Monday, July 25, 2011

රහසින් නමුදු හැබැහින් ..........

ආලෝකය සොයා ඉගිලෙන 
පුංචි පළගැටියෝ නුඹ............,
දහවලේ වූ ආලෝකය මදි  වුනිද
රැය උදා වූ කල ඉගිලුනේ යලිදු ඔබ
ආලෝකය සොයන මුලාවක නොවේද ...........
සෙවූ ආලෝකය ලැබුනිද ඔබට 
සැනසුනිද නුඹ එයින්.......?
දනිමි මම ඉතින්,
දැනෙන සද  රස්නය...
දැනෙන සද දාහය 
විඳින කල වේදනාව
නුඹට සිතුනේ මොනවද............?
රහසින් නමුදු හැබැහින් 
මියෙන බව නොවේද.............
පිච්චි අළුවී ගියා නොවේද
නුඹේ ඔය සොඳුරු වූ දිවිය ............


23 comments:

  1. මොකද මේ දවස් වල ලියන ඔක්කොම අසුබවාදී පැත්තට බර පෝස්ට් දාන්නෙ නගා??

    ReplyDelete
  2. හ්ම්ම් ඒක සැබැයි... ව්‍යංගාර්ථයක්ද මන්ද.. :)

    ReplyDelete
  3. හ්ම්... පව්..

    ලස්සන කල්පනාව සිනි...

    ReplyDelete
  4. හ්ම්...වෙන්නැති හිම අක්කා....
    .....................
    පවු තමා තනොජා අක්කේ....තැන්කු හොදේ

    ReplyDelete
  5. හුම් හුම්....... ඔහොම තමා ඉතින්......

    සිනි අක්කා සඳ = රෑට දකින සඳ නේද????
    සද = කල නේද????

    ReplyDelete
  6. ඔව් ඔව් නඟා...තැන්කු හොදේ

    ReplyDelete
  7. හ්ම් කියන්න හදන දේ නම් තේරුණා!!!

    ReplyDelete
  8. ලස්සන පද සංකල්පනාවක්. මම් මේ අඩවියට ආපු පලවෙනි අවස්තාව !!!!!
    ආයෙත් එන්නම් හොදේ.

    ReplyDelete
  9. කියන්න බලන්න ඒ තේරුණ දේමද මන් අදහස් කලෙත් කියල බලන්න

    ReplyDelete
  10. වලහට කේතලේ බදාගත්තම උන දේතමා පළඟැටියට වෙන්නෙ තව ලං උනොත්...
    වලහයි ගමරාලයි තේවතුර බොන්න වතුර ටිකක් ලිපේ තියන් ඉන්නව උතුරනකල්..
    වලහට තරහ ආව මේ මඟුල පැහෙන්නෙත් නෑ කියල..
    වලහ කේතලේ ළඟට කිට්ටුවෙල හිමීට පියන ඇරල දැම්ම ඇඟිල්ල අර උතුරන්න හදන කේතලේට..යන්තම් පිච්චුනා උනාට ඇඟිල්ල නිසා මාර වේදනාවයි වලහට...
    අවසානෙ මල පැන්න වලහ...කේතලේට හොඳ පාඩමක් උගන්නන්න හිතන් ගිනිගොඩ මැද තිබුන කේතලේම බදා ගන්නව..

    ReplyDelete
  11. බොහොම ස්තුතියි මධුරංග.....ඇවිත් යන්න එන්න ආයේ

    ReplyDelete
  12. මොකද කනිෂ්ක මල්ලි අනේ මන්දා....

    ReplyDelete
  13. හ්ම්ම්... පළගැටියා ආලෝකයට වහ වැටෙනවා වගේ අපිත් බලයට ධනයට වහ වැටෙනවා, අන්තිමේ ඉතිරි දැවීම විතරයි..
    කවිය ලස්සනයි.. :)

    ReplyDelete
  14. ඔන්න නගා ඔනේ නැති දේවල් හිතන්න පටන් ගන්න හදනවා,... ඔහොම අසුභ වාදි නොවි හිනා වෙලා ඉන්නකෝ නගෝ

    ReplyDelete
  15. ප්‍රර්ථනා ....ඇත්තටම මන් මෙතනින් ආලෝකය කියල අදහස් කලේ ආදරයට......දිවා ආලෝකය කිවේ දෙමාපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගේ, යාළුවොන්ගේ ආදරේට.....ගින්දරට කියන්නේ මොකද්ද කියල හිතා ගන්න පුළුවන්නේ ...ඒ වගේම ඔයා කියපු කතාවත් සහතික ඇත්ත....

    ReplyDelete
  16. හික්ස්...හා හා..ඔන්න හිනාවුණා...දැන් හරිද :)) :D

    ReplyDelete
  17. ගින්දර කියලා දැන දැනත් සමහරැ ළංවෙන්නේ පිච්චෙන්න ආස නිසාද? නැත් නම් ඒක කරැමේ නිසාද ? අනේ මට නම් තේරෙන්නෑ.

    ReplyDelete
  18. මන් හිතන්නේ එක අපිට නැතුවම බැරි නිසා වෙන්න ඇති....

    ReplyDelete
  19. ලස්සනයි දිගටම ලියන්න. .....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....