Tuesday, April 5, 2011

නොබිදුන පැතුමන්.....................2 කොටස

පසු දිනට පහන් වුයේ අරචනාගේ සිතට නැවුම් බලාපොරොත්තු රැසක් ගෙන දෙමිනි.තැබිලි පැහැ මල් වැටුන කහ පාට සාරියකින් සැරසුන ඇය ලියුම් කවරයත් සහතික පත් දැමු ෆයිල් කවරයත් හෑන්ඩ් බගයත් රැගෙන පහලට අවේ අලුත් රැකියාවට වේලාසනම යාම සදහායි.ඇය පහලට බසින විට කම කාමරයේ සිටි සියල්ලම, එක්කෙනෙකු හැර ඇය එස බැලුයේ කතාකරගත් පරිද්දෙනි.

"එන්න පුතේ, මන් මේ ඔයාට කතාකරන්න යන්න ලෑස්ති උනේ." මාලනී නැන්ද ඇයට වාඩිවෙන්නට  පුටුවක් පෙන්වමින් කීවාය. 
"ගුඩ් මොනින්ග් සුදු දුව "ආනන්ද මම සුභ පැතුවේ හදවතින්ම බව ඇයට ඔහුගේ අමන්ත්රනයෙන්ම වැටහුණි. 
"ගුඩ් මොනින්ග් මාමේ" ඇයද පෙරලා ඔහුට සුභාපැතුවාය.
"බලන්නකෝ මාලි කෙල්ලගේ ලස්සන.අදම කවුරු හරි උස්සන් යයිද දන්නේ නෑ"
මෙතෙක් වෙලා කෑම මේසයේ ඇයට පිටුපා වැඩි වී සිටි රුව එකවරම පුටුව හයියෙන් පස්සට දමා නැගී සිටියේ මේ කතාබහට එතරම් කැමැත්තක් නැතුවා මෙනි. 
"පුතා කලත් ඉවරද?.චුට්ටක් ඉන්න. ඔයා තාම නංගිත් එක්ක වචනයක්වත් කතා කලේ නැනේද? මාලනී නැන්ද ඔහුගෙන් ඇසුවේ තරහෙන් මෙනි. 
"අනුහස්" එසේනම් මේ ඔහුයි. බහතෝරන දා සිට ඔවුන් කොළඹ  පදිංචියට එන තෙක්ම තමාට හිටි එකම යාළුවා.....වැලි බත් උයපු,එකට පාසල් ගියා ඇගේ එකම මිතුරා. නමුදු ඇය තවමත් ඔහුගේ මුහුණ දැක්කේ නැත. 

"මොනා කතා කරන්නද අම්මා. මට පරක්කුවෙනවා. අද කල්පව පික් කරන්නත් තියනවා." පවසමින් ඔහු මේසයෙන් ඉවත් වී දොර දෙසට ගියේ ඇය දෙස නොබලාමය.මාලනී නැන්දත් ආනන්ද මාමත් මුහුණට මුහුණ බලාගත් බව ඇයට පෙනුනේ බොඳ වුන දෑස් වලිනි. ඔවුන් දෙදෙනා වහා ඇයගේ හිත හැදුවේ ඇගේ දෑසේ පොපියන කඳුළු බිඳු දැන් දැන් වැටෙයිදෝ සැකයෙන් අනුහස්ට හිතින් දොස් කියමිනි. 

"ගණන් ගන්න එපා පුතේ. එයාගේ හැටි. කිසිම කෙල්ලෙක් එක්ක කතාවට යන්නේ නෑ.ගමෙන් අවට පස්සේ ගොඩක් වෙනස් උනා." ආනන්ද මම පැවසුවේ කරුණාවෙනි.

ඇය වහා වහා දෑස පිය සැලුවේ කඳුළු බිදු වැටෙන්නට නොදී වියලා ගැනීමටයි. 

"හා හා එයා ගැන ඕනි නෑ. පුතා වැඩිවෙන්න කෑම කන්න. අද අලුත් රස්සාවට යන නිසා මන් කිරිබතුත් හැදුවා." මාලනී නැන්ද අයව පුටුවකින් වාඩිකරවා පිගානට කිරිබත් බෙදුවාය.කෑම කමට ප්රියක් නැතත් තමාට මෙතරම් ආදරය කරන මොවුන් දෙදෙනාගේ හිත රිදෙන නිසා ඇය කටවල් කිහිපයක් කෑවාය.

"ආනන්ද, ඔයාට පුළුවන්නේ සුදු දුවව එක්කරන් යන්න...කොහෙද අර ළමය කලින්ම ගියානේ.මන් හිටියේ එයා එක්ක යවන්න." මාලනී නැන්ද ආනන්ද මාමාගෙන් ඇසුවේ මහත් කනස්සල්ලෙනි. 

"නැතුව නැතුව. මන් එක්කරන් යන්නම්.මිට පස්සේ දුව මා එක්ක යන්න ලෑස්ති කරන්න.එයා එක්ක යවන්න ඕනි නෑ." ආනන්ද මාමා කිවේ තරහිනි....

ආනන්ද මාමා සමග කරයේ එන විට ඇගේ සිත විසිර ගොස් තිබුනේ ඔහු යටතේ කරන රැකියාව කෙසේ වේවිදෝ කියන සැකයෙනි.

"දුව මේක තමා ඔෆිස් එක.ඔයාට තනියම යන්න පුලුවන්ද. මන් එන්නද" ආනන්ද මාමා ඇසුවේ විසල් ගොඩනැගිල්ලක් පෙන්වමිනි.
"නෑ නෑ...මාමා යන්න.මට යන්න පුළුවන්".  ඇය වහා කිවේ දැනුත් ඔහුට තමා නිසා රැකියාවට යාමට ප්රමාද වී තිබු බැවිනි.

රැකියාවට යන අර්චනාට මුහුණ දෙන්න වෙන්නේ කවර සිදුවීම් ?    ඊලග කොටසින් බලාපොරොත්තුවන්න ............   


4 comments:

  1. ඊලග කොටස බලාපොරොත්තුවෙන්

    ReplyDelete
  2. ස්තුති මලේ....ඊයේ ඉකමනට දන්නා කිව නිසාමයි ලිවේ....

    ReplyDelete
  3. බොහොම සැහැල්ලුවෙන් ලියනවා.. කියවන්න හිතෙනවා..වැස්ස ගැන පළමු කොටසේ කියන එක අලුත්.. මං වැස්ස දිහා බලන් ඉන්න කැමති කෙනෙක් හැබැයි කැලේ ඇතුලේ ලොකු ගහක් යට.. වතුර බින්දුව කොලෙන් කොලේට වැටිලා බිමට වැටෙනකොට මට එක හරියටම සංගීතයක් වගෙයි..

    ReplyDelete
  4. ස්තුති අය්යේ...ඉතිරියත් කියවන්නකෝ...ඉක්මනට දාන්නම්,

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....