හ්ම්...මේක මන් ඊයේ රෑ දැක්ක හීනයක්....කොතනින්ද පටන්ගන්නේ කියල මතක නෑ...එත් මෙහෙමයි...
ඔන්න අපි කොහේ හරි දුර ට්රිප් එකක් යන්න ලෑස්තිවෙලා කොටුව ස්ටේෂන් එකේ ඉන්නවා...කවුද මේ අපි කිවේ...මේ අපි අනේ...බස් පදින අපි....කොහොම හරි මට මතක මෙතනින්, මාරයා අයියා, මරණේ අයියා (දැකල ඇති..එත් මතක නෑ..නිකම් ලාවට මතකයක් තියනවා..ඒ රුපෙන් දැක්කේ.), මඩයා නොහොත් අසේල අයියා, පණුවා නොහොත් අනුරාධ අයියා, ආ අභීත අයියා, සොලෝ අයියා..(ෆොටෝ වලින් රූපේ දැකල),ප්රියා අයියා, ආසිරි අයියා,ගයාන් අයියා(දගයා), ජේ.ඩි අයියා,වැප් අයියා, ශානු, සුදු අක්කා, තනොජා අක්කා, සිහින මල්ලි, රන්දුන අක්කා, හසී අක්කා, තා......ආ ජයනි අක්කා, බුල්ටෝ අයියා, නවිය අයියා..(රූපේ ටිකක් බොදයි ..) ...අනේ තව හිටිය මන් නොදන්නා එත් එස්.බි.යු එකේ දැකපු අය...
දැන් මොකද්ද සින් එක...අපි හැමෝම හොහේ හරි යන්න ලෑස්ති වෙලා බඩු බැග් තියන් ඉන්නවා අපිට බුක් කරපු ට්රේන් එක එනකම්...තාම නෑ..පරක්කුයි කිය කියා කට්ටිය සංවිධායක මණ්ඩලේට බණිනවා....එකේ හිටියේ කවුද කියලනම් මතක නෑ...කොහොම හරි දැන් කට්ටිය රංචු ගැහිලා එක එක කතා කියා කියා විකාර කර කර ඉන්නවා....හිනා වෙනවා...කෑ ගහනවා, බොරුවට රණ්ඩු කරනවා...එක විකාරයි....
හික්ස්...ශෝක් අප්පා.....
කොහොම හරි මාව මේ පාර ගෙදරින් තනියම එවල තියෙන්නේ. ඒ මොකෝ කවදාවත් නැතුව...නෑ මේ අපේ තනොජා අක්කා ඉන්නවනේ..එයත් අම්මා කෙනෙක් නිසා අපේ අම්මට කතා කරලා මගේ වගකීම භාර අරන්...හික්ස්....එයා එක හැමෝටම කියනවා..මන් එපැයි සීනිව බලා ගන්න කියල... :) හික්ස්......
කොහොම හරි මෙතැනදී මාර වැඩක් වෙනවා.....
හැබහින්නම් වෙන්න එපා කියලයි ප්රර්ථනා කරන්නේ..මොකද්ද දන්නවද.....අපේ අසේල අයියා එක පාර අසනීප වෙනවා....දැකපු විදියටම කිවොත්, කලන්තේ දාල වැටෙනවා...කට්ටිය ඊට පස්සේ බය වෙලා හොස්පිටල් ගිනිහින් හෙන යුද්ධයයි...ඊට පස්සේ ඩොක්ටර්ස්ලා කියන විදියට ලොකු ලෙඩක්.....කට්ටි අරෙහෙට දුවනවා...මෙහාට දුවනවා....
බලා බලා බලා.....
බ්රාස් .......ඒ මොකද්ද ඒ...අපේ අම්මා ඇවිත් මගේ මේස ලාච්චුව ඇරියා...අනේ ඉතින් මට ඇහැරුණා...අන්තිමට මොකද දන්නේ නෑ වුනේ....කොහොම නමුත් මේක හීනයක්ම වෙන්න කියල පතනවා...අසේල අයියේ...ඔයාට මුකුත් අසනීපයක් නෑ නේද...පරිස්සමින් ඉන්න....
















