ප්‍රදර්ශනයකදී අහම්බෙන් ඔහුට මුණගැහෙන ඇය නවෝද්‍යා....
අද එතැන් සිට....
පෙර කොටස් සඳහා.....සිතුවිලි අතර....
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
“අපිට තමා අනිත් යුනිවසිටීස් වලින් එන අයට හෙල්ප් කරන්න
තිබුණේ...එතනදි මන් සෙට් වුණේ රුහුණේ අයට....නවෝ ආවේ මොකද්දෝ ලොකු පෙට්ටියක්
උස්සගෙන...කෙල්ලට ඒක බර වැඩියි....ඉතින් මන් හෙල්ප් එකක් දුන්නා අනිත් හැමෝටම
කරනවා වගේ....”
“කියන්න තරම් විශේෂ ලස්සනක් වෙනසක් නැතත් අනිත් අයත් එක්ක
ගොඩක් සුහදව ඉන්න චරිතයක් කියලා එදාම තේරුම් ගත්තා...”
“එයාලා දකුණෙනේ.....කතා කරන්නේ හරි අමුතු විදියට ඇදලා
පැදලා....”
අතීතයේ එදවස් සිහිවීමෙන් ඔහු මුවග නැගුන
සිනහව එදවස ඔවුන් අතර තිබු සැහැල්ලුව අනිත් දෙදෙනාට මනාව අවබෝධ වුණි....
එකවරම දොරට තට්ටුකර ඇතුළට ආ හෙදිය දැක
කාවිංගට උන් තැනින් නැගිට්ටුනි....ඔහු ඇසීමට සිටි ප්‍රශ්නය ඔහු ඇසීමට පෙර දොස්තර
මහෙන්ද්‍ර ඇසුවේය.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
“රේඛා....පේශන්ට සිහිය ආවද....”
“ඔවු ඩොක්ටර්....ඒ වුණාට ඇස් අරින්නේ නැ....සිහි ආපු
හැටියෙම කිවේ, මහත්තයෝ, පණ, මැණික....ඔයා ඇත්තටම මගේ ලඟද...අනේ මගේ අත අල්ලගන්න,
කියලා....සිහි ආපු හැටිය කියන්න කීවනේ....”
“ආ හරි නර්ස්...ඔයා එතනට යන්න...අපි එන්නම්....”
කාවිංග එවෙලේම පිටවී යාමට සිටියත් දොස්තර
මහේන්ද්‍ර එසේ පැවසු නිසා දෙපා නැවතුණි....
“අ...අපිත් අපිත්
යමුකෝ ඩොක්ට...” නර්ස් පිටවී යනකම් බලා සිට පැවසුවේය.
“හරි හරි අපි යන්න තමා හදන්නේ...කාවිංග කලබල
වෙන්නෙපා...එහෙම වුනොත් අපිට මුකුත් කරගන්න වෙන්නේ නැ....තේරුණාද….?”
“ඔවු ඩොක්ට....”
“මන් දන්නවා හදිස්සියි කියලා...හරි අපි යන්කෝ...”
කාවිංගත් දොස්තර මහේන්ද්‍රත් ප්‍රධාන හෙදිය
වු මිසිස් විරසේකරත් නවෝද්‍යාගේ කාමරයට එකවරම ඇතුල් විය.
“හරි නර්ස්...දැන් ඔයා යන්න...ඕන වුණොත් කතා කරන්නම්....” දොස්තර මහේන්ද්‍ර එතන සිටි නර්ස්ට සෙමින් කීවේ නවෝද්‍යාට නොඇසෙන
ලෙසය...
කාමරයේ ඔවුන් තිදෙනා පමණක් ඉතිරි
විය...සෙමින් කාවිංග ලඟට ලං වු දොස්තර මහේන්ද්‍ර ඊලඟට කළ යුතු දේ පිළිඹඳ සෙමින් උපදෙස්
දුනි..
“කාවිංග දැන් හෙමින් පේශන්ට් ගාවට ගිහින් ඔයා වෙනදට කතා
කරන විදියට එයාට ආදරෙන් කතා කරන්න....ඕකේ...එයාට දැනෙන්න අරින්න ඔයා එයා ගාවමයි
කියලා....ඔය දෙන්නා අතර මුකුත් වුණේ නැති ගානට ඉන්න...”
“හා ඩොක්ට...”
“ඊළඟ හෙමින් සැරේ එයාට මොකද වුණේ කියලා විස්තර දැනගන්න....දැන්ම
ඒක කරන්න බැරිවෙයි...දවස් දෙක තුනක් උත්සහ කරලා බලන්න...හරි...දවසගානේ මට ප්‍රොග්‍රස්
රිපෝට් එක ඕන....”
“අනික ඔය දෙන්නා අතර වුණ හැම දෙමත් මට දැනගන්න ඕන....අද
හවස මාව ගෙදරදි මීට් වෙන්න....හරි දැන් යන්න ගිහින් කතා කරන්න....”
“නර්ස් එන්න අපි ටිකක් පැත්තකට වෙමු...එයාට අපි ඉන්න බවක්
අඟවන්න හොඳ නැ....”
ඔවුන් දෙදෙනා කාමරයේ නවෝද්‍යාට නොපෙනෙන
පැත්තකට වෙද්දි කාවිංග සෙමින් නවෝද්‍යාට ලංවුණේ මේ අහිංසකාවියගේ ජීවිතය තිබෙන්ණේ
තම අතේ බව සිතමිනි.....
ඇද අසලට ලං වී නවෝදයාගේ අතින් අල්ලා ගත් ඔහු,
“මැණික.....බලන්න...මන් ඔයා ලඟ ඉන්නවා....”
මෙතෙක් වෙලා දෑස වසා සිටි ඇගේ මුවට ලස්සන
සිනහවක් නැග ආවේ ඔහුව අඳුරගත් බවට සාක්ෂි නගමිනි.....
“බලන්නකෝ ඉතින් ඇස් ඇරලා...ඔයාගේ මහත්තයා ඔයා ලඟ
ඉන්නවනේ....”
“බෑ මන් ඇස් අරින්නෙම නැ......”
වෙනදා මෙන් තමා හා හුරතල් වන තම පෙම්වතිය දෙස
බලා සිටි කාවිංග දොස්තර මහේන්ද්‍ර දෙස බලා දැසට නැගි කඳුලක් පිසදැන්මේය.....
“අනේ ඔන්න නෝටි ගර්ල් කෙනෙක් වෙන්න හදනවා....එහෙනම් මන්
ඕන නැනේ....මන් යනවා.....”
එකවරම දැස් ඇරි ඇය ඔහුව බදාගත්තේ කිසිවෙකුට
සිතීමටවත් ඉඩ නොතියාය....
කලිනුත් කියලා ගියා වගේ සිරාවටම ඇඩෙනවා.
ReplyDeleteඉක්මනට ලියන්න අනිත් ඒවා ටික.
ස්තූතියි ගොඩාක්.....
Deleteඉක්මණටම දාන්නම්කෝ......
හ්ම්..හ්ම්..ලියන්නකෝ අක්කියො.
ReplyDeleteලියනවා ලියනවා...පුළුවන් තරම් ඉක්මනට ලියනවා.....
Deleteආසාවෙන් කියෝනව..ලස්සන කතාවක්..
ReplyDeleteස්තුතියි.....හැමදාම එන්නකෝ කියවන්න
Deleteකියෙවුවා... ඉතිරිය???
ReplyDeleteමොකෝ නිකම් ගහගන්න වගේ......කතාව හොඳ නැද්ද අයියේ.......
Deleteපිස්සු හැදිලා අයෙත් හැදෙනවා අක්කෙ... පට්ට ලස්සනයි...... ඊළග කොටස ඉක්මනටම ඕනි..
ReplyDeleteතැන්කු තැන්කු මස්සිනේ....
Delete3, 4, 5 අදයි කියෙව්වේ.. අමතක වෙලාම තිබ්බේ.. සමාවෙන්න නංගා.. කථාව හොඳයි.. මෙගා ටෙලියක් වගේ වේද සැකයි... ;)
ReplyDeleteසමහර තැන් තියෙනවා හදාගන්න.. අර 3 කොටසෙද කොහෙද කලන්තෙ දා ඇද වැටුන කථාව.. එතනට ඊට වැඩිය හොඳ වචනයක් දාන්න තිබ්බා ඔයාට.. නොදන්නව නෙවීනෙ... හැබැයි මේ 5වන කොටසෙදි අනිත් කොටස් වලට වඩා දියුණුවක් පේනවා... සුභපැතුම්..
ස්තුතියි තනෝජා අක්කේ.....වැරදි හදාගෙන ඉස්සරහට යන්නම්කෝ...
Deleteමෙගා කරන්නේ නම් නැ...ඒත් ටිකක් දිග වේවි....