Tuesday, May 31, 2011

රුව නුබයි මා දිවියේ...........

හිරු කිරණක් වී 
හිතම එකලු කල
රුව නුබයි මා දිවියේ...........

චාමරයක් විය නුඹ මට
සන මා සිතේ දාහය
ඳුල මා නෙතින් වියලුව.......

Thursday, May 26, 2011

Sweet Heart...................I Love You.....




Only You..
to hold me tight
and love me gently
through the night..........

Only You....
to be a part of secrets
held inside my heart......

Only You....
to share each kiss 
that brings me
lasting happiness.

Only Me and Only You
a perfect world
of dreams come true....

Sweet Heart , 
You'll always be the 
only one for me...!!!

Wednesday, May 25, 2011

නොබිදුන පැතුමන්...........08 කොටස

අර්චනා  කැටුව  කාමරයට  මධුමාලි අර්චනා දෙස බලා සිටියාය. 
"ඇයි  මිස් මධු  මන් දිහා ඔහොම බලන් ඉන්නේ."
"නෑ......මට මේ කිසි දියක් තේරෙන්නේ නෑ.මට කියන්න ඔයා කවුදකොහොමද සර්  දන්නේඑයාගේ ෆැමිලි එක ගැන දන්නේහැමදෙම්.මන් පැටලිලා ඉන්නේ."
"ඇයි අනුහස් සර් මොකක් හරි කීවද"
"නෑ...නොකිය කියන දේවල් නිසා මන් අවුල් වෙලාඒකයි ඔයාගෙන් ඇහුවේකියන්න බැරිනම් මන් ආයේ අහන්නේ නෑ."
"නෑ නෑ මිස් මධු එහෙම දෙයක් නෑ."

"මේ මුලින් ඔයා මිස් කෑල්ල අයින් කරගන්නමධු කීවාම හොදටම ඇතිඅපි දෙන්න දැන් එකට වැඩකරන්න යන්නේ." මධු හරිම සැහැල්ලුවෙන් කියා දැමුවාය.

"හ්ම්....හරි..මන් එහෙනම් මිට පස්සේ මධු කියන්නම්කො.."
"ගුඩ් ගර්ල්දැන් කියන්න එහෙනම් "
"කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිත ගන්න බෑ මධු." අර්චනා කිවේ මධුට ඔවුන් ගැන කිවයුතුද සිතමිනි.නමුත් තමාව සෙවීමට අනුහස් මධුමාලි සමග පැමිණියේ අයව විස්වාස කල හැකි නිසා බව අර්චනට සිතුනි.
"අනුහස් කියන්නේ පුංචි කලේ... කියන්නේ මන් ඉපදුන  ඉදන් මට අවුරුදු 10 ක් විතර වෙනකම්ම මට හිටපු හොදම යාළුවාසහෝදරයාආනන්ද මමයි අපේ තාත්තියි වැඩකලේ එකට කොම්පැනි එක වැහුව වැඩකරන ඇයට වන්දි දීලඊට පස්සේ මාමල කොලබ අවා පවුල පිටින්ම.අපේ තාත්ත ගම දාලා යන්න කැමති උනේ නෑ..එයාලා මෙහෙ ඇවිත් දියුණු උනා.  අපි එක තැන නැවතුණානැන්දයි මාමටයි දුවල නැති නිසා එදත් මන් එයාලගේ දුව උනා... බැදීම අදටත් එහෙමයි. නමුත් එක්කෙනෙක් ගොඩාක් වෙනස් වෙලා." අර්චනා ඇයගේත් අනුහස්ගේත් අතර ඇති සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කළාය.
"කවුද වෙනස් වෙලා කිවේ....සර් ?"
"හ්ම්ම්..."
"අනේ මන්දා...සර් ගොඩක් වෙනස් පුද්ගලයෙක් නම් තමා. එකම එක යාළුවයි මන් දාන්න තරමින් ලගින්ම ආශ්රය කරන්න....මේකේ වැඩ කරන අයට උනත් කෙලින්ම එයාව මීට් වෙන්න බැ. ස්පෙෂලි ෆොර් ගර්ල්ස්. කවුරු සර්ව මිට වෙන්න ආවත් මට කියල මගේ මාර්ගයෙන් ඕන එයාව මීට් වෙන්න ඕන....මහා පුදුම නීති තියෙන්නේ.ඔයාටත් මේවට දැන් පුරුදු වෙන්න වෙනවා.මට උනත් ඔෆීෂියල් දේවල් විතරයි කතා කරන්න පුළුවන්. පුදුමයි ඔයාගේ ප්රශ්නෙදි සර් මා එක්ක මෙහෙම කතා කළා."මධුමාලි අරචානට අනුහස්ගේ කාර්යාල ජීවිතය ගැන පැහැදිලි කළාය.


අදින් අරබන අර්චනාගේ රැකියා දිවිය කෙසේ නම් වෙයිද......


Monday, May 23, 2011

සෙනෙහසේ සුවද...................

සෙනෙහසේ සුවද
විදිමි මන් හදපුරා........
පවසන්න මේ සතුට
වදන් සොයමි තවම මම.........
ඔබයි මට මේ සතුට
රැගෙන ආ සුරකුමරු.......
රකින්නෙමි දිවිපුරා
ඔබෙන් ලද ආදරය............ 
රැදෙන්නෙමි ඔබ ලගින් 
තිබෙන තුරු මේ දිවිය......
ආදරෙයි ඔබට මන්
මගේ පණ දෙවෙනිකොට........... .

Monday, May 16, 2011

පද තුනකි ..........

ලියන්නට කවි පෙළක්....
සිතුන මට නුඹ නමින්..........
ලිය වුනේ පද තුනකි......
"ඔබට මන් ආදරෙයි"......

නව වෙනස හා සමාව අයදිම ......

ජිවිතයේ අලුත් වෙනසක්.....අලුත් බලපොරොත්තුවක්......අලුත් සිහින රැසක් එකතු කරන් අලුත්ම අලුත් ජිවිතයකට  මන් පියමනිනවා...මෙතෙක් කල් ආදරය වෙනුවෙන් අඬලා  දොඩලා පසු බැහැල තිබුණ මගේ ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් අරන් කෙනෙක් ආවා...ජිවිතේ පතපු හැමදේම අරන් අපු මගේ ආදරය සමග මන් වෙනස් වෙන්න හිතුවා...වැරදි නෑ නේද....හ්ම්.....ඉතින් දුකම විතරක් හිමි ඒ අතීතය සම්පුර්ණයෙන්ම අමතක කරන එක හොදයි නේද අනාගතේ වෙනුවෙන්.....ඉතින් මා දයාබර මිතුරනි..........අලුතින් ලියන්න පටන් ගත්ත අහිමි මතකයන්   කතාව ඉදිරියට නොලිය ඉන්න හිතුවා....ඇත්තටම එක ලියද්දි මට මගේ යාළුවව ගොඩක් මතක් වෙනවා...ඉතින් ඒ මතක ඔස්සේ දුක හිතිලා අඬනවා....තවදුරටත් අඬල මගේ ජිවිතේ නාස්ති කරගන්න ඕන නෑ කියල හිතුවා...යාළුකම හැමදාම මගේ  හිතේ තියේවි.....කවුරුවත් මා එක්ක තරහ වෙන එකක් නෑ කියල හිතනවා...

නව වෙනස මගේ ජිවිතයට අරන් ආව "ලහියාගේ සිතුවිලි" මගේ ආදරයට ගොඩක් පින්....මන් ආදරෙයි ගොඩක්....

Tuesday, May 3, 2011

නොබිදුන පැතුමන්........... 07 කොටස


අර්චනාව සොයා ආරාමය තුලට ගිය මධුමාලිට  ඇයව සොයා ගත හැකි වුයේ බුදු ගෙට ඇතුළු වූ පසුවය.බුදු රුව දෙසට නෙත් යොමා අනිමිස ලොචනයෙහි යෙදෙන අර්චනා වෙනුවෙන් ඇගේ සිත උණු විය.


"අර්චනා"
කවුරුවත් නොහදුනන මේ විසල් පුරවරයේ තම නමින් කතා කරන්නේ කවුරුන්දැයි තිගැස්සුණ අර්චනා හැගීම කැටිවූ බැල්මෙන් හඬ දෙසට නෙත් යොමු කළාය.තමා දෙසට එන මධුමාලි දැක මෙතෙක් යටපත් කර උන් දුක හා අත්මනුකම්පාව නැවත මතු වී ආවාය.තමා දැක්මෙන් නොසන්සු වූ අර්චනාගේ දෙනෙතින් වැටුන කඳුළු දැක මධුමාලිගේ නෙතටද කඳුළු ඉනුවාය.
"අර්චනා ...අපි යමු...එන්න..."
අර්චනා ලගටම පැමිණි මධුමාලි ඇයට නැගිටින්නට සහය වෙමින් පැවසුවාය.
"මට දැන්ම එන්න බෑ මිස් මධු. දැන්ම ගෙදර යන්න බෑමට. ඇයි ඔයා මෙහෙ අවේ.
"අවේ ඔයාව එක්කරන් යන්න. අපි බය වෙලා හිටියේ ඔයා මෙහෙ නැති වුනොත් කොහේ කියල හොයන්නද කියල"
"අපි?"
අර්චනා පුදුමයෙන් මධුමාලි දෙස බලා ඇසුවාය.
"ඔවු. මමයි සරුයි. ඇයි?"
"අනුහස් ....එයත් ආවද ඔයත් එක්ක? " අර්චනා පුදුමයෙන් ඇසුවාය.
"ඔවු...සර්ට අම්මා කෝල් කරල ඔයාව අහලා. එතකන්ම අපි හිතුවේ ඔයා ගෙදර යන්න ඇති කියලා. නිසා සර් හොදටම බය වෙලා. පස්සේ මට මතක් වුණා ඔයා පන්සල ගැන අහපු එක.. නිසා කෝකටත් කියල අපි මෙහාට අවා."
මධුමාලි එක හුස්මට කියාගෙන ගියාය.
"හ්ම්ම්, නැන්දා කෝල් කරලද?
"නැන්දා..? මිසිස් මානවඩු ඔයාගේ නැන්දද? “ මධුමාලි ඇසුවේ පුදුමයෙනි. ඇයට මේ වන්නේ මොනවාදැයි තවමත් වැටහීමක් නැත.
"නැන්දා කීවට මගේ අම්මා වගේ." අර්චනා සෙමින් තෙපලාය.
"අනේ මන්ද..මට මේ මුකුත් තේරෙන්නේ නෑ. යමු යමු..සර් කාර් එකේ. දැන් බයවෙලා ඇති තවත්." අර්චනාගේ අතින් අල්ලාගත් මධු ඇයව වහනය දෙසට එක්කරන් ගියාය.
අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ  පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණා වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.
.

අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ  පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණ වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.

තම නොසන්සුන්කම අර්චනාගෙන් හා මධුමලිගෙන් සඟවා ගැනීමට නැවත කාරයට නැගගත් අනුහස් ඔවුන් දෙදෙනා කාරයට ලන්වනතුරු සිටියේය.
"සර්, අපි යමු." මධුමාලි ඔහුගේ පැත්තට පැමිණ කිවාය.
"හ්ම්ම්...ඔයා එහෙනම් ඉස්සරහින් නගින්න.එයාට පිටිපස්සෙන් වාඩිවෙන්න කියන්න.
ඔහු නැවතත් තමාගේ අහංකාර සැර පරුෂ බව හඬට ආරෝපණය කරගනිමින් පැවසුවේය. එය අසා උන් අර්චනාගේ දෑසට කඳුළු පිරුණේ නිතැනිනි. තමාට මෙතරම් වෙනස්කම් කිරීමට හේතුවක් අර්චනාට තවමත් සිතා ගත නොහැක.නමුත් ඔහු තමාගෙන් පලිගනිමින් සිටි...නමුත් කුමකටද? තවමත් අර්චනාට හරි වැටහීමක් නැත. මේ දෙස බලා සිටි මධුමාලිටනම් පුදුමයකුත් තරහවකුත් දැණුනි.
"නගින්න අර්චනා" අර්චනාට නැගීමට දොර හැර දුන් මධුමාලි ඉදිරිපස අසුනට ගියාය. ආයතනය ලගට එනකන්ම නිහඬතාව රජකළ වහනය තුල එකවරම අනුහස්ගේ හඩ  නැගී ආවේය.
"මධු මෙයාව ඔයාගේ ඇසිස්ටන් විදියට තියාගන්න. මන් මෙහෙමම ගමනක් යනවා. කවුරු ඇහුවත් කියන්න එපා. ඔකේ. "
ඔවුන් දෙදෙනා ආයතනය ලගින් බැස්සු අනුහස් එහෙමම යන්නට ගියේය.

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....