රැය පුරා හිතන්නට...
රැය පුරා අඬන්නට...
කඳුළු එක්කල ඔබේ සෙනෙහස,
මගෙන් බොහෝ දුර වග
කියාදෙන්නේ කොහොම මන්....
තාමත් ආදරේ කරනා
මගේ මේ මෝඩ හිතට
මගේ පණ නුඹම වග
නොදනිද නුඹ තවම...........
විටින් විට මා සිත් මලට
බලාපොරොත්තු මල් පුරවා
අසුරු සැනින් ඇවිත් යන
නවතින්නේ කවදාද නුඹ
සදහටම මගේ ළඟ....
විඳින්නට පෙරදා වගේම
රැඳෙන්නට ඔය පපුතුරේ මට
ඉඩ තියනවද තවම මට
කියන් නොතලා මගේ හිත...........
ඔබ මගෙන් දුර වුවත්
ආදරෙයි තවමත් ඔබට මන්..........
මේ තරම් ලස්සන පද ටිකකට කවියෙන්ම ප්‍රතිචාරයක් ලියන්න තරම් මං පෝසත් නෑ අක්කේ.. ඒත් මේ ඔයා ලියන්නෙ ඔයාගේ හිත කියලනම් දන්නවා.හිතේ දුකක් තියනවනම් මෙහෙම හරි හැමෝම එක්ක එක බෙදාගන්න එක ගැන අපිට සතුටුයි.ජීවිතේ හැම දේම අපි හිතන විදියට වෙන්නේ නෑ අක්කේ.ඕක මට කියා දුන්නෙත් අපිත් එක්ක බ්ලොග් ලියන සහෝදර සහෝදරියෝ ටික.එහෙම හැම දේම ලැබෙනවානම් ඒක ජීවිතෙත් නෙමෙයි කියල තමයි හැමෝම මට කිව්වේ.ඉතින් මං ඒ දේ ඔයාටත් කියන්නම්..
ReplyDeleteහැම දෙයක්ම හොදින් විසදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
සිහින +++++++++
ReplyDeleteඒ වගේම හැම දෙයක්ම හොදින් විසදේවි..
සත්‍ය ආදරේ හැමදාම ජය ගන්නෙ නවකතාවල විතරක් නෙවේනෙ..
නැතිවුන ආදරේට ..ආදරේ කරන්න පුලුවන් නම්...ඒකත් විදින්න පුලුවන් දෙයක්...නංගී.
ReplyDeleteස්නේහයෙන් ගෙවූ කාලය
ReplyDeleteනුඹගේ තුරුලේ
සිහිනයක් පමණක්ම විය
නිදි නොමැති යහනේ,,
යලිත් එන දිනෙක ඔබ
රැඳෙමි සෙවනේ
යන්න නම් දෙන්නේ නෑ මම
සඟව ගමි හිත පතුලේ...
හ්ම්ම්.. දුක සතුට, වෙන්වීම හමුවීම, මේ ජීවිතේ කාටත් උරුමයි. හැමදේම තාවකාලික මේ ලෝකේ "ඔහු" විතරක් සදාකාලික වේවිද?
ඇත්ත හැමදේම සදා කාලික නම් නැ තමා... එත් මම දන්නවා නංගෝ ඔයාට ඔහොම හිතේ දුකෙන් ඉන්න වෙන්න නැ... ඔයාට හැමදේම ගොඩාක් හොදින් විසදගෙන ආදරෙන් ඉන්න පුලුවන් නංගෝ....
ReplyDeleteප්‍රාර්තනා අක්කගෙ කතාවට මාත් එකගයි.ලස්සනට ලියල තියෙනවා අක්කෙ(අක්ක කෙනෙක්ද මන්ද)
ReplyDelete