Thursday, August 25, 2011

ඔබ සැමට පින් ...........


ඉතින් මන් මේ අද කියන්න යන්නෙ සයිබරයෙ අපි එකතුවෙලා කරපු පුන්චි පින්කමක් ගැන...මේ වෙනකොට ඔයලා හැමොම ඒක දන්නවනේ...ඒකට හැමොම දයකත්වයත් දුන්නා....ඒ හැමෝටම ගොඩක් පින්....

මන් දැන් කියන්නම් මේ වැඩේ පටන් ගත්තේ කොහොමද කියල...ඇත්තටම මේ අදහස මට මුලින්ම ඇති වුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ වගේම මේ නිසා මන් ලොකු අත්දැකීමකුත් ගත්ත.තනියම දානයක් දෙන්න තරම් මට තාම වත්කමක් නැති නිසා ,මාත් එක්ක එකට බස් පදින,බ්ලොග් ලියන අපේ යාලුවොන්වත් මේකට සම්බන්ධ කර ගන්න මන් හිතුවා.මේ වෙනකොට අපි අතරින් අකාලයේ වියෝ වුණ දිලුම් නොහොත් ඉලංදාරියා  අයියගේ තුන් මාසේ දානෙට මාස ඒක හමාරක් වගේ තිබුණා.මන් මුලින්ම දානයක් දෙමු කිවේ ළහිරුට."අදහස හොදයි...කට්ටිය කොහොම කියයිද දන්නේ නෑ මැණික..ප්‍රශ්නත් එන්න පුළුවන්..ඔයාට ආසා නම් පටන් ගන්න...මන් උදවු කරන්නම්" කියල මට එකට දිරිය දුන්නා....

ඊට පස්සේ මන් මේ අදහස මුලින්ම කිවේ නචිය අයියට......

me: api danayak demuko
 nachipu: ඒ කිව්වෙ

me: api kattiya ekathuwela hoda thanakata danayak demu kiyala
 nachipu: ෆුල් සපෝර්ට් එක දෙනවා
හොද වැඩක්
  කට්ටියට කියලා සෙට් කරමු

ඒ අවස්ථාවේ ඔන්ලයින් හිටි වැඩිහිටි සහෝදර සහෝදරියන් ලෙස රන්දිකා අක්කා නොහොත් බස් මව, තන්ජා අක්කා, නචියා අයියා සහ මම එකතුවෙලා ගෘප් චැට් එකකින් මේ ගැන විස්තර කතා කරා. එහෙම කරලා අපි බස් එකක් දැන්ම මේ ගැන කියල.....


අදහස් යෝජනා ගොඩක් ආවා. ඇත්තටම මුලින්ම අපි කතා වුනේ ගොළු බිහිරි අනාථ නිවාසෙකට දානයක් දෙන්න.ඒ වගේ තැන් වගයකට ගිහින් විස්තර හොයල බලන්න චාපා නොහොත් ශානිකා අක්කා, තනොජා අක්කා,සිරි කොලුවා හා දඟයා අයියා  සම්බන්ධ වුණා....ඉතින් ඔය හතර දෙනාටත් ගොඩක් පින්  

නමුත් ඒ වැඩේ හරි ගියේ නෑ..තව තැන කිහිපයක් ගැනම යෝජනා ආවා. නමුත් ඒ තැන වලට ගිහින් එතනින් විස්තර අහන්න ඒ අහල පහල ඉන්න අපේ යාලුවන්ගෙන් ඉල්ලා සිටියත් සමහරු කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ....නමුත් අපි උත්සාහය ඇත නොහැර ඒ තැන වලට ගියා. ඒ ගියේ නචියා අයියා සහ සිහින මල්ලි.නමුත් ඒ තැන වලින් හොද ප්‍රතිචාර නොලැබුන නිසා අතහැර දමනු ලැබුවා.....අන්තිමට රත්මලානේ ගොළු බිහිරි පාසැල ගැන කතා කරමින් ඉන්න කොට පසන්  අයියා ඇවිත් හොද විසදුමක් දුන්නා කරන්න ඕන මොකද්ද කියල.ඒ මහරගම පිළිකා රෝහලට තැඹිලි ගෙඩි ටිකක් අරන් දීල ඒ අසරණ පුංචි අය එක්ක ටිකක් ඉදල එන්න කියන ඒක....ඒ යෝජනාව ස්ථිර වුණා....ඔබ ලබා දුන් ඒ යෝජනාව ඔස්සේ මෙතෙක් දුර පැමිණෙන්න ලැබීම ගැන පසන් අයියේ ඔයාට ගොඩක් පින්

නමුත් එතනින් පස්සේ මේ කාර්ය සඳහා ලැබුන සහයෝගය ගැනනම් මට ඇත්තටම හරි දුකක් හිතුණා... ඒ වගේම කලකිරීමකුත්....මොකද පිළිකා රෝහලට ගිහින් මේ ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්න කාටවත් බැරි වුණා. මුලින්ම ශානිකා අක්කා එයාගේ යාලු අක්කා කෙනෙක්ට කෝල් කරලා විස්තර ඇහුවා. එතැනදී කියවුනේ ඩිරෙක්ටර් හමුවෙලා මේ ගැන කතා කරන්න ඕන කියල....ඒ ගමන යන්න ශානිකා අක්කා හා ඇයගේ මව ලෑස්ති වුනත් වැඩක් වුනේ නෑ..මොකද සති අන්තයේ ඔහු එතන නොමැති බව දැනගන්න ලැබුන නිසා...ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි අක්කේ.ඊට පස්සේ ශානිකා අක්කා හසී අක්කා එක්ක යන්න තීරණය කළා....ඒ හැම අවස්ථාවේදීම කුමක් හෝ හේතුවක් නිසා ගමන යන්න බැරි වුණා.ඇත්තටම කියනවා නම් අපිට ඒ අවස්ථාවේදී අපේම කියල හිතන් හිටපු, ඕන උදවුවක් දෙන්නම් කියල කියපු අයගෙන් ලැබුන සහය නම් අන්තිමයි. ඒක එහෙම වුනේ ඇයි කියන්න මට නම් හිතා ගන්න බැ...ඒ බස් කලාවට බ්ලොග් කලාවට අලුතින් අපු අය විදියට මේ වගේ වැඩක් කරන්න අත ගහපු නිසාද කියන සැකෙත් මගේ හිතේ තියනවා...මොනවා කොහොම වුනත් ඒ අවස්ථාවේදී නම් ඇත්තටම හරිම කණගාටුවක් දනුවේ.මට විතරක් නෙමේ අපි හැමෝටම. 

(සංවිධායක මණ්ඩලය කියල ඔයාල නම් කරාට අපිට එහෙම මණ්ඩලයක් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ...ඕන වුනේ ඔයාලගේ උදවුව විතරයි...අපි ඔයාලගෙන් උදවු ඉල්ලපු කිසිම තැනක ...එවපු කිසිම මෙල්ලුවක සංවිධායක මණ්ඩලය කියල ලේබල් ගැහුවේ නෑ....අපිට ඇත්තටම කට්ටිය උදවු කරනම් ඒ වෙලාවේදී ඒ ඔහුගේ /ඇයගේ නමුත් දානවා ඒ හැම තැනදීම.එතැනදී මගේ නම වැටුනේ මන් කරපු යෝජනාවක් නිසා.නචියා අයියගේ හා සිහින මල්ලිගේ නම වැටුනේ ආධාර එකතු කරන්න හදපු බැංකු ගිණුම ආරම්භ කලේ ඔවුන් දෙදෙනා නිසා...එතකොට තනොජ අක්කගේ නම දැන්මේ හැම දේකදිම අම්මා කෙනෙක් වගේ අවවාද දීල බැනල අපිට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් නිසා)  

කොහොම හරි දවස් ගෙවිල දානෙට තිබුනේ සති දෙකයි....ඒ වෙනකොට මන් වැඩ කරන තැන නිවාඩු ලැබුන නිසා අන්තර්ජාලය හා සම්භන්ධ වෙන්න ලැබුනේ නෑ...ඒ වුනත් පුළුවන් හැම වෙලේම නචියා අයියගෙන් හා තනොජ අක්කාගෙන් විස්තර ඇහුවා....ඒ හැම වෙලේම ලැබුණේ නෙගටිවූ උත්තර.
දැන් ඔයාල අහයි ඇයි මට යන්න බැරි වුනේ කියල.ඔව් මට යන්න බැරි වුණා...මොකද මන් ඉන්නේ අම්බලන්ගොඩ...කොළඹ එනවා කියන්නේ දවසක්ම ඒකට යනවා කියන ඒක.ඒ වගේම මට තනියෙන් යන්න විදියක් නැති කම. මන් දන්න දා ඉදන් අපේ ගෙදර මට දාල තිබුණ නීති ගොඩ...අනිත් හේතුව මන් යාපනේ යාම.මේ හැමදේම එක්ක මට ඒ වැඩේට යන්න බැරි වුණා. 
                        
මේ වෙනකොටත් දැනේ ගැන දාපු බස් එකක ඔයාල සංවිධායක මණ්ඩලය කියන අපිට ගොඩක් දේවල් කියල තිබුන...ඒ බස් මට බලන්න බැරි වුනත් ඒ කියපු හැමදේම මන් දැනගත්තා. 

මේ බස් එක කියවල තනොජ අක්ක හොදටම අඩලත් තිබුණා. 

මේ හැම හේතුවක් නිසාම ඇති වුන කලකිරීමත් දුකත් මන් කිවේ ළහිරු එක්ක.පළමු වතාවට මන් එයාගෙන් උදවුවක් ඉල්ලුවා. ඒ තනොජ අක්කත් එක්ක හොස්පිටල් යන්න කියල. එතැනදී එයා මට කිවේ " අම්මි, ඔය වැඩේ පටන් ගන්නකොටම මන් ඕක කිව නේද....හරි මන් යන්නම් තනොජ අක්කත් එක්ක ඒ වැඩේට" කියල.එයා ඊට පස්සේ එයාගේ අක්ක කෙනෙක්ට කතාකරල එකේ වැඩ කරපු විස්තර දැනගෙන පහු වෙනිදාම ඒ වැඩේට ගිහින් කතා කරන් ආවා....ඒ ගමනට හසී අක්කත් සහභාගී වෙලා තිබුණා. 
එතැනදී මන් ඔයාල තුන්දෙනාට, තනොජා අක්කා, හසී අක්කා සහ ළහිරු(අප්පච්චි) ගොඩක් ස්තුතිවන්ත වෙනවා....

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. 
ඒ වෙනකොටත් අපි මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කරලා තිබුණා කටුනායක කොමර්ෂල් බැංකුවේ. ඒ දේ කලේ නචිය අයියා සහ සිහින මල්ලි විසින්. නචියා අයියේ, සිහින මල්ලි ඔයාල දෙන්නටත් ගොඩක් පින් වගේම ස්තුතියි 

ඒ පිළිබඳව අපි බසයක් දැමුවේ මෙසේයි. ඒ රෝහලට ගොස් සියල්ල දැන ගත් පසුවයි. නමුත් ඊට පෙර  තම තමා දන්නා කියන අයට ඉ-මේල් පණිවිඩ මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කළා....ඒ වෙනකොටත් එකතුවෙලා තිබුනේ රුපියල් 1000 ක් පමණයි...නමුත් රෝහලට ගිහින් පැමිණ විස්තර දැන්වූවාට පසු අපිට සීග්‍රයෙන් මුදල් ලැබීමට පටන් ගත්තා කියල ඔයාලට කියන්න කැමතියි. 

මේ අවස්ථාවේදී තනොජ අක්කට ගොඩක් උදව් කළ අපේ තිස්ස අයියේ ඔයාටත්, බෙහෙත් හොයා ගන්න ගොඩක් උදව් කළ චතුරංගනි මධුෂිකා රණසිංහ අක්කටත් (රන්දිකා අක්කගේ නංගි , පිටෲබල්) ගොඩක් පින් වගේම ස්තුතියි. 

හැමදේම අන්තිමට හොදින් වුන කියන්න පුළුවන්. අන්තිමේදී සෙනසුරාදා අපේ සොයුරු සොයුරියන් රෝහලට ගොස් ඒ අවශ්‍ය බෙහෙත් පිලිබඳ විස්තරත් රැගෙන එම බෙහෙත් වර්ග සොයන්න මහත් වෙහෙසක් අරන් තිබුණා.මේ ගමනට ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් දිනිත් අයියා ලොකු උදවුවක් කළා . මේ ගමනට සිහින, තනොජ අක්කා, හසී අක්කා, දිනිත් අයියා සහ ලයන් අයියා සහභාගී වෙලා තිබුණා...සමහර බෙහෙත් වර්ග නොමැතිව මොවුන්ට ඒවා සෙවීමට මහත් වූ කරදර වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඔයාල 5 දෙනාට ගොඩක් ස්තුතියි. 

නමුත් එදින බෙහෙත් වර්ග ගැනීමට නොහැකි  වූ නිසාම ඉරිදා උදයේම...එනම් දානය දෙන දවසේ උදයේම ඒ බෙහෙත් වර්ග ගන්න යන්න නියම කරගෙන ඒ ගමනට සහභාගී වූ අය විසිර ගොස් තිබුණා. ඉතින් ඉරිදා උදේම නැවතත් බෙහෙත් ගෙන එම සඳහා නචියා අයියා,සිහින මල්ලි,ලයන් අයියා සහ දිනිත් කුමාර අයියා ගිහින් තිබුණා.සෙනසුරාද සහ ඉරිදා දවස් දෙකේම මේ සඳහා අපිට ගොඩක් සහයක් දැක්වූ දිනිත් අයියට මන් නැවතත් ස්තුතිවන්ත වෙනවා.  

ඇත්තටම පටන්ගත්ත වැඩේ ගොඩක් සාර්ථකව කෙරුණා කියන්න පුළුවන්..හිත රිදුණා ....ඒ හිත් රිදීම් ඔස්සේ මේ වැඩේ කොහොම හරි කරනවා කියන ශක්තිය අපිට ආවා. අන්තිමේදී අපි හැමෝම එකතු වෙලා ගොඩක් හොදට සාර්ථකව ඒ පටන් ගත්ත වැඩේ නිම කළා.මේ වෙනුවෙන් ලංකාවේ පමණක් නොවේ,පිටරට සිටින අපේ බ්ලොග් ලියන,බස් පදින සහෝදර සහෝදරියෝ ගොඩක් උදවු කරලා තිබුණා.අපි කවදාවත් දැකපු /දැකල නැති, කතා කරපු /කතා කරලා නැති සයිබර් යාළුවොත් අපිට මේ සඳහා උදවු කරලා තිබුණා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාරියක් වෙන නිසාත් එක්කෙනෙකුගේ හෝ නමක් මා අතින් නොලිය වුනොත් හිත් රිදෙන නිසාත්,සාමුහිකව උදව් කරපු ඔයාල හැමෝන්ටම ගොඩක් ගොඩාරියක් පින්...


දානය ගැන අපේ යාළුවන් දැනුවත් කළ බස් ලින්ක් මෙසේයි 

ඒ සඳහා සාදන ලද මුහුනුපොතේ ලින්කුව මෙසේයි 

2011/08/21 වන දින මහරගම පිළිකා රෝහලේදී සිදු වූ සිදුවීම් එක්ක ඊළඟ පොස්ටුවෙන් හමුවෙමු.....

මුදලින් පමණක් නොව වචනෙකින් හරි අපිට උදවු කරපු ඔයාල හැමටම ගොඩාරියක් පින්.

ප.ලි 
(ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතු නිසා ඉහත ආකාරයට පොස්ටුව දැමුවෙමි.....හිත් රිදීමක් වුවහොත් සමාව අයදිමි.....ඔයාල හැමෝම මගේ යාලුවෝ....මන් කරපු යෝජනාවක් ඔස්සේ මෙතරම් දුර එන්න පුළුවන් උනේ ඒ යාළුකම නිසා...ඒකට ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ඉදිරියටත් මාත් සමග යාලුවෝ වගේ ඉදිවී කියන විශ්වාසයෙන් අදට නවතිනවා.)

Friday, August 5, 2011

සමු ගැන්ම ............

ඔන්න මගේ යාලුවනේ මන් ටික දවසකට මේ පැත්තේ නෑවිත් ඉන්නයි යන්නේ.....ටික දවසකට හොදේ.....(කට්ටියනම් සතුටු ඇති නේද.....අනේ මන් විහිලුවට කිවේ...). මන් දන්නවා ඔයාල කොමෙන්ටුවක් දැනමත් නොදැන්මත් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිදලා යන්න එනවයි කියලා....ඉතින් ඔන්න මන් මේ පැත්තේ නාවයි  කියලා...ඔයාලගේ පොස්ට් වලට කමෙන්ට් නොකලයි කියලා තරහ නම් වෙන්න එපා....

මන් මේ සයිබරයේ සැරිසරන්නේ වැඩ කරන ගමන්නේ...මන් වැඩ කරන ඉස්කෝලේ නිවාඩු දෙනවා අද....ඒ කියන්නේ 05. ආයේ පටන් ගන්නේ 22. ඉතින් එතකම් මට නෙට් නෑ....ඒ නිසා පොස්ටුත් නෑ...කොමෙන්ටුත් නෑ......

ඔන්න මන් ගිහින් එනකොට මාව අමතක වෙලා තියෙන්න බෑ....හොඳද.....
හැමෝටම බුදුසරණයි...පරිස්සමින් සතුටින් ඉන්න.....................

Thursday, August 4, 2011

ඔබටමයි.............

හෙට පැවැත්වෙන විභාගයෙන් ඉහලින්ම සමත් වෙන්න, සියලු දෙවි ආශිර්වාදයත් එක්ක මගේ ආශිර්වාදයත් ඔයාට ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා......

ඔයාගෙම සුදු මැණික ...............

Wednesday, August 3, 2011

නොබිදුන පැතුමන්...........13

පෙර කොටස් සඳහා 
නොබිදුන පැතුමන්.........


පසුවදාම අර්චනා මේ සියල්ලම මධුමාලිට පැවසුවේ ඇය හා අනුහස් බිය වූ ආකාරය පවසමිනි. සියල්ලම අවසානයේ මධුමාලිගේ මුවෙන් මනමාල හිනාවක් මතුවිය.
"මොකෝ උඹ හිනාවෙන්නේ"
"මට පෙන්නේ උඹට සිකුරා ලබල වගේ"
"මොකක්"
"දැන් බලහන්කො, මිසිස් මානවඩුයි මිස්ටර් මානවඩුයි උඹට සලකන්නේ එයාලගෙම දරුවෙක්ට වගේ.උඹව පිට යවන්න කැමති නෑ පොඩ්ඩක්වත්....නැද්ද මන් අහන්නේ ?"
"ඔව් ...නැන්දලට ගැණු දරුවෝ නැති නිසා එයාල මට එදා ඉදලම එහෙම තමා...ඉතින්....?"
"ඉතින් උඹ කසාද බැඳලා ගියොත් එයාලට උඹව නැති වෙනවා.උඹව මෙහාට ගෙන්න ඇත්තේ ඔයාවයි අනුහස් සර්වයි යාලු කරන්න වෙන්න ඇති....එකනේ එයාගෙම ඔෆිස් එකට දැන්මේ....නැත්නම් ලොකු සර්ගේ ඔෆිස් එකත් තියෙන්නේ....අනුහස් සර්ව බැන්දොත් උඹ සදහටම එයාල ළඟනේ ...."
මධුමාලි විහිලු නමුත් බැරෑරුම් ස්වරයෙන් අර්චනාට පැවසුවේ ඇය දෙසම බලාගෙනය....ඒනිසා අර්චනාගේ දෑසේ ඇතිවූ දීප්තිය ඇයට හොද හැටි  දැක ගන්නට ලැබුණි. 
"උඹට පිස්සු.....අයියා මගේ මුණවත් බලල නෑ අද වෙනකම්...."
"ආ....ඒ නැතුව උඹ අකමැති නෙමේ......."මධු හයියෙන් සිනාසී ඇසුවාය....
"අනේ මේ විකාර නොකිය හිටපන්...." අමනාප මුහුණක් මවාගෙන අර්චනා කිවත්,ඒ මුහුණේ ඇති දීප්තිය හොදහැටි දුටුවාය. 
"ආ.....එක එකක්..."
"මොකක් ...එකක්.....? එතකොට මොකද්ද අනිත් එක.....?"
"දැන් උඹට ඔය කතා කරපු කවුද මැතිණිය......එයාටත් උඹ වගේ දුවක් හිටිය නම් කියල කියන්නේ.....එයාගේ පුතාට උඹව බන්දල දෙන්න හිතිලද දන්නේ නෑ..........?"
මධුමාලි එය නම් පැවසුවේ විහිලුවට නොවන බව වටහාගත් අර්චනාගේ සියොලඟම හිරිවැටුණි.....නමුත් බිය සඟවා...,
"අනේ මේ...දවසක් දැකල...දවසක් කතාකළ පලියට මන් වගේ කෙල්ලෙක්ව පුතාට යෝජනා කරන්න ඒ මනුස්සයට පිස්සු නෑ.....ඇයි උඹ හිතුවද මේ රටේ කෙල්ලෝ හිගයක් තියනවා කියලා...විකාර නොකිය හිටපන්..."
"හරි නංගි...අපි බලමුකෝ...මමත් ඉන්නේ මෙතනමනේ .."
එතනින් එහාට ඒ ගැන කිසිදු කතාවක් කිරීමට ඔව්න් දෙදෙනාම අකමැති වූ නිසා නිශ්‍යබ්ධතාවය රජයන්නට විය.....නමුත් දෙදෙනාගේම සිතුවිලි කැළඹී ඇති බව දෙදෙනාටම වැටහී අවසානය....

..........................................................................


මේ ආකාරයෙන් දින සති ගෙවී ගියේ විශේෂ ව යමක් සිදු නොවමිනි. නමුත් මේ කාලය තුළ අර්චනාත්, නෙලුම්කුඹුර මැතිණියත්,අර්චනා නිසා මාලිනි හා නෙලුම්කුඹුර මැතිණිය අතරත් ළඟ හිතවත්කමක් ඇති විය. මේ හේතුවෙන් පවුල් තුන ගැන ඔවුනොවුන් අතර මනා අවභෝධයක් ඇතිවී තිබුණි. නමුත් තවමත් අනුහස් අර්චනා සමග කතා කරන්නේ නැත. 

දිනක්, 
"හෙලෝ...මධු...මගේ රුම් එකට එන්න..."
"සර්...මධු තවම ඔෆිස් අවේ නැනේ...." මේ අර්චනා පළමු දින අනුහස් හා කතා කළ පසු කතා කරන මුල්ම අවස්ථාවය.....
"හ්ම්...එහෙමද....එහෙනම් ආපු හැටියේ මගේ රුම් එකට එන්න කියන්න" 
"හා සර්" නමුත් අර්චනා එය කියන කොටත් අනුහස් දුරකථනය තබා අවසන්ය. 
නමුත් මධුමාලි අසනීප වී ඇති නිසා එදින නොපැමිණෙන බව අර්චනාට හා අනුහස්ට දුරකථන ඇමතුම් මගින් දැනුම් දුනි. 
එදින වැඩ ඇරී වෙනද මෙන් අර්චනා කැබ් රථය එනතුරු බල සිටියත් එය පැමිණියේ නැත. අහස වැහිබර වුයේ කොයි වෙලේ කෝ වැස්ස ඇදහැලෙන බව කියාපාමිනි. බලා හිඳ බැරිම තැන වැස්සට පෙර ගෙදර යා යුතු නිසා අර්චනා පාරට ආවේ බසයෙන් හෝ ගෙදර යාමටය. බස් හොල්ටයට එනවිටම මහා වැසි අද වැටුනේ අර්චනාව හොද හැටි තෙමමිණි. වහ වහා කුඩය ඉහළ ගත්තත් ඒ වන විටත් ඇය හොඳ හැටි තෙමි අවසන්ය. ඇය ලඟින්ම  ස්ලෝව් කරන කාරයක් ගියේ අර්චනාව පුදුම කරවිමිනි. ඒ අනුහස්ය...තමා මහා වැස්සේ මහ මග දමා යාමට තරම් ඒ හිත ගලක් බව අර්චනා මේ වනවිටත් වටහාගෙන සිටියාය. නමුත් තම හිතට අවසඟව දෙනෙතට ඉනු කඳුලැලි ඔහේ ගල යන්නට ඉඩ දුන්නේ කවුරුවත් එතන නොහිටි බැවිනි. 

වැස්ස අඩුවන පාටක් නැත. මහ වැස්ස නිසා බස් ගමනයද අඩුවී ඇත. වැහි අඳුර නිසා පරිසරය වෙලාව සවස 6 ට අසන්න අඳුරු පැහැ ගෙන ඇත. අර්චනාට මහත් වූ බයක් දැනුනේ තවමත් බසයක් නොපැමිණි නිසාය. රෑ බෝවී ඇයට තනිවම යන්නට තරම් මෙහි පාරවල් හරි හැටි දන්නේද නැත. එවිටම වගේ එතනින් යන්නට ගිය විදුරු කළු කරන ලද නවීන පන්නයේ කාරයක් රිවස් කර නැවත බස් හොල්ටය ළඟ නතර කෙරුණි.

Monday, August 1, 2011

පිදු ආදරේ නාමෙන්.................

මන් මුලා වූ මා සිත 
නැවතුනේ ඔබ අභියස
යලිදු ඉල්ලාගනු නොවේ
පුද දුන්නේ මා සෙනෙහස....
සිත ආදරෙයි හැමදාම නුඹහට
ලියලනවා නුඹ නමින් සෙනෙහස
ලගින් උන්නත් ඔබ මගේ 
දුරින් උන්නත් ඇත්වී
පිදු ආදරේ නාමෙන්
හිමි වුවත්නොවුනත් 
ඔබේමයි මා හදවතින් ..............

Friday, July 29, 2011

නොබිදුන පැතුමන්...........12

පෙර කොටස් සඳහා 

නොබිදුන පැතුමන්..........




මාලනී ඉවසීමක් නැතුව අර්චනා එනකම් බලා සිටියත් ඇයගේ ලඟම යෙහෙළියක් අසනීප වී හොස්පිටල් නැවත්තු බව කියමින් ආ දුරකත ඇමතුමක් නිසා ඇයට රෝහලට යාමට සිදු විය...ඒ හේතුවෙන් තව තවත් ඉවසීමට මාලනීට සිදුවිය. 


කෙසේ හෝ සියලු දෙනාම රෑ කෑමට මේසයට වාඩි වූ වෙලේ මාලනී මේ ගැන හැමෝටම ඇසෙන සේ අර්චනාගෙන් ඇසුවේ හිතේ වූ කුතුහලය නිවා ගැනුමටය.

"සුදු දුව...අද දවල් මට කෝල් එකක් ආවා මිසිස් නෙලුම්කුඹුර කියල කෙනෙක්ගෙන්...දුව එයාව අඳුනනවද..?"

එසේ අසනවාත් සමගම අර්චනාට එදා සිදු වූ සියල්ල නැවතත් මතක් විය. ඒ මතකයත් සමගම අර්චනා එක වරම අනුහස්ගේ මුහුණ බැලුවේ දැන් කුමක් කියම්දෝ සිතමිනි.බොරුවක්ද කිව නොහැක...ඇත්තද කිව නොහැක.
"ටිකක් දන්නවා නැන්දා...ඇයි මොනාද එයා කිවේ..?"
"දුව එයාගෙන් ජොබ් එකක් හොයල ඉල්ලුවද....මොකද්ද පන්සලකදී ඔයාව හම්බවෙලා අඬ අඬ ඉන්නකොටලු කිවේ....මොකද්ද ඒ කතාව...ඔයා කවද්ද පන්සල් ගියේ? ආ තව එයා කීවා ඔයා කිව්වයි කියල බලන් ගිය ජොබ් එක ලැබුනේ නෑ...ගෙදර යන්න බැරි නිසා එතන ඉන්නවා...ඔන්න ඔය වගේ ගොඩක් කීවා...මොකද්ද සුදු දුව උනේ?"
ඒ කතාවත් සමගම මෙතෙක් නිහඬව සිටි ආනන්ද මාමා මෙන්ම අනුහස්ද අර්චනාගේ මුහුණ දෙස බැලුවේ එක වරමය.අනුහස්ටද එදා වූ සිදුවින් මතක් වූ බව අර්චනාට සිතුනේ ඊ මුහුණේ වූ වෙනස්කම් නිසාය...
"ඒ මොකද්ද ඒ කතාව...සුදු දුව...කවුද ඒ...."
"අයියෝ මාමේ...මන් එදා වැඩට ගිය මුල්ම දවසේ දවල් මධුත් එක්ක එතන ළඟ පන්සලට ගිය.එතැනදී ඒ ලේඩි හම්බුනේ...හැබැයි ඒ වෙලාවේ නම් මධු මගේ ළඟ හිටියේ නෑ. ඉතින් මන් වාඩිවෙලා ඇස් පියන් වැදගෙන ඉන්නකොට ගෙදර මතක්වෙලා ඇඬුනා.එතකොටයි එයා ඇවිත් කතා කළේ..විස්තරත් ගොඩක් ඇහුවා.හොඳ කෙනෙක් කියල හිතුන නිසා මන් ඉතින් විස්තරත් කීවා.මෙහෙම ජොබ් එකකටයි අවේ..ඒ විස්තර...එයා කීවා එයත් ඊට වැඩ හොඳ එකක් ලැබුනොත් කියන්නම් කියල මගෙන් නොම්බරේත් ඉල්ලගත්තා...එකට වෙන්න ඇති..."
අර්චනා කිසි කෙනෙකුගේ මුහුණ දෙස නොබලා ඉක්මනින්ම කියා දැමුවේ අනුහස් එදා තමාට කල දේ ගැන බිඳක්වත් නොකියමිනි. 
"හ්ම්...එකත් එහෙමද....හරි කමක් නෑ...සුදු දුව ඒ ලෙඩිට කෝල් එකක් දෙන්නකෝ..."
"හා මාමේ..."
එතනින් එහාට කවුරුවත් ඒ ගැන කතා නොකර නිහඬවම කාම ගන්නට විනි.


...................................................................................


"හෙලෝ"
"හෙලෝ...කවුද කතාකරන්නේ..." ගොරෝසු පිරිමි හඬකින් අසු පැනයට අර්චනාට එකවරම බය සිතුනි...
"හේ හේ...ලෝ....මට මිසිස් නෙලුම්කුම්බුරට කතා කරන්න පුලුවන්ද.....අර්චනා කතා කරනයි කියන්න..."
"හ්ම්...හා පොඩ්ඩක් ඔහොම ඉන්න..." 

අර්චනාට රිසිවරය අල්ල සිටින විට එහා පැත්තෙන්  "අම්මා....මේ අර්චනා කියල කවුද කතාකරනවා.....ඉක්මනට එන්න....."  ඇසුනි...එසේනම් ඒ කතා කර ඇත්තේ ඇයගේ පුතා විය යුතු බව අර්චනාට සිතුනි.


"හෙලෝ"
"හෙලෝ..අම්මා මන් අර්චනා..."
"ආ දුව..මන් දවල් කතා කළා...ඔයා දැන් වැඩට යනවලු නේද..."
"ඔව් අම්මා....මන් ඉන්නේ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරනේ....ඒ අයියගේ ඔෆිස් එකෙමයි වැඩ කරන්නේ. "
"ආ .....ඇත්තද...මන් ඔයාට අපේ පුතාගේ කොම්පැනි එකේ ජොබ් එකක් ලෑස්ති කළා....."
"අනේ ඇත්තද අම්මා....එත් මට මෙතන ගොඩක් ලෙසිනේ....බොහොම ස්තුතියි මන් වෙනුවෙන් කරපු දේට.."
"ආ...එකට මොකද්ද...මන් කියන්නම් පුතාට වෙන කවුරු හරි ගන්න කියල...එදා දුව ගොඩක් මගේ හිතට අල්ලපු නිසයි මන් ඔයාවම එතනට ගන්න හැදුවේ...හරි කමක් නෑ....එහෙම වුනයි කියල ඔයා මට කතා නොකර ඉන්න එපා.ඉඳල හිටලා හරි කෝල් එකක් දෙන්න හොඳද."
"හරි අම්මා...එහෙනම් මන් දැන් තියන්නම්..."
"හොඳයි දුව...බුදුසරණයි.."
"බුදුසරණයි"






Thursday, July 28, 2011

නොබිදුන පැතුමන්...........11

පෙර කොටස් සඳහා 

ඉතින් එදායින් පසුව හැමදාම උදේට ආනන්ද මාමා සමග ඔෆිස් යන අර්චනා සවස මධුමාලි සමග නිවසට පැමිණියාය. නමුදු කිසිදු කාර්යාල කටයුත්තකට හෝ වේවා කිසිම හේතුවකට අනුහස් වැරදිලාවත් අය සමග කතා කළේ නැත....මුලදී මුලදී එය ඇයට මහත් වූ දුකක් වුවාට අය කෙමෙන් කෙමෙන් ඒ වෙනස්කම් සඳහා හිත හදා ගත්තාය. රැකියාව සම්බන්ධ සියලු කටයුතු සිද්ධ වුයේ මධුමාලි හරහාය. දින දින ගෙවී ගොස් අර්චනා රැකියාවට පැමිණ සතියක් ගතවන දවසේ අනුහස්ගේ නිවසට ආ දුරකථන ඇමතුමකින් මාලනී මහත් කලබලයටත් පුදුමයටත් පත්විය. 
"හෙලෝ, මට අර්චනා දුවට කතා කරන්න පුලුවන්ද...?"
"හෙලෝ ...කවුද මේ කතා කරන්නේ..?"
"මන් කුසුම්...සුජාතා නෙලුම්කුඹුර ....අර්චනා දුව මාව අඳුනනවා.මේ එයා නැවතිලා ඉන්න ගෙදර අයිති මහත්මිය නේද..?"
"ආ...ඔව් ඔව්...මන් මාලනී....මාලනී මානවඩු...දුව නම් දැන් වැඩට ගිහිල්ලනේ..."
"ආ ඇත්තද..? අර්චනාට ජොබ් එක හම්බුනාද..?
"ඔව්...එයා මෙහෙ අවේම ජොබ් එකට තමා. අපේ පුතාගේ කම්පැනි එකෙමයි වැඩ. ඒ මගේ නෑ වෙන දුවෙක්...ඇයි එහෙම ඇහුවේ.."
"ඇත්තද..?මට දුවව හම්බුනේ අභිනවාරමයේදී... එයා බුදුගෙයි වාඩි වෙලා නිදාගෙන හිටියා.මමයි ඇහැරවලා විස්තර ඇහුවේ. එතකොට නම් කිවේ බලන් ගියපු ජොබ් එක හම්බුනේ නැ. කලින් යන්න බැරි නිසා එතනට ආවා කියලයි.ඉතින් මන් පොරොන්දු වුණා එයාට ජොබ් එකක් හොයල දෙන්නම් කියල...එකටයි මේ කතා කලේ....හ්ම්ම්ම්...කමක් නැ...දුවට කියනවද මට කෝල් එකක් දෙන්න කියලා..."
"ආ...හ්....හා මන් කියන්නම්. නම්බර් එක කියනවද....?"
"ලියාගන්න..."
"ආ හරි..කියන්න...."
"හරි නේද..."
"හරි හරි...මතක ඇතුව කියන්න හොදේ..."
"හරි මන් එයා අපු හැටියේ කියන්නම්"
"හරි...එහෙනම් මන් තියන්නම් මිසිස් මානවඩු....බුදුසරණයි"
"බුදුසරණයි"
මෙම ඇමතුමෙන් පසු මාලනී සිටියේ බොහොම නොසන්සුන්වය..ඒ වෙලේම කතා කර මේ ගැන විමසනවාද නැද්ද යන දෙගඩියාවෙන් සිට එය ගෙදර ආ පසු අසා දැනගන්නවා යයි සිතා නිහඩ විය. නමුත් සිත බොහෝ නොයිවසිලිවන්ත වීම නිසා ඇයට බොහෝ ඉවසීමට සිදු විය.  


Tuesday, July 26, 2011

මගේ හීනෙ...........

හ්ම්...මේක මන් ඊයේ රෑ දැක්ක හීනයක්....කොතනින්ද පටන්ගන්නේ කියල මතක නෑ...එත් මෙහෙමයි...

ඔන්න අපි කොහේ හරි දුර ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා කොටුව ස්ටේෂන් එකේ ඉන්නවා...කවුද මේ අපි කිවේ...මේ අපි අනේ...බස් පදින අපි....කොහොම හරි මට මතක මෙතනින්, මාරයා අයියා, මරණේ අයියා (දැකල ඇති..එත් මතක නෑ..නිකම් ලාවට මතකයක් තියනවා..ඒ රුපෙන් දැක්කේ.), මඩයා නොහොත් අසේල අයියා, පණුවා නොහොත් අනුරාධ අයියා, ආ අභීත අයියා, සොලෝ අයියා..(ෆොටෝ වලින් රූපේ දැකල),ප්‍රියා අයියා, ආසිරි අයියා,ගයාන් අයියා(දගයා), ජේ.ඩි අයියා,වැප් අයියා, ශානු, සුදු අක්කා, තනොජා අක්කා, සිහින මල්ලි, රන්දුන අක්කා, හසී අක්කා, තා......ආ ජයනි අක්කා, බුල්ටෝ අයියා, නවිය අයියා..(රූපේ ටිකක් බොදයි ..) ...අනේ තව හිටිය මන් නොදන්නා එත් එස්.බි.යු එකේ දැකපු අය...
 දැන් මොකද්ද සින් එක...අපි හැමෝම හොහේ හරි යන්න ලෑස්ති වෙලා බඩු බැග් තියන් ඉන්නවා අපිට බුක් කරපු ට්‍රේන් එක එනකම්...තාම නෑ..පරක්කුයි කිය කියා කට්ටිය සංවිධායක මණ්ඩලේට බණිනවා....එකේ හිටියේ කවුද කියලනම් මතක නෑ...කොහොම හරි දැන් කට්ටිය රංචු ගැහිලා එක එක කතා කියා කියා විකාර කර කර ඉන්නවා....හිනා වෙනවා...කෑ ගහනවා, බොරුවට රණ්ඩු කරනවා...එක විකාරයි....

හික්ස්...ශෝක් අප්පා.....
කොහොම හරි මාව මේ පාර ගෙදරින් තනියම එවල තියෙන්නේ. ඒ මොකෝ කවදාවත් නැතුව...නෑ මේ අපේ තනොජා අක්කා ඉන්නවනේ..එයත් අම්මා කෙනෙක් නිසා අපේ අම්මට කතා කරලා මගේ වගකීම භාර අරන්...හික්ස්....එයා එක හැමෝටම කියනවා..මන් එපැයි සීනිව බලා ගන්න කියල... :) හික්ස්......

කොහොම හරි මෙතැනදී මාර වැඩක් වෙනවා.....
හැබහින්නම් වෙන්න එපා කියලයි ප්‍රර්ථනා කරන්නේ..මොකද්ද දන්නවද.....අපේ අසේල අයියා එක පාර අසනීප වෙනවා....දැකපු විදියටම කිවොත්, කලන්තේ දාල වැටෙනවා...කට්ටිය ඊට පස්සේ බය වෙලා හොස්පිටල් ගිනිහින් හෙන යුද්ධයයි...ඊට පස්සේ ඩොක්ටර්ස්ලා  කියන විදියට ලොකු ලෙඩක්.....කට්ටි අරෙහෙට දුවනවා...මෙහාට දුවනවා....

බලා බලා බලා.....

බ්‍රාස් .......ඒ මොකද්ද ඒ...අපේ අම්මා ඇවිත් මගේ මේස ලාච්චුව ඇරියා...අනේ ඉතින් මට ඇහැරුණා...අන්තිමට මොකද දන්නේ නෑ වුනේ....කොහොම නමුත් මේක හීනයක්ම වෙන්න කියල පතනවා...අසේල අයියේ...ඔයාට මුකුත් අසනීපයක් නෑ නේද...පරිස්සමින් ඉන්න....


Monday, July 25, 2011

රහසින් නමුදු හැබැහින් ..........

ආලෝකය සොයා ඉගිලෙන 
පුංචි පළගැටියෝ නුඹ............,
දහවලේ වූ ආලෝකය මදි  වුනිද
රැය උදා වූ කල ඉගිලුනේ යලිදු ඔබ
ආලෝකය සොයන මුලාවක නොවේද ...........
සෙවූ ආලෝකය ලැබුනිද ඔබට 
සැනසුනිද නුඹ එයින්.......?
දනිමි මම ඉතින්,
දැනෙන සද  රස්නය...
දැනෙන සද දාහය 
විඳින කල වේදනාව
නුඹට සිතුනේ මොනවද............?
රහසින් නමුදු හැබැහින් 
මියෙන බව නොවේද.............
පිච්චි අළුවී ගියා නොවේද
නුඹේ ඔය සොඳුරු වූ දිවිය ............


Friday, July 22, 2011

ඔබ මගෙන් දුර වුවත්.................

රැය පුරා හිතන්නට...
රැය පුරා අඬන්නට...
කඳුළු එක්කල ඔබේ සෙනෙහස,
මගෙන් බොහෝ දුර වග
කියාදෙන්නේ කොහොම මන්....
තාමත් ආදරේ කරනා 
මගේ මේ මෝඩ හිතට
මගේ පණ නුඹම වග
නොදනිද නුඹ තවම...........
විටින් විට මා සිත් මලට
බලාපොරොත්තු මල් පුරවා
අසුරු සැනින් ඇවිත් යන  
නවතින්නේ කවදාද නුඹ
සදහටම මගේ ළඟ....
විඳින්නට පෙරදා වගේම
රැඳෙන්නට ඔය පපුතුරේ මට
ඉඩ තියනවද  තවම මට
කියන් නොතලා මගේ හිත...........
ඔබ මගෙන් දුර වුවත්
ආදරෙයි තවමත් ඔබට මන්..........

Thursday, July 21, 2011

සිහිනයක්...............

අද මන් මේ කියන්නේ මගේ හිතේ තියන දෙයක්...කාටවත් වැඩක් වෙයිද නැද්ද කියල නම් දන්නේ නෑ...එත් කියන්න ඕන කියල හිතුව හිත නිදහස් වෙන්නත් එක්ක....
මොකක් ගැනද මන් මේ කියන්නේ...හැමෝම දකින...හැමෝටම වැදගත් වෙන...අරමුණක් ඇතිකරන යම් දෙයක් ගැන...මොකද්ද මේ...
"සිහින" 
හික් හික්...මේ අපේ සිහින මලයා ගැන නම් නෙමේ.....

හ්ම්...පුංචි කාලේ ඉදන් අපි හැමෝම හීන දකිනවා.ඒවා විවිධාකාරයේ වෙන්න පුළුවන්. හය හතර තේරෙන කාලේ වෙනකම් සුරංගනා සිහින තමා දකින්නේ. අම්මල, ආච්චිලා කියල දීපු කතන්දර අහං ඉඳල, පුංචි පුංචි සුරංගනා පොත් කියවල, රෑට නිදා ගත්තම ඒවා හීන විදියට දකිනවා.....සින්ඩෙරල්ලා කියවපු දාට රෑට හීනෙන් සින්ඩෙරල්ලා වෙනවා...හිම කුමාරි කියවපු දාට හිම කුමාරි....බය හිතෙන , හොල්මන් කතා කියවපු දාට, බලපු දාට ඒවා හීනෙන් දැකල අපි බයවෙනවා. එහෙම නේද....හය හත පන්ති වලට එනකම් ඕව තමා අපේ හීන....අදටත් හොල්මන්, භූත ෆිල්ම් එකක් බලපු දට රෑට හීනෙන් බය වෙනවා....එහෙමයි කියල නොබලා අත හරින්නෙත් නෑ. .....:P


ටිකක් ලොකු වෙනකොට ටි.වී එකේ ඉන්න නළු නිලියෝ....නිවේදක නිවේදිකාවෝ...තා...ලොකු ලොකු අය දැකල ඒ වගේ වෙන්න හීන දකිනවා...සමහර වෙලාවට ඒ වගේ අදින්න, පළදින්න උතසහ කරනවා....තව ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවනම් එයාව අහම්බෙන් හම්බෙනවා, කතා කරනවා...හික්ස්..ඔය වගේ දේවල්...

O/l, A/Lකරන කාලෙට නම් ඉතින් විභාගේ ගැන තමා හීන දකින්නේ...
එත් ආදරේ කියන හීනෙත් ටික ටික දකින්න ගන්නවා.... මෙන්න මේ කාලේදී තමා කවුරු හරි තමා ගැන උනන්දු වෙනවා කියල දැනුනම එයා ගැන එක එක හීන දකින්නේ...එයා එක්ක කතා කරන ඒව...හම්බවෙන ඒවා...(ඔය හීන මැද්දට දුෂ්ටයොත් එනවා සමහර වෙලාවට...දෙමාපියන්..අසල්වැසියෝ, නෑදෑයෝ, ගුරුවරු...)

එත් හීන දකිනවා. ආ...විභාගේ...ඒ ගැනත් හීන දකිනවනේ. විභාගේ ලියනවා, පාස් වෙනවා......හදිස්සියේ ෆෙයිල් වෙනවා හීනෙන් දැක්කොත්...නෑ නෑ හීනෙන් ෆෙයිල් වෙන්නේ නැනේ.......නෑ නේද....හීනෙන් ෆෙයිල් වෙනවා දකින්නේ නෑ අපි කවුරුවත්.....එහෙම නේද...

එක්සැම් කලාම රිසාල්ට්ස් ගැන හීන දකිනවා.රිසාල්ට්ස් ආවම කැම්පස් යන්න හීන දකිනවා.ගොඩක් වෙලාවට මේ හීන දෙක බොඳ වුන අපේ අය ජිවිතේ ගැන වැරදි තීරණ ගන්නවා......හ්ම්....කැම්පස් ගියාම හොද ජොබ් එකක් ගැන...තමගේ පාට්නර් ගැන හීන දකිනවා...


ඒ කැම්පස් යන්න ලබුනොත්නේ.....නොගියා කියල ඉතින් හීන දකින එක නවතිවිද...නැනේ....එක්කෝ ආයේ එක්සැම් කරන්න, එහෙම නැත්නම් හොද පාඨමාලාවක් කරන්න, නැත්නම් රස්සාවක් හොයාගන්න...කසාද බඳින්න හීන දකිනවා...ඉවරද නැනේ.....




මේ හීන අතරින් අපි දකින...දකින්න ආස ලස්සනම හීනය දකින්නේ ආදරය වෙනුවෙන්...එහෙම නේද...තමන් ආදරය කරන කෙනා තමන්ගේ කරගන්න හීන දකිනවා..ඒ හීන හැබෑ කරගන්න කරන්න පුළුවන් හැමදේමත් කරනවා. එත් ඒ හීනෙ හැබෑ කරගන්න බැරිවෙනකොට බොඳ වෙනකොට අඬනවා.....
වෛර කරනවා....සමහරු ජිවිතේ නැති කරගන්නවා.
තවත් අය නොලැබුන ආදරේ මත්තෙම නැහිලා ජිවිතේ අපායක් කරගන්නවා...එත් තවත් අය ඒ බොඳ වුන හීනය මැද්දෙන් අලුත් හීන දකින්න පුරුදුවෙනවා...ඒ වගේ හීන දකින අය ජිවිතේ සාර්ථක කරගන්නවා...මොකද එයාල බොඳ වුන හීන මත්තේ නොනැහි අලුතින් හීන දකින නිසා.... 

ඇයි අද මන් මේ හීන ගැන කියවන්නේ...

මොකද මාත් හීන දැක්කා...හැබෑ කරගන්න උත්සහ කලා...බොඳ වුණා...එත් හීන දැක්කා...මේ වෙනකොටත් හීන දකිනවා.....ඒ එක හීනයක් බොඳ වෙගෙනත් යනවා වගේ දැනෙනවා...එත් මන් හීන දකින එක නවත්තන්නේ නෑ....

ඔයාලත් මන් වගේ හීන දකිනවා ඇති...හීන සබැ කරගෙනත් ඇති.....ඒ වගේම බොඳ කරගෙනත් ඇති...එත් අපි හැමෝම තාමත් හීන දකිනවා...එහෙම නේද.....



Monday, July 18, 2011

ආදරෙයි ඔබට මන් තවමත් ............



තනිකමට සිත ඉකි බින්දිද්දී
පැරුණු සිතට සිසිලක් 
සොයා පියමන් කලා මන් 
නොලැබ හවුහරණක්........... 
අවසරයි නික්ම යන්නට 
රිදුම් දෙන මතකයන්ගෙන්
පැරුණත් සිත ආදරය හමුවේ
ආදරෙයි ඔබට මන් තවමත් .......

Monday, July 11, 2011

අවසරයි නුඹට.............

අවසරයි නුඹට නික්මෙන්නට 
තැනු සිහින මාලිගාව අතහැර..........
රදවා ගන්නේ කෙලෙස මන් නුඹ
යන්නටම ඕනෑනම් අතැර...........
ප්‍රේමය වූ කලි මෙයනම් 
පළමු පෙම නුඹ වූ නිසාවෙන් 
යන්නට නොහැකි නුඹට මෙන්
මා තැනු සිහින මාලිගාවෙන්..........
පැතුම් මල් විසිර ඇත
අහුලන්නටවත් පණක් නැත
බිදී ගිය හීන මල් සමග
තනිවෙන්න අවසරයි ඉතින් මට....... 




බුදුසරණයි මගේ අප්පච්චි.....ආදරෙයි කියල දන්නවා මහා ගොඩක්.....ඒ ආදරේ හින්දම ඇත්වෙනවා කියලත් දන්නවා.......දුකයි ගොඩාරියක්.........එත් මගේ අප්පච්චි,  අවුරුදු දහයේ ගොඩවල්වලින් අපේ ආදරේ ගෙනියන්න පතපු අපි දෙන්නට මාස දෙකයි...හරියටම මාස දෙකයි එකට ඉන්න ලැබුනේ....කවදාවත් මන් මගේ අප්පච්චිට දුකක් දෙන්න හිතුවේ නෑ...ඔයත් එහෙමයි...එත් එක්වෙන්න බැරි ආදරයක් ලග තියන් අද අපි දෙන්නම ගොඩක් දුක් විදිනවා....ඉතින්, මගේ අප්පච්චිට මන් නැතුව ජිවිතේ සාර්ථක කරගන්න ශක්තිය දහිරිය ලබා දෙන්න කියල මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා...මාස දෙකක් පුරාවට මගේ ජිවිත්ව් ආදරෙන් පිරෙවුවට, අදටත් ආදරේ දෙනවට මගේ අප්පච්චිට ගොඩාරියක් පින්....සතුටින් ඉන්න බලන්න......ඔයාගේ අම්මිට ඔයාගේ සතුට තරම් වටිනා දෙයක් නෑ.....

Thursday, July 7, 2011

නොබිදුන පැතුමන්...........10 කොටස


තම දෙසවනට ඇසුන දේ අදහා ගත නොහැකිව කල්ප අනුහස් දෙස බැලුවේ පුදුමයෙනි. 
"මොකද්ද උඹ කිවේ..ආයේ කියපන් බලන්න."
නමුත් අනුහස් නැවත කතා කලේ නැත. කල්ප අනුහස් දෙස බලා සිටියේ දැන් දැන් ඔහු මොනවා හෝ කියයි සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත.
"මචන් දැන් මගේ ඉවසීමේ සිමාව පනිනවා.මොකද්ද බන් වෙලා තියෙන්නේ. උඹ කළේ නම් මහා ජරා වැඩක්නම් තමා.එත් මේ තරම් ශෝක් වෙන්න ඒ කෙල්ල උඹේ කවුද.?"
මෙතෙක් හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය කල්ප අනුහස්ගෙන් ඇසුවේ එයටවත් ඔහු උත්තර දෙයි කියා සිතාය. නමුත් අනුහස් කතා කලේ නැත. කල්ප නැවතත් කිසිවක්ම නොඅසා තමා කර කර සිටි තනු නිර්මාණයට නැවතත් යොමු වුනේ අනුහස්ට කැමති වෙලාවක කතාකරන්න ඉඩ හැරය. 
"මචන් මන් යනවා."
අනුහස් එකවටම නැගිට කල්පට පැවසුවේ ඔහුව තවත් පුදුමයට පත් කරවමිනි. 
"උඹ දැන් කඩාගෙන බිදගෙන ආවේ ඇයි කියල පලයන් මෙතනින් යන්න කලින්."
"මන් පස්සේ විස්තර කියන්නම්. දැන් ගොඩක් හවස් වෙලා.දන්නවනේ අපේ ගෙදර අයගේ හැටි. පොඩ්ඩක් පරක්කු උනොත් ඉවරයි." පවසමින්ම අනුහස් එතනින් පිට වුයේ කල්පට හිතන්න බොහෝ දේ ඉතිරිකරය. 

...............................................................................................

මධුමාලි සමග නිවසට ගිය අර්චනාට මාලි නැන්දගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඉතා අපහසු විය. නමුත් ඇය කෙසේ හෝ ලේසි උත්තර දී ඒ ඒ ප්‍රශ්නවලින් ගැලවුනේ අනුහස්ව පාවා නොදෙමිනි.
රාත්‍රී කෑමට සියල්ල එක්වූ විට නැවතත් ආනන්ද මාමා අද දවස ගැන අර්චනාගෙන් නැවත ඇසුවේ අයවත් අනුහස්වත් අපහසුතාවයට පත් කරමිනි.
"කොහොමද දුව අද දවස...හොදයිද...වැඩ එහෙම ලේසිද...?"
"හොදයි මාමේ...මධුමාලිත් එක්කනේ වැඩ කරන්නේ.එයා හැමදේම කියල දුන්නා."
"ඒ දරුවා කොහොමත් හොදයි තමා..."
"ආවේ කොහොමද පුතේ..?අයියා එක්ක නේද...?"
මේ ප්‍රශ්නයට නම් අනුහස්ට අර්චනා දෙස නොබලා ඉන්නට නොහැකි වුණි.අර්චනාටත් එකවරම අනුහස් දෙස බැලුනේ දවසේ වූ සිදුවීම් එකින් එක මනසේ නැවත අදෙද්දිය....දෙදෙනාගේම දෑස එකිනෙකට හමු වූ මොහොතේ ඔවුන්ට දෑස් ඉවත් කිරීමට අමතක වුයේ ඇයිදැයි ඔවුන් දේපල මෙන්ම මමද නොදනිමි...නමුත් හැකි විගසින් අනුහස් දෑස් ඉවතට ගත්තේ ඇන්දට පිළිතුරු දෙමිනි.
"නෑ.....තාත්තා, මට හදිස්සි වැඩක් ආපු නිසා මන් කැබ් එකක් එව්වා.මධුට බාර දුන්න ගෙදට ඇරලවල එයටත් එකේම යන්න කියලා.එයත් ටිකක් දුර යනවනේ." අනුහස් කියාගෙන ගියේ අර්චනාට කිසිත් කියන්නට ඉඩ නොතබා හැමෝගෙන්ම දෑස් වසන් කරගෙනය. 
"හ්ම්ම්ම්ම්.....එකට කමක් නෑ....."
තාත්තා මුකුත් නොකීම හා අර්චනා තම දෙමාපියන්ට මුකුත් නොකීම නිසා අනුහස්ගේ සිත බොහෝ බර වී තිබුණි........

Wednesday, July 6, 2011

වැස්ස නුඹ .................

පොද වැස්සක්ව ඇද වැටි 
ඉරි තැලුණ මේ වියළි පොළවට
ජිවය දුන්න නොවේද
දළුලන්න පුංචි පැළයට............
බිදෙන් බිද දිය ලැබී 
වැඩුන මේ පුංචි පැළය
මහ රුකක් නොව්ණු බව
කාට නම් කිව හැකිද...?
මේ වියළි කතර මැද ඒ මහ රුකම අද
තනිව නැගී සිටිමින්
නුඹෙන් පීඩා නොවිදින බව 
කාට නම් කිව හැකිද...?
දිනක මේ මහ රුකම 
මිය යාවි නුඹ නිසාම 
එයට වරද කරු නුඹද රුකද  
කාට නම් කිව හැකිද...?


ප.ලි :
 රුකක් වූ ඒ පැළය
මිය ගියා ඉතින් අද දින
කාට නම් දෙන්නද ඒ වරද
        රුක වුනු මගෙත් .....වැස්ස වුන නුඹෙත් 
වරදක් නොවන නිසාම 
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....