Monday, May 16, 2011

නව වෙනස හා සමාව අයදිම ......

ජිවිතයේ අලුත් වෙනසක්.....අලුත් බලපොරොත්තුවක්......අලුත් සිහින රැසක් එකතු කරන් අලුත්ම අලුත් ජිවිතයකට  මන් පියමනිනවා...මෙතෙක් කල් ආදරය වෙනුවෙන් අඬලා  දොඩලා පසු බැහැල තිබුණ මගේ ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් අරන් කෙනෙක් ආවා...ජිවිතේ පතපු හැමදේම අරන් අපු මගේ ආදරය සමග මන් වෙනස් වෙන්න හිතුවා...වැරදි නෑ නේද....හ්ම්.....ඉතින් දුකම විතරක් හිමි ඒ අතීතය සම්පුර්ණයෙන්ම අමතක කරන එක හොදයි නේද අනාගතේ වෙනුවෙන්.....ඉතින් මා දයාබර මිතුරනි..........අලුතින් ලියන්න පටන් ගත්ත අහිමි මතකයන්   කතාව ඉදිරියට නොලිය ඉන්න හිතුවා....ඇත්තටම එක ලියද්දි මට මගේ යාළුවව ගොඩක් මතක් වෙනවා...ඉතින් ඒ මතක ඔස්සේ දුක හිතිලා අඬනවා....තවදුරටත් අඬල මගේ ජිවිතේ නාස්ති කරගන්න ඕන නෑ කියල හිතුවා...යාළුකම හැමදාම මගේ  හිතේ තියේවි.....කවුරුවත් මා එක්ක තරහ වෙන එකක් නෑ කියල හිතනවා...

නව වෙනස මගේ ජිවිතයට අරන් ආව "ලහියාගේ සිතුවිලි" මගේ ආදරයට ගොඩක් පින්....මන් ආදරෙයි ගොඩක්....

23 comments:

  1. කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ මේ වගේ ආදරයක්... ඔයාටයි ගොඩක් පින්.. ආදරෙයි හැමදාටම ගොඩාක්.......

    ReplyDelete
  2. හ්ම් ඇඳුමත් අළුත් වෙලා. මල් හතයි ඈ...:D :D
    සුභ පැතුම් දෙදෙනාටම..!!!

    ReplyDelete
  3. තත්තිට මන් මුකුත් කියන්නේ නෑ.....
    ස්තුතියි ප්‍රියා අයියේ....

    ReplyDelete
  4. තාත්ති යකෝ ඒ ගමන තාත්තිත් උනාද පව් අෆ්ෆා
    ඕන එකක් සුභ පැතුම් දෙන්නටම

    ReplyDelete
  5. අයි.....ඉරියයිද :P ....තැන්කු අක්කි..........

    ReplyDelete
  6. ඉරිසියා අනේ මම කිව්වා කියලා හිතා ගන්න නගෝ වැඩේමයි ඉරිසියා කරන්න
    grrrrrrrrrrrrrr

    ReplyDelete
  7. ඔයා දන්නවනේ ඉතින් ජෝක් කියල සුදු....ඔයත් මට මේ මග යන්න අවවාද කරපු කෙනෙක්නෙ....

    බොහොම ස්තුතියි චතුරංග

    ReplyDelete
  8. අන්න හරි නංගියා ......... අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියනවානේ .......... අපි ඉන්නවා ඔයත් එක්ක .......

    ReplyDelete
  9. හැමදාම අපිත් එක්ක ඉන්න...ස්තුතියි අයියා

    ReplyDelete
  10. බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දැකලා ගියාම තමයි මතක් උනේ පහුගිය ටිකේ කියවපු දුක් කතාව තිබ්බ එක නේද කියලා


    සුබ පැතුම් සීනී අක්කේ :)

    ReplyDelete
  11. තැනක් යු මල්ලි පැටියෝ

    ReplyDelete
  12. එක හොදයි.. අමිහිරි මතකයන් එක්ක හැමදාම ජීවත් වෙන්න බෑ..
    ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  13. ඔන්න අක්කියෝ මගෙනුත් සුභ පැතුම්.....

    ReplyDelete
  14. මමත් හදවතින්ම සුභ පතනවා!!!

    ReplyDelete
  15. ඔයා කැමති ඔනේම දෙයක් ඔයාගේ බ්ලොග් එකේ දාන්න පුලුවන් නේ යාලු... අනික ඔයාට ඔයාම රිද්දගන්නවාට වඩා එහෙම කතාවක් නොදා ඉන්න එක හොදයි ...

    ඔයාගේ අලුත් වෙනසට සුබම සුබ පැතුම්..

    ReplyDelete
  16. බ්ලොග් ලියන්න ඕනෑ අඬන්න නෙමේ.
    ඔබේ සතුට දැනෙන දෙයක් ලියන්න.

    ReplyDelete
  17. ඒක ඇත්ත....නමුත් යාළුවා වෙනුවෙන් ලියන්න හිතුව....දැන් ඒ කතාව ඉවරයි...යාළුකම හැදෙ තියන් කතාව අමතක කරනවා

    ReplyDelete
  18. මම නම් කොහෙත්ම කැමති නැහැ,සිතුවිලි නිහඩ කරනවට. මම අහම්බෙන් ඔයාගෙ බ්ලොග් එකට වැටුනේ. අර අහිමි මතකයන් කියන එක කියෙව්වම මට ඒක ඉතිරියත් දැන ගන්න ආස හිතුනා. කතාවටත් වඩා ඔයා ඒක ලියන ආකාරය හරිම ලස්සනයි.

    ඒත් .......කමක් නැහැ

    ReplyDelete
  19. දිනේෂ්....තටු සිදුනු සමනලියේ...ඩිලාන්...ඔය තුන්දෙනටමනා ගොඩාක් ස්තුතියි ............

    ReplyDelete
  20. මමත් අහම්‍බන් මේ බොල්ග් එකට වැටුණු කෙනෙක්.ඒත් මම දිගටම සිතු ගේ බොල්ග් එකට ආවෙ අහිමි මතකයන් මටත් තියෙන නිසා සිතු ලියන විදිහට එක තවත් මට සමීප වුනා.සිතූ මම ඔය දෙන්නම සුභ පතනවා. මගේ බොල්ග් එකෙන් මගේ කතාව ඔයාල හැමෝටම මම කියන‍ව. මේ දවස් වල වැඩ වැඩි නිසා වෙලාව මදි.

    ReplyDelete
  21. සුභ පැතුමට ස්තුතියි ඩියර්.....ඉක්මනටම ලියල මටත් ලින්ක් එක එවන්න බලන්න .........

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....