Monday, July 11, 2011

අවසරයි නුඹට.............

අවසරයි නුඹට නික්මෙන්නට 
තැනු සිහින මාලිගාව අතහැර..........
රදවා ගන්නේ කෙලෙස මන් නුඹ
යන්නටම ඕනෑනම් අතැර...........
ප්‍රේමය වූ කලි මෙයනම් 
පළමු පෙම නුඹ වූ නිසාවෙන් 
යන්නට නොහැකි නුඹට මෙන්
මා තැනු සිහින මාලිගාවෙන්..........
පැතුම් මල් විසිර ඇත
අහුලන්නටවත් පණක් නැත
බිදී ගිය හීන මල් සමග
තනිවෙන්න අවසරයි ඉතින් මට....... 




බුදුසරණයි මගේ අප්පච්චි.....ආදරෙයි කියල දන්නවා මහා ගොඩක්.....ඒ ආදරේ හින්දම ඇත්වෙනවා කියලත් දන්නවා.......දුකයි ගොඩාරියක්.........එත් මගේ අප්පච්චි,  අවුරුදු දහයේ ගොඩවල්වලින් අපේ ආදරේ ගෙනියන්න පතපු අපි දෙන්නට මාස දෙකයි...හරියටම මාස දෙකයි එකට ඉන්න ලැබුනේ....කවදාවත් මන් මගේ අප්පච්චිට දුකක් දෙන්න හිතුවේ නෑ...ඔයත් එහෙමයි...එත් එක්වෙන්න බැරි ආදරයක් ලග තියන් අද අපි දෙන්නම ගොඩක් දුක් විදිනවා....ඉතින්, මගේ අප්පච්චිට මන් නැතුව ජිවිතේ සාර්ථක කරගන්න ශක්තිය දහිරිය ලබා දෙන්න කියල මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා...මාස දෙකක් පුරාවට මගේ ජිවිත්ව් ආදරෙන් පිරෙවුවට, අදටත් ආදරේ දෙනවට මගේ අප්පච්චිට ගොඩාරියක් පින්....සතුටින් ඉන්න බලන්න......ඔයාගේ අම්මිට ඔයාගේ සතුට තරම් වටිනා දෙයක් නෑ.....

13 comments:

  1. දෙන්නටම ජීවිත සරු කරගන්නට අවැසි චිත්ත ශක්තිය, ධෛර්යය නොඅඩුව පතනවා හැර....

    එක්වෙලා ඉඳිනට
    නොහැකිනම් එක ලෙසට
    වෙන්වෙලා ඉදිනු හැර
    වෙන කුමක් කරන්නද?

    වෙන්වෙන්න පතන් නෑ
    එක්වෙන්න පතන් නෑ
    දුක් වෙන්න පතන් නෑ
    කඳුල මම පතන් නෑ

    පෙර පැතූ විලසටම
    එක්වෙන්ට සිතු ලෙසම
    විය යුත්තක් වන්ටම
    පතමි හද පතුලෙන්ම

    ReplyDelete
  2. ඇත්තටම මොකද...උනේ..ආ..

    ReplyDelete
  3. ජිවිතයක් දුන්න ආදරේට නැවතීමේ තිත තියන්න සිද්ද වුණා අපි දෙන්නගෙම යහපත වගේම දෙමාපියන් වෙනුවෙන්......

    ReplyDelete
  4. තව හිතන්න.. කේන්දරේට බැනේ ජීවිතේ විසඳන්න

    ReplyDelete
  5. ඔයාගෙ හිත දුකින් පිරිලා තියෙන වෙලාවක මම ඔයාට වැඩිය දෙයක් කියන්න කැමති නෑ. ජීවිතේ කියන්නෙ මේකයි නංගා. ඒක හොඳින් අවබෝධ කර ගන්න. මාස දෙකක් නෙමේ අවුරුදු දෙකක් ආදරය කලත් ජීවිතේ නියමයක් නැත්තම් වෙන් වෙන්න සිද්ධ වෙනවා.

    ඇති වීම සහ නැති වීම වලින් පිරුණ ජීවිත ගමන ඒකයි......හිතට ශක්තිය ලැබේවා !

    ReplyDelete
  6. හිතුවා සුදු අක්කේ...ගොඩක්.....කෙන්දරේට බෑ තමා ජිවිතේ විසදන්න...එත් අපි දෙන්නටම කවද හරි දෙමාපියන්ගේ හිත රිද්දන්න වෙනවා එකට පිටින් ගියොත්......තව කාලයක් ගිහින් ඒ දේ සිද්ද වුනොත් අපිට මොන වෙයිද කියල හිත ගන්න බෑ....ඒ නිසා දැන්ම නතර වෙන එක හොදයි කියල හිතුවා.....

    ..........................
    ඔව් දිල් අක්කේ...ජිවිතේ කියන්නේ මේකට...ලැබීම වලට වඩා අහිමි වීම් පිරුණු තැනකට.....ඇත්තටම කියනවනම් ඔයාගේ බ්ලොග් එකෙන් මන් ගොඩක් දේවල් ඉගනගෙන තියනවා......කාලයට ඉඩදෙන්න අපි දෙන්නම තීරණේ කළා....ලැබෙන්න දෙයක් තියනවනම් ලැබේවි...නැත්නම් නෑම තමා....දරාගෙන ඉන්නවා පුළුවන් තාක් කල්....

    ReplyDelete
  7. අනේ නංගියො මොකෝ මේ උනේ. මම මේක කලින් දැක්කා. මම හිතුවෙ නිකම් කවියක් විතරයි කියලා. දැන් තමයි පෝසට් එක බැලුවෙ.

    …ගොඩක් දුකයි වෙලා තියන දේට. අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ මට. හොදට කලපනා කරලා බලන්න.

    …මම දන්නෙ නෑනෙ හරියටම හේතුව මොකක්ද කියලා. ඔයා කැමතිනම් ඒ ගැන ලියන්න. පුලුවන් උපරිම සහයෝගය දෙන්නම් ගොඩ දාගන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියනවා.

    ReplyDelete
  8. සීනි නංගෝ..
    හැමදේම සිද්දවෙන්නේ හොදටයි කියනවනේ...
    බලාපොරොත්තුවක් විතරක් තියාගන්න.
    බලාපොරොත්තු තමයි ජීවත් කරවන්නේ

    ReplyDelete
  9. කිසි දේකට බය වෙන් එපා අක්කා

    ReplyDelete
  10. නවී අයියා...විස්තරේ දන්නවනේ.....

    .....................................
    ඔව් ගයාන් අයියේ...පුංචි බලාපොරොත්තුවක් තියනවා...බලමු......

    .....................................
    නෑ නගා...බයවෙලා ජිවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැනේ.

    ReplyDelete
  11. ඔයාට වගේ සිතුවිලි ගොනු කරන්න තරම් ඉස්පාසුවක් නෑ මැණික.
    ඒත් මම විස්වාස කරන දේ තමයි දෙයක් වේනම් එය සුදුස්සාටම ලැබිය යුතුයි කියන එක..

    ඒ කෙනා මම නම් අනිවාර්යයෙන් මටම ලැබෙයි... මම නෙවේ නම් ඒ වාසනාවන්තයාට ඔයාව බාරදීලා ඒ සතුට බලලා සතුටු වෙන්නහරි මට පුළුවන්.

    අපි කාටවත් වරදක් කරපු අය නෙවේ.. ඒ නිසා අපේ අවසානය සතුටක් මිස කිසිවක් නෙවේ.

    ReplyDelete
  12. අපි ආදරේ කරන දේවල් හැමදාම අපෙන් ඈත් වෙනවා.අහිංසක හිත් වලට විතරයි හැමදාම මෙහෙම වෙන්නේ.ඔයාගේ තත්වෙමයි මමත් අද ඉන්නේ.හිත පුදුමාකාර විදියට රිදුම් දෙද්දියි මං මේ ලියන්නේ. මගේ හීන එකින් එක එළිවෙද්දි මගේ ආදරේ මගේන් ඈත් වෙයි කියලා මට බයයි. ඔයාට මාස 2 ආදරේ උහුලන්න අමාරැ තරම්ම මටත් මගේ මාස 8 ආදරේ නැති කර ගන්න හයියක් නෑ මයේ නංගියේ.
    මම තීරණයක් අරන් ඉන්නේ අම්මා ඇරෙන්න වෙන ඕනම කෙනෙක් එයා වෙනුවෙන් කැප කරන්න.ඒ තරම්ම මයේ මැණිකට මං ආදරෙයි.

    ReplyDelete
  13. මගේ හීන එළිවෙන්න කලින්ම බිඳීගෙන යනවා අක්කේ...හිතා ගන්න බැරි තරම් ඉක්මනට ජිවිතේ කඩාගෙන වැටුණා....මාත් මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි....ඒ ආදරේට සිමා මායිම් නෑ...

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....