Tuesday, April 26, 2011

ඉතින් ලියමි............

ආදරය,
ඉතින් ලියමි......කියන්නට නොහැකි වූ සිතුනු බොහෝ දේ කියන්නට තාමත් බල ඉන්න නිසා හිතට දැනෙන බර අඩු කරගන්නට පවසමි ඉතින් නුඹ හට....ඇයි මන් නුබට ආදරේ කලේ.......ඒ ඇයි කියන එක ඔයා හොදටම දන්නවා නේද......එත් ඔයාට මගේ ආදරේ පොඩ්ඩක්වත් වටින්නේ නෑ නේද.....ජිවිතේ තරමට.....ඊටත් වැඩිය.....කවදාවත් කාටවත් නොකරපු විදියට මන් නුබට ආදරේ කලා.....ඔව්.....එදා කලා...අදත් කරනවා.....හෙටත් කරයි...............එත්, කවදාවත් ඔයා මට අයිති නෑ නේද.....ඔයාට ආදරේ කරන්න ගත්තේ කවද ඉදන්ද කියන්න මන් දන්නේ නෑ.....එත් කියන්න ආපු, අපි හම්බ උන මුල්ම දවසෙම ඔයා මගේ හිත ගොළු කලා කියන්නට බැරිවෙන විදියට.....ඒ ඇයි රත්තරනේ......එදා හිර කරගත්ත මේ හිත අද වෙනකම් ඒ දුක උහුලනවා.......මන් ලගම ඉදල ඔයා වෙන කෙනෙක්ට ඔයාගේ ආදරේ දුන්නේ මගේ එක්සැම් එකට දවස් දෙකකට කලින්.....හිතුවද පොඩ්ඩක්වත් මන් ගැන.....නෑ....ඔයා මගේ ආදරේ දැනගත්තදා මගෙන් ඇහුව ඇයි ඔයාට ආදරේ කලේ කියල...මන් කොහොම උත්තර දෙන්නද......හිත ඉල්ලපු හැමදේම ඔයා ලග තිබුන බව කොහොම ඔයාට කියන්නද.....ආරක්ෂා කලා මාව ඇස් දෙක වගේ, හැම වෙලේම මන් ගැන හොයල බැලුව වැඩ තියෙද්දිත්.....මට ගොඩක් ආදරේ දුන්නා...ඉතින් ඇයි මන් ඔයාට ආදරේ නොකරන්නේ.ඇයි කියල ඔයාම මට කියන්න....මන් වැරදිද......ඔව් ඔයා කියනවා මන් වරදීලු.....ඇයි තවත් රිද්දනේ මගේ හිත......ඉතින් ඉකි ගසන මගේ හිත සනසන්න ඔයා අද මා ලග නෑ.....අද මගේ ඇහෙන වැටෙන කඳුළු ඔයාට පේන්නෙත් නෑ.....කමක් නෑ.....ඔයා සතුටින්නේ.....එත් රත්තරනේ මගේ හිත රිද්දන්න එපා................ඔයාගේ සතුට වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්.....ඔයාගෙයි ඔයාගේ ආදරෙයි ඇතිවන ප්‍රශ්නවලට මාව හේතු කරගන්න එපා....මන් එහෙම වෙන්න හිතන්නෙත් නෑ...එත් ඔයා මට එහෙම කියල මගේ හිත ගොඩක් රිද්දුව...දන්නවද මන් කොයිතරම් අඩුවද කියල ඔයා ඒ කිව වෙලේ ඉදන්.......ඉතින් අඬල අඬල  මන් ලෙඩ උන කියලවත් ඔයා දන්නවද......නෑ ඔයා දන්නේ නෑ......කාටවත් නැහෙන්න අඬල එක හරි අමාරුයි.....එත් බෙඩ් ෂිට්  එකෙන් වහගෙන ඉකිය හිරකරගෙන අඬල මට හුස්ම ගන්න බැරුව උන්නා කියල දන්නවද ඕයා......ඉතින් .මන්  යන්න ඕන ඔයාගෙන් ඈතට ....විදවන්න බෑ තවත් මේ විදියට...එත් මට කියන්න යන්නේ කොහොමද කියල...එච්චරයි ඔයාගෙන් මන් ඉල්ලන්නේ.

මිට 
මන් ඔයාගේ කවුද.......?

10 comments:

  1. මන් දන්නෙත් නෑ අයියේ...

    ReplyDelete
  2. වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්.....

    ReplyDelete
  3. පොඩ්ඩක් ඉන්න ඔලුවෙ අවුල ලිහාගන්නකල්..ම්..ම්.ආ..දැන් හරි..
    (විහිලුවට හොඳේ..:) )

    ReplyDelete
  4. අවුල ලිහ ගත්තද අය්යේ......:P

    ReplyDelete
  5. ලිහාගත්තදත් අහනව..! මාත් ට්‍රයි කරල බලන්න ඕනි ඔහොම ලියන්න. හැබැයි ඉතින් කවදාවත්ම බැරි වෙයි. මොකද මම ඔය ලියන විදියට ලියන්න දක්ෂ නැති නිසා.

    ReplyDelete
  6. මට හිතාගන්න බැරි වෙලා මාව වයර් උනා !

    ReplyDelete
  7. අය්යෝ ඉන්දික අයියේ...මන් හිතුවේ ඔය පටලිලම ඉදිවී කියල.......කමක් නෑ...ලියන්න....අමාරුවෙන් හරි කියවන්නම්(විහිලුවට) ...............

    ReplyDelete
  8. @හිස් අහස- කරන්ට් එක වැදුනේ නෑ නේද..........?

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....