මේක මට ආපු මේල් එකක තිබුණේ.ඇත්තටම මෙහෙම කොච්චර දේවල් වෙනවද?
ඔන්න දවසක් වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්රෙම කුරුල්ලෝ දෙන්නෙක්

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,
"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."
තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා




ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."
තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."
දැන් කපල් එකට හෙනම ප්රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "
තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා
"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"
ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක


මේ වගේ දේවල් විතරක් නෙමේ....අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතාකළොත් ඒ කෙල්ල ගැන සමාජය කතා කරන්නේ කොයිතරම් වැරදියටද? මන් හිතන්නේ හැමෝමට මේ වගේ අත්දැකීම් ඇති නේද?
(තැන්කූ ශානුක මේල්ලුවට)
ඇත්තටම පෙනෙනදේයි දකින දේයි අතර වෙනස මොනතරම්ද.ලස්සන කතාවක්.
ReplyDeleteඅක්කෙ.. මට ඇඩුනා.. මං මගේ ශොර්ට් ෆිල්මෙ එකේ ස්ක්රප්ට් එකට මේක ගන්නවා..
ReplyDeleteහිතට වදින කතාවක්... ඇත්ත එක පාරට අර කොල්ලට පිස්සු කියලා හිතුවට අවුරුදු 25ක් අදුරේ හිටපු කෙනෙක්ට ලෝකය දකින කොට ඒක කොයි තරම් ලස්සන දෙයක්ද.. මට මතක් උනේ සයුරිව...
ReplyDeleteඕකෙන් ගන්ඩ තියෙන ආදර්සේ තමා කපල් එකක් උනාම අනුන්ගේ සෙද්දවල් හොයන්නේ නැතුව පාඩුවේ දෙන්න එක්ක පත්තරයක් බලාගන්න ඕන කියන එක
ReplyDeleteලස්සනයි යාළුවා ඇත්තටම..හොඳ සංකල්පනාවක් අන්තර්ගතවෙලා තියනවා..ඒක ඉදිරිපත් කලාට ස්තූතියි
ReplyDeleteමම හිතන්නෙ මම මේක කියවලා තියෙනවා..මේල්ලුවකින්ම තමා
ReplyDeleteයම් දෙයක් ඇසින් දුටුවත් කනින් ඇහුවත් අතට අසුවනතුරු විශ්වාස නොකරන්න ....!!!
ReplyDeleteමම අහලා තියෙන්නේ එහෙමයි .........:D
හිතන්න කතාවක්! ස්තුතියි
ReplyDeleteඇත්තටම නංගෝ ජිවිතේ ගොඩාක් තැන් වලදි අපි ගොඩාක් වෙලාවට නොකරන දෙයක් තමා ඕක...
ReplyDeleteදෙයක් හරියට දැන ගෙන වැඩ කරනවා නම් එතන ප්රශ්න ගොඩාක් අඩු වෙනවා නංගෝ..
ප.ලි : ඇත්තටම ඒ කපල් එක වටේ පිටේ වෙන දේවල් ගැන අවදානයෙන් යන එක ගැන නම් සතුටුයි.. මොකද සමහර අය එහෙම නොකරන අවස්ථා ගොඩාක් මම දැකලා තියනවා..
අන්තිමට ලිවේ අත්දැකිමක්ද නංගෝ
godaak sanvedii.
ReplyDeletenew comer
සහතික ඇත්ත. මේ පෝස්ට් එක අපෙ මාමට පෙන්නන්න තියෙනවනම් :(
ReplyDeleteහ්ම්ම් හිතාගන්න පුළුවන් ඒ අවස්ථාවෙ එයාල වීන්ද සතුට නේද ?
ReplyDelete…ලස්සන කතාවක් නංගො ...
ඒකනම් ඇත්ත සාගර...
ReplyDeleteඑහෙනම් මල්ලි ෆිල්ම් එක හදලා අපිටත් බලන්න දෙන්නකෝ.....
හම් හම්....මන් සයුරි ගැන කියෙව්වා අයියා....ඒ වගේ තමා....
අනේ ඉතින් ඔයා කීවොත් කියන්නෙ ඔය වගේ කතාවක් තමා...හම්...
බොහොම ස්තූතියි ජනරඟ යාළුවා....මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා....
එහෙමද අක්කා.....
ඒ කතාවනම් සහතික ඇත්ත ලයන්....
එහෙනම් හිතන්නකෝ ලොකු ජෝන්...
අයියා කියපු දේ ඇත්ත...හම් අත්දැකීමක්ම නෙමේ....මොකද මන් ආශ්රය කරන පිරිමි ළමයි ගැන අම්මා දන්නවා...මගේ යාළුවන්ට ඔහොම වෙලා තීනවා...
තැන්ක් ඇනෝ....නමින් ආවනම් ගොඩක් වටිනවා...
ඒ මොකෝ සීතල අයියේ.....?
තැන්කු ගිම් අක්කා....
හ්ම්ම්ම්.. මටත් ඔය මේල් එක ඇවිත් තිබුණා....
ReplyDeleteබෙදා හදා ගත්තාට ස්තුති!
ReplyDelete