේ ඇයගේ පුතා විය යුතු බව අර්චනාට සිතුනි.


"හෙලෝ"
"හෙලෝ..අම්මා මන් අර්චනා..."
"ආ දුව..මන් දවල් කතා කළා...ඔයා දැන් වැඩට යනවලු නේද..."
"ඔව් අම්මා....මන් ඉන්නේ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරනේ....ඒ අයියගේ ඔෆිස් එකෙමයි වැඩ කරන්නේ. "
"ආ .....ඇත්තද...මන් ඔයාට අපේ පුතාගේ කොම්පැනි එකේ ජොබ් එකක් ලෑස්ති කළා....."
"අනේ ඇත්තද අම්මා....එත් මට මෙතන ගොඩක් ලෙසිනේ....බොහොම ස්තුතියි මන් වෙනුවෙන් කරපු දේට.."
"ආ...එකට මොකද්ද...මන් කියන්නම් පුතාට වෙන කවුරු හරි ගන්න කියල...එදා දුව ගොඩක් මගේ හිතට අල්ලපු නිසයි මන් ඔයාවම එතනට ගන්න හැදුවේ...හරි කමක් නෑ....එහෙම වුනයි කියල ඔයා මට කතා නොකර ඉන්න එපා.ඉඳල හිටලා හරි කෝල් එකක් දෙන්න හොඳද."
"හරි අම්මා...එහෙනම් මන් දැන් තියන්නම්..."
"හොඳයි දුව...බුදුසරණයි.."
"බුදුසරණයි"






Thursday, July 28, 2011

නොබිදුන පැතුමන්...........11

පෙර කොටස් සඳහා 

ඉතින් එදායින් පසුව හැමදාම උදේට ආනන්ද මාමා සමග ඔෆිස් යන අර්චනා සවස මධුමාලි සමග නිවසට පැමිණියාය. නමුදු කිසිදු කාර්යාල කටයුත්තකට හෝ වේවා කිසිම හේතුවකට අනුහස් වැරදිලාවත් අය සමග කතා කළේ නැත....මුලදී මුලදී එය ඇයට මහත් වූ දුකක් වුවාට අය කෙමෙන් කෙමෙන් ඒ වෙනස්කම් සඳහා හිත හදා ගත්තාය. රැකියාව සම්බන්ධ සියලු කටයුතු සිද්ධ වුයේ මධුමාලි හරහාය. දින දින ගෙවී ගොස් අර්චනා රැකියාවට පැමිණ සතියක් ගතවන දවසේ අනුහස්ගේ නිවසට ආ දුරකථන ඇමතුමකින් මාලනී මහත් කලබලයටත් පුදුමයටත් පත්විය. 
"හෙලෝ, මට අර්චනා දුවට කතා කරන්න පුලුවන්ද...?"
"හෙලෝ ...කවුද මේ කතා කරන්නේ..?"
"මන් කුසුම්...සුජාතා නෙලුම්කුඹුර ....අර්චනා දුව මාව අඳුනනවා.මේ එයා නැවතිලා ඉන්න ගෙදර අයිති මහත්මිය නේද..?"
"ආ...ඔව් ඔව්...මන් මාලනී....මාලනී මානවඩු...දුව නම් දැන් වැඩට ගිහිල්ලනේ..."
"ආ ඇත්තද..? අර්චනාට ජොබ් එක හම්බුනාද..?
"ඔව්...එයා මෙහෙ අවේම ජොබ් එකට තමා. අපේ පුතාගේ කම්පැනි එකෙමයි වැඩ. ඒ මගේ නෑ වෙන දුවෙක්...ඇයි එහෙම ඇහුවේ.."
"ඇත්තද..?මට දුවව හම්බුනේ අභිනවාරමයේදී... එයා බුදුගෙයි වාඩි වෙලා නිදාගෙන හිටියා.මමයි ඇහැරවලා විස්තර ඇහුවේ. එතකොට නම් කිවේ බලන් ගියපු ජොබ් එක හම්බුනේ නැ. කලින් යන්න බැරි නිසා එතනට ආවා කියලයි.ඉතින් මන් පොරොන්දු වුණා එයාට ජොබ් එකක් හොයල දෙන්නම් කියල...එකටයි මේ කතා කලේ....හ්ම්ම්ම්...කමක් නැ...දුවට කියනවද මට කෝල් එකක් දෙන්න කියලා..."
"ආ...හ්....හා මන් කියන්නම්. නම්බර් එක කියනවද....?"
"ලියාගන්න..."
"ආ හරි..කියන්න...."
"හරි නේද..."
"හරි හරි...මතක ඇතුව කියන්න හොදේ..."
"හරි මන් එයා අපු හැටියේ කියන්නම්"
"හරි...එහෙනම් මන් තියන්නම් මිසිස් මානවඩු....බුදුසරණයි"
"බුදුසරණයි"
මෙම ඇමතුමෙන් පසු මාලනී සිටියේ බොහොම නොසන්සුන්වය..ඒ වෙලේම කතා කර මේ ගැන විමසනවාද නැද්ද යන දෙගඩියාවෙන් සිට එය ගෙදර ආ පසු අසා දැනගන්නවා යයි සිතා නිහඩ විය. නමුත් සිත බොහෝ නොයිවසිලිවන්ත වීම නිසා ඇයට බොහෝ ඉවසීමට සිදු විය.  


Tuesday, July 26, 2011

මගේ හීනෙ...........

හ්ම්...මේක මන් ඊයේ රෑ දැක්ක හීනයක්....කොතනින්ද පටන්ගන්නේ කියල මතක නෑ...එත් මෙහෙමයි...

ඔන්න අපි කොහේ හරි දුර ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා කොටුව ස්ටේෂන් එකේ ඉන්නවා...කවුද මේ අපි කිවේ...මේ අපි අනේ...බස් පදින අපි....කොහොම හරි මට මතක මෙතනින්, මාරයා අයියා, මරණේ අයියා (දැකල ඇති..එත් මතක නෑ..නිකම් ලාවට මතකයක් තියනවා..ඒ රුපෙන් දැක්කේ.), මඩයා නොහොත් අසේල අයියා, පණුවා නොහොත් අනුරාධ අයියා, ආ අභීත අයියා, සොලෝ අයියා..(ෆොටෝ වලින් රූපේ දැකල),ප්‍රියා අයියා, ආසිරි අයියා,ගයාන් අයියා(දගයා), ජේ.ඩි අයියා,වැප් අයියා, ශානු, සුදු අක්කා, තනොජා අක්කා, සිහින මල්ලි, රන්දුන අක්කා, හසී අක්කා, තා......ආ ජයනි අක්කා, බුල්ටෝ අයියා, නවිය අයියා..(රූපේ ටිකක් බොදයි ..) ...අනේ තව හිටිය මන් නොදන්නා එත් එස්.බි.යු එකේ දැකපු අය...
 දැන් මොකද්ද සින් එක...අපි හැමෝම හොහේ හරි යන්න ලෑස්ති වෙලා බඩු බැග් තියන් ඉන්නවා අපිට බුක් කරපු ට්‍රේන් එක එනකම්...තාම නෑ..පරක්කුයි කිය කියා කට්ටිය සංවිධායක මණ්ඩලේට බණිනවා....එකේ හිටියේ කවුද කියලනම් මතක නෑ...කොහොම හරි දැන් කට්ටිය රංචු ගැහිලා එක එක කතා කියා කියා විකාර කර කර ඉන්නවා....හිනා වෙනවා...කෑ ගහනවා, බොරුවට රණ්ඩු කරනවා...එක විකාරයි....

හික්ස්...ශෝක් අප්පා.....
කොහොම හරි මාව මේ පාර ගෙදරින් තනියම එවල තියෙන්නේ. ඒ මොකෝ කවදාවත් නැතුව...නෑ මේ අපේ තනොජා අක්කා ඉන්නවනේ..එයත් අම්මා කෙනෙක් නිසා අපේ අම්මට කතා කරලා මගේ වගකීම භාර අරන්...හික්ස්....එයා එක හැමෝටම කියනවා..මන් එපැයි සීනිව බලා ගන්න කියල... :) හික්ස්......

කොහොම හරි මෙතැනදී මාර වැඩක් වෙනවා.....
හැබහින්නම් වෙන්න එපා කියලයි ප්‍රර්ථනා කරන්නේ..මොකද්ද දන්නවද.....අපේ අසේල අයියා එක පාර අසනීප වෙනවා....දැකපු විදියටම කිවොත්, කලන්තේ දාල වැටෙනවා...කට්ටිය ඊට පස්සේ බය වෙලා හොස්පිටල් ගිනිහින් හෙන යුද්ධයයි...ඊට පස්සේ ඩොක්ටර්ස්ලා  කියන විදියට ලොකු ලෙඩක්.....කට්ටි අරෙහෙට දුවනවා...මෙහාට දුවනවා....

බලා බලා බලා.....

බ්‍රාස් .......ඒ මොකද්ද ඒ...අපේ අම්මා ඇවිත් මගේ මේස ලාච්චුව ඇරියා...අනේ ඉතින් මට ඇහැරුණා...අන්තිමට මොකද දන්නේ නෑ වුනේ....කොහොම නමුත් මේක හීනයක්ම වෙන්න කියල පතනවා...අසේල අයියේ...ඔයාට මුකුත් අසනීපයක් නෑ නේද...පරිස්සමින් ඉන්න....


Monday, July 25, 2011

රහසින් නමුදු හැබැහින් ..........

ආලෝකය සොයා ඉගිලෙන 
පුංචි පළගැටියෝ නුඹ............,
දහවලේ වූ ආලෝකය මදි  වුනිද
රැය උදා වූ කල ඉගිලුනේ යලිදු ඔබ
ආලෝකය සොයන මුලාවක නොවේද ...........
සෙවූ ආලෝකය ලැබුනිද ඔබට 
සැනසුනිද නුඹ එයින්.......?
දනිමි මම ඉතින්,
දැනෙන සද  රස්නය...
දැනෙන සද දාහය 
විඳින කල වේදනාව
නුඹට සිතුනේ මොනවද............?
රහසින් නමුදු හැබැහින් 
මියෙන බව නොවේද.............
පිච්චි අළුවී ගියා නොවේද
නුඹේ ඔය සොඳුරු වූ දිවිය ............


Friday, July 22, 2011

ඔබ මගෙන් දුර වුවත්.................

රැය පුරා හිතන්නට...
රැය පුරා අඬන්නට...
කඳුළු එක්කල ඔබේ සෙනෙහස,
මගෙන් බොහෝ දුර වග
කියාදෙන්නේ කොහොම මන්....
තාමත් ආදරේ කරනා 
මගේ මේ මෝඩ හිතට
මගේ පණ නුඹම වග
නොදනිද නුඹ තවම...........
විටින් විට මා සිත් මලට
බලාපොරොත්තු මල් පුරවා
අසුරු සැනින් ඇවිත් යන  
නවතින්නේ කවදාද නුඹ
සදහටම මගේ ළඟ....
විඳින්නට පෙරදා වගේම
රැඳෙන්නට ඔය පපුතුරේ මට
ඉඩ තියනවද  තවම මට
කියන් නොතලා මගේ හිත...........
ඔබ මගෙන් දුර වුවත්
ආදරෙයි තවමත් ඔබට මන්..........

Thursday, July 21, 2011

සිහිනයක්...............

අද මන් මේ කියන්නේ මගේ හිතේ තියන දෙයක්...කාටවත් වැඩක් වෙයිද නැද්ද කියල නම් දන්නේ නෑ...එත් කියන්න ඕන කියල හිතුව හිත නිදහස් වෙන්නත් එක්ක....
මොකක් ගැනද මන් මේ කියන්නේ...හැමෝම දකින...හැමෝටම වැදගත් වෙන...අරමුණක් ඇතිකරන යම් දෙයක් ගැන...මොකද්ද මේ...
"සිහින" 
හික් හික්...මේ අපේ සිහින මලයා ගැන නම් නෙමේ.....

හ්ම්...පුංචි කාලේ ඉදන් අපි හැමෝම හීන දකිනවා.ඒවා විවිධාකාරයේ වෙන්න පුළුවන්. හය හතර තේරෙන කාලේ වෙනකම් සුරංගනා සිහින තමා දකින්නේ. අම්මල, ආච්චිලා කියල දීපු කතන්දර අහං ඉඳල, පුංචි පුංචි සුරංගනා පොත් කියවල, රෑට නිදා ගත්තම ඒවා හීන විදියට දකිනවා.....සින්ඩෙරල්ලා කියවපු දාට රෑට හීනෙන් සින්ඩෙරල්ලා වෙනවා...හිම කුමාරි කියවපු දාට හිම කුමාරි....බය හිතෙන , හොල්මන් කතා කියවපු දාට, බලපු දාට ඒවා හීනෙන් දැකල අපි බයවෙනවා. එහෙම නේද....හය හත පන්ති වලට එනකම් ඕව තමා අපේ හීන....අදටත් හොල්මන්, භූත ෆිල්ම් එකක් බලපු දට රෑට හීනෙන් බය වෙනවා....එහෙමයි කියල නොබලා අත හරින්නෙත් නෑ. .....:P


ටිකක් ලොකු වෙනකොට ටි.වී එකේ ඉන්න නළු නිලියෝ....නිවේදක නිවේදිකාවෝ...තා...ලොකු ලොකු අය දැකල ඒ වගේ වෙන්න හීන දකිනවා...සමහර වෙලාවට ඒ වගේ අදින්න, පළදින්න උතසහ කරනවා....තව ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවනම් එයාව අහම්බෙන් හම්බෙනවා, කතා කරනවා...හික්ස්..ඔය වගේ දේවල්...

O/l, A/Lකරන කාලෙට නම් ඉතින් විභාගේ ගැන තමා හීන දකින්නේ...
එත් ආදරේ කියන හීනෙත් ටික ටික දකින්න ගන්නවා.... මෙන්න මේ කාලේදී තමා කවුරු හරි තමා ගැන උනන්දු වෙනවා කියල දැනුනම එයා ගැන එක එක හීන දකින්නේ...එයා එක්ක කතා කරන ඒව...හම්බවෙන ඒවා...(ඔය හීන මැද්දට දුෂ්ටයොත් එනවා සමහර වෙලාවට...දෙමාපියන්..අසල්වැසියෝ, නෑදෑයෝ, ගුරුවරු...)

එත් හීන දකිනවා. ආ...විභාගේ...ඒ ගැනත් හීන දකිනවනේ. විභාගේ ලියනවා, පාස් වෙනවා......හදිස්සියේ ෆෙයිල් වෙනවා හීනෙන් දැක්කොත්...නෑ නෑ හීනෙන් ෆෙයිල් වෙන්නේ නැනේ.......නෑ නේද....හීනෙන් ෆෙයිල් වෙනවා දකින්නේ නෑ අපි කවුරුවත්.....එහෙම නේද...

එක්සැම් කලාම රිසාල්ට්ස් ගැන හීන දකිනවා.රිසාල්ට්ස් ආවම කැම්පස් යන්න හීන දකිනවා.ගොඩක් වෙලාවට මේ හීන දෙක බොඳ වුන අපේ අය ජිවිතේ ගැන වැරදි තීරණ ගන්නවා......හ්ම්....කැම්පස් ගියාම හොද ජොබ් එකක් ගැන...තමගේ පාට්නර් ගැන හීන දකිනවා...


ඒ කැම්පස් යන්න ලබුනොත්නේ.....නොගියා කියල ඉතින් හීන දකින එක නවතිවිද...නැනේ....එක්කෝ ආයේ එක්සැම් කරන්න, එහෙම නැත්නම් හොද පාඨමාලාවක් කරන්න, නැත්නම් රස්සාවක් හොයාගන්න...කසාද බඳින්න හීන දකිනවා...ඉවරද නැනේ.....




මේ හීන අතරින් අපි දකින...දකින්න ආස ලස්සනම හීනය දකින්නේ ආදරය වෙනුවෙන්...එහෙම නේද...තමන් ආදරය කරන කෙනා තමන්ගේ කරගන්න හීන දකිනවා..ඒ හීන හැබෑ කරගන්න කරන්න පුළුවන් හැමදේමත් කරනවා. එත් ඒ හීනෙ හැබෑ කරගන්න බැරිවෙනකොට බොඳ වෙනකොට අඬනවා.....
වෛර කරනවා....සමහරු ජිවිතේ නැති කරගන්නවා.
තවත් අය නොලැබුන ආදරේ මත්තෙම නැහිලා ජිවිතේ අපායක් කරගන්නවා...එත් තවත් අය ඒ බොඳ වුන හීනය මැද්දෙන් අලුත් හීන දකින්න පුරුදුවෙනවා...ඒ වගේ හීන දකින අය ජිවිතේ සාර්ථක කරගන්නවා...මොකද එයාල බොඳ වුන හීන මත්තේ නොනැහි අලුතින් හීන දකින නිසා.... 

ඇයි අද මන් මේ හීන ගැන කියවන්නේ...

මොකද මාත් හීන දැක්කා...හැබෑ කරගන්න උත්සහ කලා...බොඳ වුණා...එත් හීන දැක්කා...මේ වෙනකොටත් හීන දකිනවා.....ඒ එක හීනයක් බොඳ වෙගෙනත් යනවා වගේ දැනෙනවා...එත් මන් හීන දකින එක නවත්තන්නේ නෑ....

ඔයාලත් මන් වගේ හීන දකිනවා ඇති...හීන සබැ කරගෙනත් ඇති.....ඒ වගේම බොඳ කරගෙනත් ඇති...එත් අපි හැමෝම තාමත් හීන දකිනවා...එහෙම නේද.....



Monday, July 18, 2011

ආදරෙයි ඔබට මන් තවමත් ............



තනිකමට සිත ඉකි බින්දිද්දී
පැරුණු සිතට සිසිලක් 
සොයා පියමන් කලා මන් 
නොලැබ හවුහරණක්........... 
අවසරයි නික්ම යන්නට 
රිදුම් දෙන මතකයන්ගෙන්
පැරුණත් සිත ආදරය හමුවේ
ආදරෙයි ඔබට මන් තවමත් .......

Monday, July 11, 2011

අවසරයි නුඹට.............

අවසරයි නුඹට නික්මෙන්නට 
තැනු සිහින මාලිගාව අතහැර..........
රදවා ගන්නේ කෙලෙස මන් නුඹ
යන්නටම ඕනෑනම් අතැර...........
ප්‍රේමය වූ කලි මෙයනම් 
පළමු පෙම නුඹ වූ නිසාවෙන් 
යන්නට නොහැකි නුඹට මෙන්
මා තැනු සිහින මාලිගාවෙන්..........
පැතුම් මල් විසිර ඇත
අහුලන්නටවත් පණක් නැත
බිදී ගිය හීන මල් සමග
තනිවෙන්න අවසරයි ඉතින් මට....... 




බුදුසරණයි මගේ අප්පච්චි.....ආදරෙයි කියල දන්නවා මහා ගොඩක්.....ඒ ආදරේ හින්දම ඇත්වෙනවා කියලත් දන්නවා.......දුකයි ගොඩාරියක්.........එත් මගේ අප්පච්චි,  අවුරුදු දහයේ ගොඩවල්වලින් අපේ ආදරේ ගෙනියන්න පතපු අපි දෙන්නට මාස දෙකයි...හරියටම මාස දෙකයි එකට ඉන්න ලැබුනේ....කවදාවත් මන් මගේ අප්පච්චිට දුකක් දෙන්න හිතුවේ නෑ...ඔයත් එහෙමයි...එත් එක්වෙන්න බැරි ආදරයක් ලග තියන් අද අපි දෙන්නම ගොඩක් දුක් විදිනවා....ඉතින්, මගේ අප්පච්චිට මන් නැතුව ජිවිතේ සාර්ථක කරගන්න ශක්තිය දහිරිය ලබා දෙන්න කියල මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා...මාස දෙකක් පුරාවට මගේ ජිවිත්ව් ආදරෙන් පිරෙවුවට, අදටත් ආදරේ දෙනවට මගේ අප්පච්චිට ගොඩාරියක් පින්....සතුටින් ඉන්න බලන්න......ඔයාගේ අම්මිට ඔයාගේ සතුට තරම් වටිනා දෙයක් නෑ.....

Thursday, July 7, 2011

නොබිදුන පැතුමන්...........10 කොටස


තම දෙසවනට ඇසුන දේ අදහා ගත නොහැකිව කල්ප අනුහස් දෙස බැලුවේ පුදුමයෙනි. 
"මොකද්ද උඹ කිවේ..ආයේ කියපන් බලන්න."
නමුත් අනුහස් නැවත කතා කලේ නැත. කල්ප අනුහස් දෙස බලා සිටියේ දැන් දැන් ඔහු මොනවා හෝ කියයි සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත.
"මචන් දැන් මගේ ඉවසීමේ සිමාව පනිනවා.මොකද්ද බන් වෙලා තියෙන්නේ. උඹ කළේ නම් මහා ජරා වැඩක්නම් තමා.එත් මේ තරම් ශෝක් වෙන්න ඒ කෙල්ල උඹේ කවුද.?"
මෙතෙක් හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය කල්ප අනුහස්ගෙන් ඇසුවේ එයටවත් ඔහු උත්තර දෙයි කියා සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත. කල්ප නැවතත් කිසිවක්ම නොඅසා තමා කර කර සිටි තනු නිර්මාණයට නැවතත් යොමු වුනේ අනුහස්ට කැමති වෙලාවක කතාකරන්න ඉඩ හැරය. 
"මචන් මන් යනවා."
අනුහස් එකවටම නැගිට කල්පට පැවසුවේ ඔහුව තවත් පුදුමයට පත් කරවමිනි. 
"උඹ දැන් කඩාගෙන බිදගෙන ආවේ ඇයි කියල පලයන් මෙතනින් යන්න කලින්."
"මන් පස්සේ විස්තර කියන්නම්. දැන් ගොඩක් හවස් වෙලා.දන්නවනේ අපේ ගෙදර අයගේ හැටි. පොඩ්ඩක් පරක්කු උනොත් ඉවරයි." පවසමින්ම අනුහස් එතනින් පිට වුයේ කල්පට හිතන්න බොහෝ දේ ඉතිරිකරය. 

...............................................................................................

මධුමාලි සමග නිවසට ගිය අර්චනාට මාලි නැන්දගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඉතා අපහසු විය. නමුත් ඇය කෙසේ හෝ ලේසි උත්තර දී ඒ ඒ ප්‍රශ්නවලින් ගැලවුනේ අනුහස්ව පාවා නොදෙමිනි.
රාත්‍රී කෑමට සියල්ල එක්වූ විට නැවතත් ආනන්ද මාමා අද දවස ගැන අර්චනාගෙන් නැවත ඇසුවේ අයවත් අනුහස්වත් අපහසුතාවයට පත් කරමිනි.
"කොහොමද දුව අද දවස...හොදයිද...වැඩ එහෙම ලේසිද...?"
"හොදයි මාමේ...මධුමාලිත් එක්කනේ වැඩ කරන්නේ.එයා හැමදේම කියල දුන්නා."
"ඒ දරුවා කොහොමත් හොදයි තමා..."
"ආවේ කොහොමද පුතේ..?අයියා එක්ක නේද...?"
මේ ප්‍රශ්නයට නම් අනුහස්ට අර්චනා දෙස නොබලා ඉන්නට නොහැකි වුණි.අර්චනාටත් එකවරම අනුහස් දෙස බැලුනේ දවසේ වූ සිදුවීම් එකින් එක මනසේ නැවත අදෙද්දිය....දෙදෙනාගේම දෑස එකිනෙකට හමු වූ මොහොතේ ඔවුන්ට දෑස් ඉවත් කිරීමට අමතක වුයේ ඇයිදැයි ඔවුන් දේපල මෙන්ම මමද නොදනිමි...නමුත් හැකි විගසින් අනුහස් දෑස් ඉවතට ගත්තේ ඇන්දට පිළිතුරු දෙමිනි.
"නෑ.....තාත්තා, මට හදිස්සි වැඩක් ආපු නිසා මන් කැබ් එකක් එව්වා.මධුට බාර දුන්න ගෙදට ඇරලවල එයටත් එකේම යන්න කියලා.එයත් ටිකක් දුර යනවනේ." අනුහස් කියාගෙන ගියේ අර්චනාට කිසිත් කියන්නට ඉඩ නොතබා හැමෝගෙන්ම දෑස් වසන් කරගෙනය. 
"හ්ම්ම්ම්ම්.....එකට කමක් නෑ....."
තාත්තා මුකුත් නොකීම හා අර්චනා තම දෙමාපියන්ට මුකුත් නොකීම නිසා අනුහස්ගේ සිත බොහෝ බර වී තිබුණි........

Wednesday, July 6, 2011

වැස්ස නුඹ .................

පොද වැස්සක්ව ඇද වැටි 
ඉරි තැලුණ මේ වියළි පොළවට
ජිවය දුන්න නොවේද
දළුලන්න පුංචි පැළයට............
බිදෙන් බිද දිය ලැබී 
වැඩුන මේ පුංචි පැළය
මහ රුකක් නොව්ණු බව
කාට නම් කිව හැකිද...?
මේ වියළි කතර මැද ඒ මහ රුකම අද
තනිව නැගී සිටිමින්
නුඹෙන් පීඩා නොවිදින බව 
කාට නම් කිව හැකිද...?
දිනක මේ මහ රුකම 
මිය යාවි නුඹ නිසාම 
එයට වරද කරු නුඹද රුකද  
කාට නම් කිව හැකිද...?


ප.ලි :
 රුකක් වූ ඒ පැළය
මිය ගියා ඉතින් අද දින
කාට නම් දෙන්නද ඒ වරද
        රුක වුනු මගෙත් .....වැස්ස වුන නුඹෙත් 
වරදක් නොවන නිසාම 
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....