Showing posts with label මතකයන්...................... Show all posts
Showing posts with label මතකයන්...................... Show all posts

Thursday, September 22, 2011

ඔබ අපිට ආඩම්බරයක්.....................

හ්ම්......ගොඩ දවසක් නිසදෙස් ලිය ලිය හිටපු නිසා හිතුණා සිකුරාදා හදිස්සියෙන්ම ත්‍රිකුණාමලේ ගිය විස්තරේ දාන්න ඕන කියල......හොඳ අත්දැකීමක් වගේම මෙතෙක් කල් කාපු ලොකුම කට්ටත් කෑවා කිවොත් හරි මේ ගමනේදී....
                                      හ්ම්...අපේ මල්ලි ඔන්න ගියානේ නෙවි කැඩෙට් කෑම්ප් ත්‍රින්කෝ වල.....දැන් එකේ අන්තිම දවස උනේ 17 වෙනිදා......ළමයි 25 ක් ගියා ධර්මශෝකෙන්...ගාලු දිස්ත්‍රික්කයෙන් ගියේ ධර්මශෝකෙයි දෙවපතිරාජෙයි විතරයි.....ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කයකින්ම ස්කෝල 2 යි තෝරාගත්තේ.....කොහොම හරි ස්කෝල 40 ක් ඇවිත් තිබුන කෑම්ප් එකට....අන්තිම දවසට ළමයින්ගේ පාසින්ග් අවුට් එක බලන්න යන්න ඔන්න අම්මල ටික ලැස්ති වුණා.....වැඩේ වුනේ එක ස්කෝලෙකට පැසස දෙකයි දෙන්නේ..දැන් අම්මල හැමෝම ගියාට ඇතුලට යන්න වෙන එකක් නෑ කියල කතාවකුත් කියා.....ඔන්න ඒ නිසා අපේ අම්ම යන්නේ නෑ කියල කීවා....
                                                                                              කොහොම වුනත් දැන් ඔන්න අම්මල කස්ටියම බස් එකක් අරන් යන්න ලෑස්තිය....එත් අපේ අම්ම යන්නේ නෑ කීවා..මොකද අම්මා තනියම යන්නේ නෑ කොහෙවත්....එහෙනම් තාත්තටත් යන්න වෙනවා...ඒ දෙන්නම ගියොත් මටත් යන්න වෙනවා..එතකොට මගේ ක්ලාස් කට් වෙනවා...ඔන්න ඔය ප්‍රශ්න නිසා ගමන නොයන්න තීරණේ කළා......එත් මල්ලිලට කන්න ගෙනියන්න අම්මා වැලිතලප හැදුව අර යන අම්මල අතේ යවන්න.....ඔන්න අපි යන්නේ නෑ කියල අපේ නැන්දට කීවා විතරයි අපේ අම්මා හොඳටම බැණුම් අහල නැන්දගෙන්....අයි යන්නේ නැත්තේ...නොගියොත් දරුවට මොනවා හිතෙයිද......කලින් යන්නේ නෑ කීවා නම් අපි දෙන්න( නැන්දයි..මමයි) හරි යනවා නේද...මට වොරන්තුත් තියනවා....ඔන්න රටේ නැති ඒවා කියල බැණලා(කොහොමත් නැන්දයි මාමයි අනිත් හැමෝටම වඩා අපේ මල්ලිටයි, ලොකු අයියටයි ආදරෙයි..)ඉතින් පස්සේ අම්මා අහල..එහෙනම් සුදු අක්කේ(නැන්දට කතාකරන්නේ එහෙම) අපිත් එක්ක යන්න එනවද කියල....ඔන්න සිකුරාදා දවල් 12 ට තමා යන්න තීරණේ කලේ....මෙන්න මට කෝල් කරලා කියනවා 3 වෙනකොට එන්න..අපි ට්‍රින්කෝ යනවා කියල...ඔන්න ඉතින් මගේ අර නිදාගෙන ඉන්න යකා නැගිට්ට..ඇයි යකඩෝ මන් නාල නෑ දවස් ගානකින්...ඇදුමක් ලෑස්ති කරගෙනත් නෑ...4 වෙනකොට යන්නත් ඕනලු.......ඔන්න ඉතින් අපේ ප්‍රින්සිපල්ට බටර් පාරක් ගල ශේප් කරන 3.30 වෙනකොට ගෙදර ආවා. 

  අම්මගෙන් බැණුම් අහ අහ නාගෙන කරගෙන ඔන්න අලුත්ගම ගියා කොටුවට යන කෝච්චිය අල්ල ගන්න....ඔන්න බොලේ යනකොට අපේ ඉඳුරුවේ නැන්දලත් ට්‍රින්කෝ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා කොටුවට යන්න අලුත්ගම ට්‍රේන් එකට ඇවිත්...එයාල විතරක් නෙමේලු..පානදුරේ නැන්දලයි, කැලණියේ නැන්දලයි හැමෝම යනවලු.....
                                                     ඔන්න ඔතනයි පුරස්නේ...අපේ ආච්චිගේ මරණේ නිසා නෑදැයෝ අතර විරසක කමක් ඇති වුණා......අපේ තාත්තා එයාගේ පැත්තේ නෑයන්ගෙන්  අයින් උනා.....දැන් කතා කරන්නේ අපේ ගෙවල් ළඟ නැන්දයි, ඉඳුරුවේ නැන්දයි එක්ක විතරයි.......අපේ ගෙවල් ළඟ නැන්දත් එක්ක අනිත් හැමෝම හෝයි....කොහේ ගියත් මෙයාලට කතා කරනවා...නමුත් මේ පාර ට්‍රින්කෝ ගමනට කවුරුවත් මෙයාට කතාකරල නෑ.....ඒ නිසා ඒ හැමෝටම පේන්න තමයි අපිත් එක්ක යන්න ලෑස්ති වුණේ. හිකිස්.......
ඔන්න ඉතින් කොටුවට ගියයි කියමුකෝ...ඉඳුරුවේ නැන්දගේ මහත්තයා අපේ නැන්දට ටිකට් ගන්න දීල නෑ එයා ගව ටිකට් තියනවා කියලා...අපේ තාත්තට කේන්ති ගියා ඒකට...ගත් කටටම කීවා අපි ඔයාලත් එක්ක යන්න නෙමේ ආවේ..අපි අපේ ගමන යන්නම්...ඔයාල ඔයාල යන විදියට යන්න කියල...හිකිස්.....ඔන්න එයාලගේ සෙට් එක ඒ මාමත් එක්ක එයාගේ ඔෆිස් රුම් එකට ගියා..ඒක තියෙන්නෙත් ස්ටේෂමෙමයි...එයා දුම්රිය ආරක්ෂක අංශයේ ඉහල නිලධාරියෙක්නේ....අපි එතනින් මරදානට ආවා....මොකද අපිට ත්‍රින්කෝ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් අන්කල් එතනට එන්න කීවා එතැනින්ම වාඩි වෙලා යන්න.....
                   හරි නම් ට්‍රෙන් ඒක තියෙන්නේ 9 ට..එත් පිටත් වුනේ 9.30 ත් පහුවෙලා.....ඔන්න ඉතින් අපි කරදරයක් නැතුව ෂෝයි ඒකට වාඩි වෙලා ඉන්නකොට මෙන්න අර මාම එනවා අපි වාඩි වුනාද කියලා බලන්න...හික්ස්..( එයාට හරි මදිකමක් වුණා අපි එයාගේ උදවු ගත්තේ නැති ඒක) අපි සෙකන්ඩ් වෙනවද කාටවත්...ඔන්න ඉතින් ටික දුරක් යනකොට මගේ කොන්ද  රිදෙන්න ගත්තා..ඇයි දෙයියනේ එකදිගට වාඩි වෙලා ඉන්න පුළුවන් කාටද.....අරෙහෙට..මෙහාට ....ඇඹරි ඇඹරි උන්න....අම්මෝ...අපේ අම්මටයි නැන්දටයි නම් නිදා ගන්න බෑ පොඩ්ඩක්වත්...දෙයියන්ගේම පිහිටයි...මගේ වැඩේ උනේ කන ඒක...බයිට් , බිස්කට්, පොරි, වඩේ.......ආ...ඇයි මල් කඩන ඒක.....:P 
                                                                     කොහොමෙන් කොහොම හරි ගමනාන්තයට එනකොට පාන්දර 5.30 වෙලා....ඔන්න ඉතින් දැන් ප්‍රශ්නේ ඉන්නේ කොහෙද කියන ඒක...ගත්තා කෝල් එකක් අර බස් එකේ එනවා කියපු අම්මල ටිකට...එයාල ඇවිත් කොහෙද නැවතිලා දැන් නානවලු...අපිට 7 වෙනකොට කෑම්ප් ඒක ගාවට එන්න කීවා...ඉන්න තැනක් ඕන වෙන්නේ නැනේ එහෙනම් කියලා ඔන්න විවෙකාගරේට ගියා....(කාන්තා පිරිමි දෙකක් තිනවනේ) ඔකටම යන්න තව අම්මල තාත්තල පොඩි ළමයි ගොඩයි කොහොම හරි...ඔන්න ඉතින් කට්ටිය මුහුණ කට එහෙම හෝදලා ඇදගෙන ආවා දැන් යන්න කියලා...අපි  5 ක් නේ... ත්‍රිවිලර් කාරයෝ යන්න බැලූ ..ඔන්න ගාන වැඩියෙන් දෙන්නම් කියලා එතනට ගියයි කියමුකෝ.....
               හ්ම්...අපේ ආරක්ෂක අංශයේ ඉන්න අයගේ සත්කාරනම් කියලා වැඩක් නෑ....බහිනකොටම පාසින් අවුට් එකටද..එහෙනම් මේ පැත්තෙන් යන්න...එතනින් ඉස්සරහට ගියාම මේ පැත්තෙන් යන්න...කොහොම හරි අපි ගෙනිච්ච් බැග් වත් චෙක් කලේ නෑ.....ඉහලම සත්කාර දෙමාපියන්ට දුන්නා.....අපි එතනට යනකොට අපේ ස්කොලේ අනිත් කට්ටිය ඇවිත් න...එත් අපිට ඇතුලට යන්න කිව්වා......අම්මෝ සෙනග...වැඩිවෙන්න තැනකුත් න...හැම පුටුවක්ම පිරිලා...අන්තිමේදී කොහොම හරි යකඩ පුටු වගයක් ගෙනත් බැවා කට්ටියට වාඩි වෙන්න....අපිත් ඔන්න පුටු ටිකක් අරන් ගිහින් වැඩි වුන හෙවනක් යට.......හික්ස්...ගහක් යට...(කාක්කෙක් ජරා කලා මගේ පුටුවට මන් ටිකකට නැගිට්ට වෙලේ...ඊයා.......හොඳ වෙලාවට නැගිටලා උන්නේ...නැත්නම් ඉවරයි...) ඔන්න උත්සවේ පටන් ගත්තා......  ශිෂ්‍යභට නියෝජ්ජ්‍ය අධ්‍යක්ෂක තම විශේෂ ආරාධිත අමුත්තා වුනේ......මෙන්න උත්සවේ චායාරුප ටිකක්............                                                                  
                           





   නාවික හමුදාපති ධර්මාශෝක නාවික කැඩෙට් නිලධාරි කුමේෂ් හා සාකච්චාව






                                     මගෙ මල්ලි...........

අපේ වැඩකාරයො 5 වෙනි ස්ථානෙත් ගත්තා පාසල් 40 න්........
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....