දහවලද ඉක්මයමින් පවතී.අර්චනා තවමත් දිවා ආහාරය ගැනීමට සිතුවේ නැත.ඇයට කෑමද එපා වී ඇත. එහෙයින් ඇය දිවා ආහාරය පන්සල ඉදිරිපිට වූ සිගන්නාට දුන්නාය.මේ අතර අනුහස්ගේ ජංගම දුරකතනයට ලැබුන ඇමතුමක් නිසා ඔහු බොහෝ කලබලයට පත්විය.
"පුතා, අම්මා කතා කරන්නේ. සුදු දුව ඉන්නවද?"
"ආ...... ආ ඔව් අම්මා, ඇයි? "
"චුට්ටක් කතා කරන්න"
"ඒ..එයා කන්න ගියානේ මධුත් එක්ක."
"ඇත්තද? එහෙමන් ඔයා එනකොට ඒ දරුවවත් එක්කරන් එන්න ඕන හරිද. තනියම එහෙම එවන්න එපා. පාර තොට දන්නෙත් නැනේ හරියට.තනියම එහෙම එවනවා නෙමේ."
"හා අම්මා...මන් තියන්නද?"
"හා හා මතකනේ"
"ඔව් ඔව් අම්මා"
අනුහස්ට තමන් දැන් කුමක් කරන්නදෝ කියා සිතාගත නොහැක. එසේනම් ඇය ගෙදර ගොස් නැත. කොහෙද ගියේ....කොහේ කියල හොයන්නද.....?තමන් කල වැරැද්දේ බරපතලකම ඔහුට තේරුනේ දැනුයි. එත් සමගම පැමිණි තවත් දුරකථන ඇමතුමක් නිසා ඔහුගේ කනස්සල්ල තවත් වැඩිවුනි....
"පුතා තාත්තා...හවසට එනකොට දුවවත් අරන් එන්න හොදද...තනියම එහෙම එවනවා නෙමේ. අනික ඔයා ඒ දරුවට වැඩිය වැඩ දෙන්න ලෑස්තිවෙන්න එපා..තේරුනානේ...ඒක කියන්න කතා කලේ."
තමන්ට වචනයක්වත් කියන්න ඉඩ නොතබා තාත්තා ඇමතුම විසන්ධි කල බව අනුහස්ට සිතුනි.
"දැන් මොකද කරන්නේ" අනුහස් තමාගෙන්ම ඇහුවේ වෙන අහන්න කවුරුවත් ලගක නොසිටි නිසාවෙනි. "මධුමාලිටවත් කියල ගියාද දන්නේ නෑ" එසේ සිතු ඔහු යලි දුරකථන ඇමතුමක් ගෙන මධුමාලිට තම කාමරයට කතා කළේය.
"සර් මට කතා කලේ...?"
"මධු..ඉදගන්න"
"ඇයි සර්...මොකක් හරි ප්රශ්නයක්ද?" ඇය ඇසුවේ ඔහුගේ මුහුණේ වූ කනස්සලු ස්වභාවය නිසාය.
"ඔව් මධු මට උදවුවක් කරන්න. ඔයාට අර අද උදේ අපු ගර්ල් කීවද එයා කොහෙද යන්නේ කියල"
"නෑ සර්....ඇයි එයා තාම ගෙදර ගිහින් නැද්ද?"
"එකනේ...අම්මයි තාත්තයි දෙන්නම කෝල් කරලා කිව එනකොට එයාව එක්කරන් එන්න කියල.අම්මගෙන් ෂේප් උනත් තත්තගේන්නම් බැරිවෙයි.අනික එයා මෙහෙ පාරවල් දන්නෙත් නෑ. කොහේ ගියාද දන්නේ නෑ....අයියෝ....."
එසේ කියමින් ඔහු ඔලුව දෑත මත්තේ රදවා ගත්තේ තමාගෙන් වුණ වැරැද්දේ බරපතලකම තව තවත් තේරුණ හෙයිනි.
"ආ....සර්, ඒ ගර්ල් මට කීවා දැන්ම ගෙදර යන්න බෑ...ටික වෙලාවක් ඉන්න මේ හරියේ පුස්තකාලයක් හරි පන්සලක් හරි තියනවද කියල....මන් ඉතින් එයාට අභිනවාරාමය ගැන කිව්වා..එයා එහාට ගියාද දන්නේ නෑ."
"ඇත්තටම ඔයාට එහෙම කීවද.....අනේ මධු, මාත් එක්ක චුට්ටක් බලන්න එන්න පුලුවන්ද.....ප්ලීස්....."
"ඕක මොකද්ද සර්...යන් මන් එන්නම්..."
මධු එසේ පැවසුවේ යටිහිතෙන් ඔහුට බනිමිණි....."ඒ කෙල්ලට රිද්දුවා...දැන් මෙයාටමයි විදවන්න වෙලා තියෙන්නේ...හොද වැඩේ හිත එක්ක සෙල්ලම් කරනවට...."
මධුමාලි හා අනුහස් අභිනවාරාමයට යන්නට අනුහස්ගේ කාරයට නැග්ගේ, අර්චනා එතන නොසිටියොත් කුමක් කරන්නද යන සිතුවිල්ලත් සමගය. අනුහස් සිටියේ දෙලොවක් අතරය.මධු ටික වෙලාවක් අනුහස් දෙස බල සිටියාය. "අර්චනා කියන්නේ නිකන්ම නිකම් කෙල්ලේ නෙමේ කියලයි මට හිතෙන්නේ...සර් නැත්නම් මේ තරම් කලබල වෙන්නේ නෑ කිසිම දෙකට."ඇගේ යටි හිත මිමිණුවාය.ඒ සිතුවිත් සමග උන් මධුට ඔවුන් පන්සට ඉදිරිපිටට පැමිණි වග පෙනුනි. වහනය වාසල් දොරටුව අසල නතර කර ආයාචනාත්මක දෑසින් මධු දෙස බැලු අනුහස්, "මධු පොඩ්ඩක් ඇතුලට ගිහින් බලනවද එයා ඉන්නවද කියල..මට ඇතුලට එන්න බෑ."
තම ආයතන ප්රධානියා දෙස මොහොතක් විස්මයනුකුල දෑසින් බල උන් මධුමලිට ඔහුගේ මේ වෙනස තේරුම ගත නොහැකි විය. නමුදු ඔහු කි දෙය පිළිගත් ඇය තනිවම ආරාමය තුළට ගියාය......
පන්සල තුළට ගිය මධුමාලිට අර්චනා මුණ ගැසෙවිද........ඉතිරිය ලබන සතියේ....
ඔය ලබන සතිය ටිකක් ලගට ගේන්න බැරිද :\
ReplyDeleteබලමු මල්ලි...වැඩ ගොඩයිනෙ...ඔයානේ මගේ මේ කතාව ලියන්න මාව උනන්දු කරන්නේ....එකට තැන්කු හොදේ....
ReplyDeleteකියවා බැලීමී..සටහන් තැබීමී...
ReplyDeleteතැන්කු මාරයියේ....
ReplyDeleteබලමු එයා තාම පන්සලේ ඉන්නවාද කියලා?
ReplyDeleteපන්සලේ ඔච්චර වෙලා ගැහැණු දැරිවියක් තියාගන්නෙ නෑ අනේ... ඉක්මනට ඉතිරි ටික දාන්න... :)
ReplyDeleteහැමෝටම මාර හදිස්සිනේ....
ReplyDeleteදැන් තමා කතාවේ කුතුහලය කියන එක ආවේ
ReplyDeleteඒ මොකද්ද ඩිලන් අයියේ.....එහෙම එකක් අවේ ඇයි.....:P
ReplyDeleteඉතුරු ටික ඉක්මනට ඕනේ
ReplyDeleteහරි ඉක්මනට දාන්නම්
ReplyDelete