නොබිදුන පැතුමන්..........
මාලනී ඉවසීමක් නැතුව අර්චනා එනකම් බලා සිටියත් ඇයගේ ලඟම යෙහෙළියක් අසනීප වී හොස්පිටල් නැවත්තු බව කියමින් ආ දුරකත ඇමතුමක් නිසා ඇයට රෝහලට යාමට සිදු විය...ඒ හේතුවෙන් තව තවත් ඉවසීමට මාලනීට සිදුවිය.
කෙසේ හෝ සියලු දෙනාම රෑ කෑමට මේසයට වාඩි වූ වෙලේ මාලනී මේ ගැන හැමෝටම ඇසෙන සේ අර්චනාගෙන් ඇසුවේ හිතේ වූ කුතුහලය නිවා ගැනුමටය.
"සුදු දුව...අද දවල් මට කෝල් එකක් ආවා මිසිස් නෙලුම්කුඹුර කියල කෙනෙක්ගෙන්...දුව එයාව අඳුනනවද..?"
එසේ අසනවාත් සමගම අර්චනාට එදා සිදු වූ සියල්ල නැවතත් මතක් විය. ඒ මතකයත් සමගම අර්චනා එක වරම අනුහස්ගේ මුහුණ බැලුවේ දැන් කුමක් කියම්දෝ සිතමිනි.බොරුවක්ද කිව නොහැක...ඇත්තද කිව නොහැක.
"ටිකක් දන්නවා නැන්දා...ඇයි මොනාද එයා කිවේ..?"
"දුව එයාගෙන් ජොබ් එකක් හොයල ඉල්ලුවද....මොකද්ද පන්සලකදී ඔයාව හම්බවෙලා අඬ අඬ ඉන්නකොටලු කිවේ....මොකද්ද ඒ කතාව...ඔයා කවද්ද පන්සල් ගියේ? ආ තව එයා කීවා ඔයා කිව්වයි කියල බලන් ගිය ජොබ් එක ලැබුනේ නෑ...ගෙදර යන්න බැරි නිසා එතන ඉන්නවා...ඔන්න ඔය වගේ ගොඩක් කීවා...මොකද්ද සුදු දුව උනේ?"
ඒ කතාවත් සමගම මෙතෙක් නිහඬව සිටි ආනන්ද මාමා මෙන්ම අනුහස්ද අර්චනාගේ මුහුණ දෙස බැලුවේ එක වරමය.අනුහස්ටද එදා වූ සිදුවින් මතක් වූ බව අර්චනාට සිතුනේ ඊ මුහුණේ වූ වෙනස්කම් නිසාය...
"ඒ මොකද්ද ඒ කතාව...සුදු දුව...කවුද ඒ...."
"අයියෝ මාමේ...මන් එදා වැඩට ගිය මුල්ම දවසේ දවල් මධුත් එක්ක එතන ළඟ පන්සලට ගිය.එතැනදී ඒ ලේඩි හම්බුනේ...හැබැයි ඒ වෙලාවේ නම් මධු මගේ ළඟ හිටියේ නෑ. ඉතින් මන් වාඩිවෙලා ඇස් පියන් වැදගෙන ඉන්නකොට ගෙදර මතක්වෙලා ඇඬුනා.එතකොටයි එයා ඇවිත් කතා කළේ..විස්තරත් ගොඩක් ඇහුවා.හොඳ කෙනෙක් කියල හිතුන නිසා මන් ඉතින් විස්තරත් කීවා.මෙහෙම ජොබ් එකකටයි අවේ..ඒ විස්තර...එයා කීවා එයත් ඊට වැඩ හොඳ එකක් ලැබුනොත් කියන්නම් කියල මගෙන් නොම්බරේත් ඉල්ලගත්තා...එකට වෙන්න ඇති..."
අර්චනා කිසි කෙනෙකුගේ මුහුණ දෙස නොබලා ඉක්මනින්ම කියා දැමුවේ අනුහස් එදා තමාට කල දේ ගැන බිඳක්වත් නොකියමිනි.
"හ්ම්...එකත් එහෙමද....හරි කමක් නෑ...සුදු දුව ඒ ලෙඩිට කෝල් එකක් දෙන්නකෝ..."
"හා මාමේ..."
එතනින් එහාට කවුරුවත් ඒ ගැන කතා නොකර නිහඬවම කාම ගන්නට විනි.
...................................................................................
"හෙලෝ"
"හෙලෝ...කවුද කතාකරන්නේ..." ගොරෝසු පිරිමි හඬකින් අසු පැනයට අර්චනාට එකවරම බය සිතුනි...
"හේ හේ...ලෝ....මට මිසිස් නෙලුම්කුම්බුරට කතා කරන්න පුලුවන්ද.....අර්චනා කතා කරනයි කියන්න..."
"හ්ම්...හා පොඩ්ඩක් ඔහොම ඉන්න..."
අර්චනාට රිසිවරය අල්ල සිටින විට එහා පැත්තෙන් "අම්මා....මේ අර්චනා කියල කවුද කතාකරනවා.....ඉක්මනට එන්න....." ඇසුනි...එසේනම් ඒ කතා කර ඇත්තේ ඇයගේ පුතා විය යුතු බව අර්චනාට සිතුනි.
"හෙලෝ"
"හෙලෝ..අම්මා මන් අර්චනා..."
"ආ දුව..මන් දවල් කතා කළා...ඔයා දැන් වැඩට යනවලු නේද..."
"ඔව් අම්මා....මන් ඉන්නේ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරනේ....ඒ අයියගේ ඔෆිස් එකෙමයි වැඩ කරන්නේ. "
"ආ .....ඇත්තද...මන් ඔයාට අපේ පුතාගේ කොම්පැනි එකේ ජොබ් එකක් ලෑස්ති කළා....."
"අනේ ඇත්තද අම්මා....එත් මට මෙතන ගොඩක් ලෙසිනේ....බොහොම ස්තුතියි මන් වෙනුවෙන් කරපු දේට.."
"ආ...එකට මොකද්ද...මන් කියන්නම් පුතාට වෙන කවුරු හරි ගන්න කියල...එදා දුව ගොඩක් මගේ හිතට අල්ලපු නිසයි මන් ඔයාවම එතනට ගන්න හැදුවේ...හරි කමක් නෑ....එහෙම වුනයි කියල ඔයා මට කතා නොකර ඉන්න එපා.ඉඳල හිටලා හරි කෝල් එකක් දෙන්න හොඳද."
"හරි අම්මා...එහෙනම් මන් දැන් තියන්නම්..."
"හොඳයි දුව...බුදුසරණයි.."
"බුදුසරණයි"
දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්න හදන්නේ..
ReplyDeleteලියමුකෝ බලන්න ඉතුරැ ටිකත්.