තම දෙසවනට ඇසුන දේ අදහා ගත නොහැකිව කල්ප අනුහස් දෙස බැලුවේ පුදුමයෙනි.
"මොකද්ද උඹ කිවේ..ආයේ කියපන් බලන්න."
නමුත් අනුහස් නැවත කතා කලේ නැත. කල්ප අනුහස් දෙස බලා සිටියේ දැන් දැන් ඔහු මොනවා හෝ කියයි සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත.
"මචන් දැන් මගේ ඉවසීමේ සිමාව පනිනවා.මොකද්ද බන් වෙලා තියෙන්නේ. උඹ කළේ නම් මහා ජරා වැඩක්නම් තමා.එත් මේ තරම් ශෝක් වෙන්න ඒ කෙල්ල උඹේ කවුද.?"
මෙතෙක් හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය කල්ප අනුහස්ගෙන් ඇසුවේ එයටවත් ඔහු උත්තර දෙයි කියා සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත. කල්ප නැවතත් කිසිවක්ම නොඅසා තමා කර කර සිටි තනු නිර්මාණයට නැවතත් යොමු වුනේ අනුහස්ට කැමති වෙලාවක කතාකරන්න ඉඩ හැරය.
"මචන් මන් යනවා."
අනුහස් එකවටම නැගිට කල්පට පැවසුවේ ඔහුව තවත් පුදුමයට පත් කරවමිනි.
"උඹ දැන් කඩාගෙන බිදගෙන ආවේ ඇයි කියල පලයන් මෙතනින් යන්න කලින්."
"මන් පස්සේ විස්තර කියන්නම්. දැන් ගොඩක් හවස් වෙලා.දන්නවනේ අපේ ගෙදර අයගේ හැටි. පොඩ්ඩක් පරක්කු උනොත් ඉවරයි." පවසමින්ම අනුහස් එතනින් පිට වුයේ කල්පට හිතන්න බොහෝ දේ ඉතිරිකරය.
...............................................................................................
මධුමාලි සමග නිවසට ගිය අර්චනාට මාලි නැන්දගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඉතා අපහසු විය. නමුත් ඇය කෙසේ හෝ ලේසි උත්තර දී ඒ ඒ ප්‍රශ්නවලින් ගැලවුනේ අනුහස්ව පාවා නොදෙමිනි.
රාත්‍රී කෑමට සියල්ල එක්වූ විට නැවතත් ආනන්ද මාමා අද දවස ගැන අර්චනාගෙන් නැවත ඇසුවේ අයවත් අනුහස්වත් අපහසුතාවයට පත් කරමිනි.
"කොහොමද දුව අද දවස...හොදයිද...වැඩ එහෙම ලේසිද...?"
"හොදයි මාමේ...මධුමාලිත් එක්කනේ වැඩ කරන්නේ.එයා හැමදේම කියල දුන්නා."
"ඒ දරුවා කොහොමත් හොදයි තමා..."
"ආවේ කොහොමද පුතේ..?අයියා එක්ක නේද...?"
මේ ප්‍රශ්නයට නම් අනුහස්ට අර්චනා දෙස නොබලා ඉන්නට නොහැකි වුණි.අර්චනාටත් එකවරම අනුහස් දෙස බැලුනේ දවසේ වූ සිදුවීම් එකින් එක මනසේ නැවත අදෙද්දිය....දෙදෙනාගේම දෑස එකිනෙකට හමු වූ මොහොතේ ඔවුන්ට දෑස් ඉවත් කිරීමට අමතක වුයේ ඇයිදැයි ඔවුන් දේපල මෙන්ම මමද නොදනිමි...නමුත් හැකි විගසින් අනුහස් දෑස් ඉවතට ගත්තේ ඇන්දට පිළිතුරු දෙමිනි.
"නෑ.....තාත්තා, මට හදිස්සි වැඩක් ආපු නිසා මන් කැබ් එකක් එව්වා.මධුට බාර දුන්න ගෙදට ඇරලවල එයටත් එකේම යන්න කියලා.එයත් ටිකක් දුර යනවනේ." අනුහස් කියාගෙන ගියේ අර්චනාට කිසිත් කියන්නට ඉඩ නොතබා හැමෝගෙන්ම දෑස් වසන් කරගෙනය.
"හ්ම්ම්ම්ම්.....එකට කමක් නෑ....."
තාත්තා මුකුත් නොකීම හා අර්චනා තම දෙමාපියන්ට මුකුත් නොකීම නිසා අනුහස්ගේ සිත බොහෝ බර වී තිබුණි........
අයියෝ ටිකයිනෙ ලියලා තියෙන්නේ... ඊළග කොටස ඉක්මනට ලියන්න සීනි... නැතන්ම් කතාව අමතක වෙනවා.
ReplyDeleteලස්සනට ගලා යනකතාවක්..කතාව ලියන්න ගොඩක් කල් ගන එපා යාළු..අනිත් කොටසත් ඉක්මනින් දාන්න...
ReplyDeleteමම මේ මතක් කරන්නේ මේකේ මුල මොකද්ද කියලා
ReplyDeleteඅනේ සමාවෙන්න...මේ දවස්වල මගේ සිතුවිලි එක තැනක නෑ.....ඒ නිසයි කතාව ලියන්න පරක්කු වෙන්නේ....කොහොම හරි ලියන්නම්කො
ReplyDeleteප්‍රශ්න නම් කාටද නැත්තේ නංගී.
ReplyDeleteකතාව ලස්සනයි.
එක කොටසක් තව ටිකක් දිගට ලියනවනම් හොදයි..වගේ.