Showing posts with label නොබිදුන පැතුමන්............ Show all posts
Showing posts with label නොබිදුන පැතුමන්............ Show all posts

Wednesday, August 3, 2011

නොබිදුන පැතුමන්...........13

පෙර කොටස් සඳහා 
නොබිදුන පැතුමන්.........


පසුවදාම අර්චනා මේ සියල්ලම මධුමාලිට පැවසුවේ ඇය හා අනුහස් බිය වූ ආකාරය පවසමිනි. සියල්ලම අවසානයේ මධුමාලිගේ මුවෙන් මනමාල හිනාවක් මතුවිය.
"මොකෝ උඹ හිනාවෙන්නේ"
"මට පෙන්නේ උඹට සිකුරා ලබල වගේ"
"මොකක්"
"දැන් බලහන්කො, මිසිස් මානවඩුයි මිස්ටර් මානවඩුයි උඹට සලකන්නේ එයාලගෙම දරුවෙක්ට වගේ.උඹව පිට යවන්න කැමති නෑ පොඩ්ඩක්වත්....නැද්ද මන් අහන්නේ ?"
"ඔව් ...නැන්දලට ගැණු දරුවෝ නැති නිසා එයාල මට එදා ඉදලම එහෙම තමා...ඉතින්....?"
"ඉතින් උඹ කසාද බැඳලා ගියොත් එයාලට උඹව නැති වෙනවා.උඹව මෙහාට ගෙන්න ඇත්තේ ඔයාවයි අනුහස් සර්වයි යාලු කරන්න වෙන්න ඇති....එකනේ එයාගෙම ඔෆිස් එකට දැන්මේ....නැත්නම් ලොකු සර්ගේ ඔෆිස් එකත් තියෙන්නේ....අනුහස් සර්ව බැන්දොත් උඹ සදහටම එයාල ළඟනේ ...."
මධුමාලි විහිලු නමුත් බැරෑරුම් ස්වරයෙන් අර්චනාට පැවසුවේ ඇය දෙසම බලාගෙනය....ඒනිසා අර්චනාගේ දෑසේ ඇතිවූ දීප්තිය ඇයට හොද හැටි  දැක ගන්නට ලැබුණි. 
"උඹට පිස්සු.....අයියා මගේ මුණවත් බලල නෑ අද වෙනකම්...."
"ආ....ඒ නැතුව උඹ අකමැති නෙමේ......."මධු හයියෙන් සිනාසී ඇසුවාය....
"අනේ මේ විකාර නොකිය හිටපන්...." අමනාප මුහුණක් මවාගෙන අර්චනා කිවත්,ඒ මුහුණේ ඇති දීප්තිය හොදහැටි දුටුවාය. 
"ආ.....එක එකක්..."
"මොකක් ...එකක්.....? එතකොට මොකද්ද අනිත් එක.....?"
"දැන් උඹට ඔය කතා කරපු කවුද මැතිණිය......එයාටත් උඹ වගේ දුවක් හිටිය නම් කියල කියන්නේ.....එයාගේ පුතාට උඹව බන්දල දෙන්න හිතිලද දන්නේ නෑ..........?"
මධුමාලි එය නම් පැවසුවේ විහිලුවට නොවන බව වටහාගත් අර්චනාගේ සියොලඟම හිරිවැටුණි.....නමුත් බිය සඟවා...,
"අනේ මේ...දවසක් දැකල...දවසක් කතාකළ පලියට මන් වගේ කෙල්ලෙක්ව පුතාට යෝජනා කරන්න ඒ මනුස්සයට පිස්සු නෑ.....ඇයි උඹ හිතුවද මේ රටේ කෙල්ලෝ හිගයක් තියනවා කියලා...විකාර නොකිය හිටපන්..."
"හරි නංගි...අපි බලමුකෝ...මමත් ඉන්නේ මෙතනමනේ .."
එතනින් එහාට ඒ ගැන කිසිදු කතාවක් කිරීමට ඔව්න් දෙදෙනාම අකමැති වූ නිසා නිශ්‍යබ්ධතාවය රජයන්නට විය.....නමුත් දෙදෙනාගේම සිතුවිලි කැළඹී ඇති බව දෙදෙනාටම වැටහී අවසානය....

..........................................................................


මේ ආකාරයෙන් දින සති ගෙවී ගියේ විශේෂ ව යමක් සිදු නොවමිනි. නමුත් මේ කාලය තුළ අර්චනාත්, නෙලුම්කුඹුර මැතිණියත්,අර්චනා නිසා මාලිනි හා නෙලුම්කුඹුර මැතිණිය අතරත් ළඟ හිතවත්කමක් ඇති විය. මේ හේතුවෙන් පවුල් තුන ගැන ඔවුනොවුන් අතර මනා අවභෝධයක් ඇතිවී තිබුණි. නමුත් තවමත් අනුහස් අර්චනා සමග කතා කරන්නේ නැත. 

දිනක්, 
"හෙලෝ...මධු...මගේ රුම් එකට එන්න..."
"සර්...මධු තවම ඔෆිස් අවේ නැනේ...." මේ අර්චනා පළමු දින අනුහස් හා කතා කළ පසු කතා කරන මුල්ම අවස්ථාවය.....
"හ්ම්...එහෙමද....එහෙනම් ආපු හැටියේ මගේ රුම් එකට එන්න කියන්න" 
"හා සර්" නමුත් අර්චනා එය කියන කොටත් අනුහස් දුරකථනය තබා අවසන්ය. 
නමුත් මධුමාලි අසනීප වී ඇති නිසා එදින නොපැමිණෙන බව අර්චනාට හා අනුහස්ට දුරකථන ඇමතුම් මගින් දැනුම් දුනි. 
එදින වැඩ ඇරී වෙනද මෙන් අර්චනා කැබ් රථය එනතුරු බල සිටියත් එය පැමිණියේ නැත. අහස වැහිබර වුයේ කොයි වෙලේ කෝ වැස්ස ඇදහැලෙන බව කියාපාමිනි. බලා හිඳ බැරිම තැන වැස්සට පෙර ගෙදර යා යුතු නිසා අර්චනා පාරට ආවේ බසයෙන් හෝ ගෙදර යාමටය. බස් හොල්ටයට එනවිටම මහා වැසි අද වැටුනේ අර්චනාව හොද හැටි තෙමමිණි. වහ වහා කුඩය ඉහළ ගත්තත් ඒ වන විටත් ඇය හොඳ හැටි තෙමි අවසන්ය. ඇය ලඟින්ම  ස්ලෝව් කරන කාරයක් ගියේ අර්චනාව පුදුම කරවිමිනි. ඒ අනුහස්ය...තමා මහා වැස්සේ මහ මග දමා යාමට තරම් ඒ හිත ගලක් බව අර්චනා මේ වනවිටත් වටහාගෙන සිටියාය. නමුත් තම හිතට අවසඟව දෙනෙතට ඉනු කඳුලැලි ඔහේ ගල යන්නට ඉඩ දුන්නේ කවුරුවත් එතන නොහිටි බැවිනි. 

වැස්ස අඩුවන පාටක් නැත. මහ වැස්ස නිසා බස් ගමනයද අඩුවී ඇත. වැහි අඳුර නිසා පරිසරය වෙලාව සවස 6 ට අසන්න අඳුරු පැහැ ගෙන ඇත. අර්චනාට මහත් වූ බයක් දැනුනේ තවමත් බසයක් නොපැමිණි නිසාය. රෑ බෝවී ඇයට තනිවම යන්නට තරම් මෙහි පාරවල් හරි හැටි දන්නේද නැත. එවිටම වගේ එතනින් යන්නට ගිය විදුරු කළු කරන ලද නවීන පන්නයේ කාරයක් රිවස් කර නැවත බස් හොල්ටය ළඟ නතර කෙරුණි.

Friday, July 29, 2011

නොබිදුන පැතුමන්...........12

පෙර කොටස් සඳහා 

නොබිදුන පැතුමන්..........




මාලනී ඉවසීමක් නැතුව අර්චනා එනකම් බලා සිටියත් ඇයගේ ලඟම යෙහෙළියක් අසනීප වී හොස්පිටල් නැවත්තු බව කියමින් ආ දුරකත ඇමතුමක් නිසා ඇයට රෝහලට යාමට සිදු විය...ඒ හේතුවෙන් තව තවත් ඉවසීමට මාලනීට සිදුවිය. 


කෙසේ හෝ සියලු දෙනාම රෑ කෑමට මේසයට වාඩි වූ වෙලේ මාලනී මේ ගැන හැමෝටම ඇසෙන සේ අර්චනාගෙන් ඇසුවේ හිතේ වූ කුතුහලය නිවා ගැනුමටය.

"සුදු දුව...අද දවල් මට කෝල් එකක් ආවා මිසිස් නෙලුම්කුඹුර කියල කෙනෙක්ගෙන්...දුව එයාව අඳුනනවද..?"

එසේ අසනවාත් සමගම අර්චනාට එදා සිදු වූ සියල්ල නැවතත් මතක් විය. ඒ මතකයත් සමගම අර්චනා එක වරම අනුහස්ගේ මුහුණ බැලුවේ දැන් කුමක් කියම්දෝ සිතමිනි.බොරුවක්ද කිව නොහැක...ඇත්තද කිව නොහැක.
"ටිකක් දන්නවා නැන්දා...ඇයි මොනාද එයා කිවේ..?"
"දුව එයාගෙන් ජොබ් එකක් හොයල ඉල්ලුවද....මොකද්ද පන්සලකදී ඔයාව හම්බවෙලා අඬ අඬ ඉන්නකොටලු කිවේ....මොකද්ද ඒ කතාව...ඔයා කවද්ද පන්සල් ගියේ? ආ තව එයා කීවා ඔයා කිව්වයි කියල බලන් ගිය ජොබ් එක ලැබුනේ නෑ...ගෙදර යන්න බැරි නිසා එතන ඉන්නවා...ඔන්න ඔය වගේ ගොඩක් කීවා...මොකද්ද සුදු දුව උනේ?"
ඒ කතාවත් සමගම මෙතෙක් නිහඬව සිටි ආනන්ද මාමා මෙන්ම අනුහස්ද අර්චනාගේ මුහුණ දෙස බැලුවේ එක වරමය.අනුහස්ටද එදා වූ සිදුවින් මතක් වූ බව අර්චනාට සිතුනේ ඊ මුහුණේ වූ වෙනස්කම් නිසාය...
"ඒ මොකද්ද ඒ කතාව...සුදු දුව...කවුද ඒ...."
"අයියෝ මාමේ...මන් එදා වැඩට ගිය මුල්ම දවසේ දවල් මධුත් එක්ක එතන ළඟ පන්සලට ගිය.එතැනදී ඒ ලේඩි හම්බුනේ...හැබැයි ඒ වෙලාවේ නම් මධු මගේ ළඟ හිටියේ නෑ. ඉතින් මන් වාඩිවෙලා ඇස් පියන් වැදගෙන ඉන්නකොට ගෙදර මතක්වෙලා ඇඬුනා.එතකොටයි එයා ඇවිත් කතා කළේ..විස්තරත් ගොඩක් ඇහුවා.හොඳ කෙනෙක් කියල හිතුන නිසා මන් ඉතින් විස්තරත් කීවා.මෙහෙම ජොබ් එකකටයි අවේ..ඒ විස්තර...එයා කීවා එයත් ඊට වැඩ හොඳ එකක් ලැබුනොත් කියන්නම් කියල මගෙන් නොම්බරේත් ඉල්ලගත්තා...එකට වෙන්න ඇති..."
අර්චනා කිසි කෙනෙකුගේ මුහුණ දෙස නොබලා ඉක්මනින්ම කියා දැමුවේ අනුහස් එදා තමාට කල දේ ගැන බිඳක්වත් නොකියමිනි. 
"හ්ම්...එකත් එහෙමද....හරි කමක් නෑ...සුදු දුව ඒ ලෙඩිට කෝල් එකක් දෙන්නකෝ..."
"හා මාමේ..."
එතනින් එහාට කවුරුවත් ඒ ගැන කතා නොකර නිහඬවම කාම ගන්නට විනි.


...................................................................................


"හෙලෝ"
"හෙලෝ...කවුද කතාකරන්නේ..." ගොරෝසු පිරිමි හඬකින් අසු පැනයට අර්චනාට එකවරම බය සිතුනි...
"හේ හේ...ලෝ....මට මිසිස් නෙලුම්කුම්බුරට කතා කරන්න පුලුවන්ද.....අර්චනා කතා කරනයි කියන්න..."
"හ්ම්...හා පොඩ්ඩක් ඔහොම ඉන්න..." 

අර්චනාට රිසිවරය අල්ල සිටින විට එහා පැත්තෙන්  "අම්මා....මේ අර්චනා කියල කවුද කතාකරනවා.....ඉක්මනට එන්න....."  ඇසුනි...එසේනම් ඒ කතා කර ඇත්තේ ඇයගේ පුතා විය යුතු බව අර්චනාට සිතුනි.


"හෙලෝ"
"හෙලෝ..අම්මා මන් අර්චනා..."
"ආ දුව..මන් දවල් කතා කළා...ඔයා දැන් වැඩට යනවලු නේද..."
"ඔව් අම්මා....මන් ඉන්නේ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරනේ....ඒ අයියගේ ඔෆිස් එකෙමයි වැඩ කරන්නේ. "
"ආ .....ඇත්තද...මන් ඔයාට අපේ පුතාගේ කොම්පැනි එකේ ජොබ් එකක් ලෑස්ති කළා....."
"අනේ ඇත්තද අම්මා....එත් මට මෙතන ගොඩක් ලෙසිනේ....බොහොම ස්තුතියි මන් වෙනුවෙන් කරපු දේට.."
"ආ...එකට මොකද්ද...මන් කියන්නම් පුතාට වෙන කවුරු හරි ගන්න කියල...එදා දුව ගොඩක් මගේ හිතට අල්ලපු නිසයි මන් ඔයාවම එතනට ගන්න හැදුවේ...හරි කමක් නෑ....එහෙම වුනයි කියල ඔයා මට කතා නොකර ඉන්න එපා.ඉඳල හිටලා හරි කෝල් එකක් දෙන්න හොඳද."
"හරි අම්මා...එහෙනම් මන් දැන් තියන්නම්..."
"හොඳයි දුව...බුදුසරණයි.."
"බුදුසරණයි"






Thursday, July 28, 2011

නොබිදුන පැතුමන්...........11

පෙර කොටස් සඳහා 

ඉතින් එදායින් පසුව හැමදාම උදේට ආනන්ද මාමා සමග ඔෆිස් යන අර්චනා සවස මධුමාලි සමග නිවසට පැමිණියාය. නමුදු කිසිදු කාර්යාල කටයුත්තකට හෝ වේවා කිසිම හේතුවකට අනුහස් වැරදිලාවත් අය සමග කතා කළේ නැත....මුලදී මුලදී එය ඇයට මහත් වූ දුකක් වුවාට අය කෙමෙන් කෙමෙන් ඒ වෙනස්කම් සඳහා හිත හදා ගත්තාය. රැකියාව සම්බන්ධ සියලු කටයුතු සිද්ධ වුයේ මධුමාලි හරහාය. දින දින ගෙවී ගොස් අර්චනා රැකියාවට පැමිණ සතියක් ගතවන දවසේ අනුහස්ගේ නිවසට ආ දුරකථන ඇමතුමකින් මාලනී මහත් කලබලයටත් පුදුමයටත් පත්විය. 
"හෙලෝ, මට අර්චනා දුවට කතා කරන්න පුලුවන්ද...?"
"හෙලෝ ...කවුද මේ කතා කරන්නේ..?"
"මන් කුසුම්...සුජාතා නෙලුම්කුඹුර ....අර්චනා දුව මාව අඳුනනවා.මේ එයා නැවතිලා ඉන්න ගෙදර අයිති මහත්මිය නේද..?"
"ආ...ඔව් ඔව්...මන් මාලනී....මාලනී මානවඩු...දුව නම් දැන් වැඩට ගිහිල්ලනේ..."
"ආ ඇත්තද..? අර්චනාට ජොබ් එක හම්බුනාද..?
"ඔව්...එයා මෙහෙ අවේම ජොබ් එකට තමා. අපේ පුතාගේ කම්පැනි එකෙමයි වැඩ. ඒ මගේ නෑ වෙන දුවෙක්...ඇයි එහෙම ඇහුවේ.."
"ඇත්තද..?මට දුවව හම්බුනේ අභිනවාරමයේදී... එයා බුදුගෙයි වාඩි වෙලා නිදාගෙන හිටියා.මමයි ඇහැරවලා විස්තර ඇහුවේ. එතකොට නම් කිවේ බලන් ගියපු ජොබ් එක හම්බුනේ නැ. කලින් යන්න බැරි නිසා එතනට ආවා කියලයි.ඉතින් මන් පොරොන්දු වුණා එයාට ජොබ් එකක් හොයල දෙන්නම් කියල...එකටයි මේ කතා කලේ....හ්ම්ම්ම්...කමක් නැ...දුවට කියනවද මට කෝල් එකක් දෙන්න කියලා..."
"ආ...හ්....හා මන් කියන්නම්. නම්බර් එක කියනවද....?"
"ලියාගන්න..."
"ආ හරි..කියන්න...."
"හරි නේද..."
"හරි හරි...මතක ඇතුව කියන්න හොදේ..."
"හරි මන් එයා අපු හැටියේ කියන්නම්"
"හරි...එහෙනම් මන් තියන්නම් මිසිස් මානවඩු....බුදුසරණයි"
"බුදුසරණයි"
මෙම ඇමතුමෙන් පසු මාලනී සිටියේ බොහොම නොසන්සුන්වය..ඒ වෙලේම කතා කර මේ ගැන විමසනවාද නැද්ද යන දෙගඩියාවෙන් සිට එය ගෙදර ආ පසු අසා දැනගන්නවා යයි සිතා නිහඩ විය. නමුත් සිත බොහෝ නොයිවසිලිවන්ත වීම නිසා ඇයට බොහෝ ඉවසීමට සිදු විය.  


Thursday, July 7, 2011

නොබිදුන පැතුමන්...........10 කොටස


තම දෙසවනට ඇසුන දේ අදහා ගත නොහැකිව කල්ප අනුහස් දෙස බැලුවේ පුදුමයෙනි. 
"මොකද්ද උඹ කිවේ..ආයේ කියපන් බලන්න."
නමුත් අනුහස් නැවත කතා කලේ නැත. කල්ප අනුහස් දෙස බලා සිටියේ දැන් දැන් ඔහු මොනවා හෝ කියයි සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත.
"මචන් දැන් මගේ ඉවසීමේ සිමාව පනිනවා.මොකද්ද බන් වෙලා තියෙන්නේ. උඹ කළේ නම් මහා ජරා වැඩක්නම් තමා.එත් මේ තරම් ශෝක් වෙන්න ඒ කෙල්ල උඹේ කවුද.?"
මෙතෙක් හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය කල්ප අනුහස්ගෙන් ඇසුවේ එයටවත් ඔහු උත්තර දෙයි කියා සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත. කල්ප නැවතත් කිසිවක්ම නොඅසා තමා කර කර සිටි තනු නිර්මාණයට නැවතත් යොමු වුනේ අනුහස්ට කැමති වෙලාවක කතාකරන්න ඉඩ හැරය. 
"මචන් මන් යනවා."
අනුහස් එකවටම නැගිට කල්පට පැවසුවේ ඔහුව තවත් පුදුමයට පත් කරවමිනි. 
"උඹ දැන් කඩාගෙන බිදගෙන ආවේ ඇයි කියල පලයන් මෙතනින් යන්න කලින්."
"මන් පස්සේ විස්තර කියන්නම්. දැන් ගොඩක් හවස් වෙලා.දන්නවනේ අපේ ගෙදර අයගේ හැටි. පොඩ්ඩක් පරක්කු උනොත් ඉවරයි." පවසමින්ම අනුහස් එතනින් පිට වුයේ කල්පට හිතන්න බොහෝ දේ ඉතිරිකරය. 

...............................................................................................

මධුමාලි සමග නිවසට ගිය අර්චනාට මාලි නැන්දගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඉතා අපහසු විය. නමුත් ඇය කෙසේ හෝ ලේසි උත්තර දී ඒ ඒ ප්‍රශ්නවලින් ගැලවුනේ අනුහස්ව පාවා නොදෙමිනි.
රාත්‍රී කෑමට සියල්ල එක්වූ විට නැවතත් ආනන්ද මාමා අද දවස ගැන අර්චනාගෙන් නැවත ඇසුවේ අයවත් අනුහස්වත් අපහසුතාවයට පත් කරමිනි.
"කොහොමද දුව අද දවස...හොදයිද...වැඩ එහෙම ලේසිද...?"
"හොදයි මාමේ...මධුමාලිත් එක්කනේ වැඩ කරන්නේ.එයා හැමදේම කියල දුන්නා."
"ඒ දරුවා කොහොමත් හොදයි තමා..."
"ආවේ කොහොමද පුතේ..?අයියා එක්ක නේද...?"
මේ ප්‍රශ්නයට නම් අනුහස්ට අර්චනා දෙස නොබලා ඉන්නට නොහැකි වුණි.අර්චනාටත් එකවරම අනුහස් දෙස බැලුනේ දවසේ වූ සිදුවීම් එකින් එක මනසේ නැවත අදෙද්දිය....දෙදෙනාගේම දෑස එකිනෙකට හමු වූ මොහොතේ ඔවුන්ට දෑස් ඉවත් කිරීමට අමතක වුයේ ඇයිදැයි ඔවුන් දේපල මෙන්ම මමද නොදනිමි...නමුත් හැකි විගසින් අනුහස් දෑස් ඉවතට ගත්තේ ඇන්දට පිළිතුරු දෙමිනි.
"නෑ.....තාත්තා, මට හදිස්සි වැඩක් ආපු නිසා මන් කැබ් එකක් එව්වා.මධුට බාර දුන්න ගෙදට ඇරලවල එයටත් එකේම යන්න කියලා.එයත් ටිකක් දුර යනවනේ." අනුහස් කියාගෙන ගියේ අර්චනාට කිසිත් කියන්නට ඉඩ නොතබා හැමෝගෙන්ම දෑස් වසන් කරගෙනය. 
"හ්ම්ම්ම්ම්.....එකට කමක් නෑ....."
තාත්තා මුකුත් නොකීම හා අර්චනා තම දෙමාපියන්ට මුකුත් නොකීම නිසා අනුහස්ගේ සිත බොහෝ බර වී තිබුණි........

Friday, June 24, 2011

නොබිදුන පැතුමන්........... 09 කොටස

මධුමාලිගේ කතා අතර අතරමන් වුන අර්චනාට තමාගේ රැකියාවේ ඉදිරි ජීවිතය කුමක් වේවිදැයි අවිනිශ්චිත බවක් ඇතිවුනි....දහවලද ඉක්මගොස් සවස වැඩ ඉවර වෙන තුරුම අනුහස් නැවත කාර්යාලයට පැමිණියේ නැත. අනුහස් නොපැමිණි නිසා මධුමාලි අර්චනාට සැහැල්ලුවෙන් එදිනෙදා ඇයගේ රාජකාරිය පිලිබඳ විස්තර කර දුන්නාය. ඔෆිස් ඉවර වෙන වෙලාව ලං වූ විට මධුමලිගේ කාර්යාලීය දුරකථනය නාද විය....
"මධු..."
"ආ සර්..."
"මන් ආයේ එන්නේ නෑ....ඔයා මගේ කැබින් එක වහල යතුර ගෙනියන්න...."
"හා සර්...මන් ගෙනියන්නම්...."
"තව දෙයක්...ඔයා මන් වෙනුවෙන් ඔය ගර්ල්ව අපේ ගෙදරට ඇරලවන්න....මන් කැබ් එකක් එවන්නම්....ඔයත් එකෙන්ම ගෙදර යන්න...හරිද..." කියා ඔහු දුරකථනය තැබුවේය....
මධුමාලි තමාගේ කැමත්තවත් නොඅසා ඔහු දුරකථනය තැබීම ගැන පුදුම නොවුනාය...ඒ ඔහුගේ හැටියි. 
"අර්චනා...."
"හ්ම්.....ඇයි මධු....."
"සර් කතා කලේ....දැන් ආයේ එන්නේ නෑලු....කැබ් එකක් එවනවා කීවා...ඔයාව ගෙදරට ඇරලලා මටත් එකෙන්ම යන්න කීවා...."
හ්ම්....එකත් එහෙමද....එක හොදයි...මට ඔයා එක්කම යන්න පුළුවන්නේ..."
"හරි...එහෙනම් අපි යමු...දැන් කැබ් එක ඇවිත් ඇති..."
අනුහස්ගේ හා තමාගේ කැබින් ලොක් කර යතුරු අතර ගත් මධුමාලි අර්චනා හා ගෙදර යාමට පිටත් වුවාය.....


..........................................................................................................................


අර්චනාව හා මධුමාලිව කාර්යාලයට ඇරලු අනුහස් කෙලින්ම සොයාගෙන ගියේ තම එකම මිතුර වූ කල්පවය..... තමා හමුවෙන්නට ආවත් කතාවක් බහක් නැතුව...දෑත මත්තේ හිස රදවාගෙන බොහෝ කල්පනාබරව ඉන්න අනුහස් දැක කල්පගේ ඉවසීමේ සිමාව පැන්නේ.....
"මචන්......මොකද බන් වෙලා තියෙන්නේ...." ඇසුවේ බැරිම තැනයි.
"මුකුත් නෑ බන්...මගේ හිතට හරි නෑ..."
"මොකක් කිවා...උබේ හිතට හරි නෑ....ලෝක පුදුමයක් තමා....හරි දැන් කියපන් මොකද්ද අවුල..." විහිළුවෙන් පැවසුවත් අනුහස්ගේ අන් කවරදාවත් දැක නැති මේ ස්වභාවය කල්පව මවිතියට පත්කර තිබුණි....
ඉතින් අනුහස් අද සිදු වූ සියල්ල කල්ප හා පැවසුවේ හිත සැහැල්ලු කරගැනීමටය....
"යහෝ...උබනම් මහා...*****, පවු බන් ඒ අහිංසක කෙල්ල "
"හ්ම්ම්ම්..."
කොයිතරම් දුක හිතෙන්න ඇත්ද....?"
"හ්ම්ම්ම්...."
"උන් ගාව සල්ලි තියනවන්ම් උබ ගාවට එයිද රස්සාවක් හොයන්...උඹේ සල්ලි උෂ්නේ දැන්...."
"හ්ම්......"
"හ්ම්...හ්ම්...ගන්නේ බකමුණ වගේ .....කරන්න පුළුවන් ජරා වැඩේ කරලා...හදිස්සියේ ඒ කෙල්ලට කරදරයක් වුනානම්.....! මොකද්ද උඹ කරන්නේ.....ආ...කියපන් බලන්න. අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්ද......ඒ කෙල්ලගේ දෙමාපියන්ට අම්මල මුණ දෙන්නේ කොහොමද කියල හිතුවද.....කියපන් බලන්න. උගුඩුවා වගේ බලන් ඉන්නේ නැතුව...."
කල්ප දැනුන කේන්තියට අනුහස්ට බැනගෙන බැනගෙන ගියේ ඒ මුහුණවත් නොබලාය. 
"එහෙම වුනොත් මන් මැරෙනවා......"
අනුහස් තමාටම එය මුමුණ ගත්තත් .....කල්පාට එය හොද හැටි ඇසුනි.......
"මොකක්"

Wednesday, May 25, 2011

නොබිදුන පැතුමන්...........08 කොටස

අර්චනා  කැටුව  කාමරයට  මධුමාලි අර්චනා දෙස බලා සිටියාය. 
"ඇයි  මිස් මධු  මන් දිහා ඔහොම බලන් ඉන්නේ."
"නෑ......මට මේ කිසි දියක් තේරෙන්නේ නෑ.මට කියන්න ඔයා කවුදකොහොමද සර්  දන්නේඑයාගේ ෆැමිලි එක ගැන දන්නේහැමදෙම්.මන් පැටලිලා ඉන්නේ."
"ඇයි අනුහස් සර් මොකක් හරි කීවද"
"නෑ...නොකිය කියන දේවල් නිසා මන් අවුල් වෙලාඒකයි ඔයාගෙන් ඇහුවේකියන්න බැරිනම් මන් ආයේ අහන්නේ නෑ."
"නෑ නෑ මිස් මධු එහෙම දෙයක් නෑ."

"මේ මුලින් ඔයා මිස් කෑල්ල අයින් කරගන්නමධු කීවාම හොදටම ඇතිඅපි දෙන්න දැන් එකට වැඩකරන්න යන්නේ." මධු හරිම සැහැල්ලුවෙන් කියා දැමුවාය.

"හ්ම්....හරි..මන් එහෙනම් මිට පස්සේ මධු කියන්නම්කො.."
"ගුඩ් ගර්ල්දැන් කියන්න එහෙනම් "
"කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිත ගන්න බෑ මධු." අර්චනා කිවේ මධුට ඔවුන් ගැන කිවයුතුද සිතමිනි.නමුත් තමාව සෙවීමට අනුහස් මධුමාලි සමග පැමිණියේ අයව විස්වාස කල හැකි නිසා බව අර්චනට සිතුනි.
"අනුහස් කියන්නේ පුංචි කලේ... කියන්නේ මන් ඉපදුන  ඉදන් මට අවුරුදු 10 ක් විතර වෙනකම්ම මට හිටපු හොදම යාළුවාසහෝදරයාආනන්ද මමයි අපේ තාත්තියි වැඩකලේ එකට කොම්පැනි එක වැහුව වැඩකරන ඇයට වන්දි දීලඊට පස්සේ මාමල කොලබ අවා පවුල පිටින්ම.අපේ තාත්ත ගම දාලා යන්න කැමති උනේ නෑ..එයාලා මෙහෙ ඇවිත් දියුණු උනා.  අපි එක තැන නැවතුණානැන්දයි මාමටයි දුවල නැති නිසා එදත් මන් එයාලගේ දුව උනා... බැදීම අදටත් එහෙමයි. නමුත් එක්කෙනෙක් ගොඩාක් වෙනස් වෙලා." අර්චනා ඇයගේත් අනුහස්ගේත් අතර ඇති සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කළාය.
"කවුද වෙනස් වෙලා කිවේ....සර් ?"
"හ්ම්ම්..."
"අනේ මන්දා...සර් ගොඩක් වෙනස් පුද්ගලයෙක් නම් තමා. එකම එක යාළුවයි මන් දාන්න තරමින් ලගින්ම ආශ්රය කරන්න....මේකේ වැඩ කරන අයට උනත් කෙලින්ම එයාව මීට් වෙන්න බැ. ස්පෙෂලි ෆොර් ගර්ල්ස්. කවුරු සර්ව මිට වෙන්න ආවත් මට කියල මගේ මාර්ගයෙන් ඕන එයාව මීට් වෙන්න ඕන....මහා පුදුම නීති තියෙන්නේ.ඔයාටත් මේවට දැන් පුරුදු වෙන්න වෙනවා.මට උනත් ඔෆීෂියල් දේවල් විතරයි කතා කරන්න පුළුවන්. පුදුමයි ඔයාගේ ප්රශ්නෙදි සර් මා එක්ක මෙහෙම කතා කළා."මධුමාලි අරචානට අනුහස්ගේ කාර්යාල ජීවිතය ගැන පැහැදිලි කළාය.


අදින් අරබන අර්චනාගේ රැකියා දිවිය කෙසේ නම් වෙයිද......


Tuesday, May 3, 2011

නොබිදුන පැතුමන්........... 07 කොටස


අර්චනාව සොයා ආරාමය තුලට ගිය මධුමාලිට  ඇයව සොයා ගත හැකි වුයේ බුදු ගෙට ඇතුළු වූ පසුවය.බුදු රුව දෙසට නෙත් යොමා අනිමිස ලොචනයෙහි යෙදෙන අර්චනා වෙනුවෙන් ඇගේ සිත උණු විය.


"අර්චනා"
කවුරුවත් නොහදුනන මේ විසල් පුරවරයේ තම නමින් කතා කරන්නේ කවුරුන්දැයි තිගැස්සුණ අර්චනා හැගීම කැටිවූ බැල්මෙන් හඬ දෙසට නෙත් යොමු කළාය.තමා දෙසට එන මධුමාලි දැක මෙතෙක් යටපත් කර උන් දුක හා අත්මනුකම්පාව නැවත මතු වී ආවාය.තමා දැක්මෙන් නොසන්සු වූ අර්චනාගේ දෙනෙතින් වැටුන කඳුළු දැක මධුමාලිගේ නෙතටද කඳුළු ඉනුවාය.
"අර්චනා ...අපි යමු...එන්න..."
අර්චනා ලගටම පැමිණි මධුමාලි ඇයට නැගිටින්නට සහය වෙමින් පැවසුවාය.
"මට දැන්ම එන්න බෑ මිස් මධු. දැන්ම ගෙදර යන්න බෑමට. ඇයි ඔයා මෙහෙ අවේ.
"අවේ ඔයාව එක්කරන් යන්න. අපි බය වෙලා හිටියේ ඔයා මෙහෙ නැති වුනොත් කොහේ කියල හොයන්නද කියල"
"අපි?"
අර්චනා පුදුමයෙන් මධුමාලි දෙස බලා ඇසුවාය.
"ඔවු. මමයි සරුයි. ඇයි?"
"අනුහස් ....එයත් ආවද ඔයත් එක්ක? " අර්චනා පුදුමයෙන් ඇසුවාය.
"ඔවු...සර්ට අම්මා කෝල් කරල ඔයාව අහලා. එතකන්ම අපි හිතුවේ ඔයා ගෙදර යන්න ඇති කියලා. නිසා සර් හොදටම බය වෙලා. පස්සේ මට මතක් වුණා ඔයා පන්සල ගැන අහපු එක.. නිසා කෝකටත් කියල අපි මෙහාට අවා."
මධුමාලි එක හුස්මට කියාගෙන ගියාය.
"හ්ම්ම්, නැන්දා කෝල් කරලද?
"නැන්දා..? මිසිස් මානවඩු ඔයාගේ නැන්දද? “ මධුමාලි ඇසුවේ පුදුමයෙනි. ඇයට මේ වන්නේ මොනවාදැයි තවමත් වැටහීමක් නැත.
"නැන්දා කීවට මගේ අම්මා වගේ." අර්චනා සෙමින් තෙපලාය.
"අනේ මන්ද..මට මේ මුකුත් තේරෙන්නේ නෑ. යමු යමු..සර් කාර් එකේ. දැන් බයවෙලා ඇති තවත්." අර්චනාගේ අතින් අල්ලාගත් මධු ඇයව වහනය දෙසට එක්කරන් ගියාය.
අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ  පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණා වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.
.

අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ  පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණ වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.

තම නොසන්සුන්කම අර්චනාගෙන් හා මධුමලිගෙන් සඟවා ගැනීමට නැවත කාරයට නැගගත් අනුහස් ඔවුන් දෙදෙනා කාරයට ලන්වනතුරු සිටියේය.
"සර්, අපි යමු." මධුමාලි ඔහුගේ පැත්තට පැමිණ කිවාය.
"හ්ම්ම්...ඔයා එහෙනම් ඉස්සරහින් නගින්න.එයාට පිටිපස්සෙන් වාඩිවෙන්න කියන්න.
ඔහු නැවතත් තමාගේ අහංකාර සැර පරුෂ බව හඬට ආරෝපණය කරගනිමින් පැවසුවේය. එය අසා උන් අර්චනාගේ දෑසට කඳුළු පිරුණේ නිතැනිනි. තමාට මෙතරම් වෙනස්කම් කිරීමට හේතුවක් අර්චනාට තවමත් සිතා ගත නොහැක.නමුත් ඔහු තමාගෙන් පලිගනිමින් සිටි...නමුත් කුමකටද? තවමත් අර්චනාට හරි වැටහීමක් නැත. මේ දෙස බලා සිටි මධුමාලිටනම් පුදුමයකුත් තරහවකුත් දැණුනි.
"නගින්න අර්චනා" අර්චනාට නැගීමට දොර හැර දුන් මධුමාලි ඉදිරිපස අසුනට ගියාය. ආයතනය ලගට එනකන්ම නිහඬතාව රජකළ වහනය තුල එකවරම අනුහස්ගේ හඩ  නැගී ආවේය.
"මධු මෙයාව ඔයාගේ ඇසිස්ටන් විදියට තියාගන්න. මන් මෙහෙමම ගමනක් යනවා. කවුරු ඇහුවත් කියන්න එපා. ඔකේ. "
ඔවුන් දෙදෙනා ආයතනය ලගින් බැස්සු අනුහස් එහෙමම යන්නට ගියේය.

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....