Thursday, July 28, 2011

නොබිදුන පැතුමන්...........11

පෙර කොටස් සඳහා 

ඉතින් එදායින් පසුව හැමදාම උදේට ආනන්ද මාමා සමග ඔෆිස් යන අර්චනා සවස මධුමාලි සමග නිවසට පැමිණියාය. නමුදු කිසිදු කාර්යාල කටයුත්තකට හෝ වේවා කිසිම හේතුවකට අනුහස් වැරදිලාවත් අය සමග කතා කළේ නැත....මුලදී මුලදී එය ඇයට මහත් වූ දුකක් වුවාට අය කෙමෙන් කෙමෙන් ඒ වෙනස්කම් සඳහා හිත හදා ගත්තාය. රැකියාව සම්බන්ධ සියලු කටයුතු සිද්ධ වුයේ මධුමාලි හරහාය. දින දින ගෙවී ගොස් අර්චනා රැකියාවට පැමිණ සතියක් ගතවන දවසේ අනුහස්ගේ නිවසට ආ දුරකථන ඇමතුමකින් මාලනී මහත් කලබලයටත් පුදුමයටත් පත්විය. 
"හෙලෝ, මට අර්චනා දුවට කතා කරන්න පුලුවන්ද...?"
"හෙලෝ ...කවුද මේ කතා කරන්නේ..?"
"මන් කුසුම්...සුජාතා නෙලුම්කුඹුර ....අර්චනා දුව මාව අඳුනනවා.මේ එයා නැවතිලා ඉන්න ගෙදර අයිති මහත්මිය නේද..?"
"ආ...ඔව් ඔව්...මන් මාලනී....මාලනී මානවඩු...දුව නම් දැන් වැඩට ගිහිල්ලනේ..."
"ආ ඇත්තද..? අර්චනාට ජොබ් එක හම්බුනාද..?
"ඔව්...එයා මෙහෙ අවේම ජොබ් එකට තමා. අපේ පුතාගේ කම්පැනි එකෙමයි වැඩ. ඒ මගේ නෑ වෙන දුවෙක්...ඇයි එහෙම ඇහුවේ.."
"ඇත්තද..?මට දුවව හම්බුනේ අභිනවාරමයේදී... එයා බුදුගෙයි වාඩි වෙලා නිදාගෙන හිටියා.මමයි ඇහැරවලා විස්තර ඇහුවේ. එතකොට නම් කිවේ බලන් ගියපු ජොබ් එක හම්බුනේ නැ. කලින් යන්න බැරි නිසා එතනට ආවා කියලයි.ඉතින් මන් පොරොන්දු වුණා එයාට ජොබ් එකක් හොයල දෙන්නම් කියල...එකටයි මේ කතා කලේ....හ්ම්ම්ම්...කමක් නැ...දුවට කියනවද මට කෝල් එකක් දෙන්න කියලා..."
"ආ...හ්....හා මන් කියන්නම්. නම්බර් එක කියනවද....?"
"ලියාගන්න..."
"ආ හරි..කියන්න...."
"හරි නේද..."
"හරි හරි...මතක ඇතුව කියන්න හොදේ..."
"හරි මන් එයා අපු හැටියේ කියන්නම්"
"හරි...එහෙනම් මන් තියන්නම් මිසිස් මානවඩු....බුදුසරණයි"
"බුදුසරණයි"
මෙම ඇමතුමෙන් පසු මාලනී සිටියේ බොහොම නොසන්සුන්වය..ඒ වෙලේම කතා කර මේ ගැන විමසනවාද නැද්ද යන දෙගඩියාවෙන් සිට එය ගෙදර ආ පසු අසා දැනගන්නවා යයි සිතා නිහඩ විය. නමුත් සිත බොහෝ නොයිවසිලිවන්ත වීම නිසා ඇයට බොහෝ ඉවසීමට සිදු විය.  


5 comments:

  1. ගොඩ කාලෙකට පස්සෙ චුට්ටම චුට්ටයිනෙ අප්පා ලියලා තියෙන්නෙ. ඊලග කොටස ඉක්මනට ලියන්ඩෝ.. අපි බලන් ඉන්නවා..

    ReplyDelete
  2. කතාවේ කොටස් 2ක් අතර කාලය අඩු උනොත් හොදයි නේද ..නංගී.
    කතාව ලස්සන හන්දා ඉක්මනට කියවන්නමයි ..හිත.

    ReplyDelete
  3. පොතේ ලියල තියෙන්නේ...ටයිප් කරන්න තාම අමාරු....හිත නිදහස් නැතුව මුකුත් කරන්න බැනේ...ඉක්මනටම ඉතිරියත් දාන්නම් :)

    ReplyDelete
  4. මට නිකන් කොයිල් වගේ උනා.
    බැලින්නම් මේක 11වෙනි කොටසනේ. අනිත් ටිකත් වෙලාව තියෙන හැටියට කියවලා එන්න ඕනා.

    ReplyDelete
  5. අයියෝ සීනි අක්කේ කතාව මදි මදි වගේනේ.....ලියපු ටික නම් එල...

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....