Showing posts with label අනන් මනන්............ Show all posts
Showing posts with label අනන් මනන්............ Show all posts

Tuesday, August 7, 2012

ආයෙමත් ආදරෙන්............



කොහොමද යාළුවනේ.....අමතක වෙලාවත්ද මන්දා මාව..... 

”ඔව්”...
අනේ හරිම නරකයි ඔයාලනම්......

පහුගිය දවස්වල තිබුණ අධික වැඩ රාජකාරී බොහොමයක් නිසාත්, රැකියා ස්ථාන මාරුවීම්, විභාග ආදී එකී නොකී වැඩ නිසා මගේ මේ පුංචි බ්ලොගේ වහලා දාන්න වුණානේ....දැන් ඉතින් රැකියාවෙනුත් අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා ආයෙමත් ලියන්න පටන්ගන්න හිතුවා....මතක තියන අය මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.....


Tuesday, February 14, 2012

බිඳුවක් හිතන්න......

අද.....පෙබරවාරී මාසේ 14 වෙනිදා.....කවුරුත් කියන විදියට ආදරවන්තයින්ගේ දිනය....

පහුගිය දවස් ටිකේම මේ දිනය ගැන කට්ටිය බොහොම කතා වුණානේ....ඇත්තටම එක දවසකට විතරක් තමන්ගේ ආදරේ සමරන්න ඕනද...ඇයි හැමදාම ආදරේ පෙන්නුවාම තියන වැරුද්ද මොකද්ද....

කාර්යය බහුල ජීවිත ගෙවන අයටනම් ඔන්න මේ වගේ දවසක් තියන එක හොඳා...අඩු ගානේ එදාටවත් තමන්ගේ සැමියා/ බිරිඳ හෝ ආදරවන්තයා/ ආදරවන්ති ගැන ටිකක් වැඩිපුර සැලකිළිමත් වෙයිනේ....එහෙමත් නැත්නම්, උබ උන්නත් මලත් මට මොකද කියලා ආත්මාර්ථකාමීව වැඩ කරන අයත් අපි අතර ගොඩක් ඉන්නවා....ජිවිතේම සල්ලි කියලා හිතන අය තමා වැඩිපුරම එහෙම ඉන්නේ...නැද්ද මන් අහන්නේ....

හැමදාම තමන් ආදරය කරන කෙනා ගැන හොයලා බලලා එයාව සතුටු කරනවානම් මේ විදියට ආදරවන්තයින්ගේ දවස කියලා දින මොකටද....මහා ලොකු කැපකිරිම් නැතුවට කරන්න පුළුවන් කොච්චර දේවල් තියනවද.....ඒ හැමදේම අමතක කරලා අද වගේ දවසක අපේ උදවිය ගනන් වැඩි මොකක් හෝ තැග්ගක් ගෙනත් දීලා ඇඟ බේරගන්නවා,"බලන්න මන් ඔයාට ගොඩක් වටින තැග්ගක් ගෙනාවා...ඒ ඔයාට ගොඩක් ආදරේ නිසානේ" කියලා....අනේ ඉතින් ඔය තරමටම ආදරේනම්, ඔය තැගි බෝග නැතුවට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද......එදාට විතරක් නෙමේ..හැමදාටම....එහෙම නේද....

දවසට පැය 24ක් තියනවා....මේ පැය 24න් පැයකට එක විනාඩි 5ක් ආදරේ වෙනුවෙන් කැප කරන්න...ඔයාට ඒ වෙනුවෙන් වෙලාව නැති වුණාට මුණුපොතේ චැට් වල කාලේ කකා වරු ගනන් ගෙවන්න වෙලාව තියනවා....එහෙම නේද.....එයා කතා කලොත් කියන්නේ මොකක්ද...මන් බිසි...පස්සේ ගන්නම් කියලා....sms එකක් දුන්නට කියෙව්වත් රිප්ලයි කරන්නේ නැ.....බලන්න ඔයත් මේ දේවල් කරනවද කියලා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනාට.....

හදවතින්ම ආදරේ කරන අයට මහා ලොකු තැගි නැතුවට, ආදරෙන් පපුවට ලංකරන් "මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මැණික" කියලා කියන්න.....ඒ වගේම ලංකරන් හාද්දක් දෙන්න.....ඒ දේ ඒ කෙනාට කොයිතරම් වටිනවද කියලා ඔයාලා දන්නවද.....ඔයාලට එහෙම කවදාවත් හිතිලා නැද්ද.....අනේ මටනම් ඔය ලොකු ලොකු තැගි වලට වඩා ඒ දේවල් ගොඩක් වටිනවා....ඔය තැගී බෝග දෙනවට වඩා පුංචි පුංචි දේවල් තමන් ආදරය කරන කෙනාට දෙන්න....ඒවා එයාට ගොඩක් වටිනවා.....දවසක් දෙකක් එහෙම කරලා බලන්න....සතුට සැනසිම හැමදාම ඔයාලා ලඟ තියේවි....

අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද.....

මන් හිතන්නේ ඒ සැනසීම සතුට ඔයාලා හැමෝටමත් විඳින්න පුළුවන් ආදරේට ආදරේ කරොත්...ආදරේ වෙනුවෙන් මොහොතක් පුංචි වෙලාවක් වැයකලොත්......ඒ සතුට සැනසිම විඳින්න ඔයාලටත් ලැබේවායි කියලා මේ ආදවන්තයින්ගේ දවසේ මන් සුභපතනවා....!!!

හැමදාම මුණ නොගැහුණත් අඩුවක් නැතුව ආදරෙන් මගේ ජීවිතේ  පිරෙව්ව ඔයාගේ ආදරේ හමුවේ හැමදාම මට වැලන්ටයින්......!!මන් ගොඩක් ආදරෙයි.....!!!


Friday, February 3, 2012

ප්‍රශ්නයක්....

මන් පුංවි ප්‍රශ්න ටිකක් අහන්නම්.....උත්තර දීලා යන්න....


·      නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?


·       හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?


·       ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?


·       හිතලා තියනවද....?


·       නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?


·       ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?


Friday, November 25, 2011

කසාද බඳිමුද.......


හික්ස්.....නම දැක්ක හැටියේ අහන්න එපා මාව බඳින්න කැමතිද කියලා....මන් කැපවෙලා ඉවරයිනේ ඉතින්....

හම්මේ......බ්ලොග් එක පැත්තේ ආපු කාලයක් මතක නැ......බිසි බිසි.....හොඳටම බිසි.....එහෙම කියලා බේරෙන්න බැ නේද යාළුවනේ.....ඔන්න අද මන් කියන්න යන්නේ ටිකක් විතර වැදගත් කතාවක්....

අපේ අතිතයෙන් අහුලන මතතකයන් ලියන දිල් අක්කා කාලෙකට ඉස්සර අපේ රටේ වගෙම පිට රට වල මගුල් තුලා සිද්ධ වෙන විදිය ගැන පෝස්ට් දෙකක් දැන්මනේ....මතකද ඒවා....
ඉතින් ඔය කොයි රටටත් වගේම අපේ රටටත් අවේණික වුණ විවාහ ක්‍රම තියෙන බව ඉතින් දැන් ඔයාලා දන්නවනේ( හරි ඉතින් කලින් දැනන්  උන්නට මේ තරම් විස්තරයක් දන්නෙ නැ නේද?)

මන් අද කියන්න යන්නේ අපේ විවාහ උත්සවයකදි පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර ගැන බිඳක්....


අපේ රටේ මුල්බැස ගිය සිරිතක් වන කේන්දර බැලීම මෙහිදීත් අනිවාර්යෙන්ම සිද්ධ කරනවා.( හොරෙන් පැනලා යනවනම් ඕං මේවා වැඩක් නැ) මෙයින් කියවෙන්නේ පෙර භවයේ සිට පතාගෙන එන අන්දම ('පෙර උන්දම්') ගැන බැලිමක් ලු.....මේවා මන් නෙමේ ඕං කින්නේ.....පුරාණ ජනයා.....මේකෙදි විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායිකව, මානසිකව හා ජීව විද්‍යාත්මකව ඒ දෙන්නා ගැලපෙනවද කියලා බලන එකලු කරන්නේ. ඊට පස්සේ කරන්නේ නැකැත් පොරොන්දම් බලන එකලු. එතනදි ධනය, බලය, සමගිය හා සැපය ගැලපෙනවද කියලා බලනවලු. ඉතින් මේ පොරොන්දම් බැලිම දශ පොරොන්දමින් ආරම්භ වෙලා   විසි පොරොන්දම් බැලිම දක්වා දිවෙනවලු.

මේ මන් කියන්නේ දෙමාපිය ආශිර්වාද ඇතුව කරන මගුලකදි පිළිපදින ක්‍රම ගැන හොඳේ.....හික්ස්....එතකොට ඉතින් කුලය ආගම ජාතිය ඔය සේරමත් බලනවනේ....

දැන් ඔය කේන්දර බලන එකෙන් කරන්නේ ගැලපෙනවද කියලා බලන එකම නෙමේනේ.....ගැලපෙනවනම් මේ කසාදේ කරන්න අවශ්‍ය නැකැත් එහෙමත් බලනනවනේ....එතනදි මනාල පාර්ශවය විසින් ඒ ඒ නැකත් හදාගෙන මගුල් දිනයට කලින් නැකැත් දවසක නැකැතක මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් මනාලි පාර්ශවයට ගිහින් දෙනවලු...ආ අමතක වුණානේ ඒ ලියවිල්ලට කියන්නේ නැකැත් පත්‍රය කියලලු..ඒකට කියන්නේ නැකැත් දීම කියලලු.....ඒ කියන්නේ විවාහ ගිවිස ගැනීමලු.....දැන් කාලේ එහෙම නේමේනේ නේද.....වෙනම විවාහ ගිවිස ගැනීමක් කරනවනේ......

මේ නැකැත් දීමෙන් එහෙමත් නැත්නම් විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මගුලට සති දෙකකට විතර කලින් මේ දෙපාර්ශවේම අය තම තමන්ගේ නැයන්ට මගුලට ආරාධනා කරනවලු. ඒ ආරාධනාව කරන්නත් ඕන වැඩිහිටියෙක්ලු....ඕං පොඩිහිටියෙක් නෙමේ......මේ ආරාධනාවත් නිකම් කට වචනෙන් කරලා බැලු.....ඒකට  පිත්තල හෙප්පුවක් හරි රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වහලා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.


ඔන්න ඉතින් ඉස්සර මේ දැන් වගේ කුලියට ගන්න මගුල් පෝරු තිබිලා නැනොවැ.ඒකද මංගුලට දින කිහිපයකට කලින් සුභ නැකතකින් තමා හදන්න අරන් තියෙන්නේ.සුභ දිසාවකට මුණ එන විදියටලු නිර්මාණය කරන්නේ. 
කසාද බඳින එකත් සෙල්ලම් නැ නේද බලන් යද්දි.....
දැන් පෝරුවත් හදලා ඉවරයිනේ....මගුල් දවසේ චාරත්‍ර ටික වෙන දවසක කියන්නම්කෝ.....එහෙනම් ඔන්න මන් ගියා...බයි බායි කස්ටියටම......


Friday, October 7, 2011

අවසාන තීරණය..........

අම්මේ....බය වෙන්න එපා...පොඩි කතාවක් මේ...ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳීගෙන එන්නේ......සුද්ද කරන්නත් එක්ක මෙන්න පොඩි කතාවක්.......


මේක මට ආපු මේල් එකක තිබුණේ.ඇත්තටම මෙහෙම කොච්චර දේවල් වෙනවද? 


ඔන්න දවසක් වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උණා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. 

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.." 

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"


ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා. 

ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක



මේ වගේ දේවල් විතරක් නෙමේ....අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ක‍තාකළොත් ඒ කෙල්ල ගැන සමාජය කතා කරන්නේ කොයිතරම් වැරදියටද? මන් හිතන්නේ හැමෝමට මේ වගේ අත්දැකීම් ඇති නේද?


(තැන්කූ ශානුක මේල්ලුවට)
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....