නොබිදුන පැතුමන්.........
පසුවදාම අර්චනා මේ සියල්ලම මධුමාලිට පැවසුවේ ඇය හා අනුහස් බිය වූ ආකාරය පවසමිනි. සියල්ලම අවසානයේ මධුමාලිගේ මුවෙන් මනමාල හිනාවක් මතුවිය.
"මොකෝ උඹ හිනාවෙන්නේ"
"මට පෙන්නේ උඹට සිකුරා ලබල වගේ"
"මොකක්"
"දැන් බලහන්කො, මිසිස් මානවඩුයි මිස්ටර් මානවඩුයි උඹට සලකන්නේ එයාලගෙම දරුවෙක්ට වගේ.උඹව පිට යවන්න කැමති නෑ පොඩ්ඩක්වත්....නැද්ද මන් අහන්නේ ?"
"ඔව් ...නැන්දලට ගැණු දරුවෝ නැති නිසා එයාල මට එදා ඉදලම එහෙම තමා...ඉතින්....?"
"ඉතින් උඹ කසාද බැඳලා ගියොත් එයාලට උඹව නැති වෙනවා.උඹව මෙහාට ගෙන්න ඇත්තේ ඔයාවයි අනුහස් සර්වයි යාලු කරන්න වෙන්න ඇති....එකනේ එයාගෙම ඔෆිස් එකට දැන්මේ....නැත්නම් ලොකු සර්ගේ ඔෆිස් එකත් තියෙන්නේ....අනුහස් සර්ව බැන්දොත් උඹ සදහටම එයාල ළඟනේ ...."
මධුමාලි විහිලු නමුත් බැරෑරුම් ස්වරයෙන් අර්චනාට පැවසුවේ ඇය දෙසම බලාගෙනය....ඒනිසා අර්චනාගේ දෑසේ ඇතිවූ දීප්තිය ඇයට හොද හැටි දැක ගන්නට ලැබුණි.
"උඹට පිස්සු.....අයියා මගේ මුණවත් බලල නෑ අද වෙනකම්...."
"ආ....ඒ නැතුව උඹ අකමැති නෙමේ......."මධු හයියෙන් සිනාසී ඇසුවාය....
"අනේ මේ විකාර නොකිය හිටපන්...." අමනාප මුහුණක් මවාගෙන අර්චනා කිවත්,ඒ මුහුණේ ඇති දීප්තිය හොදහැටි දුටුවාය.
"ආ.....එක එකක්..."
"මොකක් ...එකක්.....? එතකොට මොකද්ද අනිත් එක.....?"
"දැන් උඹට ඔය කතා කරපු කවුද මැතිණිය......එයාටත් උඹ වගේ දුවක් හිටිය නම් කියල කියන්නේ.....එයාගේ පුතාට උඹව බන්දල දෙන්න හිතිලද දන්නේ නෑ..........?"
මධුමාලි එය නම් පැවසුවේ විහිලුවට නොවන බව වටහාගත් අර්චනාගේ සියොලඟම හිරිවැටුණි.....නමුත් බිය සඟවා...,
"අනේ මේ...දවසක් දැකල...දවසක් කතාකළ පලියට මන් වගේ කෙල්ලෙක්ව පුතාට යෝජනා කරන්න ඒ මනුස්සයට පිස්සු නෑ.....ඇයි උඹ හිතුවද මේ රටේ කෙල්ලෝ හිගයක් තියනවා කියලා...විකාර නොකිය හිටපන්..."
"හරි නංගි...අපි බලමුකෝ...මමත් ඉන්නේ මෙතනමනේ .."
එතනින් එහාට ඒ ගැන කිසිදු කතාවක් කිරීමට ඔව්න් දෙදෙනාම අකමැති වූ නිසා නිශ්‍යබ්ධතාවය රජයන්නට විය.....නමුත් දෙදෙනාගේම සිතුවිලි කැළඹී ඇති බව දෙදෙනාටම වැටහී අවසානය....
..........................................................................
මේ ආකාරයෙන් දින සති ගෙවී ගියේ විශේෂ ව යමක් සිදු නොවමිනි. නමුත් මේ කාලය තුළ අර්චනාත්, නෙලුම්කුඹුර මැතිණියත්,අර්චනා නිසා මාලිනි හා නෙලුම්කුඹුර මැතිණිය අතරත් ළඟ හිතවත්කමක් ඇති විය. මේ හේතුවෙන් පවුල් තුන ගැන ඔවුනොවුන් අතර මනා අවභෝධයක් ඇතිවී තිබුණි. නමුත් තවමත් අනුහස් අර්චනා සමග කතා කරන්නේ නැත.
දිනක්,
"හෙලෝ...මධු...මගේ රුම් එකට එන්න..."
"සර්...මධු තවම ඔෆිස් අවේ නැනේ...." මේ අර්චනා පළමු දින අනුහස් හා කතා කළ පසු කතා කරන මුල්ම අවස්ථාවය.....
"හ්ම්...එහෙමද....එහෙනම් ආපු හැටියේ මගේ රුම් එකට එන්න කියන්න"
"හා සර්" නමුත් අර්චනා එය කියන කොටත් අනුහස් දුරකථනය තබා අවසන්ය.
නමුත් මධුමාලි අසනීප වී ඇති නිසා එදින නොපැමිණෙන බව අර්චනාට හා අනුහස්ට දුරකථන ඇමතුම් මගින් දැනුම් දුනි.
එදින වැඩ ඇරී වෙනද මෙන් අර්චනා කැබ් රථය එනතුරු බල සිටියත් එය පැමිණියේ නැත. අහස වැහිබර වුයේ කොයි වෙලේ කෝ වැස්ස ඇදහැලෙන බව කියාපාමිනි. බලා හිඳ බැරිම තැන වැස්සට පෙර ගෙදර යා යුතු නිසා අර්චනා පාරට ආවේ බසයෙන් හෝ ගෙදර යාමටය. බස් හොල්ටයට එනවිටම මහා වැසි අද වැටුනේ අර්චනාව හොද හැටි තෙමමිණි. වහ වහා කුඩය ඉහළ ගත්තත් ඒ වන විටත් ඇය හොඳ හැටි තෙමි අවසන්ය. ඇය ලඟින්ම ස්ලෝව් කරන කාරයක් ගියේ අර්චනාව පුදුම කරවිමිනි. ඒ අනුහස්ය...තමා මහා වැස්සේ මහ මග දමා යාමට තරම් ඒ හිත ගලක් බව අර්චනා මේ වනවිටත් වටහාගෙන සිටියාය. නමුත් තම හිතට අවසඟව දෙනෙතට ඉනු කඳුලැලි ඔහේ ගල යන්නට ඉඩ දුන්නේ කවුරුවත් එතන නොහිටි බැවිනි.
වැස්ස අඩුවන පාටක් නැත. මහ වැස්ස නිසා බස් ගමනයද අඩුවී ඇත. වැහි අඳුර නිසා පරිසරය වෙලාව සවස 6 ට අසන්න අඳුරු පැහැ ගෙන ඇත. අර්චනාට මහත් වූ බයක් දැනුනේ තවමත් බසයක් නොපැමිණි නිසාය. රෑ බෝවී ඇයට තනිවම යන්නට තරම් මෙහි පාරවල් හරි හැටි දන්නේද නැත. එවිටම වගේ එතනින් යන්නට ගිය විදුරු කළු කරන ලද නවීන පන්නයේ කාරයක් රිවස් කර නැවත බස් හොල්ටය ළඟ නතර කෙරුණි.
අනුහස්ට බිංදුව වැටෙන්නයි යන්නේ.
ReplyDeleteහොද වැඩේ..ඕකා ඔලුවෙන් නේ..ඉන්නේ.
ikmanata ithuru tikath danna.mama hamadama awith balanawa update welada kiyala.
ReplyDeleteඔව් අනේ...අනුහස්ට හොද වැඩේ.......
ReplyDeleteඅනේ...ඇනෝ නමෙන් නැතුව හැබෑ නම කිවනම් ගොඩක් වටිනවා...කාර්ය බහුලත්වය නිසාමයි පරක්කු වෙන්නේ කතාව දාන්න.....22 න පස්සේ කොහොම හරි ඉක්මනට ලියල ඉවර කරනවා
කතාව ඉවර නැද්දෝ............ එක හුස්මට කිටයව්වෝ......... දැන් ඉතිරියත් ඕනෝ.......... :))
ReplyDeleteමේ කතාව ලියලා ඉවර කරන්නෙ නැද්දෝ. මෙච්චර ලස්සනට ලියලා තියන කතාවක් අතරමග නතර කරන්න එපෝ....................
ReplyDeleteහරි හරි....ඉක්මනට ලියනවා
ReplyDeleteWot happened to this?
ReplyDeletekawadada meeka liyanne..apiwa nomaga yawanna epa.
ReplyDeleteko ithuru tika..? kathawa lassanai..ithuru tikath danna...
ReplyDelete