Monday, April 25, 2011

මහ මෙරක්.......

මහ මෙරක් තරම් වූ ඔබේ ආදරය...
ලබන්නට අනේ මන් පින්කර ඇති මුත්,
මගේම කරගන්නට නොහැකිව
උතුම් ඔය ආදරේ
අනේ මන් විඳවන තරමක්.......
ආගමින් වෙනස් වූවට
වත්කමින් වෙනස් වූවට
ඔබට බැදී මේ ආදරේ, 
අමතක කරන්නේ කොහොම මන්............. 
ඇත්වෙන්නට මගෙන් කියා
පැවසුවත් රුදු වදන් 
හඬනවා මසිත ඉකිගසා
රිදවූ පවට මගේ පණ.............
මියෙන්නෙමි ඔබ නමින්
ඔබට පුදකළ ආදරේ, 
වෙනකෙකුට දියනොහැකි නිසාවෙන්............ 

8 comments:

  1. කාටද නංගි මේහෙම කියන්නේ

    ReplyDelete
  2. ආදරේට අක්කේ......කෙල්ලෙක් මහ මෙරක් තරම් කරපු එයාගේ ආදරේට.....

    ReplyDelete
  3. මේකෙනම් යටි රහසක් තියනවා,,,කාටද හැබෑවටම

    ReplyDelete
  4. හ්ම්.....යටි අදහසක් නම් නෑ.........එකම අදහස කෙල්ලෙක්ගෙ ආදරේ

    ReplyDelete
  5. පුදසුන මත පිදු මල් ආයෙම ගත හැක
    එහෙත් මා බැති සිත තවම එතැනය

    ReplyDelete
  6. සිය අත්දැකීමක්ද මන්දා.:D

    ReplyDelete
  7. @ ඉන්දි-
    හදවතින්ම පිදු දේ
    ගන්නේ කෙලස මන්
    නොදනිමි තවම එය
    සොයයි මා සිත
    තවම එයට පිළියම්.......

    ReplyDelete
  8. @ අනුරාධ-
    සිය අත්දැකීම් හා නව කතාවක අන්තර්ගතය.......

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....