Tuesday, June 21, 2011

මොකද්ද මේ.......


කියන්න කියන්න...
වෙලාව කියද හරියටම...
__ .  __......
සුවර් නේද....
ඔව් ඔව්...මන් නේ බැලුවේ
දැන් ඉතින් බලවන්න වෙයි නේද
ඔව් ඉක්මනට එක කරන්න ඕන
මන් දන්න තැනකුත් තියනවා
අපේ බලන පරණම කෙනෙක් ඉන්නවා
කිරි ගහට ඇන්න වගේ
අනේ හොදයි.....
නමට අකුරු ගන්නත් එපැයි...
.............................................
.............................................
නමක් දැන්මද....
ඔව්...__ අකුරෙන් දුන්නේ.....
______  ලස්සනද
වරදක් නෑ...හොදයි....
...............................
................................
අනේ මන්ද ....කරදර කරදර.....
බැලෙවුවනම් හොදයි නේද...
මාත් මේ කියන්න හිටියේ......
.........................................
.........................................
බොහොම නරකයි...බොහොම නරකයි...
ඒ මොකදැයි එහෙම කියන්නේ.............
අරයා අතනට ගිහින්...
මෙයා මෙතනට ඇවිත්...
මෙයට අරයා පේනවා...
අපොයි අපොයි....
පරිස්සම් කරන්න වෙයි බොහොම....
එහෙමයි....මොනාද කරන්න ඕන....
පුජා තමා...මන් කරන්නම්
හොදයි.......ලොකු දෙයක්....
අපෙන් සුළු පඬුරක් .....
ඔතනින් තිබ්බනම්....
..........................................
..........................................
______ පටලවගේනලු....
නෑ...කවුද කිවුවේ....
දැකපු අය....මටත් සැකයි......
බැලෙවුවොත් නරකද.....
මාත් කියන්න හිටියේ.....
.......................................
.......................................
අරයා මාරු වෙලා.....
දැන් හොදයි....ඒ තැනත් හොදයි
මේ කාලේ හරි.....
ඇත්තටමද....
නතුවේ..වෙනද බොරු උනාද...
අනේ නෑ....එහෙනම් කතා කරන්නම් නේද
ඔව් ඔව්...මටම ගෙන්න..මන් බලන්නම්
නැතුව..වෙන කොහේ යන්නද...
.....................................
......................................
හරි වැඩේනේ....මේක නම් හරියන්නේ නෑ 
ඇයි ඇයි...මොකද....
ගැලපෙන්නේ නෑ....ම්හු....බෑ බෑ 
මොකද වෙලා තියෙන්නේ....
මේකට මේක නෑ...අරකට මේක නෑ...
මෙයා මෙතන...අරයා පේනවා....
මෙහෙම වුනොත් මෙහෙම වෙයි....
අපොයි දෙයියනේ...එහෙමත්ද...
ඕන නෑ එහෙනම් ...නවත්තගමු
ඔව් ඔව්...දෙන්න එපා ඉඩ පොඩ්ඩක්වත්....
......................................
......................................
අනේ මගේ දරුවා.....
ඇයි පුතේ උඹ මෙහෙම කරගත්තේ....
අපි ගියේ හොඳක් කරන්නනේ....
.....අනේ මගේ දරුවා......
බැන්දොත්නේ අනේ මැරෙනවා කිවේ....
කලින්ම මෙහෙම දෙයක් කරගත්තනෙ......
................................
.................................
දැන් ඉතින් අන්දලා දොඩලා බෑ නේ ද
මේ වැඩ කරගන්නත් එපැයි....
බලවන්නේ නැද්ද....
වැඩ ටික හරියට කරන්න බලන්න ඕනනේ...
එක තමා....බලන්න වෙයි....
අතනටම යන්ද.....
මතක් කරන්නෙපා....බොරු කියන්නේ...
එහෙනම් කොහෙන්ද බලන්නේ....
අතනට යන්.... එතන හොදයිලු.....
..............................
..............................
මොකද්ද මේ හැමවෙලේම බලන්නේ......................


11 comments:

  1. කේන්දරේ වගේ මට හිතෙන්නේ.. මගෙ නම් ඒ ගැන ඒ හැටි විශ්වාසයක් නෑ. ඒත් ඉතින් බලන්න ඕනෙ කියලා බැලුවා. අවුලක් නෑ මම ගොඩ.....

    ReplyDelete
  2. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  3. ඔව්ව බල බල ඉන්න ගියහම මොන මගුලක්වත් කරගන්න වෙන්නෙ නෑ... ඕව ඇත්තද බොරුද දන්නෙ නෑ... ඒත් ඉතිං මට නම් ඕව එපා...

    ReplyDelete
  4. කේන්දර.. මම නම් කොහෙත්තම විශ්වාස කරන්නේ නෑ.. හොදක් කිව්වොත් හැමෝම සතුටුයි.. නරකක් කිව්වොත් ලොකම නැති උනා වගේ අඩනවා..

    ReplyDelete
  5. මම නම් කේන්දරේ එල්ලිලා ඉන්නෙත් නෑ..ඒක විසි කරලා දාන්නෙත් නෑ.අවශ්‍යයි කියලා හිතුන තැනදි ප්‍රයෝජනයට ගන්නවා.

    ReplyDelete
  6. කෙන්දරේම නෙමේ මන් අදහස් කලේ......කේන්දරේ හදන්නෙත් එකෙන් තමා....මේ දවස් වල මගේ ඔලුවෙත් මේ කේන්දර සීන් එක යනවා...එකයි මේ වගේ දෙයක් ලියවුනේ....කොමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්

    ReplyDelete
  7. මෙයා මෙතනට ඇවිත්, අරයට පේනවා; අපොයි අපොයි; පූජාවක් කරන්න වෙයි. :D රසවත්ව ලියවුණු රචනයක්.

    ReplyDelete
  8. ස්තුතියි නලිනි අක්කේ....අරයා, මෙය, මෙයා, අරයා...හරිම වදයක් ආප්ප වෙලාවකට

    ReplyDelete
  9. කේන්දරේ බලන එකේ ඇත්තක් නැහැයි කියලා කියන්නත් බෑ.ඉස්සර නම් මම තඹ සතේකට කේන්දර බලන එක විශ්වාස කලේ නෑ.

    ඒත් ලගකදි තාත්තා මගේ කේන්දරේ අරන් ගිහිල්ලා බලෙන්ම වගේ බලව ගෙන ආවා.හැබැයි ඒ කියපු ව නම් මම ගැන බලං ඉදලා කියපුවා වගේ.ඇත්තම කියවිලා තිබුණා.ඉතින් විශ්වාස නොකර කොහොමද?

    ReplyDelete
  10. හොඳ රූපමය කවියක්.. පොඩ්ඩක් විතර දිග වැඩියි වගේ..

    ReplyDelete
  11. කේන්දරේ විස්වාස නොකරත් බෑ පාල( අයියා/ මල්ලි ).....එත් ඒ මත්තෙම හිටියෝත්නම් සදා අනාතයි...මොකද හැමදාම අපලනේ.....

    .................................

    එකනම් මටත් හිතුණා...කෙටි කරන්න විදියක් තිබුනේ නෑ රසික ....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....