Friday, April 1, 2011

නොබිදුන පැතුමන් ..................1 කොටස


බින්දු බින්දු වැටෙන වැස්ස දිහා ඇය බලන් හිටියේ හරිම අසාවෙන්. කාට උනත් වැස්ස දිහා, වැහි බින්දු වැටෙන දිහා බලන් ඉන්නකොට හිතේ තියන දුක ටිකක් හරි අමතක කරන්න පුළුවන්. 
"අර්චනා, දුව ඔයා කොහෙද?"
ඇයගේ කල්පනා දැහැන බිඳින්න තරම් හඬ ප්රමාණවත් නොවුන වග නම් සහතිකය. නිසා මාලනී නැන්දට ඇයව සොයා ඇයගේ කාමරයටම එන්න සිද්ද වුණා.
"පුතේ" අර්චනාගේ උරහිස මත රැඳුන අත නිසා ඇය තිගැස්සී හැරුනේ කවුදැයි බැලීමටය.  
" .... නැන්දේ....මන් මේ වැස්ස දිහා බලන් හිටියා.....හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා වැස්ස දිහා බලන් ඉන්නකොට."
"ඒක තමා එහෙනම් මන් පල්ලෙහා ඉඳන් කතා කරනවා ඇහෙන්නේ නැතුව ඇත්තේ."
"නැන්දා මට කතා කලද?"
"ඔව් සද්දයක් නැති නිසා මන් මේ අවේ බලන්න" 
"එත් පුතේ මතක තියා ගන්න, පායල පායලා වහිනකොට සනීපයක් දැනුනට, ආසාවක් දැනුනට......ඒක දිගට වහින්න ගියාම වැස්ස උනත් එපා වෙනවා."
නැන්දා නිකමට මෙන් කිව කතාව අපගේ ජිවිත වලටද අදාල බව ඇයට හැඟුනි.
"යන පල්ලෙහට.අයිය කිවා  කරන්න ඕන වැඩ ගැන කියන්න ඕන කියල.

නමින් අර්චනා සංකල්පනී වීරසුරිය වූ ඇය, උසස්පෙළින් පසුව තමා දෙමාපියන් සේම තමාට ආදරේ කරන මාලනී නැන්දා හා ආනන්ද මාමා වෙත පැමිණියේ රැකියාවක නිරත වීමටය.පිට තැන්වල රැකියාවක් කරන්න යවන්න අකමැති වූ මේ යුවල ඇයව තම පුතා විසින් කරගෙන යනු ලබන ඇඩ්වටයිසින් ආයතනයට සම්බන්ධ කිරීමට කටයුතු කරන ලදී. 

"පුතා මේ නංගී ඇවිත්.මේ දරුවට කරන්න තියන දේවල්  කියන්න.නැත්නම් එයා මේ කිසිදෙයක් දන්නේ නැනේ."
අර්චනා සමග පහලට මාලනි නන්දා සාලයේ සිට අනුහස් අයියගේ කාමරයට ඇසෙන සේ කීවාය.
"අම්මා, ඔය ස්ටුල් ඒක උඩ තියනවා ලියුම් කවරයක් මධුගේ නම ගහපු.අලවල ඇත්තේ.ඒක ගිහින් මධුට දෙන්න කියන්න.එයා කරන්න ඕන දේ කියල දෙයි.දැන් මන් වැඩක්."
ඔහුගේ ගැඹුරු කටහඩ පමණක් සාලය දෙසට පාවී ආවේය.
" මේ තියෙන්නේ" මාලනි නන්දා ලියුන් කවරය රැගෙන අර්චනා අත තැබුවාය.මධුමාලි නමින් නම් කර තිබු කහ පැහැගත් ලියුන් කවරය යුවතියගේ දත් මත්තේ සිර වුනේ අලුත් බලාපොරොත්තුවක් සිත තුල තෙරප්ද්දිය.නමුදු, තමා මේ නිවසට පැමිණ සම්පුර්ණ දවසක් ගෙවුනත් තවමත් ඔහුව මුණ නොගැසුණු බව මතක් වෙද්දී ඇයට දුක සිතුනි.ආනන්ද මාමත්, මාලනි නැන්දත් තමාගේ පැමිණීම පිලිබඳ සතුටු උවාට අනුහස් අයියා එයට වැඩි කැමැත්තක් නැති බව දැන් ඇයට හැඟී ගොස් අහවරය. එහෙත් මේ කොළොම්පුරයේ ඇය දන්නා කියන කෙනෙකුට සිටින්නේ මේ පවුල පමණක් නම් ...............

4 comments:

  1. හ්ම්..තවත් කතාවක ආරම්භයක්..දැන්ම මුකුත් කියන්න බැහැනේ..ඔහොම යනකොට අපි බලමු කොහොමද කියලා..පටන් ගැන්මනං හොඳයි වගේ...
    බ්ලොග් එකේ වෙලාව හරියට සෙට් වෙලා නැහැ නංගි..ඒක හදන්න.

    ReplyDelete
  2. දිගටම ලියන්න ලැබේවා.

    ReplyDelete
  3. තැන්කු මාරයියේ ..............දෙන උපදෙස් සේරටම

    ReplyDelete
  4. හොඳ ප්‍රාර්ථනයක්....ස්තුතියි අය්යේ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....