Thursday, April 7, 2011

නොබිදුන පැතුමන්.............3 කොටස

ආනන්ද මාමා සමග පැමිණි අර්චනා තනිවම විසල් ගොඩනැගිල්ල තුලට ඇතුළු වුයේ මහත් වූ චකිතයකිනි.ඇතුළුවන ස්ථානයේ සිටි පිළිගැනීමේ නිලධාරිනිය ඇයට "ආයුබෝවන්" කියා සුබපැතුවාය. චන්චලත්වයෙන් පැමිණි ඇයට එකපාර පෙරලා  සුබපතිමට අමතක විය. නමුදු සැනෙන් තම අතපසුවිම මගහරවගත් ඇය පෙරලා සුබපැතුවාය.
"මට මිස් මධුමලිව මීට් වෙන්න ඕන.කරුණාකරලා කියනවද එයා කොහෙද ඉන්නේ කියලා"
"පොඩ්ඩක් ඉන්න මිස්. මන් එයාගෙන් අහල කියන්නම්" පවසමින් ඇය දුරකතනයෙන් කාටදෝ ඇමතුමක් ගත්තාය. 
"මිස් ගේ නම කියන්න" ඇය දුකතනයට පිළිතුරු දෙමින් අර්චනගෙන් විමසුවාය. 
"අර්චනා සංකල්පනී වීරසුරිය"
තවමත් මධුමාලි පැමිණ නැත්ද. නැතහොත අනුහස් තමාගේ පැමිණීම ඇයට දැනුම් දී නැතුවද යන ප්‍රශ්න අගේ සිතේ ඇති වී නැතිවී ගියාය. 
"මිස් අර්චනා....මිස් මධුමාලි මිස් එනකම් එයාගේ රුම් එකේ ඉන්නවා."නිලධාරිනියගේ හැදින් නැගුනු සිතුවිලි වලින් අත්වූ අර්චනා ඇයට ස්තුති කළාය.
"මට කියනවද මිස් මධුමලිගේ රුම් එක කොහෙද තියෙන්නේ කියලා." 
"දෙවෙනි තට්ටුවේ වම පැත්තේ දෙවැනි කාමරය"
නැවතත් නිලධාරිනියට ස්තුති කල ඇය මධුමාලිගේ කාමරය සොයා දෙවන තට්ටුවට ගියාය.කාමරය සොයාගත් ඇය එහි දොරට තට්ටු කල විට එහි වූ කාන්තාවක් ඇයට ඇතුලට කතා කළාය.
"ඇයි"
"මිස් මම අර්චනා. මිස්ටර් අනුහස් ලියුමක් දුන්නා මිස්ට දෙන්න කියලා."
" දෙන්න." 
ඇය කවරය දිග හැර එහි වූ ලියුම එලියට ගත්තාය. එය දිග හැර දෙපැත්තම පෙරලා බැලුවාය. 
"කවුරු කිවා ඔයාට මේකේ දුන්නේ" ඇය අර්චනගෙන් විමසුවේ කෝපයෙනි.
"මේ කොම්පැනි එකේ අයිතිකාර අනුහස් මානවඩු තමයි දුන්නේ මිස් මධුමාලිට දෙන්න කියල ලියුම.මේක බලල එයා මට කරන්න ඕන දේ කියයි කිවා.ඇයි මිස් ?" 
"මේක හිස් කොලයක්නේ"
"හරි ඔයා මෙහෙ අවේ ඇයි "
"රස්සාවක් දෙනවා කිවා මිස්" අසරණ හැගුම් සිත පෙලද්දී වචන පිට වුයේ ඇයටත් නැසෙන හඩිනි. දසට කඳුළු පිරෙනු මධුමලිද බල උන්නාය. අර්චනා වේගයෙන් දෑස් පිය සැලුවේ කඳුළු දැන් දැන් බිම වැටේදෝ බියෙනි.  
"හරි පොඩ්ඩක් ඉන්න මන් සර් ගෙන් අහල බලන්නම්." පවසමින් මධුමාලි දුරකථනය ගෙන අංක කිහිපයක් ඔබා රිසිවරය ලං කර ගත්තාය.  
"හෙලෝ සර්....මධු කතා කරන්නේ. සර් කාට හරි මට දෙන්න කියල ලියුමක් දුන්නද ජොබ් එකක් සම්බන්ධව"  . 
"ඇත්තද සර්. නෑ ලේඩි කෙනෙක් ඇවිත් අර්චනා කියල.මට ලියුම් කවරයක් දුන්න. එකේ මුකුත් නෑ. වුනාට මගේ නම ගහලත් තිබුණා...."
හා සර්. ........හරි සර්...." මධුමලිගේ මුහුණ වෙනස් වන අයුරු දැක එහා පැත්තෙන් කියන දේ නොඇසුනත් ඇයගේ සිතට අවිනිශ්චිත බවක් දැනුනි. 
"තියන්නම් සර්" කියමින් ඇය දුරකථනය තැබුවාය.
"සොරි මිස්.....අපේ සර් කාටවත් එහෙම ලියුමක් දුන්නේ නැලු....." මධුමාලි එසේ කියත්ම මෙතෙක් වෙලා හිර කරගෙන සිටි කදුළු කැට එකවර අර්චනගේ නෙතින් කඩා වැටුණි.  
"සමහර විට මිස්ට කවුරු හරි විහිළුවක් කරන්න ඇති..."
විහිළුවක්.....ඔවු එහෙනම් ඔහු..අනුහස් තමාට ලොකු විහිළුවක් කර ඇත....තමාගේ දුප්පත් කම...අසරණ කම...ඔහුට විහුළුවක් වී ඇති බව නම් ඇයට දැන් පැහැදිලිය. අර්චනා මධුමාලි දෙස කදුළු පිරි දෑසින් බැලුවාය. ඉතින් තම දැන් ආපසු ගෙදර යන්නේ කොහොමද....නැන්දටයි මාමටයි කියන්නේ මොනවද...දහසක් සිතුවිලි ඇය වටකර ගත මොහොතේ,
 "මට මිස් ගේ සි.වී එකක් දීල යන්නකෝ....වෙකන්ට් එකක් අවොත් මන් දන්වන්නම්....".
තමාගේම වයසේ උන් මේ යුවතියගේ දුක මධුමාලිටද හොද හැටි දැනුනි..අර්චනා තමා ලග ඇති ජීව දත්ත එකතුව මදුමාලිට දුන්නාය....තමා දැන් අපහු ගෙදර ගියහොත් නැන්දගේ දහසක් ප්රශ්න වලට මුහුණ දීමට සිදු වේ. එවිට ඔහු බැනුම් අසනු ඇත. නමුත් ඔහුට බැනුම් අස්සවන්නට තම සිත එකග නැති බව අර්චනා දනී. නමුත ඇය කොහි නම් යන්නද.....






7 comments:

  1. හැකිනම් මේ ටෙක්ස්ට් වලට යටින් තියෙන සුදු පාට අයින් කරනවනම් හොඳයි. කියවන්න අපහසුයි. ඇස් රිදෙන්න ගන්නවා.
    කතාව නම් හොඳයි.

    ReplyDelete
  2. මෙතන මොකක් හරි දෙයක් තියනවා.... මාර පොරක්නේ.... බලමුකෝ... ඉතිරි ටිකක් දාන්නකො බලන්න....

    ReplyDelete
  3. ඔන්න පලවෙනි කමෙන්ට් එක,3න් කොටස වෙනකන් ගමන හොදට ගිහින් තියනවා,,,වැරැද්දක් නෑ කියන්න,,,ඔහොම යමුකෝ

    ReplyDelete
  4. හැමෝටම ස්තුති....පොටකටනම් ඇවිත් තමා මාරයියේ.....
    ප්‍රියන්ත අයියේ text යටින් සුදු පාට නැනේ...කලුපාටනේ තියෙන්නේ.....
    හ්ම්.....මොකක් හරි තියනවා තමා නවී අයියේ.....බලමුකෝ.....
    තැනක් වෙනුර අය්යේ ..........

    ReplyDelete
  5. හ්ම්ම්ම්, එන පොට නම් හොද නෑ වගේ :D

    ReplyDelete
  6. එක තමා මල්ලි...එන පොට නම් හොද නෑ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....