Monday, August 27, 2012

සිතුවිලි අතර.......(13 කොටස)


ආදරය....ජීවිත වලට සතුට මෙන්ම දුකද ගෙනෙන, ජීවිත ජීවත් කරවන ආදරය.........

පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' 

නවෝද්‍යාව බලන්න පැමිණෙන ඒ යුවල කවුදැයි සිතාගත නොහැකිව කල්පනා කළ කාවිංග ඒ කල්පනාවෙන්ම හෙදියගෙන් ප්‍රශ්න කළේය....

නම එහෙම දන්නේ නැද්ද මිස්....හම්...එහෙමනම් මතක නැ ඩොක්ටර්...ඒ වුණාට අපේ විසිටර්ස්ලගේ බුක් එකේ ඇති සර් නමයි ඇඩ්‍රස් එකයි.....

අහ්....මට ඒකක් මතක් වුණේම නැ....මට ඒක බලන්න පුළුවන්ද මිස් දැන්......

ආ....ඉන්න ඩොක්ටර්....මන් ගිහින් අරන් එන්නම්....

ඕකේ...ඉක්මණට එන්න.....

මිසිස් වීරසේකර එය ගේන්නට යන අතර තුර කාවිංග කල්පනා කළේ නවෝද්‍යාව බැලීමට පැමිණෙන යුවල කවුරුන් විය හැකිද යන වගය....
පොතත් රැගෙන හෙදිය එනතුරුම කාවිංග කල්පනා කළේ එයයි.....

මෙන්න සර් පොත....එයාලා මට මතක විදියට ගිය මාසේ ආවා....අපි පේශන්ට්ගේ නමත් එක්කම තමා බලන්න එන අයගේ විස්තර ලියාගන්නේ.....බලන්න මිස් නවෝද්‍යාගේ නමත් එක්කම ඇති.

පොත රැගෙන පිටු පෙරළු කාවිංග නවෝද්‍යාගේ නම ඉදිරියෙන් ඇය බලන්න පැමිණි අමුත්තන්ගේ නම් දැක පුදුමයෙන් පුදුමයට පත්විය.....වහ වහා ඔවුන්ගේ ලිපිනය ලියාගත් කාවිංගගේ මුවින් දිග සුසුමක් පිටවිය.....

සර් දන්නවද ඒ අයව.... හෙදිය ඔහු කළ සියල්ල දිහා බලා සිට ඇසුවේ ඔහුගේ මුහුණේ වූ වෙනස්කම් නිසාවෙනි.

හම්.......ගා පිළිතුරු දුන් කාවිංග ඊට එහා මුකුත්ම නොකීවේ ඔහුටද කියන්නට යමක් සිතාගත නොහැකි වු නිසාවෙනි...

එහෙනම් සර්ට එයාලගෙන් විස්තර දැනගන්න ලේසිවෙයි නේද....?

අමාරුම වැඩෙත් ඒකම වේවි නර්ස්.....තැන්ක් යූ වෙරිමච් ෆෝ යුවර් කයින්ඩ් හෙල්ප් නර්ස්....

නෝ මෙන්ශන් සර්....අයි ඕල්සෝ වෝන්න සී බෝත් යූ ආ ඉන් හැපී.....අයි ලව් දැට් ගර්ල්....

තැන්ක්ස් අගේයින් මිසිස් වීරසේකර......

දැන් එහෙනම් මන් යන්නම් සර්.....

හා....මන් තව ටිකකින් නවෝද්‍යාව බලන්න යනවා....හදිස්සියෙවත් ඩොක්ටර් ඇහුවොත් මන් එතන ඉන්නවා....

හරි ඩොක්ටර්.....

හෙදිය පිටවන තුරු සිටි කාවිංග කල්පනා කරමින්ම නවෝද්‍යාගේ කාමරයට ගියේය.......

වසා තිබූ දොර ඇර ඇතුළු වූ කාවිංග දුටුවේ තමාට පිටුපා නිදා සිටි නවෝද්‍යාවය....ඇය සැබෑවටම නිදි ඇතැයි සිතු ඔහු ආපසු යන්නට හැරුනේ ඇයට නොදැනෙන්නය.....නමුත්.....,

ඇයි තාත්ති යන්නේ....මාව බලන්න නෙමේද ආවේ......? නවෝද්‍යාගේ කටහඬ ඔහුගේ පිටුපසින් ඇසුණි....හැරී බැලූ කාවිංග දුටුවේ දෑසේ කඳුළු පුරවා ඇය බලා සිටින අන්දමයි.....

අනේ සුදුමැණික, මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා...ඒකයි මන් සද්ද නොකරම යන්න හැදුවේ... කියමින්ම ඔහු ඇයගේ ඇද අසලට ගියේය.

ඇයි මේ ඇස්වල කඳුළු....දන්නවා නේද මන් ඔයා අඬනවා බලන්න අකමැතියි කියලා...ආ මැණික...කෝ කෝ...පිහිද ගන්න...නෝටි ගර්ල් කෙනෙක් වෙන්න හදන්නේ....

කාවිංගම ඇයගේ දෑසේ වූ කඳුළු පිසදැන්මේ ඔවුන් ආදරය කරන දිනවලද ඔහුගේන් වන පුංචි හෝ හිත් රිදුමකට ඇය දෑසම කඳුළුවලින් පුරවගන්නා වග සිහිකරමිනි....

කල්පනා සයුරේ ගිලුණ කාවිංග නැවත පියවි ලොවට පැමිණියේ නවෝද්‍යා එකවරම ඔහුව වැළඳගත් නිසාවෙනි......

"මේ ඇයි පැටියෝ......"

"ඔයාව මගෙන් කවුද උදුරගෙන යනවා මන් හීනෙන් දැක්කා....මෙහෙම තදකරලා බදාගත්තාම කාටවත් බැනේ ඔයාව මගෙන් උදුරගන්න....හම්...එතකොට ඔයා මගේ ලඟනේ....."කියමින්ම ඇය තව තවත් ග්‍රහණය දැඩි කළාය.......

ඇය එලෙස සිටියදීම ඇගේ හිස අතගෑ කාවිංග කල්පනා කලේ ඉක්මණටම ඇයව සුවකරගන්නා අකාරයයි.....තමා ඇයගෙන් වෙන් වූ පසු සිදුවූ දේවල් දැන ගැනීමට ඔහුට ඇයගේ නිවසටද යාමට සිදුවන බව දැණුන නිසාදෝ අපහසුවක් දැණුනි....ඒ හැඟීමෙන්ම නවෝද්‍යා දෙස බැළු කාවිංග දුටුවේ තමාට තුරුළු වී නිදන අයුරුයි.....එහෙමම ඇයව ඇඳට කළ කාවිංග තීරණයක් ගත්තේය.....ඒ අදම ඒ විස්තර සොයාගැනීමටයි......

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


ප්‍රථමයෙන්ම විසතර දැනගැනීමට යන්නේ කොහිදැයි කල්පනා කළ කාවිංග තිරණය කළේ ඇයව බැලීමට පැමිණෙන යුවල හමුවීමට යාමයි.....තමා ලබාගත් ලිපිනයට අනුව ගිය කාවිංග නතර වූයේ කළුතර ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිරියෙනි....ගේ දෙසට ගිය කාවිංග බිත්තියෙහි වූ සීනුව නද කලේ කවුරුන් ඉදිරියට ඒ දැයි සිතමණි....කිසිවෙකුත් නොපැමීණි නිසා නැවත වරක් සීනුව නාද කළේ නිවසේ කවුරුවත් නැතුව ඇත්දෝ සිතමිනි....

නමුත් දොර දෙසට කිසිවෙකු හෝ ඇවිද එන හඬ ඇසුණ කාවිංගගේ මුවින් සැනසුම් සුසුමක් පිටවිය.....
දොර දෙසම බලා සිටි කාවිංගගේ දෑස් යොමු වූයේ දොර ඇරි පුංචි දරුවා වෙතටය.....

"අම්මි....මෙන්න කවුද මාමි කෙනෙක් ඇවිත්....එන්නකෝ....."කාවිංග කිසිත් ඇසීමට ප්‍රථම සිඟිත්තා නිවස තුළට යමින් කැගැසුවේ කාවිංග දෙස බලමිනි....

"ඉන්න පුතූ, අම්මි එනවා......."
කියමින් නිවස තුළ සිට එළියට පැමිණි රුව දැක කාවිංග සිටි තැනම ගල් ගැසුණි...

"ස....ස...සකුණි.......?" කාවිංගගේ මුවින් එකවරම පිටවුණි....

තමාට හෙදිය ගෙනවිත් දුන් පොතෙහි නවෝද්‍යා බැලීමට පැමිණි යුවල ලෙස නම් දී තිබුණේ මිස්ට ඇන්ඩ් මිසිස් හේවාවසම් යනුවෙනි.....එකල තමාගේ හොඳම යාළුවා වු පැතුම්ගේ වාසගම වු එය දැක කාවිංග කල්පනා කලේ මේ ඔහුමදැයි වග කාවිංගට මතක් විය. තමා මේ පැමිණියේ ඔහුව හමුවීමට වුවද මෙහිදී නවෝද්‍යාගේ හොඳම මිතුරිය වු සකුණිව දැකීමට බලාපොරොත්තුවක් නොවූ බැවින් කාවිංග ඉදිරියට යාමට මදක් පැකිළුණි.

"කෝ කවුද පුතු ඇවිත් ඉන්නේ...?"
අසමින් තම දෙසට ආ සිඟිත්තා වඩාගත් ඇය කාවිංග දෙස බැළුවේ පැමිණ සිටින්නේ කවුරුන්දැයි බැලීමටය.....

දුටු පමණින්ම පෙරට ආ අඩියක් පස්සට ගිය ඇයගේ මුහුණ කළුවී දෑසට කේන්තියක් ආ වග කාවිංගට මනාව අවබෝධ වුණි....එනම් ඇය තමා හා බෙහෙවින්ම කෝප වී ඇති වග වටහාගත් කාවිංග බලා සිටියේ ඇයගේ ප්‍රතිචාරය කුමක් වේවිදැයි සැකැතිවය.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''



Wednesday, August 22, 2012

සිතුවිලි අතර.......(12 කොටස)


ආදරය....ජීවිත වලට සතුට මෙන්ම දුකද ගෙනෙන, ජීවිත ජීවත් කරවන ආදරය.........

පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

කාවිංග තමා හා නවෝද්‍යා අතර වු සියල්ල දොස්තර මහේන්ද්‍ර හමුවේ පවසා බලා සිටියේ පිළිතුරක් ලැබෙනතුරුය.....

කාවිංග, නවෝද්‍යාට ඔය දෙන්නගේ අෆෙයා එක නැවතුනායින් පස්සේ වුණේ මොකද්ද කියලා හොයලා බැළුවේ නැද්ද?

හෙව්වා ඩොක්ටර්....මට එයාව නැතුව බෑ කියලා තේරුම් ගද්දී මන් ගොඩක් පරක්කු වැඩියි. මට එයා ගැන කිසිම විස්තරයක් හොයාගන්න බැරි වුණා...මගේම යාළුවෝ උනත් මගෙත් එක්ක තරහා වුණා මන් කරපු වැඩේ නිසා....මොකද ඒ හැමෝම දැනගෙන හිටියා නවෝ මට කොයිතරම් ආදරේ කරාද කියන එක.

ඉතින් ඇයි කාවිංගට විස්තර හොයාගන්න බැරි වුණේ?

නවෝලා ගෙවල් විකුණලා ගිහින් තිබුණා....කවුරුවත් දැනන් හිටියේ නැ කොහේ ගියාද කියලා....එයාගේ යාළුවෝ උණත් මට හරි විස්තරයක් කිව්වේ නැ...යුනි එකට ගිහිල්ලත් විස්තර හෙව්වා....කවුරුවත් හරි විසතරයක් දැනන් හිටියේ නැ....මොකද එයා ලඟින්ම ආශ්‍රය කලේ එක යාළුවයි....එයාට ඇරෙන්න සාමාන්‍යයෙන් වෙන කාටවත් පෞද්ගලික දේවල් කියන්නේ නැ....ඒ යාළුවා මට මුකුත් කීවේ නැ.....

කාවිංග එසේ පැවසුවේ ඉතාමත් දුකෙනි. ඒ තමා වැරැද්දක් කල වග දන්නා නිසාවෙනි.

හොයලා හොයලා මට දරාගන්නම බැරි තැනයි මන් ලංකාවෙන් ගියේ.....

හම්....දැන් ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි නේ....අපි කොහොම හරි ලෙඩාව සනීප කරගන්න බලමුකෝ....

තැන්ක්ස් ඩොක්ටර්.....

දැන් මට කියන්න කාවිංග, නවෝද්‍යාට හොඳ සිහිය ආවම ඔයා මොකද කරන්නේ කියලා....මොකද ඔයා හොඳටම දන්නවා මානසික ලෙඩෙක් නිට්ටාවම සුව වෙන්න ටිකක් කල් ගන්නවා...එතකම් අපි එයාව සතුටින් තියන්න ඕන කියලා.

එසේ පවසා දොස්තර මහේන්ද්‍ර කාවිංග දෙස බලා සිටියේ තීරණයක් ලැබෙන තුරාවෙනි. 

හොඳට හිතලා බලලා කියන්න කාවිංග...මොකද මේක ඔය දෙන්නගෙම අනාගතේ ගැන ප්‍රශ්නයක්.....

මට තේරෙනවා ඩොක්ට....ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නැ...එක පාරක් ඒ ආදරේට පිටු පාලා මගේ සතුට, සැනසීම මන් නැතිකරගත්තා....තව පාරක් ඒ මෝඩකම මන් කරන්නේ නැ...මන් නවෝව මැරි කරනවා.....

ඔයාගේ ඒ ආන්ස්වර් එක ගැන නම් මන් සතුටු වෙනවා....ඒත් පේරන්ට්ස්ලා මොකක් කියයිද?

අම්මලා වුණත් මට ප්‍රොපෝසල්ස් ගේනවා තමා....ඒත් මන් මගේ තීරණේ වෙනස් කරන්නේ නැ...මන් නිසයි නවෝට මෙහෙම වුණේ....ඒ වැරැද්ද මන් හරිගස්සන්න ඕන.....

හ්ම්....එහෙම හිතනවනම් ගොඩක් හොඳයි....අපි දැන් හොයා ගන්න ඕන අෆෙයා එක නැවතුනායින් පස්සේ මොකද වුණේ කියලා....අපිට පුළුවන් මෝහනය කරන්න...ඒත් ඒ විසඳුමට යන්න ඕන කරන්න දෙයක් නැතිම වුණොත් විතරයි. කාවිංගට බැරිවෙයිද විස්තර හොයා ගන්න....

පුළුවන් ඩොක්ටර්...බාර දෙනකොට ගෙදර විස්තර එහෙම දෙන්න ඇතිනේ...මට ඇඩ්‍රස් එක දෙන්න.මන් විස්තර හොයාගන්නම් සතියකින්.....

ඔවු පුළුවන් ඉක්මණට විස්තර හොයාගත්තොත් සනීප කරගන්නෙකත් ඉක්මණට කරගන්න පුළුවන්.....

මන් දන්නවා ඩොක්ටර්....පුළුවන් ඉක්මණට මන් විස්තර හොයාගන්නම්....
හම්..... එසේ කියමින් දොස්තර මහේන්ද්‍ර නර්ස් කෙනෙක් කැඳවීම සඳහා බෙල් එක ගැසුවේය.

නර්ස්, ඩොක්ටර් කාවිංගට පේශන්ට් නවෝද්‍යාගේ විස්තර තියන ෆයිල් එක ගෙනත් දෙන්න....

හා ඩොක්ටර්....

එහෙනම් කාවිංග පුළුවන් තරම් විස්තර හොයාගන්න බලන්න....

හරි ඩොක්ටර්...

දැන් කාවිංග නවෝද්‍යා බලන්න යනවද...?

ඔවු ඩොක්ටර්...අද වැඩ ටික ඉවර කරලා යනවා....එතකොට ෆ්‍රී එකේ එයා ලඟ ඉන්න පුළුවන්....

ගුඩ්....මන් කියන්න ගියෙත් වැඩ අතපසු කරන්නෙපා කියලා..ගුඩ්.....

එහෙනම් ඩොක්ටර් මන් යනවා…”

ඕකේ පුතා....එහෙනම් වැඩ කරගෙන යන්න....

සර්ට ගොඩක් ස්තුතියි මේ හැම දේකටම....
දොස්තර මහේන්ද්‍ර හිනාවුණා පමණි.....

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.

"මෙන්න සර් ෆයිල් එක...."

"ආ තැන්ක්ස්.... මිසිස් වීරසේකර ඉන්නවනම් මගේ වැඩ ඉවර වුණාම පොඩ්ඩක් එන්න කියන්න....."
ෆයිල් එක දෙන්නට පැමිණි නර්ස්ට කාවිංග පැවසුවේ නවෝද්‍යා බැලීමට එන්නේ කවුරුන්දැයි ප්‍රධාන හෙදියගෙන් අසා දැනගැනීමට හැකි නිසාවෙනි.

සිතේ ඇති ආතතිය වැඩි වුවත් තම රැකියාව නිවැරදිව කිරීම තමාගේ යුකුකම බව හොඳින් දන්නා කාවිංග තම වැඩ නිවැරදිව හා අකුරටම කළේය. කෙසේ වෙතත් සියළු වැඩ නිමවා නැවතත් වෛද්‍යවරුන්ගේ විවේකාගාරයට පැමිණීමට ඔහුට පැය තුනකටත් ආසන්න කාලයක් වැය විය. සියල්ල නිමවා කාවිංග පැමිණියේ ප්‍රධාන හෙදිය හමුවීමේ බලාපොරොත්තු ඇතිවය. කාමරයට එන ගමන්ම ඇටෙන්ඩන් වරයෙක් අත මිසිස් වීරසේකරට පණිවිඩයක් යවන්නද ඔහු අමතක කළේ නැත. දැන් ඔහු බලා සිටින්නේ ඇයගෙන් තොරතුරක් දැන ගැනීමටයි. ඒ අතරතුර උදේ ලබාගත් නවෝද්‍යාගේ වාර්තාද කියවන්නට විය.... ඇයගේ බාරකරුවන් ලෙස මවත් පියත් නම් කර තිබුණි.... ඒත් සමග දොරට තට්ටු කරන හඬ ඇසී කාවිංග ඒ දෙස බැළුවේය. මිසිස් වීරසේකර දොර ලඟ බලා සිටියේ ඔහුගෙන් ඇමතුම ලැබෙන තුරුය.

"එන්න මිසිස් වීරසේකර...වාඩිවෙන්න...."

"ඩොක්ටර් මට එන්න කිව්වේ....."

"පොඩි විස්තර ටිකක් දැනගන්න.... මිසිස් වීරසේකර දන්නවනේ න‍වෝද්‍යා කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා....මට එයා ගැන විස්තර ටිකක් දැන ගන්නයි එන්න කිව්වේ...."

"ආ...මන් හිතුවා ඒකට වෙන්න ඇති කියලා....."

"මන් ෆයිල් එකත් බැළුවා....බාරකාරයෝ විදියට නම් කරලා තියෙන්නේ එයාගේ අම්මලා...දැන් අම්මලා එනවද නවෝද්‍යාව බලන්න...."

"ඔව් සර්....මාසෙකට පාරක් ඇවිත් යනවා...ඒ දෙමව්පියන්ටත් හරි දුකයි..හැමදාම යන්නේ අඬලා...මාසෙකට පාරක් එන්නෙත් ඉන්න විදිය දැක්කාම දුක හිතෙන නිසාළු. "

"මට තේරෙනවා...මන් නිසා අහින්සක දෙමව්පියන් දෙන්නෙකුටත් ගින්දර....මන් කොහොම හරි නවෝව සනීප කරගන්නවා...."

"ඒක තමා සර් කරන්න ඕන.....අපි ඉන්නවනේ සර් එක්ක...."

"ඒ වචන ටික ලොකු හයියක් මිස්....හම් හම්.....නවෝව බලන්න වෙන කවුරුවත් එන්නේ නැද්ද....?"

"හම්....ආ...එනවා...එක ගර්ල් කෙනෙක් එනවා...මන් හිතන්නේ සහෝදරියක්.....සමහරක් දවසට ඒ මිස් එක්ක සර් කෙනෙකුත් එනවා...."

"වෙන්න බැ...නවෝට සහෝදර සහෝදරියෝ නැ මන් දන්න තරමින්......"

"එහෙමද...එහෙනම් යාළුවෙක් වෙන්න ඇති.....හරි ආදරෙන් ඒ මිස් ආවම නවෝද්‍යාව බලාගන්නේ.....එදාට නාවලා, කවලා ඔහේ කියව කියව ඉඳලා යනවා.....එයාලත් මතකය ගන්න උත්සහ කරත් මිස් කතා කරන්නේ නැ වචනයක්වත්...."

"ඒකත් එහෙමද......? ඇසු කාවිංග කල්පනාවට වැටුනේ නවෝද්‍යාව බලන්න පැමිණෙන ඒ යුවල කවුදැයි සිතාගත නොහැකිවය....."

"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""


Friday, August 17, 2012

සිතුවිලි අතර.......(11 කොටස)

 ආදරය....ජීවිත වලට සතුට මෙන්ම දුකද ගෙනෙන, ජීවිත ජීවත් කරවන ආදරය.........

පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......

 '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඉතින් ඇයගේත් ඔහුගේත් ආදර අන්දරය ඇරඹුණි.....ඇය ඔහුට හදවතින්ම ආදරය කළාය......ඔහු.....? ඔහු ආදරයට ආදරය කළාට ඇයට ආදරය කළාදැයි ඔහුවත් නොදනින වග විස්වාසය. ඇත්තටම අතීතය අමතක කිරීමට අවශ්‍ය නිසාත් ආදරයක් අවශ්‍ය නිසාත් ඇය හා ආදරයෙන් බැඳුන වග ආපසු හැරී බලන කල ඔහුටම වැටහෙයි.....

ඇය, මහා ලස්සනක් නැතත් සාමාන්‍ය රුවක් ඇත්තියකි. ඉක්මණ් කේන්ති කාරියක වු ඇය කුමක් හෝ හේතුවක් අල්ලා ඔහු සමග රණ්ඩු කළාය. බොහෝ විට එවන් ගැටුම් වලට සාධාරණ හේතු තිබුණත් ඔහුව වැරදිකාරයකු කිරීමට ඇති අකමැත්ත නිසාත් ඔහු දුකින් සිටිනවට ඇති අකමැත්ත නිසාත් තමා පිට වැරැද්ද පටවා ගත්තාය. හැම පුංචි දෙයක් ගැනම බැරැරුම්ව හිතන නිසා ඔහුගේ පුංචි පුංචි විහිළු වලින් හිත රිද්ද ගත්තාය. 

ඔහු, කඩවසම් මනා පෞර්ෂයක් ඇත්තෙකි. නිතරම විහිළුවක් කර සිනාසෙන ඔහු හිතේ මහ දුකක් සිරකරගෙන සිටියේය. කතාවෙන් තම මතය තහවුරු කිරීමට සමතෙකි. අනුන් වෙනුවෙන් කැපකිරීම් කරන්නෙකි. 

මෙවන් චරිත දෙකක් අතර ඇතිවන ආදරයකදී ගැටුම් ඇතිවන තැන් බොහෝමයක් වග ඔබට වැටහෙනු ඇත.
ගැටුම් කෙසේ වූවත් ඔවුන් දෙදෙනාගේ ආදරයට හැමෝගේම එනම් ඔහුගේ යහළුවන් හා සම වයස් නැදෑයින්ගෙන් ද ඇයගේ යෙහෙළියන්ගෙන්ද ආශිර්වාදය ලැබුණේ ඔවුන් දෙදෙනාගේ තත්වය ඒ සියල්ල දැන සිටි නිසාවෙනි. 

දෙදෙනා එකිනෙකට බොහෝ දුරින් ජීවත් වු නිසා ඔවුන්ගේ ආදරය බොහො විට දුරකතනයට සීමා වූ එකක් විය. ඉතින් බොහෝ කලාතුරකින් සිදුවන හමුවීම් මගින් ඔහුගේ සිතේ වු දුක නිවීමට ඇයට කල හැක්කක් නොවීය....එහෙයින්ම ගැටුම් ඇතිවීම ඔහුටත් ඇයටත් වලක්වා ගත නොහැකි විය. බොහෝ විට ඔහු ඇයව නොසලකා හැරියේය. සිතා මතා නොකලත් ඔහු අතින් එය සිදුවිය. තනිවී සිට අතීතය හා අතීතයේ සිදුවු අතපසුවීම් ගැන කල්පනා කරමින් සිටීමට කැමැත්තක් දැක්වීය. නමුත් ඇය ඔහුගෙන් ආදරය සෙව්වාය.... නොලැබෙන විට ඒ ගැන ප්‍රශ්න කලාය...එවන් ප්‍රශ්න වලට කවමදාවත් බොරුවක් නොකී ඔහු කී සත්‍ය‍යෙන් ඇයගේ සිත පෑරුණේය...ඇය ඇඬුවාය....ඇයට ඔහුගේ සිත සතුටු කිරීමට නොහැකි වග තේරුම් ගත් ඇය දුක් වුණාය....තමා ඔහුට කොතරම් ආදරය කළත් ඔහුගේ ආදරය තවමත් රැඳී ඇත්තේ අතීතය වෙත වග තහවුරු කරගත්තාය. නමුත් ඇය ඔහුව අතහැරීයේ නැත. කිම්ද ඇයට ඔහුගෙන් තොර ලොවක් සිතා ගත නොහැකි නිසාවෙනි. තමාද ඔහුව අතැර ගිය විට ඔහුට ඇතිවන දුක හා පාළුව නිසා ඔහු මානසිකව හා ශාරීරිකව ඇද වැටීමට හැකි නිසාවෙනි. ඇය ඉවසුවාය. ඔහුත් ඉවසුවේය. අද නැත්නම් හෙට මෙය විසඳේවි කියා සිතුවෝය....නමුත් ගැටළුව එකතැනම තිබුණි....විසඳුමක් නොවීය. 

ඉතින් ඔහු තේරුම් ගත්තේය. දෙලොවක් අතර සැරි සරන තමාගේ සිත නිසා අහිංසක කෙල්ලකගේ ජීවිතයක් නාස්තිවන වග...ඔහු තීරණයක් ගත්තේය. හැමදාම මෙන් ඇය ඔහුගේ තීරණයට හිස නැමුවාය....ඔහුගේත් ඇයගේත් වෙන්වීම සිදුවීම වැලැක්වීමට කිසිවෙකුට නොහැකී විය.....


වෙන්ව යෑම සිදුවිය.......

““““““““““““““““““““““““““““““““““““““““““““““““““““““““
එදායින් පසුව නැවත ඔහුත් ඇයත් මුණගැසුනේ මේ රෝහල් කාමරය තුළදීය. ඇය මානසික ලෙඩෙක් වී, ඔහු මානසික වෛද්‍යවරයෙක් වී නැවත හමුවීම දෛවයේ සරදමක්ද නොදනී.....

දොස්තර කාවිංග තමා හා නවෝද්‍යා අතර සිදු වු සැම දෙයක්ම දොස්තර මහේන්ද්‍රට පැවසුවේ ඇයගේ අසනීපය සුව කිරීමට ඔහුගේ උදව්ව හා උපදෙස් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය වු නිසාවෙනි. දොස්තරට ලෙඩ හංගා ‍ලෙඩ සුව නොකල හැකි බව දොස්තර කෙනෙක් වු කාවිංග හොඳ හැටි දැන සිටියේය.



Saturday, August 11, 2012

සිතුවිලි අතර.......(10 කොටස)


පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......

කාවිංග ගත් තීරණය කුමක්ද....? එය ඔවුන්ගේ ජීවිත වලට කෙසේ බලපායිද.....
එතැන් සිට........

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

"මොකද්ද අයියේ කියන්නකෝ......"

"තීරණේ තමයි ඔයාව මගේ කරගන්නෙක......මොකද කියන්නේ....? කැමතිද අකමැතිද...?"

ඇයට තම දෙසවන් අදහාගත නොහැකි විය.....ඇත්තටම දැන් තමාට ඔහුගෙන් තොරව කිසිම දෙයක් සිතීමටවත් නොහැකි වග මේ වෙනකොට තේරුම් අරන් තිබුණත් ඒ හැඟීම් වදන් කරන්නට ඇයට ශක්තිය නොතිබුණි....එහෙත් දැන් ඒ හීනය තමා ඉදිරියටම පැමිණ ඇත........ඉතිරිව ඇත්තේ එය තමාගේම කරගැනීම පමණි....

ඒත් නිතරම විහිළු කරනා මොහු දැනුදු විහිළුවක් කරන්නේදැයි ඇයට සැක සිතුණි.....මුහුණේ වු හැඟීම් තේරුම් ගැනීමට නොහැකි වූයේ මෙය දුරකතන සංවාදයක් වු නිසාවෙනි....නැතිනම් ඔහුට මේ වන විට පිළිතුරු ලැබෙන්නේ ඇයගේ මුහුණේ වූ රත් පැහැයෙන් හා දැසේ වු දීප්තියෙනි.....

"අයියා ඇත්තටමද විහිළුවටද අහන්නේ.....?  "
"ඇත්තටම මැට්ටියේ......කියන්න මට ආදරේද....?" ඔහුගේ ඒ ප්‍රශ්නයේ ඇති ආදරණීය බව ඇගේ සිත හිරිවට්ටන්ට පවා සමත් විය.

"මන් මන්....අනේ....". හිතේ ඇති හැඟීම වදන් කරන්නට තවමත් ඇයට නොහැකී බැවින් ගොත ගැසෙන්නේ මේ හීනයක් නොවේවායි පතමිණි.

"ඇයි අනේ....කියන්න මන් මොකද්ද?"
"අනේ මන් ආදරෙයි ආදරෙයි...ගොඩක්.........බූරුවට ඒක තේරෙන්නේ නැද්ද?"
 ඒ ආදරණීය හැඟීම තවදුරටත් දරාගත නොහැකිව ඇයගේ මුවින් පිටවූයේ දෑසින් කඳුළු බිදු වැක්කෙරෙද්දීය....

"ඇත්තටම ආදරේද මැණික.....?"
 වෙනදා දුරකතනයෙන් රළුව නැගෙන ඒ හඩ, අද මේ මොහොතේ සියුම් වී ආදරණීය වී ඇසෙද්දී ඇයගේ මුවින් ඉකියක් නැගුණේ ඔහුගේ දෑසටද කඳුළු නංවමිනි......

මුවින් නොකීවත් ඇය තමාට ආදරේ කරන බව ඔහු දැන සිටියේය....

"අනේ ඔවු ඔවු ඔවු....මන් ආදරෙයි....අනේ....මට දරාගන්න බැ අයියේ....මන් කොච්චර ඔයාට ආදරෙයිද......"

මොහොතක් නිහඩව සිටි ඔහුට ඇසුනේ ඇය නාසය උඩට අදින සද්දය පමණි.....ඇයට මෙය තවමත් හිතාගත නොහැකි බව ඔහු තේරුම් ගත්තේ ඇගේ මුවින් නැගෙන සුසුම් වලිනි.....
විහිළුවක් කරන්නට සිතූ ඔහු මහ හඬින් සිනාසිය.....

"ඇයි අයියේ හිනා වෙන්නේ...."

"අපෝ මැට්ටි....සීරියස් ගත්තා නේද මන් කියපුවා....හික් හික් හික්....."

"ඇ.... ඇ.... ඇයි අයියා එහෙම කියන්නේ....?"

"කියන්නෙද මන් තමුසෙට ආදරේ නැනේ ඕයි.....මන් විහිළුවට ඒ ප්‍රශ්නේ ඇහුවේ......"

"අහ්......එහෙමද?"

"ඔවු...." ඇයට එය ලොකු දුකක් වූ බව ඔහුට දැනුණි.....

"හම් කමක් නැ....ඔයාට ඒක ලොකු විහිළුවක් වෙන්නැති....ඒත් මන් කිව්වා වගේම ඔයාට මාව විහිළුවක් වුණාට මට ඔයාව විහිළුවක් නෙමේ....මන් ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි....මගේ ආදරේ ඔයාට ඒ තරම් වැදගත් නොවෙන්න පුළුවන්...ඒත් මන් ආයෙමත් ආදරේ කරනවා....ඒ ඔයාට....ඔයත් මට ආදරේ නැති වුණත් කමක් නැ...ඒත් මන් ආදරේ කරනවා....බුදු සරණයි අයියේ...මන් තියනවා....තැන්ක්ස් ඔයාට......"

ඇය එයත් ඇත්තටම ගත්ත බව දැනුණ ඔහුට ඇය ගැන දුකක් ඇති විය....

"ඇයි තැන්ක්ස් කළේ....?"

"මෙච්චර දවසක් කියාගන්න බැරුව හිටපු දෙයක් කියලා හිත නිදහස් කරගන්න අවස්ථාවක් දුන්නට....."

"අනේ මැණික, ඔයා මට බණින්නේ නැද්ද...?"

"ඒ මොකටද මන් බණින්නේ ඔයාට...හැම වෙලේම විහිළුවක් කරලා සැහැල්ලුවෙන් ඉන්න ඔයා දැනුත් විහිළුවක් කරලා හිනා වුණා....මගේ හිත රිදුණත් ඔයා සතුටු වුණානේ...ඉතින් ඒ ඇති මට....."

තමාගේ තේරීම නිවැරදි බව ඔහු යලිත් පසක් කරගත්තේ ඇයගේ කතාවෙන් දෑසට කඳුළු උනද්දීය....

"නංගි...මේ අහන්න...මන් දැන් මේ කියන්න යන්නේ බොරුවක්වත් විහිළුවක්වත් නෙමේ....." කෙමෙන් තම හඬ වෙනස් වෙද්දී ඔහු කියාගෙන ගියේ හිතේ තියන දේ කියන්නට කලින් තමාට ඇඬේදැයි සැකැතිවය.....

"මොකද්ද අයියේ...."

"මන් මන් ඇත්තටම ඔයාට ආදරෙයි....ඒත් මන් ලඟ මහා ලොකු ආදරයක් නම් නැ....හිත කැඩිලා බිඳිලා විසිරිලා තිබුණේ...ඔයයි එවා මේ තරමට හරි එක්තැන් කළේ...අන්න ඒ බිඳුණ හිතිණුයි මන් ඔයාට ආදරේ කරන්නේ....ඒ ආදරේ ඇතිනම් ඔයාට දැන් මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතේ බාර දෙනවා......මන් මන් ඔයාට ආදරෙයි....මේ ජීවිතේ මේ සතුට මගෙන් ඈත් කරන්නෙපා......"

අන්තිම ටික කියද්දී තමාටම තම වෙව්ලනා හඬ පාලනක කරගත නොහැකි බව ඔහුට දැනුණි.

"අනේ....ඔය ඔය ඇත්තමයි නේද මගේ අයියේ...බොරු නෙමේ නේද.....?"

"නැ නැ නැ.....ඇත්ත...මන් ඔයාට ආදරෙයි....මාව ජීවත් කරවන්න පුළුවන් දැන් ඔයාට විතරයි මැණික.....මාව බාරගන්නවා නේද...?"

"අනේ....අනේ...." දෙදෙනාටම ඇඬුනේ සතුට වැඩිකමට හා ආදරය වැඩිකමට බව කාටවත් පැහැදිළි කළ යුතු නැත.....

"මන් මන් හැමදාම මගේ අයියව බලාගන්නවා...මගේ පණ වගේ....දැන් මගේ ජීවිතේ අයිති ඔයාට මැණික.....මට මට ගොඩක් සතුටුයි...ගොඩක්.....මන් පතපු ජීවිතේ මට ලැබුණනේ...."

"කවදාවත් මාව දාලා යන්නේ නැ නේද..?"

"නැ නැ කවදාවත් නැ.....මාව එපා කියලා මාව එළවනකම් මන් ඔයාගේ ජීවිතෙන් යන්නේ නැ...."

"කවදාවත් ඒකනම් වෙන්නේ නැතිවෙයි මැණික....."

"මන් ආදරෙයි ...."

"මාත් ගොඩක් ආදරෙයි....."

"අපි හැමදාම සතුටින් ඉමු...."

"හා මැණික....ඔයා මගේ ලඟ නම් මන් හැමදාම සතුටින්......."

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

එදා ඇය එසේ කීවත් එදින පටන් ඇය හැමදාම තමා නිසා දුකින් වුන් බව ඔහුට අමතක කළ නොහැක....තමා ඇයට දුන් සතුටට වඩා දුක වැඩි වග ඔහු හොඳින්ම දැන සිටියේ ඇයගෙන් වෙන්ව යාමට එයද හේතුවක් වු නිසාවෙනි.......


මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....