Tuesday, February 14, 2012

බිඳුවක් හිතන්න......

අද.....පෙබරවාරී මාසේ 14 වෙනිදා.....කවුරුත් කියන විදියට ආදරවන්තයින්ගේ දිනය....

පහුගිය දවස් ටිකේම මේ දිනය ගැන කට්ටිය බොහොම කතා වුණානේ....ඇත්තටම එක දවසකට විතරක් තමන්ගේ ආදරේ සමරන්න ඕනද...ඇයි හැමදාම ආදරේ පෙන්නුවාම තියන වැරුද්ද මොකද්ද....

කාර්යය බහුල ජීවිත ගෙවන අයටනම් ඔන්න මේ වගේ දවසක් තියන එක හොඳා...අඩු ගානේ එදාටවත් තමන්ගේ සැමියා/ බිරිඳ හෝ ආදරවන්තයා/ ආදරවන්ති ගැන ටිකක් වැඩිපුර සැලකිළිමත් වෙයිනේ....එහෙමත් නැත්නම්, උබ උන්නත් මලත් මට මොකද කියලා ආත්මාර්ථකාමීව වැඩ කරන අයත් අපි අතර ගොඩක් ඉන්නවා....ජිවිතේම සල්ලි කියලා හිතන අය තමා වැඩිපුරම එහෙම ඉන්නේ...නැද්ද මන් අහන්නේ....

හැමදාම තමන් ආදරය කරන කෙනා ගැන හොයලා බලලා එයාව සතුටු කරනවානම් මේ විදියට ආදරවන්තයින්ගේ දවස කියලා දින මොකටද....මහා ලොකු කැපකිරිම් නැතුවට කරන්න පුළුවන් කොච්චර දේවල් තියනවද.....ඒ හැමදේම අමතක කරලා අද වගේ දවසක අපේ උදවිය ගනන් වැඩි මොකක් හෝ තැග්ගක් ගෙනත් දීලා ඇඟ බේරගන්නවා,"බලන්න මන් ඔයාට ගොඩක් වටින තැග්ගක් ගෙනාවා...ඒ ඔයාට ගොඩක් ආදරේ නිසානේ" කියලා....අනේ ඉතින් ඔය තරමටම ආදරේනම්, ඔය තැගි බෝග නැතුවට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද......එදාට විතරක් නෙමේ..හැමදාටම....එහෙම නේද....

දවසට පැය 24ක් තියනවා....මේ පැය 24න් පැයකට එක විනාඩි 5ක් ආදරේ වෙනුවෙන් කැප කරන්න...ඔයාට ඒ වෙනුවෙන් වෙලාව නැති වුණාට මුණුපොතේ චැට් වල කාලේ කකා වරු ගනන් ගෙවන්න වෙලාව තියනවා....එහෙම නේද.....එයා කතා කලොත් කියන්නේ මොකක්ද...මන් බිසි...පස්සේ ගන්නම් කියලා....sms එකක් දුන්නට කියෙව්වත් රිප්ලයි කරන්නේ නැ.....බලන්න ඔයත් මේ දේවල් කරනවද කියලා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනාට.....

හදවතින්ම ආදරේ කරන අයට මහා ලොකු තැගි නැතුවට, ආදරෙන් පපුවට ලංකරන් "මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මැණික" කියලා කියන්න.....ඒ වගේම ලංකරන් හාද්දක් දෙන්න.....ඒ දේ ඒ කෙනාට කොයිතරම් වටිනවද කියලා ඔයාලා දන්නවද.....ඔයාලට එහෙම කවදාවත් හිතිලා නැද්ද.....අනේ මටනම් ඔය ලොකු ලොකු තැගි වලට වඩා ඒ දේවල් ගොඩක් වටිනවා....ඔය තැගී බෝග දෙනවට වඩා පුංචි පුංචි දේවල් තමන් ආදරය කරන කෙනාට දෙන්න....ඒවා එයාට ගොඩක් වටිනවා.....දවසක් දෙකක් එහෙම කරලා බලන්න....සතුට සැනසිම හැමදාම ඔයාලා ලඟ තියේවි....

අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද.....

මන් හිතන්නේ ඒ සැනසීම සතුට ඔයාලා හැමෝටමත් විඳින්න පුළුවන් ආදරේට ආදරේ කරොත්...ආදරේ වෙනුවෙන් මොහොතක් පුංචි වෙලාවක් වැයකලොත්......ඒ සතුට සැනසිම විඳින්න ඔයාලටත් ලැබේවායි කියලා මේ ආදවන්තයින්ගේ දවසේ මන් සුභපතනවා....!!!

හැමදාම මුණ නොගැහුණත් අඩුවක් නැතුව ආදරෙන් මගේ ජීවිතේ  පිරෙව්ව ඔයාගේ ආදරේ හමුවේ හැමදාම මට වැලන්ටයින්......!!මන් ගොඩක් ආදරෙයි.....!!!


17 comments:

  1. හැමදාම එකවගේ තමන්ගේ ආදරවන්තයට හරි ආදරවන්තියට හරි ආදරේ කරනවනම් එයාලාට හැමදාම වැලනටයින්..

    ReplyDelete
    Replies
    1. අන්න හරි අයියා....ඒකම තමා මාත් කියන්නේ.....

      Delete
  2. බලන්නකෝ අපි තවම තනිකඩ නෙව :p බලමු බලමු පස්සෙ කාලෙක ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ වැලන්ටයින් දවසේ මන් මල්ලිට විශ් කරනවා ලස්සන ගුණයහපත් ගොඩක් ආදරේ කරන ගැණුළමයෙක් ලැබේවා කියලා....!!!

      Delete
  3. ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔය කියලා තියන විදිහට හැසිරෙන්නේ නැ.. ඒ වගේම ආදරේ වෙනුවෙන් කැපවෙන්න බැරි නම් ආදරේ කරනවා කියන නමට ආදරේ කරලා නම් වැඩක් නැ...

    වැලන්ටයින් හැමදාම ලග තියෙවි ආදරෙන් ඉන්න තාක් කල්

    ReplyDelete
    Replies
    1. හම්...එතකොට බොරුවට ආදරේ කරන අයද මන් ඔය කියලා තියන විදියට හැසිරෙන්නේ දේව් අයියේ....ඔව් ඉතින් ආදරේ වෙනුවෙන් පුංචි හරි කැපකිරිම් කරන්න කියලනේ මාත් කියලා තියෙන්නේ....එහෙම නැතුව මන් ආදරෙයි කියලා කොච්චර කීවත් වැඩක් නැ ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන්නේ නැත්නම්....

      ඔව් වැලන්ටයින් හැමදාම තියේවි ආදරේ ගැන තේරුම් අරන් වැඩකරනකොට.....

      Delete
  4. වැලන්ටයින් ගැන දැක්ක හොඳම පෝස්ට් එක නියමයි, තියන දේවලට සම්පුර්නයෙන් එකඟයි. ඔක්කොලාම ඔහොම හිතනව නම් කොව්හ්ව්හර හොඳද....

    ReplyDelete
    Replies
    1. තැන්කු බීටො....ඒ දේ ඇත්ත නිසා තමා ලීවේ....ඒත් හැමෝම ඒ ඇත්ත පිළිගන්න කැමති නැ...මොකද කැපකිරීම් කරනකොට තමන්ගේ පෞරුෂත්වයට හානියක්වෙයි කියලා හිතන නිසා...එහෙම හිතන්නේ නැත්නම්, ආදරේ හරියට තේරුම් අරන් ඉන්නවනම්,කිව්වත් වගේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද.....

      Delete
  5. ඒ වුනාට මම දැක්කා කොහේද තැනක තියෙනවා ගෑල්ලමයි තෑගි දෙනවට වඩා ගන්න තමා ගොඩක් කැමති කියලා.. ඉතිං මම හිතුවේ ඒ ඇත්ත කියලා .. :D

    ReplyDelete
    Replies
    1. හයියෝ...ඇයි ගැණුළමයි විතරක්...මන් දන්න විදියට පිරිමි ළමයිනුත් කැමති තැගි ගන්න...ඒත් ඉතින් එයාලා ඒක පෙන්නන්නේ නැ...ඒකයි පුරශ්නේ....:P

      Delete
  6. අපිටත් හැමදාම වැලන්ටයින් තමයි. හැබැයි ඉතින් හඬ විතරයි. හම්බෙන්න වෙන්නේ මාස දෙකකට විතර සැරයක්නේ. :(

    ReplyDelete
    Replies
    1. එහෙම හම්බුණත් මොකෝ අයියා ආදරේ වෙනසක් නැත්නම්.....

      Delete
  7. නියම කථාව නංගෝ.. මාත් ඔය වැලන්ටයින් දවසට විතරක් වැඩියෙන් ආදරේ පෙන්නන එක පිළිගන්නේ නෑ.. ආදරේ නම් හැමදාම එක වගේ වෙන්න ඕනේ..

    ReplyDelete
  8. "අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද....."

    අපි දෙන්නටනම් ඉතින් හැමදාම වැලන්ටයින් නේ .. නේද ... ඔයා තමයි ඉතින් මගේ හැම දවසක්ම විශේෂ එකක් කරන්නේ.. හැමදාම උදේට ඔයාගෙන් සුබ දවසකට ලැබෙන සුබපැතුම මගේ හැම දවසක්ම ඇත්තටම සුබ කරලා...

    ReplyDelete
  9. ඒක මට කොයිතරම් සතුටක්ද කියලා ඔයා දන්නේ නැනේ....ඒකනේ මට ඔයාගේ කටහඬ නාහා ඇඳෙන් නැගිටින්න අකමැති....මොකද ඒ සතුට මට ගොඩාක් වටිනවා දවස ගෙවාගන්න....සතුටින් නැගිට්ටාම සතුටින් වැඩකරන්න පුළුවන්....ඔයා ඒ සතුට මට හැමදාම දෙනවා.....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....