Thursday, April 26, 2012

සිතුවිලි අතර..... (7 කොටස)


වතට තුරුළු කරගත් ඇයගේ සිරුර දෙස  බලමින් අතීතයේ ඒ සොඳුරු මතකයන් අතර ගිලෙන ඔහුගේ කතාව....

පෙර කොටස් සඳහා.... සිතුවිලි අතර.....


 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

තමාට ඔරවා අහක බලාගත්තත් ඇය තමාගෙන් වදනක් ලැබෙන තුරු බලා සිටින බව වැටහුණ ඔහු,

නංගි දැන් මන් කාලද කියලා ඇහුවේ කන්න අරන් දෙන්නද? පුදුම බඩගින්නක්නේ ආවේ.....

හික්ස්.....

මොකෝ හිනාවෙන්නේ...දැන් බුම්ම ගත්තේ බකමුණෙක් වගේ.....

අනේ යනවා යන්න…”

මන් කොහේ යන්නද හලෝ....මේ අපේ වැයික්කිය....

ආ ආ සොරි සොරි...අපිනේ මෙහාට පිටින් ඇවිත් තියෙන්නේ.....

නංගි බලාගෙන....ඕකා හෙන ඇම්ඩා..... යයි තම යහළුවන් පිරිසක් ඇය සමග කතාකරමින් සිටිද්දි පවසා ගිය යුරු මතක් වී ඔහුට නැවතත් සිනහා නැගිණි.

ඒ මොකද්ද අයියේ ඒ කීවේ...මට තේරුණේ නැ....

ඔයාට නොතේරුණ බව පේනවා....පස්සේ තේරේවී....

හා....මෙන්න එහෙනම් කෑම එකක්....දැන් බඩගිනියි කීවනේ....

ආ තැන්කු......ඒත් මට දැන් කන්න බැ...”

"දැන් බඩගිනියි කීවනේ..."

"මන් විහිළුවට කිව්වේ....මන් යනවා...ඔයාලා කන්න.....

එතකොට අයියා අයේ අපිට උදවු කරන්න එන්නෙ නැද්ද?

ඇයි මන් නැතුව වැඩ කෙරෙන්නේ නැද්ද....නැත්නම්....හ්ම් හ්ම්....
ඇස් නටවමින් නෝන්ඩියට මෙන් සිනාසුණ කාවිංග ඇයගෙන් ඇසුවේය...

නැත්නම් මොකද්ද අයියේ....
තමා අදහස් කළ දේ ඇයට නොතේරුණ වග වැටහුණ කාවිංග එම විහිළුව දුර ගෙන නොයාමට සිතා ගත්තේය..

අපෝ මෙහෙමත් ගොඩේ කෙල්ලෙක්....

අනේ යනවා යන්න...මන් ගොඩේ නැ....හරිද...

අනේ ඔවු...කියන කිසිදෙයක් තේරෙන්නේ නැති ගොඩේ කෙල්ලෙක් තමා.....

ඔවු ඉතින් අපි ගොඩේ කියලනේ හිතන් ඉන්නේ....කමක් නැ...සිනාසෙමින් කී ඇය, අයියගේ නම මොකද්ද....?

දැන් නංගිට මොන නමද ඕන....? ඇත්ත නමද? යාළුවෝ කියන එකද...? නැත්නම් කැම්පස් කාර්ඩ් එකද....?

හයියෝ....ඔය මොකක් හරි නමක් කියන්න.....නැත්නම් කතාකරන්නෙ කොහොමද...? හෙට උදවුවට නාවොත් කාගෙන් හරි අහන්නවත් නමක් දැනගන්නෙපැයි.....

අපෝ මේ මට ආදරේකට නෙමේ...උදව් ගන්න ඕන නිසා....

ආ ආ...වැඩේමයි මෙයාට ආදරේ කරන්න.....උදව් ගන්න ඕන නිසා තමයි හලෝ නම ඇහුවේ.....

හම් හම් හම්.....කාවා කියලා කතාකරන්නකෝ.....

මොකක් කාවා....ඒ කාර්ඩ් එක නේද...හික්ස්....එතකොට ඇත්ත නම..?

දැන් ඒකත් ඕනද...?

කියන්න බැ නම් එපා...නිකම් ඇහුවේ.....

එහෙමත් කියනවද වටින කියන දේවල්....

අපෝ එපා...තියාගන්න ඔයාගේ මහ ලොකු නම....

අඩෝ කාවිංගයෝ....උඹ ඒ ටිකට ලස්සන මලකට පොත දාලා වගේ නේ.....අනේ අපිට කොයිද ඔහොම චාන්ස්....
එවිටම එතනට කඩා පාත්වූ කාවිංගගේ හොඳම මිතුරා වූ පැතුම්ගේ මුවින් තම නම පිටවූ නිසා කාවිංගට තරමක් කේන්තිගියත් යාළුවා නිසා කිසිත් නොකීවේය....

හයියෙන් පිටවෙන්නට ගිය හිනාව බලෙන් නවත්වාගත් ඇය, එහෙනම් අයියා මන් යනවා අපේ කට්ටිය ඉන්න තැනට...යන්නම් අයියා...

කාවිංගටත් පවන්ටත් පැවසු ඇය එතනින් යන්නට සැරසුනාය....

ආ නංගි මෙන්න මගේ කාර්ඩ් එක...ඕන වුණොත් කෝල් එකක් දෙන්න....

ඕකේ...තැන්ක්ස් අද කරපු උදව්වට...යන්නම්.....
එසේ කියා නික්ම යන ඇය දෙස බලා සිටි කාවිංගට තමාට ඇයගෙන් නම අසා ගැනීමට නොහැකී වු බව මතක් වී තමා ගැනම තරහක් මතුවිය....

අපරාදේ චාන්ස් එක....තමාටම කියාගත් ඔහු තම කේන්තිය පැතුමගේ පිටින් යැව්වේය....

ගොනා, බූරුවා.....අපතයා...ශික්...අපරාදේ චාන්ස් එක...මට කෙල්ලගේ නමවත් අහගන්න බැරි වුණා තෝ උදැල්ල දාපු නිසා....ගර්ර්ර්ර්......

හික් හික් හික්....අනේ පලයන් බන් යන්න.....ඒ මන් ආපු නිසාද...? නැත්නම් උඹට ඒකිත් එක්ක මුකුළු කරද්දි ඒක අමතක වුණ නිසාද....මම නොදන්න සනානේ උඹ....යමන් යමන් බඩගිනියි...කන්න...ඒකි අනිවා උඹට කතාකරයි.....

ශුවර්ද ඒකි කතාකරයි කියලා.....

මම නොදන්නවයැ උඹ ගැන...අනිවා කතාකරනවා...දැන් යමන්......

පැතුම්ගේ කරට අතදාගත් කාවිංග සියල්ල අමතක කර පුරුදු සැහැල්ලු විහිළුකාර ස්වරූපයට ආවේය......

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Wednesday, April 25, 2012

සිතුවිලි අතර.......(6 කොටස)


ආදර හිත් දෙකක් වෙනතක ගිය කතාව......

පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රෝහල් කාමරය තුළදී කාවිංගට තුරුළු වු ඇය කියවන්නට වූවාය.

මාව තුරුළු කරගන්නකෝ මැණික....මට හරි බයයිනේ.....

හරි පණ මේ තුරුළුකරගත්තා....ඇයි මැණික බය....?

නිදාගත්තාම නපුරු හීන පේනවා....ඔයා මාව දාලයනවා වගේ......
තමා ඇයව ජීවිතයේ අතරමංකර දමා ගිය බව ඇයට නොතේරුණත් ඇත්ත එයම නොවේදැයි ඔහුට සිතුණි. නමුත් එය දැන්ම ඇයට වටහා දිය නොහැකි බව දන්නා නිසා ඇයව සැනසීමට පටන්ගත්තේය.

නැ නැ මේ මන් ලඟ ඉන්නවනේ....දැන් හරිනේද.....?

හා හා හරි.....හම් හම්....බඩුවක් ඉල්ලන්න දෙනවද.....?

මොකද්ද මැණික….?”

ලොකූ...ඌ ඌ .....උම්මා එකක්......දෙනවද...?
මේ අවස්ථාවේ කළ නොහැකි දෙයක් වුණත් ඇයගේ ඉල්ලීමට පිටුපෑ නොහැකි නිසාත් ඇයට සිද්ධ වු දේ දැනගැනීමට නම් පෙර මෙන් ඇයට ලංවීය යුතු බව ඔහුට වැටහුණි.

අනේ හා මැණීක....දෙන්නම්....කොහාටද ඕන…?”

නළලට....අර ඔයා ගොඩාක් ආදරෙන් දෙන්නේ...ඒ විදියට ලොකු එකක් ඕන....හම්....

තමා දෙසට හිස නැඹුරුකර පපුවට තවත් බර වු ඇයව පෙරදා මෙන්ම ඔහු ගොඩක් ආදරයෙන් තුරුළුකරගෙන නළලට හාදුවක් දුන්නේ මෙතෙක් කල් ඇය නැතිව පාළුව තිබුණ හිත පෙර මෙන්ම ආදරයෙන් පුරවාගනිමිනි.....පිස්සියක වුවත් ඇය තමාගේය....හැම දුකක්ම තමා වෙනුවෙන් විඳි තම පෙම්වතියය. තමා නිසා ඇයට මෙසේ වී ඇති බව ඔහුට දැන් දැන් තේරුණේ සිත පසුතැවිල්ලෙන් පුරවමිනි....

හම් හම්....පණ, මෙතනින් හාන්සිවෙන්නකෝ..... ඇයගේ ඇඳ පෙන්වමින් කීවාය.

ඇයි මැණික, මොකටද?

මට දොයියන්න...හම්...ඔයාගේ පපුව උඩ‍, මන් ආස එහෙමනේ....

අනේ සුදු මැණික බලන්නකෝ මන් හොඳ සූට් එකක් ඇඳන්නේ ඉන්නේ. දැන් හාන්සි වුණාම ශර්ට් එක පොඩිවෙනවනේ.....

හම්....”  නාළු කරගත් මුහුණින් අහක බලාගන් ඇය, “ එහෙනම් වෙනදා වගේ ශර්ට් එක ගලවන්නකෝ.....

අනේ ඒකත් කරන්න බැනේ....බලන්න...ශර්ට් එකට යටින් මන් බැනියමුත් ඇඳලනේ…”

ඉතින් ඒකනේ...ඔයා වෙනදට එහෙම අඳින්නේ නැනේ...තවමත් ඇය නෝක්කාඩු ස්වරූපයෙන් අහක බලන් කීවාය.
ඒ අතරම කුමක් කරන්නදැයි ඇයට නොපෙනෙන්නට වු දොස්තර මහේන්ද්‍රෙගන් විමසන්න කාවිංග අමතක කළේ නැත. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසුවේ ඇය කියන දේ කරන්නට කියාය.....

හරි මැණික, එහෙනම් මන් මෙහෙම හාන්සි වෙන්නම්....ඔයා දොයියන්නකෝ.....
හිනා කටක් පුරවා ඔහු දෙසට හැරුණ ඇය එහෙමම ඔහුගේ පපුවට නැවත වරක් තුරුළු විය....

ඒකනේ...මන් දන්නවා ඔයා බැ කියන්නේ නැ කියලා.....

එසේ පැවසු ඇය දෑස පියා ගත්තේ සැනසීමෙන් මෙනි....
ඇයට එලෙස සිටින විට නින්ද යන බව දන්නා කාවිංග දොස්තර මහේන්ද්‍රට ඒ බව කීවේ ඇයට නොතේරෙන ලෙසය.
ඇයට නින්ද යනතුරු ඔහුට ඉද පසුව ඇවිත් ඔහුව හමුවෙන ලෙස කී වෛද්‍යවරයා  නර්ස්  සමග කාමරයෙන් එළියට ගියේ  කාමරයේ දොරත් වසමිනි.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


ඇයට තුරුළු වුණ මොහොතේ එදා ඒ වතෙන් විඳි උණුහුම අදද නොඅඩුව දැණුන ඔහුට අතීතය සිහිවීම කාට නම් නැවතිය හැකිද?

එදා අහම්බෙන් තමා ඇයට උදව් කිරිමෙන් පසු  තමා සමග දොඩමළු වු මෙහොත ඔහුට අද මෙන් මතකය....

අයියා මොන ඉයර් එකේද….?

ඇයි නංගි මාව ඉයර් එකකට දාන්නද….?

මොකක්….?
තමා එදින කිවු ගොඩක් දේවල් ඇයට නොතේරුණ බව ඔහුට මතක් වී මුවගට සිනා නැගුණි....

අයියා කාලද ඉන්නේ.....?”

අයියනම් කාලා නැ.....

මන් ඇහුවේ ඔයා කාලද කියලා….?

ආ ආ ආ...මන් ද? මන් තාම කාලා නැ...කොහේ කන්නද....ලොරි බාගෙකට පෙට්ටියක් උස්සගන්න බැරිව හිටියනේ....ඒකට තල්ලුවක් දෙන්න ගියා.....

අනේ හරි නරකයි....බැ කීවනම් මන් කොහොම හරි අරන් යනවනේ....මොකටද උදව් කරන්න ආවේ....

අප්පේ අරගෙනම යයි කියලා සැක තිබුණ නිසයි උදවු කළේ....නැත්නම් බලාගන්න තිබුණා....

මුණත් නරක් කරගෙන ගස්සා අහක බලාගත් ඇය සැබැවින්ම තමාට ලස්සනට පෙණුන වග ඔහුට මතක්විය.....ගමේ තාලයට ගවුමක් ඇඳ, කොණ්ඩය තනි කරලට ගොතා සිටි ඇය නගරයේ වු විච්චුරණ වලට හසුවී නොතිබුණි.....සැගවුණ ලස්සනක් තිබුණ ඇයගේ ඒ ලස්සන තමා ඔප දමා ඉදිරියට ගෙනා වග සිහිවී ඔහුට පුංචි ආඩම්බරයක් සිතට දැණුනි.

ඒ ලස්සන අද වෙනවිට වියකී ගොස් නොතිබුණත් පිරිපුන්ව සිටි ඇය බොහෝ කෙට්ටු වි, වෙනස් වී ඇති බව තම වතට තුරුළු කරගත් ඇයගේ සිරුර දෙස බැලූ කාවිංගට පෙණුනි.ඇයව ඉක්මණට සුව කරවා සමාජයට දැමීමට පෙර එදවස මෙන් ඇයව ලස්සන කළ යුතු බව ඔහුට සිතුණි.....

නැවතත් අතීතයේ සිත රැන්දු ඔහු ඒ සොදුරු සිදුවීම් එකිනෙක මතක් කළේය.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''




Monday, April 23, 2012

සිතුවිලි අතර.....(5 කොටස)


 ප්‍රදර්ශනයකදී අහම්බෙන් ඔහුට මුණගැහෙන ඇය නවෝද්‍යා....
අද එතැන් සිට....

පෙර කොටස් සඳහා.....සිතුවිලි අතර....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

අපිට තමා අනිත් යුනිවසිටීස් වලින් එන අයට හෙල්ප් කරන්න තිබු‍ණේ...එතනදි මන් සෙට් වු‍ණේ රුහු‍ණේ අයට....නවෝ ආවේ මොකද්දෝ ලොකු පෙට්ටියක් උස්සගෙන...කෙල්ලට ඒක බර වැඩියි....ඉතින් මන් හෙල්ප් එකක් දුන්නා අනිත් හැමෝටම කරනවා වගේ....

කියන්න තරම් විශේෂ ලස්සනක් වෙනසක් නැතත් අනිත් අයත් එක්ක ගොඩක් සුහදව ඉන්න චරිතයක් කියලා එදාම තේරුම් ගත්තා...

එයාලා දකුණෙනේ.....කතා කරන්නේ හරි අමුතු විදියට ඇදලා පැදලා....

අතීතයේ එදවස් සිහිවීමෙන් ඔහු මුවග නැගුන සිනහව එදවස ඔවුන් අතර තිබු සැහැල්ලුව අනිත් දෙදෙනාට මනාව අවබෝධ වුණි....

එකවරම දොරට තට්ටුකර ඇතුළට ආ හෙදිය දැක කාවිංගට උන් තැනින් නැගිට්ටුනි....ඔහු ඇසීමට සිටි ප්‍රශ්නය ඔහු ඇසීමට පෙර දොස්තර මහෙන්ද්‍ර ඇසුවේය.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

රේඛා....පේශන්ට සිහිය ආවද....

ඔවු ඩොක්ටර්....ඒ වුණාට ඇස් අරින්නේ නැ....සිහි ආපු හැටියෙම කිවේ, මහත්තයෝ, පණ, මැණික....ඔයා ඇත්තටම මගේ ලඟද...අනේ මගේ අත අල්ලගන්න, කියලා....සිහි ආපු හැටිය කියන්න කීවනේ....

ආ හරි නර්ස්...ඔයා එතනට යන්න...අපි එන්නම්....
කාවිංග එවෙලේම පිටවී යාමට සිටියත් දොස්තර මහේන්ද්‍ර එසේ පැවසු නිසා දෙපා නැවතුණි....

 “අ...අපිත් අපිත් යමුකෝ ඩොක්ට... නර්ස් පිටවී යනකම් බලා සිට පැවසුවේය.

හරි හරි අපි යන්න තමා හදන්නේ...කාවිංග කලබල වෙන්නෙපා...එහෙම වුනොත් අපිට මුකුත් කරගන්න වෙන්නේ නැ....තේරුණාද….?”

ඔවු ඩොක්ට....

මන් දන්නවා හදිස්සියි කියලා...හරි අපි යන්කෝ...

කාවිංගත් දොස්තර මහේන්ද්‍රත් ප්‍රධාන හෙදිය වු මිසිස් විරසේකරත් නවෝද්‍යාගේ කාමරයට එකවරම ඇතුල් විය.

හරි නර්ස්...දැන් ඔයා යන්න...ඕන වුණොත් කතා කරන්නම්.... දොස්තර මහේන්ද්‍ර එතන සිටි නර්ස්ට සෙමින් කීවේ නවෝද්‍යාට නොඇසෙන ලෙසය...

කාමරයේ ඔවුන් තිදෙනා පමණක් ඉතිරි විය...සෙමින් කාවිංග ලඟට ලං වු දොස්තර මහේන්ද්‍ර ඊලඟට කළ යුතු දේ පිළිඹඳ සෙමින් උපදෙස් දුනි..

කාවිංග දැන් හෙමින් පේශන්ට් ගාවට ගිහින් ඔයා වෙනදට කතා කරන විදියට එයාට ආදරෙන් කතා කරන්න....ඕකේ...එයාට දැනෙන්න අරින්න ඔයා එයා ගාවමයි කියලා....ඔය දෙන්නා අතර මුකුත් වුණේ නැති ගානට ඉන්න...

හා ඩොක්ට...

ඊළඟ හෙමින් සැරේ එයාට මොකද වුණේ කියලා විස්තර දැනගන්න....දැන්ම ඒක කරන්න බැරිවෙයි...දවස් දෙක තුනක් උත්සහ කරලා බලන්න...හරි...දවසගානේ මට ප්‍රොග්‍රස් රිපෝට් එක ඕන....

අනික ඔය දෙන්නා අතර වුණ හැම දෙමත් මට දැනගන්න ඕන....අද හවස මාව ගෙදරදි මීට් වෙන්න....හරි දැන් යන්න ගිහින් කතා කරන්න....

නර්ස් එන්න අපි ටිකක් පැත්තකට වෙමු...එයාට අපි ඉන්න බවක් අඟවන්න හොඳ නැ....

ඔවුන් දෙදෙනා කාමරයේ නවෝද්‍යාට නොපෙනෙන පැත්තකට වෙද්දි කාවිංග සෙමින් නවෝද්‍යාට ලංවුණේ මේ අහිංසකාවියගේ ජීවිතය තිබෙන්ණේ තම අතේ බව සිතමිනි.....

ඇද අසලට ලං වී නවෝදයාගේ අතින් අල්ලා ගත් ඔහු,

මැණික.....බලන්න...මන් ඔයා ලඟ ඉන්නවා....
මෙතෙක් වෙලා දෑස වසා සිටි ඇගේ මුවට ලස්සන සිනහවක් නැග ආවේ ඔහුව අඳුරගත් බවට සාක්ෂි නගමිනි.....

බලන්නකෝ ඉතින් ඇස් ඇරලා...ඔයාගේ මහත්තයා ඔයා ලඟ ඉන්නවනේ....

බෑ මන් ඇස් අරින්නෙම නැ......
වෙනදා මෙන් තමා හා හුරතල් වන තම පෙම්වතිය දෙස බලා සිටි කාවිංග දොස්තර මහේන්ද්‍ර දෙස බලා දැසට නැගි කඳුලක් පිසදැන්මේය.....

අනේ ඔන්න නෝටි ගර්ල් කෙනෙක් වෙන්න හදනවා....එහෙනම් මන් ඕන නැනේ....මන් යනවා.....

එකවරම දැස් ඇරි ඇය ඔහුව බදාගත්තේ කිසිවෙකුට සිතීමටවත් ඉඩ නොතියාය....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Wednesday, April 18, 2012

සිතුවිලි අතර...........(4 කොටස)

 හදවතින්ම ආදරය කළත්.... අතීතය වර්තමානයට ගලපගන්නට බැරිව දෙඅතක ගිය යුවලක්.....

ඔහුට ඇය හමුවීමත් , මතකයන් අළුත් වීමත් අතර ඇයට සිහි නැතිවී යාම කතාව කුමන පැත්තට ගෙනයාවිද..............?

පෙර කොටස් සඳහා....සිතුවිලි අතර.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඉක්මණින්ම එතනට පැමිණි දොස්තර මහේන්ද්‍ර නවෝද්‍යාට සිහිය ගැනීමට වෙහෙසුණේය.....

මොකද වු‍ණේ නර්ස්....කාවිංග මොකද වුණේ.....

වුණේ කුමක්දැයි කියන්නට තරම් කාවිංගට සිහියක් නැති බව වටහා ගත් මිසිස් වීරසේකර දොස්තර මහේන්ද්‍රට ලං වූයේ සිදුවුයේ කුමක්දැයි කීමටය....

ඩොක්ට, මේ ඩොක්ට කාවිංග යාළුවෙලා හිටි ගර්ලු....

ඔහ් මයි ගෝඩ්....එහෙමද......හරි අපි විස‍්තර හෙමින් පස්සේ කතා කරමු...දැන් ඉක්මණට මෙයාට සිහිය ගන්න බලමු...

ඕකේ ඩොක්ට.....

තවමත් සිහි නොපැමිණි නවෝද්‍යාට එන්නත් කිහිපයක් විද දොස්තර මහේන්ද්‍ර හා මිසිස් වීරසේකර ඇයව ඇදේ නිදිකරවා සිහි පැමිණියොත් කතාකරන්න පවසා නර්ස් කෙනෙක් රැඳවුවාය.

පේෂන්ට සිහිය ආපු ගමන් මට කතාකරන්න රේඛා....

එසේ පැවසු දොස්තර මහේන්ද්‍ර මිසිස් වීරසේකරට තමා හා එන්නයැයි හිසින් සන් කර, දොස්තර කාවිංගට ලංවුයේ ඔහුවත් තමා සමග එක්කගෙන යාමටය....

කාවිංග, අපි ටිකක් කතා කරමුකෝ....යන් මාත් එක්ක

එ....එයාට මුකුත් වෙන එකක් නැ නේද ඩොක්ට….?”

කාවිංග ඇසුවේ ඇස් දෙකේ කඳුළු පුරවාගෙන පොඩි එකෙකු විලසිනි. එය ඇසු ආකාරයට දොස්තර මහේන්ද්‍රගේ පමණක් නොව මිසිස් වීරසේකරගේ දැසට කඳුළු නැගිනි....

නැ නැ මුකුත් වෙන්නේ නැ...අපි නර්ස් කෙනෙක් තිබ්බණේ...තාම සිහියත් නැනේ...සිහිය ආපු ගමන් අපි එමුකෝ බලන්න....

දොස්තර කෙනෙකු වූවත් මෙවන් අවස්ථාවකට මුහුණ දීමට තරම් තම වෘතීය ජීවිතයේ අත්දැකීම් නොතිබුණ කාවිංගගේ සිත මුලින්ම සැදීය යුතු බව දොස්තර මහේන්ද්‍ර තේරුම් ගත්තේය...එමනිසා කාවිංගගේ අතින් අල්ලාගෙනම තමන්ගේ කාමරයට ගිය වෛද්‍යවරයා හෙදියටත් තමා සමගම රැ‍ඳෙන්නට පවසා දොර වැසුයේ දැනටමත් වුණ දේ පිළිඹඳව අනිත් අය විමසිලිමත් වීමට පටන්ගෙන ඇති බව වැටහුණු නිසාවෙනි....
වතුර වීදුරුවක් පුරවා කාවිංග ඉදිරියෙන් තැබු දොසතර මහේන්ද්‍ර කාවිංගම කතාව පටන්ගන්නා තුරු බලා සිටියේය...

එක හුස්මට වතුර වීදුරව හිස් කළ කාවිංග සෙමින් කතාවට මුලපිරුවේය........

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
"මන් එතකොට කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේ....අපි එක්සිබිශන් එකක් කළා ලොකුවට...ඒකට වෙන කැම්පස් වල අයටත් ස්ටෝල්ස් දුන්නා.....නවෝද්‍යා එතකොට රුහුණු කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ....ඒකෙදි තමා මුලින්ම මට එයාව හම්බුණේ...."

"එයාට කලින් මන් ගැණුළමයි 3දෙනෙක් ආස්‍රය කරලා තිබුණා...එක්කෙනෙක් ඉස්කෝලේ කාලේ...අනිත් එක්කෙනා කැම්පස් ආපු අළුතම වගේ...මගේ ජීවිතේට ගොඩක් බලපැමක් වෙච්ච අෆෙයා එක පටන්ගත්තේ ඊට පස්සේ....ඒත් එයා මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ හිටියේ..."

"උදේ පටන්ගත්ත මොහොතේ ඉඳන් රැ නිදාගන්න මොහොත දක්වාම එයා සම්භන්දවයි හැමදේම සිද්ධ වුණේ.... මට කලින් එයා කිහිපදෙනෙක්ම ඇසුරු කරලා තිබුණා... ඒ හැමදේම අතහරිනවා කියන පොරොන්දුව පිටයි එයා මගේ ලඟ හිටියේ....අපි මානසිකව විතරක් නෙමේ ශාරීරිකවත් ගොඩක් ලඟින් ඇසුරු කළා... පළවෙනි පාරට කෙල්ලෙක්ට ශාරීරිකව ලං වුනේ එයාට.. ඒ නිසා මගේ හිතට ඒක ගොඩක්ම බලපාන්න ඇති. මට එහෙම වුණාට එයාට එහෙම නැ. ඇත්තටම මන් එයාට ගොඩාක් ආදරේ කළා....එයත් එහෙමයි...පස්සේ පස්සේ එයා වෙනස් වුණා. පරණ සම්බන්ධකම් ආයෙමත් පටන් අරන් තිබුණා....යාළුවෝ මට කීවට විස්වාස කළේ නැ.... ගෙවල් වලින් ප්‍රශ්න ආවා.. අතහරින්නේ නැමයි කියලා හිටියේ... ඒත් ඒ ප්‍රශ්නයි එයාගේ හැසිරීමයි නිසා ඒ සම්බන්දේ නවත්තන තැනට ආවා.... අන්තිමේදි ඒ සම්බන්දේ නැවැත්තුවා... මන් ස්ටඩීස් සේරම අතහැරලා දාලා වගේ හිටියේ.. යාළුවෝ ගෙදර අය නිසා යතා තත්වෙට ආවත් ආදරේ කියන අඩුව ජීවිතේ තිබුණා."

"හැම වෙලේම එයාව මතක් වුණා... මොකද මගේ ජීවිතේ හැම පුංචිම දේකටම එයාව සම්බන්දයි. එහෙම ඉන්දෙද්දියි ඒ එක්සිබිශන් එක තිබුණේ....."

"නවෝද්‍යාව මට හම්බුණේ ඒකෙදි අහම්බයකින්...."

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

Wednesday, April 4, 2012

සිතුවිලි අතර...........(3 කොටස)

කාවිංග..........මානසික වෛද්‍යවරයෙකු වී කරාපිටිය මහ රෝහලේ වැඩ බාරගනී.....
නවෝද්‍යා......ඇය එහි නේවාසිකව ප්‍රතිකාර ගනී....

 මේ ඔවුන් දෙදෙනාගේ කතාවයි....

පෙර කොටස් සඳහා....සිතුවිලි අතර.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මීට අවුරුදු 3කට පෙර අතීතයේ එක් දිනයක ඔහුත් ඇයත් නිතර හමු වුණ ඒ පුංවි කාමරය තුළදී තමා ඇයව අවසන් වරට හමුවී වෙන් වූ අයුරු ඔහුගේ ඉදිරියේ සිත්තමක්ව ඇඳී ගියේ මතකය නැවත අළුත් කරමිනි....

ඇයගේ ඒ අහිංසක ඉල්ලීම ඉටුකරන්න තමාට කොතරම් අපහසු වූවාද වග මතක් වුයේ ඔහුගේ දැසට කඳුළු නංවමිනි....ඒ සියල්ල දරාගෙන තමා සමගින් බස් නැවතුම ලඟට ආ ඇය, 

එහෙනම් සුදු මැණික දැන් ඉඳන් මන් ඔයාගේ ජීවිතේට අයිති නැ....පරිස්සමින් ජීවත් වෙන්න....ඔයාගේ හොඳ ගතිගුණ ඒ විදියටම තියාගෙන හැමදාම හිනාවෙලා ඉන්න......වෙලාවට කන්න....කඩ කැම කන එක දැන්වත් ටිකක් අඩු කරන්න.....” 

මේ සියල්ල පවසා තමා දිහා බලා සිටියේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.....ඒ වුවත් ඒ වදන් වලට තමාට පිළිතුරු සපයාගත නොහැකිව මුව ගොළු වී තිබූ අයුරින් මේ මොහෙතෙදිද තම මුව ගොළුවි ඇති බව ඔහුට වැටහුණි.......

වෙනදා ඇයව බසයට නග්ගන්නට පෙර නලලට දෙන හාදුව, අවසන් මොහොතේ ඇය තමාට දී දුවගොස් බසයේ එල්ලුන අයුරු මතක් වී දෙනෙතින් ගලන කඳුලැලි නැවත අළුත් වූයේ ඔහුටත් නොදැනීය.....

එදා වෙන්වුවාට පසු අද මේ මොහොතෙදී ඇය අද අහම්බෙන් මුණ ගැසෙනතුරු තොරතුරක් සොයාගන්නට තමා කොතරම් මහන්සි වූවත් ඇය තොරතුරු ලබා ගැනීමට තිබු හැම මාර්ගයක්ම වසා දමා තිබුණි........අද මෙලෙසින් ඇයව දකින්නට තමා කෙතරම් පවු කර ඇත්දැයි ඔහුට සිතුණි.
එදා නැවතුන ජීවිතය වෘතීමය අතින් ඉදිරියටම ඇවිත් තිබුණත් ආධ්‍යාත්මිකව එදා නැවතුණ තැනම බව ඔහු අද වටහා ගත්තේය.

 “ඩොක්ට..... ඩොක්ට කාවිංග.....ඇයි මේ ඇස් වල කඳුළු....ඩොක්ට මෙයාව අඳුනනවද.....

වදනක් නොදෙඩු ඔහු, සෙමින් ඇඳ අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි...
තම අහිංසකාවිය නිදි බව වැටහුණත් ඇයගේ සවනතට මුව තැබූ ඔහු,

සුදු මැණික........

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

නින්දේදී වුවත් තම හදවතටම බද්ධ වු ඒ කටහඩ තමා ළගින් ඇසෙද්දී වෙනදා මෙන් සිහියක් දකින බව සිතා ඇය සිනාසුනාය.....

ඇස් ඇරලා බලන්න වස්තු....ඔයාගේ මහත්තයා ඔයා ලඟ

ගැස්සී මෙන් ඇස් ඇරිය ඇය තවමත් අදහා ගත නොහී ඔහු දෙස බලා සිටියේ තමා දකින්නේ සිහිනයක් යැයි සිතාය....

මගේ පණ, හීනෙන් ආවට ඔයා මගේ ලඟ හැබැහින් නැනේ වස්තු.....ඒත් හීනෙන් හරි ඉන්නවනේ....ඔන්න ඇහැරවන්නෙපා අයේ....අපි දෙන්නා ගංගාරාමේ පාර්ක් එකේ ඇවිදිනවා වාඩිවෙන්න තැනක් හොය හොය.....හි හි හි.....

නැවතත් දැස පියා ගත් අහිංසකාවිය සිහින අතර සැරි සරන්නට විය.....
තවත් ඉවසාගත නොහැකි වු ඔහුට ඇඬුනේ ඉකියකුත් සමගය.....ඇය නැවත ගැස්සී ඇහැරුණේ ඔහුගේ ඇඬුම් හඬටය.....

මහත්තයෝ......ඇත්තටම ඔයා මගේ ලඟ ඉන්නවද......ඇයි මේ අඬන්නේ.....කෝ කෝ කඳුළු පිහගන්න....
ඇය තවමත් සිතන්නේ තමා සිහිනයක් දකින බවයි......

ඇයව දැතින්ම පපුවට තුරුළුකරගත් ඔහු හඬන්නට ගත්තේ මිසිස් වීරසේකරද පුදුමයට පත් කරමිනි....

මට සමාවෙන්න මගේ මැණික....මට සමාවෙන්න.....අනේ මන් ඒ හැමදේම කළේ ඔයාට අළුත් හොඳ ජීවිතයක් ලැබෙන්න හිතාගෙන....ඒත් වෙලා තියෙන්නේ මොකද්ද දෙයියනේ.....මගේ අහිංසක කෙල්ල......මන් මහා පවුකාරයෙක්.....

මෙතෙක් මතකයන් අතර සැරිසරමින් සිටි නවෝද්‍යාට ඔහුගේ පපුවෙන් සැබැවින්ම දැනුණ උණුහුමත්, තම හිසට වැටුණ ඔහුගේ කඳුළුත්, සැබැවින්ම දැනෙන ඔහුගේ ස්පර්ශයත් හේතුවෙන් පියවි සිහිය ලැබෙන්නට විය.....

එකවරම ඔහුව පසකට තල්ලු කර නැගී සිටියේ කාවිංගත් පුදුමයට පත්ව සිටි මිසිස් වීරසේකරත් තවත් පුදුම කරවිමිනි....

මහත්තයෝ ඔ..ඔ..යා....මේ ඇත්තක් වෙන්නේ කොහොමද.....?  අනිත් දෙදෙනාට හිතාගන්නවත් නොහැකි මොහොතක ඇය කලන්තේ දා ඇදගෙන වැටුණාය......

ඉක්මණට ඩොක්ට මහේන්ද්‍රට එන්න කියන්න.....මිස් වතුර ටිකක් ගේන්න.....කියමින් කාවිංග නවෝද්‍යාට වැටෙන්නට නොදී අල්ලා ගැනීමට ඇය වෙත පැන්නත් ඔහු ප්‍රමාද වැඩි විය....ඇය ඇඳ අසල මහ හඬක් නංවමින් ඇදගෙන වැටුණාය......මේ අවස්ථාවේ බරපතලකම දැන සිටි ප්‍රධාන හෙදිය වූ මිසිස් වීරසේකර ඉක්මණින්ම දොස්තර මහේන්ද්‍රව කැඳවූවාය.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මානසික රෝගියෙක්ට කම්පණයක් ඇතිවුවිට ප්‍රකෘති තත්වයට පත්වීමට ඉඩ තිබෙනවා මෙන්ම ඒ තත්වය බරපතල වීමටද පුළුවන.....
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....