ආදර හිත් දෙකක් වෙනතක ගිය කතාව......
පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.....
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රෝහල් කාමරය තුළදී කාවිංගට තුරුළු වු ඇය කියවන්නට වූවාය.
“මාව තුරුළු කරගන්නකෝ මැණික....මට හරි බයයිනේ.....”
“හරි පණ මේ තුරුළුකරගත්තා....ඇයි මැණික බය....?”
“නිදාගත්තාම නපුරු හීන පේනවා....ඔයා මාව දාලයනවා
වගේ......”
තමා ඇයව ජීවිතයේ අතරමංකර දමා ගිය බව ඇයට
නොතේරුණත් ඇත්ත එයම නොවේදැයි ඔහුට සිතුණි. නමුත් එය දැන්ම ඇයට වටහා දිය නොහැකි බව
දන්නා නිසා ඇයව සැනසීමට පටන්ගත්තේය.
“නැ නැ මේ මන් ලඟ ඉන්නවනේ....දැන් හරිනේද.....?”
“හා හා හරි.....හම් හම්....බඩුවක් ඉල්ලන්න දෙනවද.....?”
“මොකද්ද මැණික….?”
“ලොකූ...ඌ
ඌ .....උම්මා එකක්......දෙනවද...?”
මේ අවස්ථාවේ කළ නොහැකි දෙයක් වුණත් ඇයගේ ඉල්ලීමට පිටුපෑ නොහැකි නිසාත් ඇයට
සිද්ධ වු දේ දැනගැනීමට නම් පෙර මෙන් ඇයට ලංවීය යුතු බව ඔහුට වැටහුණි.
“අනේ
හා මැණීක....දෙන්නම්....කොහාටද ඕන…?”
“නළලට....අර
ඔයා ගොඩාක් ආදරෙන් දෙන්නේ...ඒ විදියට ලොකු එකක් ඕන....හම්....”
තමා දෙසට හිස නැඹුරුකර පපුවට තවත් බර වු ඇයව පෙරදා මෙන්ම ඔහු ගොඩක් ආදරයෙන්
තුරුළුකරගෙන නළලට හාදුවක් දුන්නේ මෙතෙක් කල් ඇය නැතිව පාළුව තිබුණ හිත පෙර මෙන්ම
ආදරයෙන් පුරවාගනිමිනි.....පිස්සියක වුවත් ඇය තමාගේය....හැම දුකක්ම තමා වෙනුවෙන්
විඳි තම පෙම්වතියය. තමා නිසා ඇයට මෙසේ වී ඇති බව ඔහුට දැන් දැන් තේරුණේ සිත
පසුතැවිල්ලෙන් පුරවමිනි....
“හම්
හම්....පණ, මෙතනින් හාන්සිවෙන්නකෝ.....” ඇයගේ ඇඳ පෙන්වමින් කීවාය.
“ඇයි
මැණික, මොකටද?”
“මට
දොයියන්න...හම්...ඔයාගේ පපුව උඩ, මන් ආස එහෙමනේ....”
“අනේ
සුදු මැණික බලන්නකෝ මන් හොඳ සූට් එකක් ඇඳන්නේ ඉන්නේ. දැන් හාන්සි වුණාම ශර්ට් එක
පොඩිවෙනවනේ.....”
“හම්....” නාළු කරගත් මුහුණින් අහක බලාගන්
ඇය, “ එහෙනම් වෙනදා වගේ ශර්ට් එක ගලවන්නකෝ.....”
“අනේ
ඒකත් කරන්න බැනේ....බලන්න...ශර්ට් එකට යටින් මන් බැනියමුත් ඇඳලනේ…”
“ඉතින්
ඒකනේ...ඔයා වෙනදට එහෙම අඳින්නේ නැනේ...” තවමත් ඇය
නෝක්කාඩු ස්වරූපයෙන් අහක බලන් කීවාය.
ඒ අතරම කුමක් කරන්නදැයි ඇයට නොපෙනෙන්නට වු දොස්තර මහේන්ද්‍රෙගන් විමසන්න
කාවිංග අමතක කළේ නැත. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසුවේ ඇය කියන දේ කරන්නට කියාය.....
“හරි
මැණික, එහෙනම් මන් මෙහෙම හාන්සි වෙන්නම්....ඔයා දොයියන්නකෝ.....”
හිනා කටක් පුරවා ඔහු දෙසට හැරුණ ඇය එහෙමම ඔහුගේ පපුවට නැවත වරක් තුරුළු
විය....
“ඒකනේ...මන්
දන්නවා ඔයා බැ කියන්නේ නැ කියලා.....”
එසේ පැවසු ඇය දෑස පියා ගත්තේ සැනසීමෙන් මෙනි....
ඇයට එලෙස සිටින විට නින්ද යන බව දන්නා කාවිංග දොස්තර මහේන්ද්‍රට ඒ බව කීවේ
ඇයට නොතේරෙන ලෙසය.
ඇයට නින්ද යනතුරු ඔහුට ඉද පසුව ඇවිත් ඔහුව හමුවෙන ලෙස කී වෛද්‍යවරයා නර්ස් සමග කාමරයෙන් එළියට ගියේ කාමරයේ දොරත් වසමිනි.....
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ඇයට තුරුළු වුණ මොහොතේ එදා ඒ වතෙන් විඳි උණුහුම අදද නොඅඩුව දැණුන ඔහුට අතීතය සිහිවීම කාට නම් නැවතිය හැකිද?
එදා අහම්බෙන් තමා ඇයට උදව් කිරිමෙන් පසු තමා සමග දොඩමළු වු මෙහොත ඔහුට අද මෙන් මතකය....
“අයියා මොන ඉයර් එකේද….?”
“ඇයි නංගි මාව ඉයර් එකකට දාන්නද….?”
“මොකක්….?”
තමා එදින කිවු ගොඩක් දේවල් ඇයට නොතේරුණ බව
ඔහුට මතක් වී මුවගට සිනා නැගුණි....
“අයියා කාලද ඉන්නේ.....?”
“අයියනම් කාලා නැ.....”
“මන් ඇහුවේ ඔයා කාලද කියලා….?”
“ආ ආ ආ...මන් ද? මන් තාම කාලා නැ...කොහේ කන්නද....ලොරි
බාගෙකට පෙට්ටියක් උස්සගන්න බැරිව හිටියනේ....ඒකට තල්ලුවක් දෙන්න ගියා.....”
“අනේ හරි නරකයි....බැ කීවනම් මන් කොහොම හරි අරන්
යනවනේ....මොකටද උදව් කරන්න ආවේ....”
“අප්පේ අරගෙනම යයි කියලා සැක තිබුණ නිසයි උදවු
කළේ....නැත්නම් බලාගන්න තිබුණා....”
මුණත් නරක් කරගෙන ගස්සා අහක බලාගත් ඇය
සැබැවින්ම තමාට ලස්සනට පෙණුන වග ඔහුට මතක්විය.....ගමේ තාලයට ගවුමක් ඇඳ, කොණ්ඩය තනි
කරලට ගොතා සිටි ඇය නගරයේ වු විච්චුරණ වලට හසුවී නොතිබුණි.....සැගවුණ ලස්සනක් තිබුණ
ඇයගේ ඒ ලස්සන තමා ඔප දමා ඉදිරියට ගෙනා වග සිහිවී ඔහුට පුංචි ආඩම්බරයක් සිතට දැණුනි.
ඒ ලස්සන අද වෙනවිට වියකී ගොස් නොතිබුණත් පිරිපුන්ව
සිටි ඇය බොහෝ කෙට්ටු වි, වෙනස් වී ඇති බව තම වතට තුරුළු කරගත් ඇයගේ සිරුර දෙස බැලූ
කාවිංගට පෙණුනි. ඇයව ඉක්මණට සුව කරවා සමාජයට දැමීමට පෙර එදවස
මෙන් ඇයව ලස්සන කළ යුතු බව ඔහුට සිතුණි.....
නැවතත් අතීතයේ සිත රැන්දු ඔහු ඒ සොදුරු
සිදුවීම් එකිනෙක මතක් කළේය.....
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ලෙසටම ලියලා තියෙනවා
ReplyDeleteතැන්ක් නංගියෝ.....
Deleteහරිම හොඳ ට ලියා තියේ
ReplyDeleteස්තුතියි නංගි.....
Deleteකතාව ඉවර උනේ නෑනේ??
ReplyDeleteනැ නැ....තා තියනවා.....
Deleteඔන්න මම ආවා මෙන්න මම ගියා :P
ReplyDeleteආවා ගියා විතරද? කියෙව්වෙ නැද්ද?
Delete