Saturday, August 11, 2012

සිතුවිලි අතර.......(10 කොටස)


පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......

කාවිංග ගත් තීරණය කුමක්ද....? එය ඔවුන්ගේ ජීවිත වලට කෙසේ බලපායිද.....
එතැන් සිට........

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

"මොකද්ද අයියේ කියන්නකෝ......"

"තීරණේ තමයි ඔයාව මගේ කරගන්නෙක......මොකද කියන්නේ....? කැමතිද අකමැතිද...?"

ඇයට තම දෙසවන් අදහාගත නොහැකි විය.....ඇත්තටම දැන් තමාට ඔහුගෙන් තොරව කිසිම දෙයක් සිතීමටවත් නොහැකි වග මේ වෙනකොට තේරුම් අරන් තිබුණත් ඒ හැඟීම් වදන් කරන්නට ඇයට ශක්තිය නොතිබුණි....එහෙත් දැන් ඒ හීනය තමා ඉදිරියටම පැමිණ ඇත........ඉතිරිව ඇත්තේ එය තමාගේම කරගැනීම පමණි....

ඒත් නිතරම විහිළු කරනා මොහු දැනුදු විහිළුවක් කරන්නේදැයි ඇයට සැක සිතුණි.....මුහුණේ වු හැඟීම් තේරුම් ගැනීමට නොහැකි වූයේ මෙය දුරකතන සංවාදයක් වු නිසාවෙනි....නැතිනම් ඔහුට මේ වන විට පිළිතුරු ලැබෙන්නේ ඇයගේ මුහුණේ වූ රත් පැහැයෙන් හා දැසේ වු දීප්තියෙනි.....

"අයියා ඇත්තටමද විහිළුවටද අහන්නේ.....?  "
"ඇත්තටම මැට්ටියේ......කියන්න මට ආදරේද....?" ඔහුගේ ඒ ප්‍රශ්නයේ ඇති ආදරණීය බව ඇගේ සිත හිරිවට්ටන්ට පවා සමත් විය.

"මන් මන්....අනේ....". හිතේ ඇති හැඟීම වදන් කරන්නට තවමත් ඇයට නොහැකී බැවින් ගොත ගැසෙන්නේ මේ හීනයක් නොවේවායි පතමිණි.

"ඇයි අනේ....කියන්න මන් මොකද්ද?"
"අනේ මන් ආදරෙයි ආදරෙයි...ගොඩක්.........බූරුවට ඒක තේරෙන්නේ නැද්ද?"
 ඒ ආදරණීය හැඟීම තවදුරටත් දරාගත නොහැකිව ඇයගේ මුවින් පිටවූයේ දෑසින් කඳුළු බිදු වැක්කෙරෙද්දීය....

"ඇත්තටම ආදරේද මැණික.....?"
 වෙනදා දුරකතනයෙන් රළුව නැගෙන ඒ හඩ, අද මේ මොහොතේ සියුම් වී ආදරණීය වී ඇසෙද්දී ඇයගේ මුවින් ඉකියක් නැගුණේ ඔහුගේ දෑසටද කඳුළු නංවමිනි......

මුවින් නොකීවත් ඇය තමාට ආදරේ කරන බව ඔහු දැන සිටියේය....

"අනේ ඔවු ඔවු ඔවු....මන් ආදරෙයි....අනේ....මට දරාගන්න බැ අයියේ....මන් කොච්චර ඔයාට ආදරෙයිද......"

මොහොතක් නිහඩව සිටි ඔහුට ඇසුනේ ඇය නාසය උඩට අදින සද්දය පමණි.....ඇයට මෙය තවමත් හිතාගත නොහැකි බව ඔහු තේරුම් ගත්තේ ඇගේ මුවින් නැගෙන සුසුම් වලිනි.....
විහිළුවක් කරන්නට සිතූ ඔහු මහ හඬින් සිනාසිය.....

"ඇයි අයියේ හිනා වෙන්නේ...."

"අපෝ මැට්ටි....සීරියස් ගත්තා නේද මන් කියපුවා....හික් හික් හික්....."

"ඇ.... ඇ.... ඇයි අයියා එහෙම කියන්නේ....?"

"කියන්නෙද මන් තමුසෙට ආදරේ නැනේ ඕයි.....මන් විහිළුවට ඒ ප්‍රශ්නේ ඇහුවේ......"

"අහ්......එහෙමද?"

"ඔවු...." ඇයට එය ලොකු දුකක් වූ බව ඔහුට දැනුණි.....

"හම් කමක් නැ....ඔයාට ඒක ලොකු විහිළුවක් වෙන්නැති....ඒත් මන් කිව්වා වගේම ඔයාට මාව විහිළුවක් වුණාට මට ඔයාව විහිළුවක් නෙමේ....මන් ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි....මගේ ආදරේ ඔයාට ඒ තරම් වැදගත් නොවෙන්න පුළුවන්...ඒත් මන් ආයෙමත් ආදරේ කරනවා....ඒ ඔයාට....ඔයත් මට ආදරේ නැති වුණත් කමක් නැ...ඒත් මන් ආදරේ කරනවා....බුදු සරණයි අයියේ...මන් තියනවා....තැන්ක්ස් ඔයාට......"

ඇය එයත් ඇත්තටම ගත්ත බව දැනුණ ඔහුට ඇය ගැන දුකක් ඇති විය....

"ඇයි තැන්ක්ස් කළේ....?"

"මෙච්චර දවසක් කියාගන්න බැරුව හිටපු දෙයක් කියලා හිත නිදහස් කරගන්න අවස්ථාවක් දුන්නට....."

"අනේ මැණික, ඔයා මට බණින්නේ නැද්ද...?"

"ඒ මොකටද මන් බණින්නේ ඔයාට...හැම වෙලේම විහිළුවක් කරලා සැහැල්ලුවෙන් ඉන්න ඔයා දැනුත් විහිළුවක් කරලා හිනා වුණා....මගේ හිත රිදුණත් ඔයා සතුටු වුණානේ...ඉතින් ඒ ඇති මට....."

තමාගේ තේරීම නිවැරදි බව ඔහු යලිත් පසක් කරගත්තේ ඇයගේ කතාවෙන් දෑසට කඳුළු උනද්දීය....

"නංගි...මේ අහන්න...මන් දැන් මේ කියන්න යන්නේ බොරුවක්වත් විහිළුවක්වත් නෙමේ....." කෙමෙන් තම හඬ වෙනස් වෙද්දී ඔහු කියාගෙන ගියේ හිතේ තියන දේ කියන්නට කලින් තමාට ඇඬේදැයි සැකැතිවය.....

"මොකද්ද අයියේ...."

"මන් මන් ඇත්තටම ඔයාට ආදරෙයි....ඒත් මන් ලඟ මහා ලොකු ආදරයක් නම් නැ....හිත කැඩිලා බිඳිලා විසිරිලා තිබුණේ...ඔයයි එවා මේ තරමට හරි එක්තැන් කළේ...අන්න ඒ බිඳුණ හිතිණුයි මන් ඔයාට ආදරේ කරන්නේ....ඒ ආදරේ ඇතිනම් ඔයාට දැන් මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතේ බාර දෙනවා......මන් මන් ඔයාට ආදරෙයි....මේ ජීවිතේ මේ සතුට මගෙන් ඈත් කරන්නෙපා......"

අන්තිම ටික කියද්දී තමාටම තම වෙව්ලනා හඬ පාලනක කරගත නොහැකි බව ඔහුට දැනුණි.

"අනේ....ඔය ඔය ඇත්තමයි නේද මගේ අයියේ...බොරු නෙමේ නේද.....?"

"නැ නැ නැ.....ඇත්ත...මන් ඔයාට ආදරෙයි....මාව ජීවත් කරවන්න පුළුවන් දැන් ඔයාට විතරයි මැණික.....මාව බාරගන්නවා නේද...?"

"අනේ....අනේ...." දෙදෙනාටම ඇඬුනේ සතුට වැඩිකමට හා ආදරය වැඩිකමට බව කාටවත් පැහැදිළි කළ යුතු නැත.....

"මන් මන් හැමදාම මගේ අයියව බලාගන්නවා...මගේ පණ වගේ....දැන් මගේ ජීවිතේ අයිති ඔයාට මැණික.....මට මට ගොඩක් සතුටුයි...ගොඩක්.....මන් පතපු ජීවිතේ මට ලැබුණනේ...."

"කවදාවත් මාව දාලා යන්නේ නැ නේද..?"

"නැ නැ කවදාවත් නැ.....මාව එපා කියලා මාව එළවනකම් මන් ඔයාගේ ජීවිතෙන් යන්නේ නැ...."

"කවදාවත් ඒකනම් වෙන්නේ නැතිවෙයි මැණික....."

"මන් ආදරෙයි ...."

"මාත් ගොඩක් ආදරෙයි....."

"අපි හැමදාම සතුටින් ඉමු...."

"හා මැණික....ඔයා මගේ ලඟ නම් මන් හැමදාම සතුටින්......."

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

එදා ඇය එසේ කීවත් එදින පටන් ඇය හැමදාම තමා නිසා දුකින් වුන් බව ඔහුට අමතක කළ නොහැක....තමා ඇයට දුන් සතුටට වඩා දුක වැඩි වග ඔහු හොඳින්ම දැන සිටියේ ඇයගෙන් වෙන්ව යාමට එයද හේතුවක් වු නිසාවෙනි.......


8 comments:

  1. ane plz meke itiri kotas tikath puluwan ikmanata danna hode........mama balagena innawa akki.....

    ReplyDelete
    Replies
    1. හරි නංගියෝ ...ඉක්මනට දාන්නම්කෝ.....

      Delete
  2. දැන් මේ ඉක්මනට ලියන්නේ... හම්මේ ඒක හොදයි.. බලමු ඉතුරුවා.. :)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් විරැකියාවෙන් ගෙදරනේ අයියේ ඉන්නේ....ඒ නිසා ලියතැකි.....

      Delete
  3. මම අද මුලින්ම ඔයාගෙ බ්ලොග් 1 කියෙව්වෙ. කතාව ගොඩක් ලස්සනඉ. අර නොබිදුනු පෑතුමන් කියන කතාවත් කියෙව්වා. එකෙ ඉතිරි ටික ලියන්නෙ නෑද්ද?

    ඉක්මනට කොටස් දාන්න pls

    ReplyDelete
    Replies
    1. මට මේ හොඳක් කියලා ඇනෝ කමෙන්ට් එකක් ආවමද කොහේ.....කොහොම නමුත් බොහොම ස්තුතියි යාළුවා.....

      ඉක්මණට ඉතිරි කොටස් දාන්නම්.....

      Delete
    2. නොබිදුනු පෑතුමන් කතාවේ ඉතුරු කොටසුත් දානවද?

      Delete
    3. මේක ලියලා ඉවරවෙලා ඒක ලියන්න ඉන්නේ.....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....