Showing posts with label නිහඬ සිතුවිලි....... Show all posts
Showing posts with label නිහඬ සිතුවිලි....... Show all posts

Monday, March 26, 2012

ළඟින් හිටි ඔබට........

ජීවිතය එපා වී සිටි මොහොතක, දුක මකාගන්න එක්වුණ සයිබරයේදි මුණගැසුණ  යහළුකැළ පෙන්වු මගක ජීවිතය සොයා ගොස් ගොඩනගා ගත් මේ දිවියට එදාටත් වැඩියෙන් අද ගොඩක් ආදරෙයි. හිතට ආපු හැම දේම කාගෙවත් තහන්චියක් නැතුව කියා ගන්න පුළුවන් වුණ, තීරණ ගන්න බැරි මොහොතක තීරණ ගන්න පහසු කරපු, මගේ ආදරය මට ලබා දුන්, දුක සැප දෙකම එකම විදියට බෙදා ගත්ත මගේ පුංචි බ්ලොගේට ඊයෙට අවුරුද්දක් පිරුණා....දවසක් පහු වුණා තමයි...ඒත් ඒ අමතක කරල නම් නෙමෙයි......
ඔයාට සුභම සුභ උපන්දිනයක්.............!!!!!


එදා මෙන් අදටත් මගෙත් එක්ක හිටි වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.....!!! 

Monday, January 30, 2012

මටනම් බැ වයසට යන්න....

අද දවස ගෙවෙන්න තව පැය 4 යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද?

ඔබ සියළු දෙනාට එය එසේ වුවද මට නම් අද හරිම වැදගත්....ඒ ඇයි කියන්න මේ වෙනකොට ගොඩදෙනෙක් දන්නවා....නොදන්න අයත් ඇතිනේ....අද මගේ උපන්දිනේනේ....හික්ස්....

ඔන්න ඉතින් සීනි තව අවුරුද්දකින් වයසට ගියා...සෙල්ලම් නැ...දැන් 23ක්....සැහැල්ලුවෙන් නිදහසේ ගෙවපු කාලේ අවසන් වේගෙන යනවා....හයියෝ....මටනම් බැ වයසට යන්න....:'( එහෙම කිවා කියලා කාලේ ගෙවෙන එක නවත්තන්න අපිට බැ නේද...?

මේ ගෙවුන අවුරුදු 22 දිහා හැරිලා බැලුවොත් දුක සතුට දෙක අතර දුක වැඩිපුර තිබුණ, දැන් සතුට කරා පිය මනින ජිවිතයක් තමා තිබිල තියෙන්නේ....මට මතක කාලෙක මගේ උපන්දිනේට තෑගි කියල දෙයක් හම්බුනේ 2006 දී. ඒ මගේ හොදම යාළුවා වෙලා ඒ දවස් වල හිටපු ඉෂාරගෙන්....ඊට පස්සේ මගේ හැමදේම බෙදාගත්ත මගේ ගජයෝ දෙන්නා උන සලොගෙනුයි අත්‍රිගෙනුයි.....ගිය අවුරුද්දේ මට තමන්ගේම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් විදියට මේ සයිබරයෙන් මට ලැබුන මගේම අයියගෙන් ලැබුන තෑග්ගයි ඇරෙන්න මට තෑගි ලැබිල නැ....එත් සුභ පැතුම් වලින් නම් මට කවදාවත් අඩුවක් තිබුනේ නැ.....ඇත්තටම තෑගි වලට වඩා
හැමෝම සුභ පතනකොට දැනෙන සතුට ගොඩක් වෙනස්....තෑගි ලබුනමත් ගොඩක් සතුටුයි තමා....එත් මට ගොඩක් වටින්නේ සුභ පැතුමන්....

මේ ගෙවුන ජිවිතෙන් මන් ගෙවපු ලස්සනම උපන්දිනය තමා අද මේ ගෙවෙන්නේ....සයිබරයෙන් මුණ ගැහුණ යාලුවෝ ගොඩක් මැද්දේ, සයිබරයෙන්ම දිනාගත්ත ආදරයක් මැද්දේ ගෙවුන ලස්සනම ලස්සන ගොඩක් සතුට හිතුන උපන්දිනයක්....

හැම කෙල්ලම වගේ තමන් ආදරේ කරන කොල්ලගෙන් මුලින්ම උපදින සුභපැතුම ලබාගන්න කැමතියි....මාත්. එහෙමයි....අනේ ඉතින් උදේ ඉදන් මන් බලන් හිටියා...අමතක උනාවත්දෝ කියලා හිතුවා....අනේ මෙන්න 10 ට විතර මට කෝල් කරලා කියනවා " අනේ අම්මි මට බෑ තවත් ඉවසන්න..මන් විශ් කරන්න හිටියේ 11.38 ට..ඔයා උපන් වෙලාවට...එත් අනේ මට බෑ මණික තව ඉන්න කියලා" අනේ ඊට පස්සේ මන් අදුරන අපි දෙන්නගෙම යාළුවොයි එයාගේ අක්කවයි සේරම කන්ෆරන්ස් කෝල්  විශ් කළා...අනේ මට ගොඩක් සතුටුයි..... පස්සේ කියනවා මණික මගේ blog එකට ගිහින් බලන්න කියලා....මේ තමා ඒ පොස්ට් එක. ඒ වගේම මේ තමා මට ලැබුන ලොකුම තෑග්ග....තව තෑග්ගක් ලැබුණා.එත් තමා එක ස්ථිර වුනේ නැ....උනාම කියන්නම්කො ඔයාලට....

ඒ වගේම උදේම මට අපේ සිහින මල්ලි, සුදු හංසි අක්කා, දෙව් අයියා කෝල් කරලා විශ් කරා වගේම ගුගල් බස් සංගමේ කට්ටියම මේල් එක හරහා විශ් කළා....ඒ වගේම මුණුපොතෙනුත් ගොඩක් යාලුවෝ විශ් කරා..ඒ හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි....
ගොඩක් වටිනා ආදරයක් වගේම සයිබරයේ යාලුවෝ ගොඩක් අතර ගෙවුන ලස්සනම ලස්සනම උපන්දිනයක්.....ඒ හැමදේටම ඔයාලට ගොඩක් ස්තුතියි.....
 

ඔන්න ඉතින් මේ උපන්දිනේ නිසා මට වෙච්ච අකරතැබ්බක් කියන්නයි මේ හදන්නේ...ඔයාලට කියන්න මන් මගේ උපන්දිනේ තියන් හිටියේ හෙටට..ඒ කියන්නේ අඟහරුවාදාට... කොහොම හරි ඊයේ රෑ මුණු පොතේ ඉන්දෙද්දී අපේ පන්තියේ හිටපු මල්ලි කෙනෙක් මට විශ් කළා.මන් කිව හෙට නෙමේනේ අඟහරුවාදානේ කියලා..එයා තමා කිවේ පිස්සුද ඔයි හෙට නේ 30 කියලා....පස්සේ තමා මන් කැලැන්ඩරේ බැලුවේ...මල මගුලයි. මෙන්න කැලැන්ඩරේ පෙන්නන්නවා හෙට 30 කියලා....අයියෝ...වැඩ සේරම අවුල්.....ඔෆිස් එකට party දෙන්න හිටියෙත් අගහරුවදා...බඩු ගෙන්න යන්න හිටියෙත් අද...සාරියක් ගත්තෙත් නැ අදින්න කියලා....අනේ ජිවිතේ පළමු වතාවට මන් පරණ ඇදුමක් ඇන්දා උපන්දිනෙකට.....ඔන්න ඉතින් මගේ සිහියක හැටි....කොහොම හරි ඔෆිස් එකේදී ප්‍රින්සිපල් ප්‍රසන්ට් එක දෙන්න කලින් මගේ අමතක වීම ගැනත් කියලා නෝන්ඩියක් දාල තමා ප්‍රසන්ට් එක දුන්නේ......


කේක් කේක් ...මෙන්න කේක් කන්න......



Monday, October 10, 2011

මට ගොඩාක් සතුටුයි.....!!!

හම්....මට ගොඩාක් සතුටුයි.....මේ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කරලා තිබුණත් දාන්න වුණේ නැ වැඩ වැඩි නිසා...


ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....


හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?


ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....


මෙන්න මෙහෙමයි වුණේ....


ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....


හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට ම‍ගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....


මෙන්න ‍ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)







                                            මායි අම්මයි........

Friday, September 9, 2011

පුංචි උනත් මට ලොකුයි ..............


අනේ මන්ද කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල...මේක හරි පුංචි සිද්දියක්...එත් මට ඒක ගොඩක් වටිනවා....


දවසක් රෑ මායි අම්මයි අපේ නැන්දලගේ ගෙදර ගියා.....ඒ ගියේ මේ කන්නේට කුඹුරු කරලා ගත්ත අලුත් හාල් වලින් හදපු දානේ ( කිරි බතුයි , කිරි කැකෑරුම්) ඒ ගෙදරටයි, අපේ කේන්දර බලන ආච්චි ඉන්න ගෙදරටයි දීල එන්න. ඒ යනකොට අපේ දෙවෙනි බාප්පා( අපි කියන්නේ චුටි බාප්පා) බැඳපු පුංචි ඇවිත් හිටියා...එයා අපිත් එක්ක වැඩිය හිත හොඳ නෑ...අපිත් එක්ක කිවේ දෙමාපියන් එක්ක විතරයි...අපිට නම් වෙනසක් එහෙම නෑ....

අම්මා ඉතින් නැන්දට ඔය කෑම පාර්සලේ දීල, එතැනින්ම එහා ගෙදරටත් ගිහින් එහෙට දීල නැන්දත් එක්ක ටිකක් කතා කරලා එලියට බැස්ස ගෙදර එන්න....එතකොට අපේ මාමයි පුංචියි බර කතාවක....නැන්දා අපි එක්ක ගේට්ටුව ළඟටම ආවා.....ඇවිත් අම්මා එක්ක කතාවක වැටුණා...එයාල කතාකලේ අපේ පුංචිගේ දු ගැන....නංගි ලබන පාර එලේවල් කරන්නේ....ගමේ ඉස්කෝලේ ඉඳන් ටවුන් එකේ ඉස්කෝලෙට දැන්ම සයන්ස් තෝරගත්ත නිසා.....දැන් වැඩේ වෙලා තියෙන්නේ එයට කොල්ලෙක් ඉන්නවලු....ඒ කොල්ල ඒ තරම් හොඳ කෙනෙක් නෙමේලු...කොයි තරම් කිවත් නංගි අහන්නෙත් නෑලු.....ඒ බෝයිගේ ගෙදරිනුත් ගෙන්නලා කිවා නවත්තන්න කියල.....කෝ අහන්නේ නැනේ...දැන් පුංචි යනවලු නංගි පස්සෙන් පන්ති වලට....පුංචි පාර එහා පැත්තේ ඉන්නකොට අර පිරිමි ළමයා මෙහා පැත්තෙලු...නවත්තන්නම බැලූ.......ඒ දෙන්නගේ හැසිරීමත් හොඳ නෑලු....නැන්දා ඉතින් කියවනවා දාගෙන.....අම්ම කීවා ඕක ඉතින් සැර කරලා හදන්න බෑ...එහෙම නැති උනොත් මුරණ්ඩු වෙනවා තවත්....හොඳින් තේරුම් කරලා දෙන්න ඕන...නැත්නම් කියන්න ඕන එක්සැම් හොඳට කරන්න.ඊට පස්සේ කරලා දෙන්නම් කියල..මොකද ඒ වෙනකොට ඔය වගේ සම්භන්ධ නවතින්න ගොඩක් ඉඩ තියනවනේ....

ඔන්න එතකොටයි මට වැදගත් වන කතාව කිවේ...

අම්ම ඉඳන් එක පාරටම කීවා, "අපේ ගෙදරට මහන්න ආපු කීප දෙනෙක්ම කීවා මෙහෙමයි, මල්ලිගේ දු හැදෙනවා හොඳ නෑ..ස්ටෑන්ඩ් එකේ එහෙම ඉන්නවා බලන්න කැතයි....ටිකක් කියල හදාගන්න බලන්න...අනේ ඒ අතින් බලනකොට ඔයාගේ දුව ගැනනම් කියන්න කිසිම වරදක් නෑ ....පිරිමි ළමයෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ......ඉස්සරහට හම්බුණත් හිනාවෙලා ආයේ බිම බලාගෙන තමගේ පාඩුවේ යනවා.....(අනේ මේ මන් ගැන වර්ණනා කර ගන්නවා නෙමේ...අපේ අම්මා කියන දේවල් මන් කියන්නේ...මටත් ඔය කතාව ඊට කලින් ඇහුණා අම්මට ගැණු කෙනෙක් කියනවා) ..ඉතින් සුදු අක්කේ කාටද ආඩම්බර....එයාට වගේම එයා හදපු මටනේ ආඩම්බර..." අම්මා අර ටික කියල නැන්දගෙන් ඇහුවා..... "එක නම් ඇත්ත...මෙයා ක්‍රෙඩිට් දාගෙන ඉවරයි....මටත් ඕක කියනවා...වෙන අය තියා ඔය අල්ලපු ගෙවල් දෙක තුනේම අයත් කියනවා...ට්‍රෙන් එකේ ගියපු අයත් කියනවා...මටත් ඉතින් සතුටුයිනේ...මන් හදපු දරුවෙක්නේ" කියල නැන්දා කීවා.....

ඒ වචන ටික අහපු වෙලේ මට මන් ගැන දැනුන ආඩම්බරේ කියන්න වචන නෑ...ඒ ගමක ජිවත් වෙන කෙල්ලෙක් හැටියට ගමේ මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙනවා කියන්නේ...ආයේ ඒක තම ලබන්න පුළුවන් උපරිම චරිත සහතිකේ....

හ්ම්...මට ගොඩක් සතුටුයි.මේක ගෙදර ආපු හැටියේ කිවේ එක්කෙනෙක්ට...එයා ගත් කටට කිවේ ඒක තමා මන් උඹව තොර ගත්තේ මගේ වයිෆ් කරගන්න.....මටත් ඔයා ගැන හරි ආඩම්බරයි කියල.....
එහෙම හොඳක් අහන්න මට මග කියල දුන්න මගේ අම්මට මන් ගොඩක් ණයයි.....ඒ ණය ගෙවන්න මේ ජීවිතයත් මදි....එත් මන් දන්නවා අම්මා තරම් ඒ ගැන සතුටු වෙන කෙනෙක් තවත් නම් නෑ කියල....ඒ සතුට..ඒ ආඩම්බරය මන් මගේ අම්මට හැමදාම දෙනවා.....

ප.ලි
මේ පොස්ට් ඒක නම් කාටවත් වැදගත් නැතිවෙන්න පුළුවන්...එත් හිතට දැනුන සතුට කියන්න තියන හොඳම තැන මෙතන නිසයි මන් මේක මෙහෙම ලිවේ.......

Monday, September 5, 2011

පුංචි ප්‍රශ්නයක්......

මන් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා.....කාට හරි හරියටම උත්තරේ දෙන්න පුලුවන්ද.....පුළුවන් නම් මට ඒ ගැන කියල දෙන්න......

මෙන්න මේකයි ප්‍රශ්නේ.....

ජීවිතය කියන්නේ කුමක්ද.......?

ආ...දැන් මට කියන්නකෝ උත්තරේ......

මට හිතෙන දැනෙන විදියට මන් කියන්නේ....ජිවිතේ කියන්නේ, මෙන්න සතුට බලාගනිල්ලා කියල පෙන්නලා, ඒ සතුටත් එක්ක ජිවත් වෙන්න, ඒ සතුට විදින්න ඉඩක් නොතිය, සතුට වෙනුවෙන් හුල්ලන්න වෙන විදියට ලොකු දුකක් ගෙනත් දෙන එකට.....ඊට පස්සේ අපි ඒ සතුට ලැබෙයි ලැබෙයි කියල බලාපොරොත්තු පොදි බඳින එකට.....ඒ සතුට වෙනුවෙන් දුක් විඳින එකට....එහෙම කරලා අන්තිමේදී අපිට ඇත්තටම සතුට ලැබෙනවද.......


ඉතින් මගේ යාලුවනේ, දෙන්නකෝ මට උත්තරයක්.......මන් හිතන විදිය වැරදි ඇති.....ඒ දේ වැරදියි කියල මට කියල දෙන්න දාන්න කවුරු හරි ඉන්නවනම් 

Tuesday, August 30, 2011

ඔන්න මමත් 50 පහු කළා ........


හ්ම්.....කොහොමෙන් කොහොම හරි පනස් වෙනි පොස්ට් එකත් දාල පනස් එකත් දල මේ පනස් දෙවෙනි එක...මේ අවුරුද්දෙම මාර්තු මාසේ 25 වෙනිදා ආරම්භ කරපු මගේ මේ පුංචි බ්ලොගයට දැන් මාස 5 යි දවස් 5 කුත් ගෙවිල...ඇත්තටම 50 වෙනි පොස්ට් එක විදියට මේක දාන්න හිටියත් අපේ දානේ වැඩේ ඊට ලොකු උන නිසා ඒ ගැන දැන්ම..එක ඊට වඩා හොදයි කියලා හිතුණ නිසා....


මේ වනකොට පස්සෙන් එලවන අය 68 කුත්, සම්පුර්ණයෙන්ම ඇවිත් ගිය අය 18,642 ක් එක්ක මේ යන ගමන ගැන ගොඩක් සතුටුයි මට...මේ මාස 5 ඇතුලත මේ තරම් දුර ආපු එක ගැන.....ඔයාලට හිතෙයි මේ ගැන නම් ඒ තරම් වැදගත් නෑ කියලා...එත් මටනම් ගොඩාරියක් වටිනවා....පොස්ට් එකක් දාල එකට කමෙන්ට් එකක් වැටෙනකම් ඉන්නේ පුදුන නොයිවසිල්ලකින්....කි පාරක්නම් රිෆ්‍රෙශ් කරනවද....මන් හිතන විදියට ඔයාලත් ඒ වගේ කමෙන්ට්ස් වලට පෙරේතයි නේද...මොකද අපේ පොස්ට් එකේ හොඳ නරක කියලා දෙන්නේ ඒ කමෙන්ට් එකනේ.......

හිතට එන දුක සතුට හැමදේම කියන්න මෙතන තරම් හොඳ තැනක් තවත් නෑ....හොඳ යාලුවෝ ගොඩක් මට මෙතනින් හම්බුනා.....දුකේදී මගේ ලඟින් උන්න...සතුටෙදිත් ලඟින් උන්න.....අද වෙනකම් ලඟින් ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි...හෙටත් ඉදිරියටත් මගේ ලඟින් ඉඳීවි කියලා මන් විස්වාස කරනවා....

මේ හැමදේමත් එක්ක මන් ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ බ්ලොග් කලාව ගැන කියලා දීපු මාරයියට.....ගොඩක් ස්තුතියි අයියේ.....




ඔයාල හැමෝටම බුදුසරණයි....!!!!!!!!!!!!

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....