Monday, April 25, 2011

අහිමි ප්‍රේමය................

අඬනවද, ඇඩෙනවාද.................
නොදනිමි මම
අහිමි බව දැනෙන හැමවිට
ඉකි ගසනවා මගේ හිත.......... 
හඬන්නේ කොහොමද මන්
හිත හිත හඬන තරමට..............
දිය කරන්නේ කොහොම මේ දුක
නුබයි මාගේ අහිමි ප්‍රේමය................  

10 comments:

  1. හැඬුවාද, හැඬුනාද
    දැනෙනවා මට තාම
    ඔබට මා, මට ඔබ ද
    පෙම් කළත් පන සේම
    මා පියන් ඔබගේ
    වෙන් කලා අප ස්නේහෙ
    ඉදින් අප දුරට වීල
    සැනසෙමු ද මා ප්‍රේමී..


    ප.ලි - ලස්සනයි කවිය ඔයාගේ..

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව්වා ඔහෙම තමා

    ReplyDelete
  3. @සෝරෝ-ස්තුති අයියා ......
    @සුදු හංසි- ඇයි අක්කි ඒ......

    ReplyDelete
  4. ලස්සනයි .. අහිමි වුනත් මතකත් සුන්දරයි

    අහිමි වුන මුත් ප්‍රේමයේ
    සුවද මතකය හදවතේ
    නැගෙන සුසුමක උණුසුමේ
    රැදී ඉන්නට හිත කියයි....

    සදා අමතක නොවෙන මේ
    ප්‍රේමයේ අනුහස් සිතේ
    කඳුලු බිඳුවක උණුහුමේ
    රැදී ඉන්නට හිත කියයි... (පබලු)

    ReplyDelete
  5. අහිමි දේවල් වලට අඩන එක බොරු දෙයක්

    ReplyDelete
  6. @ පබළු - තැන්ක්යූ පබළු.....
    සිත නොපිළිගන්නා හින්දම
    ඔබ මට අහිමි බව
    රැදී ඉන්නවා තවත්
    අහිමි වූ ප්‍රේමයේ නාමයෙන්........

    ReplyDelete
  7. @ItalyDilan- අහිමි උනත් ඒ මතක සුන්දරයින්ම් දාල යන්න බෑ නම් හිත ඉබේම අඬනවා මතක් වෙන හැම මොහොතකම....එක නවත්තන්න කාටවත් බෑ

    ReplyDelete
  8. Real Love cannot forget forever.It is mesmerize every day.That's the way of Real LOVE!!!

    ReplyDelete
  9. @ Yasiru- ys..u a 100% coerect....true lv never die.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....