Tuesday, April 5, 2011

සදාකාලික නොවූ ප්‍රේමය ............

සදාකාලික නොවූ ඒ දෙය
සදාකාලික කරගන්නට
අනේ මන් උත්සහ කලත්
නැත උදවුවක් එයට ඔබෙන් ...........
නෙතු අගින් ගිලිහෙන 

කඳුළු බිඳු වල රැඳුන
වේදනාවේ මහිමය 
කවදා තේරුම් ගනිවිදෝ ඔබ............
පැවසුවත් ආදරෙයි කියා
දන්නවද නුබ......
නුබටත් හොරෙන් නුඹේ ආදරේ 
මගෙන් ඇත වී යන වග....
නොතේරුණත් එය ඔබට
දැනෙයි හැම මොහොතකදීම මට
ඒ .....
ඔබ මට වඩා
මම ඔබට පෙම් කරන නිසා.....................

4 comments:

  1. ගිලිහී යන්නට සැරසෙන ප්‍රේමය..
    අල්වා නවතනු නොහැක ඉතින්..
    ගිලිහී යන්නට ඉඩදෙනු මැන ඔබ..
    අහිමි දෙයක් හිමි නොවන බැවින්..

    ReplyDelete
  2. මේ කවිය කියෙව්වාම ගොඩාක් දේවල් හිතට එනවා කියන්න. ඒත් ඒ ඔක්කොම කියන්න ගියොත් මෙතන වෙනම බ්ලොග් පොස්ට් එකක් වෙනවා. ඒ නිසා කෙටියෙන් ස‍රලව එක පුංචි දෙයක් විත‍රක් කියන්නම්.
    ආදරේ කියන්නෙ එක්තරා ආකාරයක ආත්මාර්ථකාමීබවක් නංගී.

    ReplyDelete
  3. @මාරයාගේ හෝරාව- අහිමි වබ වටහා ගත හැක මට
    ගිලිහෙන්නටද ඉඩ දී ඇත මා
    නමුදු මගේ මේ මෝඩ හිත
    තවම හොයන්නේ ඒ ආදරයයි......

    ReplyDelete
  4. @අනුරාධ- වෙන්න ඇති අය්යේ.....මොනා කරන්නද..

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....