Saturday, March 31, 2012

සිතුවිලි අතර...........(2 කොටස)

ඇය නවෝද්‍යා.....
ඔහු.........

ආදරය නිසා මහමෙරක් දුක් ඉසිලූ මොවුන් දෙදෙනාගේ ජීවිත කෙසේනම් ගෙවේද.....

පළමු කොටස....සිතුවිලි අතර.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
 නවෝද්‍යා......
 ඇයගේ නම ඔහුගේ මුවින් පිටවුනේ පුදුමයක්ද සමගයි....අතීතය...

හම් ....නවොද්‍යා.....නම වගේම මෙයත් ලස්සනයි....අපරාදේ ජීවිතයක්....ඇයි ඩොක්ට අමුතු වුණේ....මෙයාව අඳුනනවද?  

දහදිය දමා මුහුණ අමුතු වූ ඔහුගෙන් ඇය ඇසූ පැණයට තවත් පැණයක්ම නැගුණි.

මෙයාගේ සම්පූර්ණ නම මොකද්ද?

හිරුණි නවෝද්‍යා දිසානායක

දෙවියනේ......

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

මැණික, මේ ඔයාගේ අන්තිම තීරනේද වස්තු..... ඔහු දෙසම බලාගෙන ඇස් දෙකෙන් පිටවෙන්න පොරබදන කඳුළු ආයාසයකින් නවත්වාගෙන ඔහුගේ දෙපතුල ලඟ ඇඳ වැටී සිටි ඇය අසා සිටියේ ඒ තීරණයයි......
මට වෙන කරන්න දෙයක් නැ සුදුනෝනා.....එක හිතක් නැති මන් වගේ මිනිහෙක් එක්ක ගිහින් ඔයාගේ ජීවිතේ නාස්ති කරන්න මට බැ.......මට දහස් වාරයක් සමාවෙන්න....!!!.

තව දුරටත් හිතත් එක්ක පොරබැදු කඳුළු නවතා ගන්නට නොහැකිව දෑසින් ගලා ගියත් එකම වචනයකුදු ඔහුට විරුද්ධව නොදෙඩූ ඇය, එකම එක උදවුවක් කරන්න මැණික මට......

මොකද්ද සුදු නෝනා...කියන්න, මන් ඕන දෙයක් කරන්නම්......

එහෙනම් මාව එකම එකපාරක් වඩාගෙන ලොකු කිස් එකක් දෙන්න....ඒ ඇති

අනේ මගේ වස්තුවේ.....ඔයා ඇයි ඔයතරම් අහිංසක.....ඇයි මට බණින්නැත්තේ....ගහන්නැත්තේ....එහෙම කරනවනම් මට හිත හදාගන්න කොච්චර ලේසිද.....ඒත් ඔයා තව තවත් මට ආදරේ කරනවා....මන් කොහොමද මැණික ඉවසන්නේ.....

ඔයාට කරන්නම වෙනවා......තව පොරොන්දුවකුත් වෙන්නෝන....

මොකද්ද මැණික, කරන්න පුළුවන් දෙයක්නම් පොරොන්දු වෙන්නම්

එහෙම බැ.....පොරොන්දුවෙන්න....කෝ කෝ අත දෙන්නමේ සමුගෙන යන මොහොත බව දැන දැනත් ඔහු හා හුරතල් වෙන මේ අහිංසකාවිය හිතින් කොයි තරම් අඬනවද කියා ඔහු තියා ඇයවත් දන්නේ දැයි සැකය.....
ඔහුගේ දකුනත ගෙන තම හිසමතින් තබාගත් ඇය, වමත තම පපුව මත හොවාගත්තේ නැග ආ ඉකිය මැඩගෙනය....

මන් මෙතනින් ගියායින් පස්සේ කවදාවත් ආයේ මන් ගැන හොයන්නෙපා......ඒ වගේම ඔයාට කවදම හරි මාව ඔන වුනොත් එදාට මන්ගාවට එන්න....කවදම හරි....කොයිතරම් කල් ගිහින් වුණත් ඔයාට මාව ඕන වුනොත් එදාට මන්ගාවට එන්න.....ඒ වගේම මන් ඔයාගේ ජීවිතෙන් අද ගියාම, ඔයාගේ ජීවිතේට ඊලඟට එන කෙනාට කවදාවත් අසාධාරණයක් කරන්නෙපා....ඒක හරි පවු....ඔයාගේ හිතේ මොන තරම් දේවල් තිබුණත් අනිත් කෙනාගේ හිත තේරුම් අරන් එයාට දරන්න බැරි දේවල් කියන්නෙපා.....ඒක හරි දුකක්....හැමෝම මන් වගේ නෙමේ කියලා මතක තියන් වැඩ කරන්න වස්තු......මේ ටික ඔයාට කරන්නම වෙනවා...ඔයා පොරොන්දු වෙන්න....මන් වෙනුවෙන් කරනවා කියලා.....

ඇයි මැණික මාව මරලා දාන්නේ නැත්තේ....ඔයාගේ ඉල්ලිම් කොයිතරම් අසාධාරණද?

නැ පණ....මන් වත් මගේ ඉල්ලීම්වත් පොඩ්ඩක්වත් අසාධාරණ නැ.....කෝ මන් වෙනුවෙන් මේ දේවල් කරනවා කියලා පොරොන්දු වෙන්න පණ....ප්ලිස්....මීට කලින් මන් මෙහෙම ඉල්ලලා නැනේ.....නේද.....

හා මැණික....මන් කරන්නම්....ඒත්....

ඒත් මේත් නැ.....දැන් පොරොන්දු වෙලා ඉවරයි.........මැට්ටා මගේ...කෝ කෝ....වඩාගෙන උම්මා එක දෙන්නකෝ....මට පරක්කු වෙනවා....

හැමදේම හිතේ තදකරන් සැහැල්ලුවෙන් මෙන් හැසිරෙන මොවුන් දෙදෙනගේ අනාගතය මින් ඉදිරිට කෙසේ වේවිදැයි සැක සහිතය...................

’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
 

Friday, March 30, 2012

සිතුවිලි අතර...........(1 කොටස)

ඇය ආදරය ආත්මයම කරගත් අවිහින්සකාවියක්......
ඔහු......ආදරයට ආදරේ කරපු, ආදරේ නිසා විඳවපු අහිංසකයෙක්.....
ඒත්.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
කරාපිටිය මහ රෝහලේ මානසික රෝගී අංශයට අළුතින් පැමිණි තරුණ වෛද්‍යවරයා හදුන්වා දෙන්න  එහි සේවය කරන කාර්යය මණ්ඩලය රැස් වූ මොහොතේ, එම අංශය බාර දොස්තර මහේන්ද්‍ර, ඔහුව හඳුන්වා දුන්නේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

"ගුඩ් මෝනින්ග් හැමෝටම. අද ඉඳන් අපිට අළුත් ඩොක්ට කෙනෙක් එකතුවෙනවා. ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවනේ. මේ ඩොක්ට කාවිංග බණ්ඩාර. මානසික වෛද්‍ය විද්‍යාව ගැන හොඳට අධ්‍යනය කරපු කෙනෙක්. මන් හිතනවා ඩොක්ට එක්ක හැමෝටම සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් වෙයි කියලා. යන්ග් වුණාම ඕනම දේකට මුණ දෙන්න පුළුවන් කම තියෙන්නෙපැයි නේද ඩොක්ට විශ්වනාත්....."

"යස් යස් ඩොක්ට මහේන්ද්‍ර. ඒක ඇත්ත. දැන් ඉතින් අපි වයසට යන කලාවනේ...නැද්ද මන් අහන්නේ..."

හ්හා හ්හා...නියම කතාව....හරි පුතා අපේ ස්ටාෆ් එක අඳුන ගත්තනේ....දැන් එහෙනම් ගිහින් අපේ යාළුවෝ ටික අඳුනගෙන එන්නකෝ. මිසිස්  වීරසේකර තමා අපේ ස්ටාෆ් එකේ පරණම. එයා දන්නවා හැම ලෙඩෙක් ගැනම. එයා කට්ටියව හඳුන්වලා දේවී. අපි ඊට පස්සේ එක එක්කෙනා ගැන කතා කරමුකෝ...

හා ඩොක්ට

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
ඩොක්ට කාවිංග ඇයි මේ සබ්ජෙක්ට් එකම තෝර ගත්තේ.

හම්...ඒක විස්තර කරන්න අමාරුයි මිසිස් වීරසේකර...මන් එක පාරක් ගියා යාළුවෙක් එක්ක මෙන්ටල් හොස්පිටල් එකකට. එතනදි මට ලොකු දුකක් ඇති වුණා එයාලා ගැන...ඉතින් මන් එතනදි හිතාගත්තා මන් යන්නේ මේ ෆීල්ඩ් එකෙන් කියලා. පස්සේ රිසර්චස් ගොඩක් කළා..අන්තිමට මෙතනට ආවා...කවුරු හරි සනීප කරගන්න පුළුවන් වු‍ණොත් එක තමා ලොකුම පින.

මට නම් හිතාගන්න බැ...ඩොක්ට වගේ තරුණ කෙනෙක් මේ වගේ ෆීල්ඩ් එකක් තෝරගත්තයි කීවාමහරි ඩොක්ට, මේ තමා පේෂන්ට්ස්ලගේ විස්තර. අපි එක එක්කෙනා ගාවට ගිහින් කතා කරලා බලමු. එතකොට එයාලා ගැන අයිඩියාවක් ගන්න පුළුවන්නේ.

ඔව් එහෙම කරමු....මට එතකොට ලේසියි ඉස්සරහට

ඩොක්ට කාවිංගත් සමග මිසිස් වීරසේකර මානසික රෝහලේ වාට්ටු අතර ඇවිද ගියේ ඒ ඒ රෝගීන් මානසික රෝගින් බවට පත්වීමට බලපා ඇතැයි සිතන හේතු පැහැදිලි කරමිනි. විවිධ විවිධ වයස් කාණ්ඩවල නේවාසික රෝගීන් 30ක් පමණ සිටින මෙම රෝහලේ අංශයේ ඔවුන්ගේ මානසික ආබාධ වලට හේතුව එකිනෙකට වෙනස්ය.

එහෙනම් අපි රූම්ස් වල ඉන්න අයව බලන්න බලන්න යමුද....

ඒවගේ කී දෙනෙක් වගේ ඉන්නවද?

දැන්නම් ඉන්නේ දෙන්නෙක් තමා....එක්කෙනෙක් ගර්ල් කෙනෙක්....අනිත් එක්කෙනා පිරිමි කෙනෙක්. එයා ගොඩක් වෙලාවට දරැණුයි...ඒ නිසා බැඳලා තමා තියෙන්නේ.

එතකොට අර ගැණුළමයා ?”

අනේ හරිම අහිංසකයි....හිතා ගන්න බැ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා....ගෙදර අයට වැටහීමකුත් නැ.....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අපි හිතන්නේ ස්ට්‍රෙස් එක වැඩිවෙලා කියලා. හොඳට ඉන්නවා. කියන දේ අහනවා....ඒත් කතා කරන්නේ නැ...බලාගත්ත අතේ බලන් ඉන්නවා....කතා කරනවනම් අපිට ලේසීනේ....ඒත් කතා කරන්නේ නැ.....ඩොක්ටම ගිහින් බලන්නකෝ....

ආ....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද....අපරාදේ.....ගොඩක් සෙන්සිටිව් අයට සමහර දේවල් දරාගන්න බැරුව එහෙම වෙනවා තමයි.

මේ තමයි ඩොක්ටර් එයාගේ රූම් එක. එන්න ඇතුළට...නවෝද්‍යා.....මේ බලන්න....ඔයාව බලන්න යාළුවෙක් ඇවිල්ලා

නවෝද්‍යා.....................,

 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Monday, March 26, 2012

ළඟින් හිටි ඔබට........

ජීවිතය එපා වී සිටි මොහොතක, දුක මකාගන්න එක්වුණ සයිබරයේදි මුණගැසුණ  යහළුකැළ පෙන්වු මගක ජීවිතය සොයා ගොස් ගොඩනගා ගත් මේ දිවියට එදාටත් වැඩියෙන් අද ගොඩක් ආදරෙයි. හිතට ආපු හැම දේම කාගෙවත් තහන්චියක් නැතුව කියා ගන්න පුළුවන් වුණ, තීරණ ගන්න බැරි මොහොතක තීරණ ගන්න පහසු කරපු, මගේ ආදරය මට ලබා දුන්, දුක සැප දෙකම එකම විදියට බෙදා ගත්ත මගේ පුංචි බ්ලොගේට ඊයෙට අවුරුද්දක් පිරුණා....දවසක් පහු වුණා තමයි...ඒත් ඒ අමතක කරල නම් නෙමෙයි......
ඔයාට සුභම සුභ උපන්දිනයක්.............!!!!!


එදා මෙන් අදටත් මගෙත් එක්ක හිටි වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.....!!! 

Monday, March 19, 2012

හෙට තමා දවස.................

ගොඩ දවසකින් මේ පැත්තේ නාපු නිසා කට්ටියම මාව අමතක වෙලත් ඇති නේද....ඒකට කමක් නැ....එක්සැම්, සංගණන වැඩකටයුතුත් එක්ක පට්ට බිසි වෙලා හිටියේ....කොහොමෙන් කොහොම හරි එක්සැම් නාගෙන තියන බව නම් තේරිලා ඉන්නේ....බැණුම් නොහැව්වත් මගේ අයිතිකාරයගෙනම් ටිකක් හිත රිදිලා තියෙනවා ඒ ගැන.....අනේ ඉතින් මන් ඊලඟ පාර එක්සැම් හොඳට කරන්නම්කෝ.....

හා හා ....කතාවට එමුකෝ....

කස්ටිය දන්නවද හෙට දවස කවද්ද කියලා....හරි හරි....මන් දන්නවා දන්නවයි කියලා....හෙට දවසේ තියන වැදගත්කම දන්නවද කට්ටිය.....

හෙට මාර්තු 20, ජන හා නිවාස සංගණන දිනය....අවුරුදු 10කට පාරක් පවත්වන මේ සංගණනය හරි කාල සිමාව ඇතුළත නම් පවත්වන්න තිබුණේ 2011 වර්ෂයේ....අවුරුදු 30කට විතර පසු මුළු ලංකාවම එකතුකන් තමා මේපාර සංගණනය පවත්වන්නේ....ඔං මාත් ගණන් ගන්නා නිළධාරිනියක් විදියට කටයුතු කරනවා....

අධියර 4කින් සමන්විත මෙවර සංගණනයේ මුල්ම අධියර සම්පූර්ණ කරන්න තියෙන්නේ ග්‍රාම නිළධාරිවරුන්ට...එයාලට පැවරුන රාජකාරිය තමා, තමන්ගේ වසම සිතියම්ගත කරලා ඒ වසම කොටස් කිහිපයකට බෙදලා ඒ ඒ කොටසට අදාලව නිවාස හා ගොඩනැගිලි, පුද්ගලයින් ගාන ගණන් කර ගැනීම. 

ඊලඟ අධියර, ඒ කියන්නේ 2වනි අධියර තමා තෝරාගත් ගණන්ගන්නා නිළධාරීන් විසින් ඒ තොරතුරු  නිවැරදිද කියලා චෙක් කරන එක...මොකද මේක පවත්වන්න හිටියේ ගිය අවුරුද්දෙනේ...මේ වෙනකොට කට්ටිය මැරිලා, අළුතින් ඉපදිලා, ගෙවල් කඩලා, අළුතින් ගෙවල් හදලා, පදිංචි වෙලා තිබුණ ගෙවල් හිස් වෙලා, හිස් ගෙවල් වල පදිංචි වෙලා, ඔය වගේ වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්නේ....හරි, ඔන්න ඒකත් කළා කියලා හිතමුකෝ.....ඊලඟට තමා බැරෑරුම්ම රාජකාරිය තියෙන්නේ....

ඒ කියන්නේ 3 වෙනි අධියර. මේකට කියන්නේ තොරතුරු රැස් කිරීමේ වටය කියලා....ඔයාලගේ ගෙදරටත් ආවද කහ පාට හරි රෝස පාට හරි පොතක් පුරවන්න පුද්ගලයෙක්.පාට දෙකේ වෙනස තමා, සංගණන දවසට අනිවාර්යෙන් අධීක‍‍්ෂණ නිලධාරීන් චෙක් කරන්න එන්නේ මේ රෝස පාට පොත්. මටත් ලැබුණේ ඒ පොත්...ඔයාලා දන්නවද මේ එක පොතක පුද්ගලයින් 6 කගේ විස්තර පුරවන්න පුළුවන්.ඒ වගේම අන්තිම පිටේ තියනවා ගෙය පිළිඹද විස්තර ලියාගන්න....මේ පොත් පුරවන්න වෙනමම පැන්සල් තියනවා...ඒ වගේම හරියටම තොරතුරු පුරවන්න හරිම මහන්සියක් ගන්න ඕන....ඒ මොකද අපේ මිනිස්සු කවදාවත් හරි තොරතුරු නොදීම...හම්මේ මන් කාපු කට්ටක්....

මන් කීවා එක පොතක 6දෙනෙක්ගේ විස්තර ලියන්න පුළුවන් කියලා...ඒ කියන්නේ එක්කෙනෙක්ට  පිටු දෙකක් වෙන් වෙලා තියනවා. 
  1. පුදගලයාගේ නම
  2. NIC No
  3. ගෘහ මූලික හෝ ඔහුට ඇති නැ කම
  4. උපන්දිනය
  5. ජාතිය
  6. ආගම
  7. විවාහක තත්වය
  8. පුරවැසිභාවය
  9. උපන් ස්ථානය
  10. අවසන් වරට පදින්චි ස්ථානය
  11. පදිංචිය වෙනස් වෙන්න හේතු
  12. ශාරීරික හා මානසික ආබාධ 
  13. පෙරපාසල්  යන /පාසල් යන/ උපාධි  හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියුතු විස්තර
  14. එහෙම ඉගන ගන්නවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග
  15. ඉහලම අධ්‍යාපන මට්ටම
  16. ඉහලම වෘතිය සුදුසුකම
  17. ඒ සුදුසුකම NVQ ද යන වග
  18. භාෂා හැකියාව
  19. පරිගණක හැකියාව
  20. රැකියාවක් කරනවද නැද්ද පිළිඹද විස්තර
  21. කරනවනම් රැකියාව
  22. රැකියාවේ ස්වභාවය
  23. රැකියා ස්ථානයේ ලිපිනය
  24. එහෙම යනවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග 
  25. රැකියාව රාජ්‍ය/ පෞද්ගලික/තමාගේමද යන වග
  26. රැකියාවක් නැත්නම් කරන කාර්යය
  27. විවාහක කතක්නම් දරු උපත් පිළිඹද විස්තර, මෙම ප්‍රධාන ප්‍රශ්න යටතේ ඇති අනු කොටස් වලද පිරවිය යුතුය.
සාමාන්‍යෙයන් හරියටම වැඩේ කරනවා නම් එක ගෙදරකට පැය බාගයක් හෝ පැයට ආසන්න කාලයක් වැයවෙනවා....

ඒ පිරෙව්වේ පුද්ගලයින් ගැනනේ....

ඊට පස්සේ අන්තිම පිටු දෙකේ මුලින්ම තියනවා රට ඉන්න අය ගැන ලියන්න. ඊට පස්සේ තමා ගෘහ කාණ්ඩයකට අදාල විස්තර ලියන්න තියෙන්නේ...
  1. පානීය ජලය
  2. ආහාර පිසීම
  3. විදුලිය
  4. ටොයිලට් ගැන
  5. මලාප්‍රවාහන පද්ධතියේ ස්වභාවය
  6. නිවසේ කුණු වලට කරන දේ
  7. ගෙදර තියන විදුලි උපකරණ
  8. අන්තර්ජාල පහසුකම
  9. නිවසින් පිට අන්තර්ජාලය භාවිතා කරනවද
  10. ඒ කොහෙන්ද
ඊලඟට නිවස ගැන.
  1. ගේ හදලා තියෙන්නේ මොනවගෙන්ද
  2. බිම මොනාද
  3. වහල
  4. කාමර පිළිඹද විස්තර
  5. නිවස පදිංචිය පමණක්ද/ නැත්නම් ව්‍යාපාර කටයුතුත් කරනවද
  6. නිවස හදලා මුලින්ම පදිංචි වෙලා තියන අවුරුද්ද
මෙන්න මේ විස්තර සවිස්තරාත්මකව පුරවන්න ඔන.....කොහෙම හරි මේවා පුරවලා ඉවරකරන කොට මගේ බෙල්ලේ අමාරුවකුත් ඇවිත්....

වැදගත්ම රාජකාරිය තමා 4 වන අධියර....ඒ කියන්නේ සංගණන අධියර. හෙට තමා දවස. මන් ඉහතින් කියපු තොරතුරු ඔබ නිවැරදිව තම නිවසට ආ ගණන් ගන්නා නිළධාරියාට පැවසුවාද....එහෙම නැත්නම් හෙට නිවසට ආ විට ඒ තොරතුරු ලබා දෙන්න.....මොකද මේක ජාතික කර්තව්‍යයක්නේ.....ඉදිරියට වෙන්න තියන සියළුම සංවර්ධන ව්‍යාපෘති පදනම් වෙන්නේ ඔබ ලබා දුන් මේ තොරතුරු මත බව හොඳින් මතක තබා ගෙන හෙට දවසේ නිවසට එන ඒ නිළධාරීන්ට උපරිම සහය ලබා දෙන්න......

පෝස්ට් එක දිග වැඩිද මන්දා.....


Friday, March 2, 2012

හදවතින්මයි පතන්නේ නුඔට......

ඉතින්, හෙට තවත් එක් අළුත් දවසක් ඒවි වෙනදා වගේම ගෙවෙන....

ඒත් ඔයාට ඒ දවස ගොඩක් වැදගත් එහෙම නේද....ඔව් හෙට ඔයාට ජීවිතේ තවත් එක් කඩඉම් විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...ඉතින් මන් දන්නවා, ඔයාට පුළුවන් ඒ කඩඉමත් සාර්ථකව ජයගන්න....ඉතින් මේ කඩඉමට සාර්ථකව, හිතේ විස්වාසයෙන් මුහුණ දෙන්න ඔයාට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබෙන්න කියලා ඔයාගේ මැණික හදවතින්ම සුභ පතනවා....

ඒ වගේම,

මගේ මහත්තයෝ ඔයාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා පතන අතරම මගේ ආශිර්වාදය හැමදාම ඔයා ලඟ තියන බව මතක තියාගන්න......

(ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් ගලප ගන්න බැරි නිසාත්, මටත් පාඩම් කරන්න තියන නිසාත් දාපු මේ පුංවි පොස්ටුව මන් දන්නවා ඔයාට ගොඩක් වැදගත් කියලා. මන් හැමදාම ඔයාගේ....ගොඩක් ආදරෙයි.....!!!)
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....