ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....වැඩ වැඩ ගොඩගැහිලා....
හම්...ඊයේ මගේ පරණම යාළුවෙක් මුණගැහුණා වැඩ ඇරිලා එද්දි...අවුරුදු 3න් වගේ දැක්කේ.....ඒ හමුවීම මාව 6 වසර තෙක් අරන් ගියා....මන් අද මේ උගන්වන පාසලේම ශිෂ්‍යාවක් වෙලා ඉන්න කාලේ වුණ සුන්දර මතකයන් කිහිපයක්ම ඒ හමුව නිසා මතකයට ආවා.....ඉතින් හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න ඒ මතක....
ඒ දවස් වල අපි 6 වසරේ....ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙට ගියපු අපි යාළුවො 3දෙනයි මාත් ඇතුළුව.මම, අයේෂා, ඉනෝකා......අපි 3නා ඉස්කෝලේ ගියේ කෝච්චියේ....ඒ දවස් වලම මමයි අයේෂයි OWF (මන් උගන්වන පාසල) එකේ ක්ලාස් ආවා....ගෙදර හිටියොත් සෙල්ලම කියලා. ඒ දවස්වල පිරිමි ළමයි පෙන්නන්න බැ.....හරිම ඇලජික්....:P
ඉතින් මේ ක්ලාස් එකේ ගැලු ළමයිනුයි පිරිමි ළමයිනුයි පිල් දෙකකට බෙදිලා හිටියේ. පන්තියට නායකයයි නායිකාවයි. ඉතින් මට මුණගැහුණ මේ යාළුවා තමයි ඒ දවස් වල අපේ පන්තියේ නායකයා.....එයා කියන කිසි දෙයක් අපි අහන්නේ නැ....ඒ නිසා අපි එක්ක පුදුම තරහයි.
මන් කිව්වනේ ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ කෝච්චියේ කියලා. අපිට ලඟම ස්ටේෂම ප්‍රධාන එකක් නෙමේ. සබ් එකක්. ඒ නිසා ඒකේ ෆ්ලැට්ෆෝම් එක කොටයි. ඒ දවස්වල වැට කළේ අර පාන් බාගේ කියලා අනුවර්ත නාමයක් දුන්න කොළපාට දුම්රිය.ඒක අපේ ස්ටේෂමේ නැවැත්තුවාම ගොඩ වෙලාවට මුල්ම පෙට්ටිය අහුවෙන්නේ නැ. අපි පුරුදු වෙලා හිටියේ පළවෙනි පෙට්ටියේ යන්න. ඉතින් මොකද කරන්නේ පළවෙනි පෙට්ටිය අහු නොවුන දාට.....ඔන්න එදාට අපි කරන්නේ දෙවෙනි පෙට්ටියට නැගලා ඊලඟ ස්ටේෂන් එකෙන් බැහැලා පළවෙනි පෙට්ටියට නගින එක.....
ඔය කියන ඊලඟ ස්ටේෂන් එකෙන් තමා අර පිරිමි ළමයා ඉස්කෝලේ යන්න නගින්නේ....දැන් අපිත් එක්ක ඔරොප්පුයිනේ....වැරැද්දක් හොය හොයත්නේ ඉන්නේ. ඔන්න මෙයා දැක්කා අපි කෝච්චිය නවත්තනකොටම බැහැලා පෙට්ටි මාරු වෙනවා....
ඒ දවස්වල අපිට රසිකා කියලා විද්‍යාව කරන මිස් කෙනෙක් හිටියා...අපේ පන්ති බාර ඒ මිස්...හරිම නපුරුයි.වැරැද්දකට කිසිම සමාවක් නැ....පහුවෙනිදා අපි පන්ති යද්දි ඒ පිරිමි ළමයා කේළම කියලා මිස්ට....අපෝ ඉවරයි....පැයක් අවුවේ...වේවැල් පාරවල් 3 ගානේ.....ඒ ළමයට හිතින් බැණ බැණ අවුවේ පැයක් හිටියා....කොහොමට තියෙන්න ඇත්ද....ලැජ්ජාව ඊට වැඩී.....
අපිට කරන හැම දේකටම අපිත් රිටන් එක දුන්නා පහු වෙලා හරි...ඒවා පස්සේ කියන්නම්කෝ.....
ඔන්න මට මතක් වුණ අතිත සුන්දර මතකයක්...පහු වෙනකොට ඒ ළමයා අපිට හිටපු හොඳ යාළුවෙක් වුණා.....
Showing posts with label පාසල් මතකයන්..... Show all posts
Showing posts with label පාසල් මතකයන්..... Show all posts
Friday, January 13, 2012
දෙන්නම් අපිත් හිටපියව්........
Tuesday, November 1, 2011
ඔබට උපහාරයක්ම වේවා!!!!
හම්......ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳිලද මන්දා.....කෝ කෝ මේ කොස්ස......හික්ස්....අනේ තරහ වෙන්න එපා යාළුවනේ....අධි කාර්ය බහුලයි මේ දවස් වල....
ඔයාලා දන්නවනේ මන් උගන්නන්නේ NGO ස්කුල් එකක කියලා...ඉතින් මට මේ පාර ක්ලාසස් 4ක් කරන්න වෙලා....උදේ 8.30-11.30 වෙනකම් CAA(NVQ-Level3), 11.30-2.30 වෙනකම් CGD(NVQ-Level4-Practical),2.30-5.30 වෙනකම් ආයේ CAA(NVQ-Level3) කරනවා....ඉතින් කොහෙදෝ මට වෙලාවක් ලියන්න......ඒත් මන් හැම බ්ලොග් එකක්ම බලනවා....ඔං කමෙන්ට් නොකලට තරහ වෙන්න එපා.....ක්ලාස් කරන ගමන් කියවනවා...කමෙන්ට් කරන්න හිටියට බැරි වෙනවා.....
අද මන් අපේ ඉස්කෝලේ ගැන කියන්න කියලා හිතුවේ.....
ආපන ශාලාව
1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමිණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.
ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....
දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......
http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf
ඉංග්‍රීසි අංශයේ කොටසක්
පෙර පාසල් අංශයආපන ශාලාව
1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමිණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.
ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....
- පෙරපාසල් අංශයට වර්ශයකට දරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගන්නවා....
- ඉංග්‍රීසි අංශය කොටස් 2කින් සමන්විතයි.
- 1-12 වසර තෙක් - සාමාන්‍යයෙන් වසරකට 200කට ආසන්නයි
- පාසල් නොයන - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි)
- පරිගණක අංශය - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි (CAA(NVQ-Level3), (CGD(NVQ-Level4) හා (SLCDL))
- කාන්තා සහයෝගිතා අංශයේ මැහුම්, වූල්, බතික් හා පේන්ටින්ග් ලෙස පාඨමාලා 4ක් පවත්වයි.(සියළුම පාඨමාලා රජයේ පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුකුලයි)
- ක්‍රීඩා අංශය (සමස්ථ ලංකා තරඟ පවා ජයග්‍රහණය කර ඇත)
- දෙමළ අංශය
- සංගීත අංශය
දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......
http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf
ඇත්තටම අද මන් මේ තත්වෙන් ඉන්නේ මේ පාසලින් මන් ඉගනගත්ත දේවල් නිසා.......ඉතින් මේ ලිපිය,
OWF
පාසල් මව්නි ඔබට උපහාරයක්ම වේවා!!!!
Thursday, March 31, 2011
අනේ මෙහෙමත් කෙල්ලෝ.....
ඉස්කෝලේ කාලේ වුන දේවල් කාටවත්ම අමතක වෙන්නේ නම් නෑ...එක එහෙම නේද....මට නම් එහෙමයි....අද මට එක පාරටම පොඩි සිද්දියක් මතක් උනා.....ඒ එක ගැණු ළමයෙක් ගැන...මේ වගේ ගැණු ළමයි නිසා තමයි ගැණු ළමයින්ගේ ඩිමාන්ඩ් එක බහින්නේ...මන් එයාට කුමාරි කියල කියන්නම්.ඔන්න එහෙනම් කුමාරිගේ කතාව....
ගැණු ළමයිනේ පාසලක් වුන අපේ ස්කෝලෙට මෙයා අවේ ශිෂ්යත්ව විභාගේ පස් කොරන්.මන් ඇතුලත් වුන දාමයි මෙයත් ඇතුල් උනේ.අම්මයි තාත්තයි දෙන්නම් ප්රින්සිපල් ලා.මෙයා වැටුනේ වෙන පන්තියකට.6 වසරේ අන්තිමේදී අපේ පන්ති කැඩුවා.කොහොමෙන් කොහොම හරි මෙයත් වැටුන අපේ පන්තියට.ඒ ඒ පන්ති වලින් ආව කට්ටිය වෙන වෙනම ගෘප් ගැහිලා.මෙයත් එහෙම ගෘප් එකක එක්කෙනක්.ඔය ගෘප් වල රහස් පිට යන්නේ නැනේ.ඒ උනාට මෙයාගේ කටින් එයාගේ රහස් විතරක් නෙමේ අනිත් අයගේ ඒවත් පිට වෙනවා.ඒ නිසා මෙයාට කවුරුවත් රහස් කියන්නේ නෑ.10 වසර වෙද්දී කට්ටිය හැමෝම ෆිට්.ඒ උනාට අර කල්ලි එහෙමමයි.
කුමාරිට පුදුම කොල්ලෝ පිසුවක් තිබුණා.එසේ මෙසේ පිස්සුවක් නම් නෙමේ.කළු පාට පිරිමි ළමයින්ට පුදුම ආසයි.(වැරදියට ගන්න එපා).යාලු වෙන්නේ කළු කොල්ලෙක් එක්කමයි කියා කියා හිටිය.අන්තිමේදී කළු පාට පිරිමි ළමයෙක් එක්ක යාලුත් උණා.
.
ඒ කාලේ ඉස්කෝලේ පටන්ගත්තේ 8 ටනේ.මෙයා ඉස්කෝලේ එන්නේ 8.30 ට.අර බෝයි එක්ක රවුම් ගහල.ඒ මදිවට ගියපු තැන් කියපු දේවල් එකක් නැර කියනවා පන්තියේ හැමෝම එක්ක.මෙයාගේ සෙට් එකේ අය මෙයාව හදන්න හැදුවට හරි ගියේ නෑ.කොහොම හරි කාලේ ගිය කියමුකෝ.මේ දෙන්න ගැන නොදන්නා කෙනෙක් හිටියේ නෑ මුළු ඉස්කෝලෙම.දෙමාපියන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ළමයෙක්.මෙයාට කවුරුවත් මුකුත් කියන්නෙත් නෑ.ඇයි ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ප්රින්සිපල්ලානේ.
මේ පිරිමි ළමය එක්ක යාළුවෙලා ඉන්දෙද්දී මෙයාට මීට් වෙනවා සුදු පිරිමි ළමයෙක්.අනේ ඉතින් සුදු කොල්ලන්ට කැමති නෑ කියපු කෙනා අර කොල්ලගේ පස්සෙන් යන්න ගත්ත.අර කළු පිරිමි ළමයත් ඉන්නවා.එක විකාරයි.කෙල්ලොත් මෙයාව අල්ලාගෙන හොඳට බයිට් කරනවා.අපිට ඉතින් ෂෝ එක බලන නිසා මාර ජොලි. කොහොම හරි මේ කොල්ලෝ දෙන්න මේ කෙල්ල නිසා ගහගත්තා ස්ටෑන්ඩ් එක මැද්දෙම.හැමදාම වලියක්.මරාගත්තේ නැති එක විතරයි. 11 වසර මද්දිදේ කුමාරි මේ කොල්ලෝ දෙන්නම අතහැරලා යාලු උණා වෙන බෝයි කෙනෙක් එක්ක. අර දෙන්නට හුලන්.
මන් ඒ පිරිමි ළමයට කසුන් කියන්නම්කො. කසුන් මාර නීති කාරයා. කුමාරිගේ පස්සෙන්මයි. එත් වැඩක් නෑ. මෙයා එත් වෙන කොල්ලෝ පස්සේ යනවා. කොහොම හරි අපේ පන්තියේ කෙල්ලෝ වගයක් කසුන් ගැන කියපුව කුමාරි එක දෙක කරලා කසුන්ට ගිහින් කියල. කසුන් ආවනේ ඒ කෙල්ලොත් එක්ක වලියට. අපේ අය අතහරිද....කස්ටිය සෙට් වුන නොසැලී නොබියව ඉදිරියට යන්න.කසුන් ඉන්ටර්වල් එකට එනවා කියල මෙන්න කුමාරි කියපි. හරි වරකෝ කියල අපේ අය බලන් හිටිය. කිවත් වගේ මෙන්න ආව. අනේ ඒ උනාට වලියට නෙමේ. කුමාරි මීට් වෙන්න. අපේ කෙල්ලෝ ටික තාප්පේ ලගට වෙලා රැකගෙන හිටිය ගේමට. කුමාරි මීට් වෙලා යනකොට මේ කෙල්ලෝ ටික තිබ්බේ නැත ලොකු හුවක්. කසුන්ගේ සායම ඉවරයි. ඇයි ඉතින් වලියට එනවා කියපු කෙනා පිට පාරේම යනකොට...:D
මන් ඒ පිරිමි ළමයට කසුන් කියන්නම්කො. කසුන් මාර නීති කාරයා. කුමාරිගේ පස්සෙන්මයි. එත් වැඩක් නෑ. මෙයා එත් වෙන කොල්ලෝ පස්සේ යනවා. කොහොම හරි අපේ පන්තියේ කෙල්ලෝ වගයක් කසුන් ගැන කියපුව කුමාරි එක දෙක කරලා කසුන්ට ගිහින් කියල. කසුන් ආවනේ ඒ කෙල්ලොත් එක්ක වලියට. අපේ අය අතහරිද....කස්ටිය සෙට් වුන නොසැලී නොබියව ඉදිරියට යන්න.කසුන් ඉන්ටර්වල් එකට එනවා කියල මෙන්න කුමාරි කියපි. හරි වරකෝ කියල අපේ අය බලන් හිටිය. කිවත් වගේ මෙන්න ආව. අනේ ඒ උනාට වලියට නෙමේ. කුමාරි මීට් වෙන්න. අපේ කෙල්ලෝ ටික තාප්පේ ලගට වෙලා රැකගෙන හිටිය ගේමට. කුමාරි මීට් වෙලා යනකොට මේ කෙල්ලෝ ටික තිබ්බේ නැත ලොකු හුවක්. කසුන්ගේ සායම ඉවරයි. ඇයි ඉතින් වලියට එනවා කියපු කෙනා පිට පාරේම යනකොට...:D
අනේ ඉතින් කසුන් එක්ක යාලු උණා කියල මෙයා වෙනස් වුනාද? නෑ....දෙන්න හැමදාම රණ්ඩු.ඒ වුනාට මේ සම්බන්දෙ නම් කඩන්න කසුන් ඉඩ තිබ්බේ නෑ. හැමදාම වලියක්.එලේවල් කරනකම්ම ඔහොමයි...මෙයාව ඉස්කෝලෙන් අස් කලා.තාත්තගේ ඉස්කෝලෙට දැන්ම.එකෙත් කොල්ලෝ එක්ක යාළුවෙලා.ආයේ එහන් අස් කරලා මෙහාට දැන්ම.අර බල්ලාගේ වලිගෙ උනපුරුකේ දැනමත් ඇද අරින්න බෑ වගේ මොන දේ කලත් මේ කෙල්ලව හදන්න නම් බැරි උණා.එලේවල් ඉවර වෙනකම් කුමාරි කලේ කොල්ලෝ එක්ක යාලු වෙන එකයි අත හරින එකයි...
පසුව ලැබුන ආරංචිවල හැටියට මෙයාට කසුන්ව බදින්න වෙලා. කොල්ල රට ගිහින් මෙයා නිසා.දැන් ඩිවෝස් වෙන්නලු යන්නේ.....
අනේ ඉතින් මෙහෙමත් කෙල්ලෝ ඉන්නවනේ...මේ වගේ කෙල්ලෝ නිසා තමා කොල්ලෝ ගොඩක් වෙලාවට කෙල්ලන්ව බයිට් එකට ගන්නේ. එකෙන් දුක් විදින්නේ අහිංසක කෙල්ලෝ....එකෙක් කරන වැරැද්දට හැමෝම වන්දි ගෙවන්න ඕනද?
Subscribe to:
Posts (Atom)
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....



