Thursday, July 21, 2011

සිහිනයක්...............

අද මන් මේ කියන්නේ මගේ හිතේ තියන දෙයක්...කාටවත් වැඩක් වෙයිද නැද්ද කියල නම් දන්නේ නෑ...එත් කියන්න ඕන කියල හිතුව හිත නිදහස් වෙන්නත් එක්ක....
මොකක් ගැනද මන් මේ කියන්නේ...හැමෝම දකින...හැමෝටම වැදගත් වෙන...අරමුණක් ඇතිකරන යම් දෙයක් ගැන...මොකද්ද මේ...
"සිහින" 
හික් හික්...මේ අපේ සිහින මලයා ගැන නම් නෙමේ.....

හ්ම්...පුංචි කාලේ ඉදන් අපි හැමෝම හීන දකිනවා.ඒවා විවිධාකාරයේ වෙන්න පුළුවන්. හය හතර තේරෙන කාලේ වෙනකම් සුරංගනා සිහින තමා දකින්නේ. අම්මල, ආච්චිලා කියල දීපු කතන්දර අහං ඉඳල, පුංචි පුංචි සුරංගනා පොත් කියවල, රෑට නිදා ගත්තම ඒවා හීන විදියට දකිනවා.....සින්ඩෙරල්ලා කියවපු දාට රෑට හීනෙන් සින්ඩෙරල්ලා වෙනවා...හිම කුමාරි කියවපු දාට හිම කුමාරි....බය හිතෙන , හොල්මන් කතා කියවපු දාට, බලපු දාට ඒවා හීනෙන් දැකල අපි බයවෙනවා. එහෙම නේද....හය හත පන්ති වලට එනකම් ඕව තමා අපේ හීන....අදටත් හොල්මන්, භූත ෆිල්ම් එකක් බලපු දට රෑට හීනෙන් බය වෙනවා....එහෙමයි කියල නොබලා අත හරින්නෙත් නෑ. .....:P


ටිකක් ලොකු වෙනකොට ටි.වී එකේ ඉන්න නළු නිලියෝ....නිවේදක නිවේදිකාවෝ...තා...ලොකු ලොකු අය දැකල ඒ වගේ වෙන්න හීන දකිනවා...සමහර වෙලාවට ඒ වගේ අදින්න, පළදින්න උතසහ කරනවා....තව ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවනම් එයාව අහම්බෙන් හම්බෙනවා, කතා කරනවා...හික්ස්..ඔය වගේ දේවල්...

O/l, A/Lකරන කාලෙට නම් ඉතින් විභාගේ ගැන තමා හීන දකින්නේ...
එත් ආදරේ කියන හීනෙත් ටික ටික දකින්න ගන්නවා.... මෙන්න මේ කාලේදී තමා කවුරු හරි තමා ගැන උනන්දු වෙනවා කියල දැනුනම එයා ගැන එක එක හීන දකින්නේ...එයා එක්ක කතා කරන ඒව...හම්බවෙන ඒවා...(ඔය හීන මැද්දට දුෂ්ටයොත් එනවා සමහර වෙලාවට...දෙමාපියන්..අසල්වැසියෝ, නෑදෑයෝ, ගුරුවරු...)

එත් හීන දකිනවා. ආ...විභාගේ...ඒ ගැනත් හීන දකිනවනේ. විභාගේ ලියනවා, පාස් වෙනවා......හදිස්සියේ ෆෙයිල් වෙනවා හීනෙන් දැක්කොත්...නෑ නෑ හීනෙන් ෆෙයිල් වෙන්නේ නැනේ.......නෑ නේද....හීනෙන් ෆෙයිල් වෙනවා දකින්නේ නෑ අපි කවුරුවත්.....එහෙම නේද...

එක්සැම් කලාම රිසාල්ට්ස් ගැන හීන දකිනවා.රිසාල්ට්ස් ආවම කැම්පස් යන්න හීන දකිනවා.ගොඩක් වෙලාවට මේ හීන දෙක බොඳ වුන අපේ අය ජිවිතේ ගැන වැරදි තීරණ ගන්නවා......හ්ම්....කැම්පස් ගියාම හොද ජොබ් එකක් ගැන...තමගේ පාට්නර් ගැන හීන දකිනවා...


ඒ කැම්පස් යන්න ලබුනොත්නේ.....නොගියා කියල ඉතින් හීන දකින එක නවතිවිද...නැනේ....එක්කෝ ආයේ එක්සැම් කරන්න, එහෙම නැත්නම් හොද පාඨමාලාවක් කරන්න, නැත්නම් රස්සාවක් හොයාගන්න...කසාද බඳින්න හීන දකිනවා...ඉවරද නැනේ.....




මේ හීන අතරින් අපි දකින...දකින්න ආස ලස්සනම හීනය දකින්නේ ආදරය වෙනුවෙන්...එහෙම නේද...තමන් ආදරය කරන කෙනා තමන්ගේ කරගන්න හීන දකිනවා..ඒ හීන හැබෑ කරගන්න කරන්න පුළුවන් හැමදේමත් කරනවා. එත් ඒ හීනෙ හැබෑ කරගන්න බැරිවෙනකොට බොඳ වෙනකොට අඬනවා.....
වෛර කරනවා....සමහරු ජිවිතේ නැති කරගන්නවා.
තවත් අය නොලැබුන ආදරේ මත්තෙම නැහිලා ජිවිතේ අපායක් කරගන්නවා...එත් තවත් අය ඒ බොඳ වුන හීනය මැද්දෙන් අලුත් හීන දකින්න පුරුදුවෙනවා...ඒ වගේ හීන දකින අය ජිවිතේ සාර්ථක කරගන්නවා...මොකද එයාල බොඳ වුන හීන මත්තේ නොනැහි අලුතින් හීන දකින නිසා.... 

ඇයි අද මන් මේ හීන ගැන කියවන්නේ...

මොකද මාත් හීන දැක්කා...හැබෑ කරගන්න උත්සහ කලා...බොඳ වුණා...එත් හීන දැක්කා...මේ වෙනකොටත් හීන දකිනවා.....ඒ එක හීනයක් බොඳ වෙගෙනත් යනවා වගේ දැනෙනවා...එත් මන් හීන දකින එක නවත්තන්නේ නෑ....

ඔයාලත් මන් වගේ හීන දකිනවා ඇති...හීන සබැ කරගෙනත් ඇති.....ඒ වගේම බොඳ කරගෙනත් ඇති...එත් අපි හැමෝම තාමත් හීන දකිනවා...එහෙම නේද.....



12 comments:

  1. සීන පේන්නෙ මොකද දන් නෑ නේ..
    මට කාලයක් තිබුන වෙන්න තිනෙ දේවල් හීනෙන් පේන ගතියක්..
    සමහර විට මතක තිබ්බ හීනෙ ඉස්ට උනාද දන්නෙත් නෑ..
    තව ටිකක් දිග උනානම් හරි පෝස්ට එක....

    ReplyDelete
  2. නියමයි අක්කේ නියම පොස්ට් එක ................

    ReplyDelete
  3. මටත් ඔය වෙන්න තියන දේවල් පෙන සින් එක තියෙනවා...යමක් වෙද්දී මේ දේ කලින් වුණා නේද කියල හිතෙනවා.....

    ............................

    ආ.....තැන්කු මල්ලි....ගොඩක් කලින් ලියපු එකල අද මේ පොස්ට් කාලේ....

    ReplyDelete
  4. මමත් හීන නම් දකිනව... ඒත් ඕව මතක තියාගන්න යන්නෙ නෑ... ;)

    මම මතක තියාගන්නෙ අරමුණු විතරයි... ඒව නම් සෑබැ කරගෙන තියෙනව... හීන හැමදාම හීන විතරයි...

    ReplyDelete
  5. සීනිත් හීන දකිනව එහෙනම්..ආ..
    සිහින කියන්නෙත් බලාපොරොත්තුමද?

    ReplyDelete
  6. අයියෝ අක්කා... ඕනෙම කරන කෙනා පරක්කුයිනේ... මොනවා උනත් මට මං ගැන ඉගෙන ගන්න මාරු පොස්ට් එක අක්කේ.. ගෙදර ගිහින් හොඳට කියවල හොඳ කොමෙන්ටුව දාන්නම්.දැනට මෙහෙම දාන්නේ මාත් ආව කියන්න... හී හී...

    ReplyDelete
  7. මනුස්සයෙක් හීන දකින්න ඕනේ...නැත්තම් කවදවත් ජීවිතේ තමන්ගේ අරමුණු වලට ළං වෙන්න බෑ....

    ReplyDelete
  8. හීනයක් දකින්නවත් වෙලාවක් නෑ නිදාගන්න ගියාම මලා වගේ තමා

    ReplyDelete
  9. සිහින කියන්නේ ජිවිතේ බලපොරොත්තු වලට.... ඔයාට වගේම හැමොටම සිහින තියනවා... හැමොම ඒවා ඉශ්ට කරගන්න බලා ගෙන ජිවත් වෙනවා.... දවසක ඒවා හැබැ වෙයි... එතකන් අපි සිහින දකිමු

    ReplyDelete
  10. හ්ම්...ඇත්ත...එහෙම නේද අලුත් කොල්ල අයියේ....
    .............................................
    අරමුණු කියන්නේ හීන නෙමේද සාතන්...අරමුණු සබැ කරගන්න හීන දකින්නේ නැද්ද.....
    ...........................................
    ඔව් ගයාන් අයියේ...මත හීන දකිනවා...ගොඩක්...එත් හැබෑ කරගෙන තියෙන්නේ ටිකයි...මන් හිතන්නේ හීන කියන්නේ බලාපොරොත්තු.....බලාපොරොත්තු කියන්නේ හීන....
    ............................................
    හික් හික්...ඔව් ඔව් උඹ ගැන ලියන්නමයි වැඩේ (මගේ මල්ලියෝ..) (කෝ බන් මලේ දානවයි කියපු කොමෙන්ට් එක...)
    ............................................
    අන්න මකුළු අයියට තේරුණා....
    ............................................
    අනේ මල්ලි...ඔයාට ඔයතරම් මතද ..................?
    ............................................
    ඔව් දෙව් අයියා...අපි ඒ හීන හැබෑ කරගන්න උත්සක කරන්නත් ඕන....

    ReplyDelete
  11. සිහින දකිනවාට වඩා මම සිහින මවපු කෙනෙක්.බලාපොරොත්තු සිහින අපිව ජීවත් කරව්නවලුනෙ.හීන බොද වුනාම දුක උනාට අපි හෑමකෙනාම සිහින මවන්න ආසයි නෙ.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....