Monday, April 25, 2011

. මේ පාර අවුරුද්ද සහ සුනාමිය ..............

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...හරි හරි...අවුරුද්ද පහුවෙලා දවස් වුනාට මට ජංජාලේ පැත්තේ අවේ අදනේ....කොහොමද අවුරුදු.....අපිටත් වරදක් නෑ...එත් නැත්තෙමත් නෑ....මොකද මේ අවුරුද්ද දවස්වල ගිය කටකතාවක් නිසා පොඩ්ඩක් අපේ ගෙදර කස්ටිය අවුල් වෙලා හිටියේ....අපේ ගෙදර කස්ටිය විතරක්ම නෙමේ...අවට ගමේ අයම.......මේ බි මුහුද අවට ඉන්න හැමෝම වගේ. මොකද්ද ඉතින් මේ කටකතාව..... ඇයි හත්වලාමේ කවුද මේ ජෝතිර්වේදී අන්කල් කෙනෙක් කියල තියනවලුනේ 12 වෙනිදා ඉඳන් 20 වෙනකම් සුනාමි අවදානමක් තියනවා කියල.....අය්යෝ.....අර කතාවක් තියනවනේ ගිනිපෙලේල්ලෙන් බැටකාපු මිනිහා කණමැදිරි එළියටත් බයයි කියල....

වෙනද අපි ගෙවල් අස්කරන්නේ 11,12 වගේ ....මේ පාර මන් බැහැල වැඩ කරානේ...ඉතින් 11 වෙනකොට මුළු ගේම ක්ලින්. අයේ වැලි කැටයක් නෑ....ඔන්න නැන්දා රෑ කෝල් කරලා කිවේ නැත සිරසේ නිවුස් වලට මෙහෙම එකක් කිව කල්පනාවෙන් ඉන්න කියල. ඊට පස්සේ ආයේ ස්වර්ණවාහිනියේ නිවුස් වලට කිව....ඔන්න ඉතින් පටන්ගත්ත අපේ තාත්තගේ කඩිමුඩිය....එයාට හරියට කෙන්තියනවා මොකක් හරි හදිස්සියකදී වගේම වැඩ වැඩි උනාම....මටයි මල්ලිටයි කනක් ඇහිලා ඉන්න නෑ.....රෙදි උඩ දාන්න...පොත් උඩ දාන්න...අම්මගේ බ්‍රයිඩ්ල්කොස්ටියුම්ස් උඩ දාන්න....ඔය ටික මට......මල්ලිට, මැෂින්ස් උඩ දාන්න...ආයුද උඩ දාන්න....(ආයුද කිවම තුවක්කු නෙමේ....ඔය kataradu, මිටි, ....තා එදිනෙදා ඕන කරන ඒවා ලොකු ටකරම් පෙට්ටියක් තියනවා...) දැන් මේ උඩ දාන්න කීවට...අපිට උඩ තට්ටුවක් නෑ....ගිය පාර සුනාමි නිසා සේරම නැති උනානේ ගේ විතරක්ක් ඉතිරි වෙලා...පස්සේ තාත්ත පොඩි සොල්දර කැල්ලක් ගැහුවා කුස්සියට උඩින්....තව බිත්ති අතර ලෑලි දාල තියනවා බඩු තියන්න පුළුවන් විදියට...තව බිත්ති වලට අල්ලලා රාක්ක ගැහුවා පොත් තියන්න පුළුවන් විදියට...ඔන්න ඔහොමටි අපේ ගෙදර බඩු උඩ දන්නේ.......දැන් මේ බඩු උඩ දැන්ම කියමුකෝ.....ඉතිරි වෙලා තියෙන්නේ ටීවී එකයි, වතුර මොටරෙයි, අම්මගේ මහන මැෂිමයි....ඔය ටික ඒ වෙලාවට දාගන්න පුළුවන් කියල පහලම තිබ්බ.

හත් වලාමේ....අපේ තාත්ත ගොවියෙක්නේ.ගොවියෙක් කීවට ගොවිතැනට බැස්සේ ගිය අවුරුද්දේ...අද කුඹුරු අස්වැද්දීම යටතේ....ඔය කුඹුරු කරලා ගෙට ගත්ත වී ගෝනි ටිකට මක් කරන්නද.....දැන් දවස් 10ක් වත් නෑ නේ මේපාර ගොයම් කපල......දැන් එක යුද්දයයි ගෙදර.....ඇයි දෙයියනේ සේරම කුඹුරට යටකලානොව. ඕක ගැන කතා වෙනකොට අපේ ගෙදර ඇවිත් හිටිය නැන්දා කෙනෙක් එයාගේ ගෙදර කාමරයක් දෙන්නම් එහෙට ගෙනත් දාන්න කිව....අනේ ඔන්න එතකොටයි අපේ තාත්තගේ කලබලෙයි කෑගහිල්ලයි නැවතුනේ.....කොහොම හරි පරණ 12 වෙනිදායි 13 වෙනිදායි වී ගෝනි ඇදපු එක තමා කලේ...මේ සිද්දි නිසා කිසිම කැවිල්ලක් හැදුවේ නෑ ගෙදර......එහෙමයි කියල බැනේ.....මන් ඉතින් මට පුළුවන් විදියට කේක් එකක් දාල කොකිස් බැද්දා.....ඔන්න ඔච්චරයි අපේ කැවිලි මේසේ කිරිබත් ඇරුනම...අ කෙසෙල් ගෙඩිත් තිබ්බා....

අවුරුද්දත් ඉවරයි....දැන් නෑ ගෙවල් වල යන්නත් එපැයි බුලත් දෙන්න ....නෑ ගෙවල් වල කීවට නැන්දලගේ ගෙදරයි....ආච්චිලගේ ගෙදරයි විතරයි යන්නේ....අනිත් නෑයෝ අපි එක්ක තරහයි. ඒ ඇයි කියල වෙන දවසක කියන්නම්.....ඔන්න ඉතින් මන් ආච්චිලගේ ගෙදර යන්න යනවා....අම්මල පස්සේ එන්නම් කිවා කලබල ඉවර උනාම.....මන් බස් එකට නැග්ග වෙලේ ඉදන් කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ කියා කියා කෝල් දෙනවා....ඒ ඇයි....ඇයි දන්නවද....බයට.....ගාලු පාරෙනේ යන්නේ....හදිස්සියෙවත් සුනාමියක් අවොත් යන්න තැනක් නැනේ....ඔන්න ඕකට....ආච්චිලගේ ගෙදර ගිය විතරයි...බුලත් දුන්නද...දැන් එන්න එහෙනම් කියා කියා කෝල් දෙනවා ආයෙම....හවස අවොත් රෑ වෙනවා ගෙදර යද්දී...ඒ වෙලාවට ඕක අවොත් කියලයි ඒ.....අනේ ඉතින් මක් කරන්නද ......ගිය පයින්ම බුලත් දීල වැදලා හැරිලා ආව...වෙනද දවස් ගණන් ඉන්නවා...මේ පාර අවුරුද්දනම් එපා වුණා.....

ඔන්න ඔහොමයි මන් මේ පාර අවුරුද්ද සැමරුවේ......අර ජෝතිර්වේදියා කියල තිබුනනේ ඕක හරි නොගියොත් මැරෙනවා කියල...මැරුණද එයා...නැනේ....එත් ඉතින් ඔය බය හැමදාම තියනවා.....මරණ බය එක දවසක් දැනුණාම ඒ බය හැමදාටම තියනවා...ඔය බය නිසාම අපේ පැත්තේ ලි මොලේ අයිතිකාරයා ඒ මැෂින් සේරම ගැලෙවුවා.....කොමියුනිකේෂන් අයිතිකාරයෝ ඒ සේරම මැෂින් ගැලෙවුවා.....වැල්ල අයිනේ ඉන්න මිනිස්සු ඒ ගෙවල් වලින් ගියා....ඉතින් කවද කොහොම ආයේ සුනාමි එයිද කියන්න බෑ....එදාට අපිට මොනා වෙයිද කියල කියන්නත් බෑ...... 

15 comments:

  1. බයවෙන්න එපා මුකුත් වෙන්නේ නෑ.

    ReplyDelete
  2. කාටද කියන්න පුළුවන් අය්යේ......ගියා පාර නොමැරී බේරුනේ අනුනමයෙන්.....වතුර පිටිපස්සේ තියාගෙන දිවුවේ.....එත් අම්ම නැත්නම් අද මන් මේ ලෝකේ නෑ.....ඉලග පාර කොහොම වෙයිද දන්නේ කවුද

    ReplyDelete
  3. හි හි ඔය සීන් එකට මමත් අම්බානක බයවෙලා හිටියේ මොකද ඔය දවස්වල මම හිටියෙත් සුනාමියට අහු උන පැත්තක මම ඒ ටිකේ ජේඩීට කියපුවා මතක් වෙනකොට ලැජ්ජාවේ බෑ අෆ්ෆා

    ReplyDelete
  4. මොනාද ජේ ඩි ට කිවේ....අපිටත් කියන්නකෝ බලන්න ............

    ReplyDelete
  5. හික් හික් මට බෑ කිව්ව ඒවා දැන ගත්තොත් කට්ටිය මට හිනා වෙයි

    ReplyDelete
  6. ඉතින් කියනවකො අපිටත් හිනා වෙන්න.....හිනස්සන එක ලොකු පිනක් නේ

    ReplyDelete
  7. මේ පිස්සු ජෝතිර්වේදියන්ට ඉස්සල්ල සැරේ ඕක කියන්න බැරි උනේ මොකද දන්නේ නෑ

    ReplyDelete
  8. එතකොට සුනාමි ගැන දැනගෙන ඉන්න නැතුව ඇති අය්යා

    ReplyDelete
  9. අපරාදේ යසට කන්න තිබුන අවුරුද්ද...

    ReplyDelete
  10. එකනේ අය්යා....අපරාදේ නේන්නම්....

    ReplyDelete
  11. ඇත්තම කිවුවොත් ඔය කියන පිස්සා වෙරල තීරෙ හිටපු මිනිස්සුංගෙ අවුරුදු විතරක් නෙමේ . . . ඒ පැතිවල මිනිස්සුංගෙ බඩරස්සාවලටත් පාර ගහල. . . . ඉඳල ඉඳල ලැබෙන නිවාඩුවත් කාලම දැම්ම . . . . . ඔය වගේ බොරු ආරංචි පතුරන එවුවංට දෙන්න ඕනෙ රජ කාලෙ දඬුවං

    ReplyDelete
  12. ඔව් අය්යා...ඒ කතාවනම් ඇත්ත.....

    ReplyDelete
  13. ඔය වගේ බොරු කියන උන්ව උල තියන්න ඕනේ.....

    ReplyDelete
  14. සුනාමියේ අමිහිරි මතකය ... තවත් අමතක කරන්න බැහැ ..

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....