Monday, May 2, 2011

නොවෙනස් මිතුදම .................

ඔන්න ඊයේ රැ හෙට ලියන බ්ලොග් පොස්ට් එක (ඒ කියන්නේ අද ලියන ) කල්පනා කොර කොර හිටියා මතක් වෙන්නෙම නැනේ. අනේ ඇත්තමයි .ඉතින් නිකමට වගේ යාලුවෙක්ට මදේජ් එකක් දැන්ම ලියන්න හොද පොස්ට් එකක් කියන්න කියල.මෙය මට රිප්ලයි කලා " අම්ම ජිවන උයන්තෙරේ..ඔබ මට සුවය ගෙනේ" කියල.  


හ්ම් හ්ම් එයා එක එවන්න මොහොතකට කලින් මට හිතුන මන් ජොබක් කියල එකක් කරපු මුල්ම දවස ගැන ලියන්න.අම්ම ගැනනම් නිවිහැනහිල්ලේ ලියන්න ඕන. එත්  දෙකම ගැන කල්පනා කොරද්දී මෙන්න මෙයා තව මැසේජ් එකක් එවනවා ඇයි ඔයාගෙන් යාලුවෙන්න අහපු අයිය කෙනෙක් ඉන්නේ, එයා ගැන ලියන්නකෝ කියල, මට එක පාරටම මිටෙර් උනේ නෑ කවුද  කියල. මෙයත් ඉතින් මගෙන් ඇහුවනේ. මන් ආයේ  අහල යැවුවා ඔයා ගැනද කියල. මෙයා කියපි, ඔවු ඇයි හොද නැද්ද කියල.  පවුනේ පොඩි එකාගේ ආසාවනේ කියල මන් ඉතින් හා කීවා. මෙන්න මෙයා මට තැන්කු ලු. මන් ඇහුව ඇයි කියල, මන් ගැන මිට කලින් කවුරුවත් ලියල නෑලු.(අනේ මු ගැන ලියන්නමයි වටින්නේ)දැන් කවුද මේ ළමය. ඊයේ පෙරේද බස් පදින්න අපු කොලුවෙක් හැමෝම වගේ දන්නවා. මිස්ටේර් ලහිරු චානක  හෙවත් ලහිය තමයි මේ කොලුවා.

මමයි මේ ලහි කොලුවයි මිට වුනේ බුකින්නොව. මෙයා මට රික්වෙස්ට් දාලා තියෙන්නේ 2009 නොවෙම්බර් 30 වෙනිදා. මන් ඉතින් කවද අක්සේප්ට් කොලද මන්ද. මගේ  කාලේ තිබුනේ වෙන එකවුන්ට් එකක්නේ.  කලේ මන් ජපුර යුවෙර්සිටි ඉන්න කලේ. අපි ඉතින් චැට් කොලා. වෙන මොන කරන්නද. මෙයා ඉතින් මට එයා ගැන කිව. ,මාත් ඉතින් සේරම නැතුව ටිකක් කිව. කොහෙන්ද පාත් උන කෙනෙක්ට සේරම කියන්න පුළුවනැයි.  අපි ඉතින් පොඩි රණ්ඩුවක් ගියා මොකටද මන් කෙල්ලෙක්ද, කෙල්ලෙක්ගෙ නමින් ඉන්න කොල්ක්ද කියල මෙයා අහල. මට ඉතින් ඩෝන් යනවනේ ඉක්මනටම. ඔහොම කොහොම හරි දෙන්න ශේප් වුණා. අපි දැන් යාලුවෝ. ටික දවසක් ගියාම මෙයා කියනවා මන් ඔයාව නොදක,කෙල්ලෙක්ද කියලවත් නොදැන,ශ**  කියන සංකල්පයට මන් ආදරේ කරනවා කියල. අයියෝ....... මට ඉතින් ටිකක් තරහ ගියා. බට් යාලුවෙක්නෙ. මන් කැමති නෑ යාලුවෝ නැති කර ගන්න. ඉතින් මන් කිව අපි දැකලවත් නෑ. කතා කරලත් නෑ. අනික ආදරේ කරන්න දැන්ම කැමති නෑ. ඉතිරිය ඕනි නෑ. කොටින්ම කතාව "බෑ" කියල කීවා. එයත් ඉතින් වැඩිය කරදර කරන්න අවේ නෑ. පස්සේ තමා හේතුව දැනගත්තේ.  කිවේ මේ පෙරේද. අපි දෙන්නගෙම යාලුවෙක් ඉන්නවා ශානුක. එයා මෙයාට කියල මන් අකමැතිනම් මට වද දෙන්න එපා කියල. හොද ළමයි දෙන්න. ඉතින් අපි පුරුදු ලෙසට යාලුවෝ වගේ හිටිය. මෙයා ඊට පස්සේ "අ" නම තියන ගැණු ළමයෙක් එක්ක යාලු උණා. අපි ඉතින් යාළුවොනේ මෙයා මට ඇවිත් එක කිව. මමත් විශ් කලා. ඔහොම ගියපු අපේ යාළුකම එන්න එන්න අඩු උන.එයාට ජොබක් සෙට් උනා. කෙල්ලෙක් ඉන්න නිසා වැඩිය කතාත් නෑ.මන් ඉතින් කාටවත් කරදර කරන කෙල්ලෙක් නෙමේනේ.  එක දවසක් මන් ඇක්වයිනාස්  ඉන්නකොට මෙයා කෝල් කරලා ඇහුව කොහෙද ඉන්නේ කියල. එකට හේතුව මන් එයාගේ එක්සැම් එකට විශ් කරලා එස් එම එස් එකක් යැවුවා.මොන වුනත් යාලුවනේ. එකට මන් ඉතින් කීවා ක්ලාස් එකෙයි ඉන්නේ කියල මෙයා කියපි මාත් ඉන්නේ එකේ. අපිට එක්සැම් එකේ. එලියට එන්න කියල. මාත් ඉතින් ගියා. මෙන්න කොරිඩෝර් එක දිගේ එනවා වැනි වැනි ගෝරිල්ලෙක් වගේ. අනේ නෑ නොර්මල් කොලු පැටියෙක්. අපි ඉතින් හායි, කොහොමද, එහෙනම් එක්සැම් හොදට කරන්න, කියල වෙන් වුන. එදා හරියටම 2010 යේ මාර්තු 14 වෙනිදා. එදවස මට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මට මගේ ආදරේ අහිමි උනෙත්, සහෝදරත්වය හිමි වුනෙත් එදා....(http://sdsithuvili.blogspot.com/2011/03/blog-post_29.html  ) 


හ්ම්ම්ම් කොහොම කොහොම හරි ගිහින් මෙයා බුකිය පැත්තේ එන එකත් නැවැත්තුවා. ශානුක කීව විදියට ජොබ් එක නිසාලු. මන් ඉතින් මුකුත් කියන්න ගියේ නෑ. නමුත් මගේ යුතුකමේ හැටියට ශානුකගෙන් හැමදාම විස්තර ඇහුව.කාලෙකට පස්සේ මන් මොබිටෙල් සිම් එක දාපු වෙලාවක මෙන්න මෙයා කෝල් කරනවා. මන් බැලුව කවුද මේ කියල. ඒ කතා කලෙත් හැබැයි එයාගේ උවමනාවකට. ජපුරේ බාහිර ඩිග්රි එකක් ගැන දැනගන්න හොදම පරිපාලනේ ඉන්න කවුරු හරි සෙට් කරගන්න. මන් ඉතින් දන්න හොදම කෙනාව සෙට් කරලා දුන්න. ආයේ මෙයාට  අපිව මතක නැතුව ගියා. මන් ඒ කලේ බුකියෙන් අයින් උනා පොඩි අවුලක් ගිහින්. ඉතින් අපි අතර තිබුන හැම මතකයක්ම කාලෙට එකතු උනා. කොහොමෙන් කොහොම හරි මන් ආයේ මගේ පරණ මොබිටෙල් අංකය පාවිච්චි කරන්න ගත්ත නිසා මෙයට ආයේ මට කතා කරන්න අවස්ථාවක් ලැබුණා දැනට සතියකට කලින්. ඔන්න අපේ frendship  එක ආයේ අලුත් උනා. කොහොම හරි මන් මෙයාව අවුලෙන් ඉන්න නිසා බස් එකට එක්කර ඇවිත් හොද කතා ටිකකුත් අහගත්තා. කොහොම නමුත් අදටත් අපේ මිත්‍රත්වය එසේම තියෙනවා. ඇත්තටම ලහිරු ඔය වගේ යාලුවෙක් මුණ ගැහීමත් මට ලොකු සතුටක්....






යාලුවෝ වගේ ලගින් හිටපු අය හිටි හැටියේ වෙනස් වෙනකොට, කාලයත් සමග නොවෙනස් වුන අපේ මිතුදමට කාගෙවත් ඇස්වහ නොවැදෙවා ....!!!!!

22 comments:

  1. Tkak Bfh ? fyg ,shk ta lshkafk wo íf,d.a tl fudloao lsh, l,amkd fldr fldr ysáhd u;la fjkafku kEfk wfka we;a;uhs uka b;ska kslug jf.a uf.a hd¿fjlag uefiaca tlla heújd ,shkak fyd| fmdiaÜ tlla lshkak lsh,d Tkak thd ßma,hs lrd wïud cSjk Whkaf;f¾ Tn ug iqjh f.fka lsh,

    Tkak Bfh ? fyg ,shk ta lshkafk wo íf,d.a tl fudloao lsh, l,amkd fldr fldr ysáhd u;la fjkafku kEfk wfka we;a;uhs uka b;ska kslug jf.a uf.a hd¿fjlag uefiaca tlla heújd ,shkak fyd| fmdiaÜ tlla lshkak lsh,d Tkak thd ßma,hs lrd wïud cSjk Whkaf;f¾ Tn ug iqjh f.fka lsh,

    මේ මොකද්ද මේ? :D

    ReplyDelete
  2. සයිබර් මිතුරුදමක්

    ReplyDelete
  3. හැම දෙයක් ගැනම විවිධාකාරයෙන් දකින්න පුළුවන්....
    සිතුවිලි, මේක කියෙව්වම මට මේකේ එන පුද්ගලයා ගැන වැරදියට හිතෙනවා... සමහර විට මම වැරදි ඇති...

    ReplyDelete
  4. අනුරාධ අයියේ...ඒවා හැමෝටම පෙන්නේ නෑ...ඕක කියවන්න පරචිත්ත විඥාණය තියෙන්න ඕන.

    ReplyDelete
  5. ඇත්තටම මන් මෙතන බොරුවක් කියල නෑ.මගේ හිතේ මගේ යාළුවා ගැන කිසිම වැරදි වැටහීමකුත් නෑ. ඉතින් එකිනෙකාගේ කියවීමේ සහ තේරුම් ගැනීමේ වෙනස මත ඔබට එසේ සිතුන එක ගැන මන් මුකුත් කියන්නෙත් නෑ

    ReplyDelete
  6. අයියෝ .. මම මේක කියෙව්වෙ අද නේ.... මම නම් ඉතින් ඔයාගෙ ලඟ යාලුවෙක් නෙවෙයි තමයි. ඒ වුණත් මමත් මේ උදව්වක් ඉල්ලගන්නයි යන්නේ....
    මමත් ජ පුර පොඩි බාහිර උපාධියක් කරනවා ... මට ඕන කරන්නෙ ඊට අදාළ පංති පැවැත්වෙන හොඳ තැනක් දැනගන්නයි. ඔය එක එක වි.වි. වල සිලබස් වෙනස්ලුනේ. නුගේගොඩ තියෙනවා පංති. ඒවා හැබැයි කැළණිය වි.වි යට අදාළවයි.
    මට වුවමනා ජ පුරට අදාළ විදිහට පන්ති තියෙන තැනක් හොයාගන්නයි.
    මම කරන්නේ ...
    සිංහල / භූගෝලය / ආර්ථික වි .
    පුලුවන් වේවිද ...?

    ReplyDelete
  7. එකට කමක් නෑ කුමාරයෝ.....සයිබරයේ අපි හැමෝම යාලුවෝ තමා...ඇත්තටම ඔයා කරන විෂයන් වලට අදාල විස්තර දැන්ම දෙන්න නම් බැරි වෙයි.මොකද මන් දන්නේ සයන්ස් වලට අදාල දේවල් විතරක් නිසා.මන් හොයල බලල මැසේජ් එකක් දෙන්නම්

    ReplyDelete
  8. සිතුවිලි ...
    ස්තූතියි ඔයාට ... නෑ .. නෑ .. ස්තූති නෙවෙයි .. පින් සිදුවේවා ඔයාට .. බලල මට කියන්නකෝ ...

    ReplyDelete
  9. මගේත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා මෙ කතාවත් එක්ක​... ස්තුතියි අක්කා මටත් අතීතය මතක් කෙරෙව්වට නොදැනුවත්වම හරි

    ReplyDelete
  10. එකම කතාව... මගේ එකේ අවසානය විතරක් වෙනස්.

    ReplyDelete
  11. යසියා...මොකද්ද මල්ලි මේකට ඇති ඔයාගේ සම්බන්දෙ....?

    ලකී....ඇයි අවසානේ මොකද උනේ

    ReplyDelete
  12. This story very very close to my one.

    ReplyDelete
  13. නංගී මේකේ බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරන්නකෝ

    ReplyDelete
  14. මගේ ආදරෙත් ඔය වගේම ආරම්බ වෙලා. ඔය වගේම ලන් වෙල ඉදලා. එයා මට ගොඩක් උදව් කරලා... මාව දාලා යන්න ගියා.. ඒත් තාමත් එයා මම ගැන හොයනවා.....ඒ කියන්නේ තාමත් එය මට ආදරෙයි නේ?? .... ඕකයි සම්බන්දේ

    ReplyDelete
  15. යාලුකමේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ..ලග හිටියත් දුර හිටියත් යාළුකම වෙනුවෙන් හැමදාම ඉන්නවා.....එයා නියම යාලුවෙක්

    ReplyDelete
  16. It's long & sad story.how can i tell it to u Sithvili?

    ReplyDelete
  17. @ lover- I said tel ur story for all of us. we would like to listen ur story.......

    ReplyDelete
  18. I will tell it to u Sooooon

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....