Thursday, April 7, 2011

ඉඩ දෙන්න මට................

පිපෙන්නට වෙර දරන 
පුංචි කැකුලියකි මා............
එපා ලංවන්න නුඹ 
රුදුරු බඹරෙකු වී මට............
පෙති තලා දමනට
රොන් උරා මුකුලිත කරනට............
ඉඩ දෙන්න මා හට
කැකුළු පෙති විහිදන්නට..........
සුවද පතුරා ලොවට
ආදරේ සුව විදින්නට.............
ඉතින් නුඹ,
නොවේනම් එලෙස.........
ඇහැකින්ම් රකින්නට මා
අන් රුදු සතුන්ගෙන්.........
ඉතින් අවසරයි නුඹට
මා මලේ සුවද විදිනට................ 

6 comments:

  1. හ්හ්ම්ම්...ලස්සනයි.. :)

    ReplyDelete
  2. සමනලයෙකු විත් රොන් උරා බලන්නට....
    ඉඩ දෙන්න සුළඟ හා සමග විත් නටන්නට.....

    ReplyDelete
  3. @ Priyanth ayya-ඉඩ දෙන්නම් සුළඟ හා සමග විත් නටන්නට...
    නමුදු නොහැකියි ලං වන්න දීමට.....

    ReplyDelete
  4. දැන් මේ කාටද කියන්නෙ ඕක. ආ.....
    තවත් වෙඩිමක් ලග එනවා වගේ. :D

    ReplyDelete
  5. කාටවත් නෙමේ හලෝ.හිතට අපු අදහසක්.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....