Tuesday, July 26, 2011

මගේ හීනෙ...........

හ්ම්...මේක මන් ඊයේ රෑ දැක්ක හීනයක්....කොතනින්ද පටන්ගන්නේ කියල මතක නෑ...එත් මෙහෙමයි...

ඔන්න අපි කොහේ හරි දුර ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා කොටුව ස්ටේෂන් එකේ ඉන්නවා...කවුද මේ අපි කිවේ...මේ අපි අනේ...බස් පදින අපි....කොහොම හරි මට මතක මෙතනින්, මාරයා අයියා, මරණේ අයියා (දැකල ඇති..එත් මතක නෑ..නිකම් ලාවට මතකයක් තියනවා..ඒ රුපෙන් දැක්කේ.), මඩයා නොහොත් අසේල අයියා, පණුවා නොහොත් අනුරාධ අයියා, ආ අභීත අයියා, සොලෝ අයියා..(ෆොටෝ වලින් රූපේ දැකල),ප්‍රියා අයියා, ආසිරි අයියා,ගයාන් අයියා(දගයා), ජේ.ඩි අයියා,වැප් අයියා, ශානු, සුදු අක්කා, තනොජා අක්කා, සිහින මල්ලි, රන්දුන අක්කා, හසී අක්කා, තා......ආ ජයනි අක්කා, බුල්ටෝ අයියා, නවිය අයියා..(රූපේ ටිකක් බොදයි ..) ...අනේ තව හිටිය මන් නොදන්නා එත් එස්.බි.යු එකේ දැකපු අය...
 දැන් මොකද්ද සින් එක...අපි හැමෝම හොහේ හරි යන්න ලෑස්ති වෙලා බඩු බැග් තියන් ඉන්නවා අපිට බුක් කරපු ට්‍රේන් එක එනකම්...තාම නෑ..පරක්කුයි කිය කියා කට්ටිය සංවිධායක මණ්ඩලේට බණිනවා....එකේ හිටියේ කවුද කියලනම් මතක නෑ...කොහොම හරි දැන් කට්ටිය රංචු ගැහිලා එක එක කතා කියා කියා විකාර කර කර ඉන්නවා....හිනා වෙනවා...කෑ ගහනවා, බොරුවට රණ්ඩු කරනවා...එක විකාරයි....

හික්ස්...ශෝක් අප්පා.....
කොහොම හරි මාව මේ පාර ගෙදරින් තනියම එවල තියෙන්නේ. ඒ මොකෝ කවදාවත් නැතුව...නෑ මේ අපේ තනොජා අක්කා ඉන්නවනේ..එයත් අම්මා කෙනෙක් නිසා අපේ අම්මට කතා කරලා මගේ වගකීම භාර අරන්...හික්ස්....එයා එක හැමෝටම කියනවා..මන් එපැයි සීනිව බලා ගන්න කියල... :) හික්ස්......

කොහොම හරි මෙතැනදී මාර වැඩක් වෙනවා.....
හැබහින්නම් වෙන්න එපා කියලයි ප්‍රර්ථනා කරන්නේ..මොකද්ද දන්නවද.....අපේ අසේල අයියා එක පාර අසනීප වෙනවා....දැකපු විදියටම කිවොත්, කලන්තේ දාල වැටෙනවා...කට්ටිය ඊට පස්සේ බය වෙලා හොස්පිටල් ගිනිහින් හෙන යුද්ධයයි...ඊට පස්සේ ඩොක්ටර්ස්ලා  කියන විදියට ලොකු ලෙඩක්.....කට්ටි අරෙහෙට දුවනවා...මෙහාට දුවනවා....

බලා බලා බලා.....

බ්‍රාස් .......ඒ මොකද්ද ඒ...අපේ අම්මා ඇවිත් මගේ මේස ලාච්චුව ඇරියා...අනේ ඉතින් මට ඇහැරුණා...අන්තිමට මොකද දන්නේ නෑ වුනේ....කොහොම නමුත් මේක හීනයක්ම වෙන්න කියල පතනවා...අසේල අයියේ...ඔයාට මුකුත් අසනීපයක් නෑ නේද...පරිස්සමින් ඉන්න....


38 comments:

  1. හෆොයි හයානක හීනයක් නොවැ..

    ReplyDelete
  2. ඒ කියන්නේ ඕං ලඟදීම SBU ගෙට් එකක් එනව වගේ..

    ReplyDelete
  3. අසේලට එහෙම වෙන්නෙ නැ සීනි. කොච්චර අමාරු උනත් ඒ බව පෙන්නන්නෙ නැතුව ඉදීයි ගමන ගිහින් එනකල්ම. අන්න ඒ වගේ කොල්ලෙක් අසේල කියන්නෙ.

    ඇත්තට ඒ වගේ ගමනක් යන්න තිබුනනම්... අවුරුදු උත්සවේ හීනෙ වගේ මේකත් ඇත්ත වෙයිද ?.....

    ReplyDelete
  4. මම ඉදලා නැහැනෙ ..ඒකයි හේතුව...මම හිටියා නම් ඔහොම දෙයක් වෙන්නෙ නැහැ

    ReplyDelete
  5. මට කිසිම ලෙඩක් නැ‍තෝ. මේ ටිකේ අපේ ලොක්කා සහ කස්ටා ලංකාවෙ නිසා සද්දයක් නැත්තේ

    ReplyDelete
  6. ඒක තමයි. භයානක හීනයක්නෙ. කාටවත් කාදරයක් වෙන්න එපා කියල මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  7. හෆෝ............. හීන දකින්න එපා අෆ්ෆා පේනවානේ එක්කෙනෙක් හීන දැකලා නතර උන තැන

    ReplyDelete
  8. අනේ ඉතින් ...මන් කීවද අසේල අයියට ඔහොම වෙන්න කියල...එක හීනයක් නේ අෆ්ෆා...මන් දන්නා විදියට නවී අයියා කිව වගේ අසේල අයියා කියන්නේ හොද ෆිට් අයියා කෙනෙක්.....

    නෑ නෑ..නෙරන්ජි ඔයා හිටියා.....

    හිතල හින දකිනවද අප්පා...නැනේ....

    ඒක තමා මාත් ප්‍රර්ථනා කරන්නේ...කාටවත් කරදරයක් නම් වෙන්න එපා

    අලි අලි රංගයියේ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්නකෝ

    ReplyDelete
  9. කනිෂ්ක මල්ලිව මතක නෑ අනේ...අපරාදේ නේද .....

    ReplyDelete
  10. අම්මෝ පුදුම හීන නේ මේකාත් දකින්නේ.
    මට නම් ඔය වගේ භයානක හීන පෙනිලම නෑ.

    මාත් කාලයක් හීන කතන්දර ගැන ලිව්වා. හීනෙන් ඇවිදින එක ගැනත් ලිව්වා.

    ReplyDelete
  11. අඩේ මමත් ඉඳලා.. ශෝයි ශෝයි....
    සිහිනයක් දකිද්දි මාව කොහොම අමතක වෙන්නද නේද අක්කෙ...??
    අපි කට්ටිය ඉක්මනටම සැට් වෙයි එහෙනම්...

    ReplyDelete
  12. අපි ඉතිං ඔඋට්වොනේ. ඕගොල්ලො අපිව එක්ක යන්නෙ නෑනෙ ට්‍රිප්... :(

    ReplyDelete
  13. හිනේ හිනයක්ම වේවා කියලා පතනවා සිනි..

    ReplyDelete
  14. මේකා නෙමේ මධුරංග මෙකි....හික්ස් :))...අනේ මටත් මේ පෙනුනමයි මේ වගේ එකක්....
    ........................
    සිහින නැතුව හින දකින්න බැනේ....
    ........................
    ඔයා ඔට්ටුවෙක් නෙමේ...ලංකාවේ නැනේ ඉතින්....
    .........................
    ට්‍රිප් ඒක යන ඒක සැබෑවක් වෙලා අසේල අයියා ලෙඩවෙන ඒක හීනයක්ම වෙන්න කියල තමා මාත් පතන්නේ.....
    .........................
    දැනට නම් හීනයක් මකුළු ......

    ReplyDelete
  15. ශා මමත් ඉඳලා... එල එල ;)

    ReplyDelete
  16. අම්මෝ..මාර හිනයක්නේ..මං වගේ නම් ඉතුරු ටික බලන්න අයෙත් නිදගන්නෝ..:D

    ReplyDelete
  17. හික් හික් හික්...හසී අක්කා නැතුව ගතියක් නැනේ...අක්කද මන්ද සංවිධායක මණ්ඩලේ හිටියේ.....:)) ;)
    ...................
    අපෝ බැනේ මල්ලි...අපේ අම්මගෙන් හොද බැනුමක් අහගන්න තිබුණා....

    ReplyDelete
  18. කෙනෙක් මාව ඔය හීනෙන් දැක්කමද කොහේද... හෙහ් හෙහ්....

    ReplyDelete
  19. හික් හික් . . . . මට හිතාගන්න පුලුවං අසේලයට හැදුන ලෙඩේ . . . . . අභියත් එනව දකින්න ඇති කැමරාවක් එල්ලගත්ත සෝරෝ එක්ක . . . . . ආයෙ ඉතිං ඊට පස්සෙ අසේලයට කලන්තෙ නොදා හිටියොත් තමා පුදුමෙ . . . .

    ReplyDelete
  20. වැඩේමයි මෙයාව හීනෙන් දකින්න....:p ;)
    ..............................
    ඒ මොකද ඒ ඕනයියේ.....අභීත අයියව දැක්කම එහෙම වෙන්නේ....;)) :-o

    ReplyDelete
  21. කිසිත් නොකියමි.. ඔයා පරිස්සම් වෙන්න ඔයාටයි අපල

    8-} කියන්න ගිය දේ කියන්න බෑ

    ReplyDelete
  22. අඩෝ ඕනයෝ.... උඹට ඊරිෂියයි නේ උඹ හිටියේ නැති එකට....... :D

    ReplyDelete
  23. මමත් කිසිත් නොකියමි............ ;)

    ReplyDelete
  24. හික්ස්....එයත් ඉන්න ඇති සොලෝ...රුපෙනේ මතක නැත්තේ....අවුරුදු උතස්වෙට ආවනම් ඉන්න ඇති අනිවා

    ReplyDelete
  25. බලන්නකෝ මේ මාවත් හලලනේ කෝච්චියක යන ට්‍රිපක් මාව හලල ගිහින් :(

    ReplyDelete
  26. අපිනම් ඉතින් ඔය හිනේ කැල්ලකවත් ඉදලා නැතුව ඇති... මොකද බස් පදින්න මට තෙරෙන්නේම නැනේ අප්පා.... ඔන්න යන ගමනක් අපිටත් කියන්න හොදේ

    ReplyDelete
  27. අපූරු හීනයක් නෙ....

    ReplyDelete
  28. ඉහි ඉහි,, මාත් නෑ,, මාව හලලා කට්ටිය හොරෙන් ට්‍රිප් එකක් යන්න නේ හදන්නේ.. :(
    හීනේ දැක්ක කෙනා පරෙස්සම් වෙන්න ඕනේ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ සි නි, ඒ නිසා ඔයා පරෙස්සම් වෙන්න. කාටවත්ම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  29. දැම්ම ලෑස්ති වෙන එක හොඳයි වගේ එහෙනම් අසේලයා කලන්තේ හැදෙන එකට :-D

    ReplyDelete
  30. අනේ චන්දික අයියා.....සොරි හොදේ...ඔයාව මතක නෑ හිටියට...එත් අවුරුදු උත්සවේ හියියන්ම් අනිවා ඉන්න ඇති ඔයත් :))
    ...........................
    දෙව් අයියා අවුරුදු උත්සවේට අවේ නැනේ..මන් දැක්කේ ඒ අයව...ට්‍රිප් එකක් ගියොත් ඔයාටත් කතා කරන්නම් කෝ :) :)
    ..........................
    හික්ස්...ඔව් දිල් අක්කේ :)
    .........................
    ප්‍රර්ථනා ආවද එස්.බි.යු එකට...හා හරි කමක් නෑ...හීනෙන් හැලුනට හැබැහින් ගියොත් කියන්නම් කෝ ;))
    ..........................
    අනේ මරණේ අයියේ....ශෝක් යාළුවා තමා ;)) ;)

    ReplyDelete
  31. අපූරු හීනයක් නංගි... කට්ටියට එකතු වෙන්න ආයේ ඔය වගේ අවස්ථාවක් හැබෑවටම එනවනම් කොච්චර හොඳද ?

    ReplyDelete
  32. හීන දකින එක හොදයි නේ..අප්පා.
    ඒ කියන්නේ ..සැපට නින්ද යනවා කියන එකනේ...

    ReplyDelete
  33. අනේ වැඩේමයි මට මෙයාව බලාගන්න... ඔන්න ෂුට්ටි කොළු පැංචෙක් නම් සදහටම බලාගන්නවා... මට මදිවටයැ මේ කෙලි පැංචියෙක්...

    ඕන නෑ.. ඕන නෑ.. හීනෙන්වත්... :)

    ReplyDelete
  34. හික්ස්...එක නම් ඇත්ත sansarasidu අයියා :)
    ..............
    හොදට නින්ද යනවද මන්ද...හීන නම් දකිනවා :)
    ...............
    ඉහි ඉහි...මන් අඬනවා.......තනොජා අක්කට බැලූ මගේ වගකීම බාර ගන්න.....:(( :(

    ReplyDelete
  35. මරු හිනයක්නේ දැකල තියෙන්නේ ... පරිස්සමෙන් ..

    ReplyDelete
    Replies
    1. හම් හම්....ඔන්න ආයෙත් සයිබර් හමුවක් තියනවලුනේ.....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....